ගොඩක් අය දැන් Working from Home කරන හින්දා ගොඩක් දෙනෙක්ට තියෙන ප්රශ්නයක් තමයි ගොඩක් වෙලා එක දිගට වැඩ කරන්න අමාරු එක. කොන්දේ අමාරු, බෙල්ලේ අමාරු එහෙම නිතරම එනවා. මටත් කොන්දේ අමාරු සීන් එකක් ආව හින්දා මාත් බැලුවේ height adjustable table එකක් ගන්න. height adjustable tables ගැන ගොඩක් threads එලකිරියේ තිබ්බට කොහේවත් ශේප් ගානකට ගන්න තැනක් තිබ්බේ නෑ. Spectro Furniture එකට කතා කරලා බැලුවම ඒකේ ස්ටොක් ඉවරයි කිව්වා. ගාන 1.15. Leema Interior එකට කතා කරාම ස්ටොක් තියෙනවා කිව්වා, හැබැයි ගාන 1.77. ඒ වගේ ගානක් දීලා ගන්න එක පාඩුයි කියලා හිතුන හින්දා මම හිතුවා මට ඕනේ විදියට manually height adjust කරගන්න පුලුවන් එකක්වත් හදා ගන්න. Internet එකේ පොඩ්ඩක් search කරලා එහෙම මම පොඩි idea එකක් අරන් අදුරන යකඩ වැඩ පොලකට ගියා. පොරට සීන් එක පැහැදිලි කරලා internet එකේ height adjustable tables වල photos එහෙම පෙන්නලා වැඩේ බාර දුන්නා. පොර වරුවෙන් වැඩේ කරලා දුන්නා. 12000ක් ගියා වැඩේට. මම මේ thread එක දාන්නේ මම වගේම මෙහෙම table එකක් ගන්න හෝ හදා ගන්න ඉන්න අයට idea එකක් ගන්න. ආහ් මගේ තව concern එකක් තිබ්බා මේ table එක පොඩ්ඩක් portable විදියට හදාගන්න. එතකොට ලෙසියෙන් එහේ මෙහේ ගෙනියන්න පුලුවන් හින්දා. හරි දැන් වැඩේ කරගත්ත හැටි කියන්නම්.
මම වැඩ පොලේ පොරට measurements දුන්නේ මෙහෙම.
Table එකේ දිග - 35 Inch , පලල - 22 Inch
Height adjust නොකර table එකේ උස - 35 Inch
Height එක උපරිම adjust කරාම table එකේ උස - 70 Inch
කට්ටියට idea එකක් ගන්න මම ටික පහලින් photos දාන්නම්.
මේ ටික තමයි Table එකේ කෑලි ටික. මෙහෙම හදන්න කිවුවේ එහෙ මෙහෙ ගෙනියන්න ලේසි වෙන්න.
Table එකේ base එක හයි කරාම මේ වගේ.
Table එකේ Height එක adjust නොකර Normal විදියට තියෙන්නේ මෙන්න මෙහෙම.
Table එකේ height එක උපරිම adjust කරාම(උපරිම කිවුවට තව අගල් 5ක් වගේ උස්සන්න පුලුවන්) මෙන්න මේ වගේ.
ඉතින් මෙන්න මෙහෙම තමයි මම මේක හදාගත්තේ. කාට හරි උදව්වක් වෙයි කියලා හිතනවා. ජය වේවා!...