මහින්ද මැදමුලනේ සිට අලුත් ගේමක!
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ඊයේ (09) දිවුරුම් දීමෙන් අනතුරුව අගමැතිවරයා ලෙස පත්කරනු ලැබූ රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව පාර්ලිමේන්තුවේ සභානායක නිමල් සිරිපාලද සිල්වා මහතා අගමැතිවරයා ලෙස පත් කිරීමේ සුදානමක් මේ වනවිට සන්ධානය තුළ ක්රියාත්මක වන බව අනාවරණය වේ. රනිල් වික්රමසිංහ මහතාට පාර්ලිමේන්තුවේ බහුතරය නොමැති බැවින් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගෙන් අත්සන් ලබාගෙන එහ කතානායකවරයා වෙත ඉදිරිපත් කර අගමැතිවරයා ලෙස ඔහු පත්කිරීමේ සැලසුමක් මේ හරහා ක්රියාත්මක වෙමින් පවතින බව හෙළිවේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රමුඛ පිරිසට භාරකාර ආණ්ඩුවක් පිහිටවීම සඳහා පාර්ලිමේන්තුවේ බහුතරය හිමි වීම වැලැක්වීමට පරාජයට පත්වූ මහින්ද රාජපක්ෂ මහතා සූක්ෂම සැළසුමක් බවත් දින සියයේ වැඩපිළිවෙල ක්රියාත්මක වුවහොත් සන්ධානයේ සිටින බහුතරයක් දූෂිත මැති ඇමතිවරුන්ට දඬුවම් වීදීමට සිදු වන අතර එසේම මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන සමයේ සිදුවූ මහාපරිමාණයෙන් සිදු වූ වංචා, දූෂණ, අක්රමිකතා හෙළිදරව් වීම මේ හරහා වලක්වා ගැනීම උත්සාහයක්ද ක්රියාත්මක බව හෙළිවේ.
කෙසේ වුවද පාර්ලිමේන්තුවේ නව අගමැති රනිල් වික්රමසිංහ මහතාට බහුතර බලය ලබා ගැනීමට නොහැකි වුවහොත් ඉතා ඉක්මනින් පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයකට යෑමට සිදුවේ. එසේ වුවහොත් පාර්ලිමේන්තුවට අලුතින් තේරීපත් වූ මන්ත්රීවරුන් කිසිවෙකුටත් විශ්රාම වැටුප් හිමි නොවීමේ තත්වයක් උදා වන බව දේශපාලන විශ්ලේකයෝ පෙන්වා දෙති.
- Lankatruth