මැරුණු පැටියට පණ ගන්න දින 5ක් පුරා සටනේ....
තාත්තලා දරුවන් මරද්දී අම්මලා දරුවන් පුච්චද්දී පොළොන්නරුවේ වැඳිරියක් ~~~~~~~~~~~ මැරුණු පැටියට පණ ගන්න දින 5ක් පුරා සටනේ
සිය මළ දරුවාට පණ ලබා ගැනීමට දින පහක් තිස්සේ ගසින් ගසට පැන යමින් වැලපෙමින් වේදනාවට පත් වූ වැඳිරියක පිළිබඳ අනුවේදනීය පුවතක්
පොළොන්නරු පූජා භූමියෙන් වාර්තා වී තිබේ.
හදිසි අනතුරකින් තුවාල ලැබූ බව කියන මේ පැටියා මිය ගිය බව පිළිගන්නට වඳුරු අම්මා තවමත් සූදානම් නැත. ඇය මෙසේ මළ දරු පැටියා පපුවට තුරුලු කර ගනිමින් ගසින් ගසට පැන යන දර්ශනය හද කම්පා කරවන සුලුය.
විදේශගත වී සිටි සිය බිරිය අනියම් සබඳතාවක් ඇති බව දැන්වීම නිසා නිදි යහනේදීම දරුවන් දෙදෙනාගේ ගෙල සිර කර මරා දැමූ තාත්තකු පිළිබඳ පුවත වාර්තා වූයේ පෙරේදා දිනයේය. නිවෙසේ තිබූ රුපියල් 200ක මුදලක් සොරකම් කළා යැයි උරණ වූ මවක් සත් හැවිරිදි දරුවාගේ අත ගිනියම් අඟුරු මත තබා පිලිස්සූ පුවත වාර්තා වූයේ 29 වැනිදාය.
මනුස්සකම ඇතැයි කියන මිනිසුන් අතර දිනෙන් දින මෙවන් පුවත් නිර්මාණය වෙද්දී තිරිසන් සතෙකු වුව කිසා ගෝතමිය මෙන් තම දරුවාට පණ ලබාදීමට උත්සාහ කරන මේ වඳුරු අම්මා නැවත නැවතත් මනුෂ්‍යත්වය ප්‍රශ්න කරන්නීය.

fb eken gathe......

Last edited: