ගිටාර් ගහන්න පුරුදු වෙයන් එක ඕන තැනකට ගැලපෙනවා... අනික මැන්ඩලින් එකට වඩා ලේසියි.. ගිටාර් එක මාත් පුරුදු උනා තනියෙම මාස 6න් විතර.. tutorial තියෙනවා ඕන තරන් නෙට් එකේ බලන් කරන එකයි තියෙන්නේ.... මුල් මාසයක් විතර කරද්දී ඇගිලි රිදෙනවා හම යනවා එක ගණන් ගන්නේ නැතුව කරන් යන්න ඕනේ... කෝඩ් 3ක් පුරුදු උනාම සින්දුවක් ගහතහැකි.. එක සින්දුවක් ගහගත්තා කියන්නේ ගොඩ උබ ආයේ අතාරින්නෙ නෑ... ගිටාර් එක මචන් එක පාරටම පුළුවන් වෙන්නේ අනික් instrument වගේ නෙමේ... මාසයක් විතර තිස්සේ යන්තන් යන්තන් කරන් යන එකා දවස් දෙකකින් සින්දු 5ක් 6ක් එක පාර පුළුවන් වෙනවා. අන්න එකයි ගිටාර් එක ඔච්චර ජනප්‍රිය කොල්ලෝ අතර... ඕන occasion එකකට match වෙනව ට්‍රිප් එකක් එහෙම ගියාම පට්ට ආතල් ඉතින් කියල වැඩක් නෑ...