නුඹමයි මගේ නිරිඳූ....
රහසින් ළඟ ඉඳන් රහසින්
හීනියට දෙඩු කුරුටු ගී වලින්
සෙල්මුවා හිත ප්‍රේමය නෙලූ
සීගිරියෙ සිත්තරා නුඹලූ ...
කිමිදිලා ගඟ දියේ සීරුවෙන්
රැළි තියා පේළියට සඳවතින්
නාඹර වියේ පෙම් පුරාලූ
රැයට මුලු අහසමත් නුඹලූ...
මලක් වී පිපී පියවර අගින්
විලක් වී පිරී සිසිලස දියෙන්
සිනා මල් කඳු හෙල් මත එලූ
පුදසුනේ මගෙ දෙවිඳු නුඹලූ...
සෙවනැල්ල සෙවණේ ලඟින්
තබා රැකගත් නුඹේ පණ මෙන්
දිවා රෑ දෙකෙහි මා ඇස ලූ
මැණික නුඹමයි මගේ නිරිඳූ...


05.28.2013
රහසින් ළඟ ඉඳන් රහසින්
හීනියට දෙඩු කුරුටු ගී වලින්
සෙල්මුවා හිත ප්‍රේමය නෙලූ
සීගිරියෙ සිත්තරා නුඹලූ ...
කිමිදිලා ගඟ දියේ සීරුවෙන්
රැළි තියා පේළියට සඳවතින්
නාඹර වියේ පෙම් පුරාලූ
රැයට මුලු අහසමත් නුඹලූ...
මලක් වී පිපී පියවර අගින්
විලක් වී පිරී සිසිලස දියෙන්
සිනා මල් කඳු හෙල් මත එලූ
පුදසුනේ මගෙ දෙවිඳු නුඹලූ...
සෙවනැල්ල සෙවණේ ලඟින්
තබා රැකගත් නුඹේ පණ මෙන්
දිවා රෑ දෙකෙහි මා ඇස ලූ
මැණික නුඹමයි මගේ නිරිඳූ...



05.28.2013
Last edited:

hmm,,,
