මැණික නුඹමයි මගේ නිරිඳූ....

Dewrangi

Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    නුඹමයි මගේ නිරිඳූ....

    රහසින් ළඟ ඉඳන් රහසින්
    හීනියට දෙඩු කුරුටු ගී වලින්
    සෙල්මුවා හිත ප්‍රේමය නෙලූ
    සීගිරියෙ සිත්තරා නුඹලූ ...
    කිමිදිලා
    ගඟ දියේ සීරුවෙන්
    රැළි තියා පේළියට සඳවතින්
    නාඹර වියේ පෙම් පුරාලූ
    රැයට මුලු අහසමත් නුඹලූ...
    මලක් වී පිපී පියවර අගින්
    විලක් වී පිරී සිසිලස දියෙන්
    සිනා මල් කඳු හෙල් මත එලූ
    පුදසුනේ
    මගෙ දෙවිඳු නුඹලූ...
    සෙවනැල්ල සෙවණේ ලඟින්
    තබා රැකගත් නුඹේ පණ මෙන්
    දිවා රෑ දෙකෙහි මා ඇස ලූ
    මැණික නුඹමයි මගේ නිරිඳූ..
    .:love::love::love:

    05.28.2013
     
    Last edited:

    Iron Monger

    Well-known member
  • Apr 4, 2011
    12,778
    2,387
    113
    ලුණුවිල.
    1.gif
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    දිවා රෑ දෙකෙහි මා ඇස ලූ
    මැණික නුඹමයි මගේ නිරිඳූ..


    ලස්සන අදහසක්ලු.......:cool::cool::cool:
     

    Dewrangi

    Well-known member
  • Mar 26, 2013
    1,926
    651
    113
    USA
    දිවා රෑ දෙකෙහි මා ඇස ලූ
    මැණික නුඹමයි මගේ නිරිඳූ..


    ලස්සන අදහසක්ලු.......:cool::cool::cool:

    ගොඩක් ස්තුතියිලු:D