මාත් ගොඩක් දුරට හිතන්නේ එහෙම තමා..![]()
මැරුනට පස්සෙ සියල්ල ඉවරයි කියල හිතෙනකොට එපා වෙනව බන්. නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන උන්ට එහෙම නෑ.
මාත් ගොඩක් දුරට හිතන්නේ එහෙම තමා..![]()
..ආය සංසාරේ බුදුකෙනෙක්,ධර්මයක් කොයි කාලෙ හම්බ වෙයිද කියන්ඩ අමාරුයි..ඕකයි සීන් එක. 
සත්තුන්ට මිනිස්සුන්ට වඩා වේදනාව දැනෙනවා කියල බුදුන් කෙලින්ම කිව්වේ නෑනේ..?
මැරුනට පස්සෙ සියල්ල ඉවරයි කියල හිතෙනකොට එපා වෙනව බන්. නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන උන්ට එහෙම නෑ.

ඕනෑම කෙනෙක්ට නැති වෙන්න දෙයක් තියනවා බන්...
උඹ අවුලක් නැතුව ඉන්නව කියන්නේ උඹට ජිවිතේ base කෙකක් තියනවා..
එක නැති උනොත් උඹට දැන් ඉන්න මානසිකත්වේ ඉන්න බෑ...
මොකක් හරි ලොකු ශක්තියකින් උඹට එහෙම ඉන්න පුළුවන් උනා කියාමුකො එත් මිනිස්සුන්ගේ 99% විතර එක කරන්න බෑ..
ආශාවන් බලාපොරොත්තු ඉෂ්ට කරගන්න මිනිස්සු පුදුම කට්ටක් කන්නේ..
මොකේ සරල බව එක්කද ?එහෙම උපක්ලපනය කරනව ඇරෙන්න අපිට දැනගන්න ක්‍රමයක් නෑනෙ
සමහර විට අපිට වඩා වේදනාව දැනෙනවත් ඇති. මොලේ සරල බව වේදනාවත් එක්ක ලොකු කොරලේශන් එකක් නැතුව ඇති. මොලේ සරල බව කියන්නෙ වේදනාව අඩු වීම නං down's syndrome එක තියෙන අය එහෙම මාර විනෝදෙන් ඉන්න එපායැ. උන්ට සෑහෙන්න depression හැදෙනවලු.
function එක impair වීමක් විතරයි නේ වෙන්නේ.. එත් සංකීර්ණ බව එහෙමම තියනවා නේ..function කීපයක් අවුල් උනාට සමහර ඒවා වැඩ කරනවා..ඔයාටනං හිනා ඔයා ඉතිං කොහොමත් ආසයිනෙ කනත්තට යන්න![]()


මැරුනට පස්සෙ සියල්ල ඉවරයි කියල හිතෙනකොට එපා වෙනව බන්. නැවත ඉපදීමක් ගැන විශ්වාස කරන උන්ට එහෙම නෑ.
බුද්ධාගමේ කියන විදියට මනුස්සයෙක් උනාම විතරයි සහ ඒ කාලෙම බුදුකෙනෙක් පහල වෙලා ධර්මය තිබ්බොත් විතරයි සංසාරයක් තියෙනව ඒකෙන් ගොඩයන විදියක් තියෙනව කියල දැනගන්ඩ වෙන්නෙ..සතෙක් උනොත් 400 වතාවක්ද කොහෙද ඒ සතාම වෙලා ඉපදීමට සම්භාවිතාවක් තියෙනව කියල කතාවකුත් අහල තියෙනව මොකද සත්තුන්ගෙ හිත වැඩ කරන විදිය අනුව..හදිස්සියෙ ලබන ජීවිතේ උබ ෆාම් කුකුළෙක් උනොත් මාස 2-3කට වරක් බෙල්ල කපාගන්ඩ වෙනව..ආය සංසාරේ බුදුකෙනෙක්,ධර්මයක් කොයි කාලෙ හම්බ වෙයිද කියන්ඩ අමාරුයි..ඕකයි සීන් එක.
![]()
කනත්තට ගියාම ඉවරයක් වෙනවනං ඔව්. ආයෙ ඉපදෙන එක ගැන හිතනකොට කොහෙද යකෝ සැනසීමක් දැනෙන්නෙ![]()

ආයේ ඉපදෙන්නේ මොකෙක් විදියටද මොන පරිසරෙකද කියල උබට තීරණය කරන්න බෑනේ.. ඉතින් ඊට වඩා නරකද නොඉපදී ඉන්න එක...
ඔව් නිවන් අවබෝද කරගන පුළුවන් මිනිස්සුන්ට විතරනේ එක හරි.. එත් ඊට අමතරව වාසියක් නෑ... ෆාම් කුකුලට මාස 3ක් කියන්නේ ලොකු කාලයක්.. අනික උට බෙල්ල කැපෙන එක අපෙ බෙල්ල කපනවා වගේ නැතුව ඇතිනේ
එහෙම අදහස් කරලා නැති උනත් ඇයි දුර්ලභම දේ මනුස්ස ජීවිතෙ කියන්නෙ? සත්තු කොච්චර මානසික පීඩනයකින්ද බං ඉන්නෙ. විලෝපිකයෙක් ගොදුරු කර ගනීවි, තමුන්ගෙම එක්ව්ක් ඇටෑක් කරාවි කියන බයෙන්. සීත කාලෙට සීතෙ ගැහි ගැහී, වහිද්දි වැස්සට තෙමි තෙමී. තිබහට බොන්න වතුර නෑ, බඩ ගින්නට කන්න නෑ. ගොඩක් මිනුස්සුන්ට ඔය ඔක්කොම තියෙනවනෙ. අරුන්ට අර්වා වලින් කොච්චර දුකක්ද ඇති වෙන්නෙ. මිනිස්සුන්ගෙ අවශයතා සරල නම් දුකක් ඇතිවෙන්න තරම් දෙයක් ඇත්තෙම නෑ.
ආයේ ඉපදෙන්නේ මොකෙක් විදියටද මොන පරිසරෙකද කියල උබට තීරණය කරන්න බෑනේ.. ඉතින් ඊට වඩා නරකද නොඉපදී ඉන්න එක...
සතෙක්ගෙ සරීරයකට මනුස්ස හිතක් තිබුනොත් නම් ලොකු දුකක් දැනෙයි. බුද්ධාගමේ සතෙක් වෙන එක දුකක් කියන්නෙ ඒ විදිහට සලකල.

ලොකු දෙයක් කියන්නෙ නෑ. කුකුල් කූඩිවක් තියෙන තැනකට ගිහින් උන්ට ඇහෙන්න පිහියක් අතුල්ලලා මුවහත තියලා බලපකෝ. උඹටම ඉතිරි ටික තේරුම් ගන්න පුලුවන් වේවි.
ඒත් ඉතින් නරක ආත්මයක් ලැබුවත් ඒක තාවකාලිකයි පව් ගෙවලා ඉවර වෙලා ආයෙ හොඳ ආත්මයක් ලැබුවකි කියන බලාපොරොත්තුව තියෙනවනෙ බන්.
