මැද ගිල්ලේ කතාව​

Shan Rox

Member
Jan 16, 2011
95
27
0
මැද ගිල්ලේ කතාව​

ඔන්න මම බොලාට කියන්න යන්නේ කුණුහරුපයක් එහෙම නෙවේ හරිද??සමහරු කුණුහරුපයක් කියල හිතන් ඉන්න හස්ථ සංඥාවක ඇත්ත කතාව..බුල්ටෝ සීයත් නිකම් ඉන්නේ නෑ ඕවා හොදට හොයනවා...මේකට මුල බිජය වෙලා තියෙන්නේ ඉස්සර කාලේ වෙච්ච සිදුවීමක්

ඉස්සර යුද්ධ කරල තිබුනේ තුවක්කු වලින් නෙවේ ඔන්න .. දුන්නෙන් විදල තමා සතුරව බිම දාල තියෙන්නේ.

1415දී ප්‍රංශ ජාතිකයන් හා ඉංග්‍රීසි ජාතිකයන් අතර "Battle of Agincourt" ඇති වෙන්න පෙර, ප්‍රංශ ජාතිකයන් බලාපොරොත්තු උනා ඔවුන්ට ඉංග්‍රීසි ජාතිකයන්ට එරෙහිව යුද්ධය විජයග්‍රහනය කරන්න පුලුවන් වෙයි කියලා.

ඒ කාලේ ඉතාම කීර්තියක් උසුලපු ඉංග්‍රීසි ජාතිකයන් සතුව තිබුන පිහාටු සහිත ඊතල ඇති දුන්න මෙහෙයවන්න ඔවුන් භාවිත කරේ අතේ මැද ඇගිල්ල. ප්‍රංශ ජාතික හමුදාව විශ්වාස කරා ඔවුන් අල්ල ගන්න හැම ඉංග්‍රීසි සොල්දාදුවෙකුගේම අතේ මැද ඇගිල්ල කැපුවොත් ඔවුන්ට යුද්ධය පහසුවෙන් ජය ගන්න පුළුවන් වෙයි කියලා.ඒ හින්දා ප්‍රංශ හමුදාව තීරනය කරා ඔවුන් අල්ල ගන්න හැම ඉංග්‍රීසි සෙබලෙකුගේම අතේ මැද ඇගිල්ල කපන්න.

ඉංග්‍රීසි හමුදාව සතුව තිබූ ඒ සුප්‍රසිද්ධ දුන්න හදන්න යොදා ගත්තේ ඔවුන්ගේ රටට ආවේණික වුන 'යෙව්'/Yew ගසෙන්.

මේ දුන්න හැසිරවීම ඔවුන් හැදින්වූවේ ""plucking the yew/pluck yew" ("ප්ලකින් ද යෙව්" නැත්නම් "ප්ලක් යෙව්" ) කියලා. නමුත් අවසානයේදී ඉංග්‍රීසි ජාතිකයන් යුද්ධය දිනුවා ඒ නිසා ඉංග්‍රීසි ජාතිකයන් ප්‍රංශ ජාතිකයන් දුටු තැන ඔවුන්ට උසුළු විසුළු කරන්න පටන් ගත්තා ඔවුන්ගේ අතේ මැද ඇගිල්ල උස්සලා "See, we can still pluck yew! PLUCK YEW!" (අපිට තවමත් දුන්න හසුරවන්න පුලුවන්) කියලා.

ඔය ප්ලක් යෙව් (pluck yew) කියන වචනේ ටිකක් විතර උච්චරනය කර ගන්න අමාරු උන නිසා ඔය "ප්"/P අක්ෂරය වෙනුවට "ෆ"/F අක්ෂරය කාලයත් එක්ක භාවිතාවට ආවා. ඔන්න ඔය ඉංග්‍රීසි ජාතිකයන් ප්‍රංශ ජාතිකයන්ට උසුළු විසුළු කරන්න භාවිතා කරපු ඔය සංකේතයයි වචනයයි අද කාලේ බහුතරය නොමනා රහස් වචනයක් හා සංකේතයක් විදිහට භාවිතා කරනවාලූ.

මම දැක්කා ඕන් ඊයෙත් අපේ ලංකාවේ කළු සුද්දෙක් උන්දෑට තරහා ගිහින් ඔය විදිහට ඇගිල්ල උස්සනවා තව කොලු ගැටයෙක් ඉස්සරහා. මම ඒත් බැලුවාඒ කොළුගැටයා ප්‍රංශ කාරයෙක්වත්ද කියලා.... අනේ මන්දා ඉතින් අද කාලේ හැදෙන එවුන්..ඔන්න බොලා දැන් දන්නවානේ එහෙම මැද ඇගිල්ල උස්සපුවාම ඒක නොමනා සංඥාවක් නෙවේ කියලා
නේද එහෙනම් දාපල්ලා කොමෙන්ටුවක්