විශ්වාස කලා නෙමේ දැනං හිටිය. පොඩ්ඩක් අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුනු ශිෂ්ඨාචාර වල මිනිස්සු ගොඩනඟපු දැනුම ගැන හොයල බලන්න. බටහිර ටේලර්ල හොයාගන්න කලිං ටේලර් ශ්‍රේණි ඉන්දියාවෙ මාධවල පාවිච්චි කල්ල තියෙනව.
දුරදක්න හොයාගන්න කලිං චීනෙ සූර්යලප ගැන වාර්තා තියල තියෙනව.
අතිශය නිවැරදි විදිහට ග්‍රහලෝක වල පිහිටීම පුරෝකථනය කරන්න පුලුවන් සමීකරණ මුලින්ම හැදුවෙ නිව්ටන්ල කෙප්ලර් ල නෙමේ අතීතෙ ඉන්දියාවෙ චීනෙ තිබුණු ශිෂ්ඨාචාර වල.
ලංකාවෙ සිංහල වෙදකම තියෙනව. චීනෙත් පරණ වෛද්‍ය ශාස්ත්‍ර තියෙනව.
2004 සුනාමිය ගැන බටහිර කරණය වුනු විද්‍යාත්මක දැනුමෙන් පිරිච්ච මිනිස්සු මැරෙද්දි මුහුද මැද ගෙවල් හදාගෙන හිටපු ගෝත්‍ර වල මිනිස්සු ලොකු රැල්ලක් එන්නයි යන්නෙ කියල තේරුම් අරං ඉක්මනට ගොඩට දිව්ව.
මෙතන තනිකරම වෙලා තියෙන්නෙ අපිට බටහිර අධ්‍යාපණයෙන් උගන්නල දැනුම ලබාගැනිමේ එකම මාර්ගය පංචේන්ද්‍රියන්ට (පංචේන්ද්‍රියන්ගේම දිගුවන් වෙන උපකරණ වලට) ගෝචර වෙන දේවල් ඇසුරෙන් විතරයි කියල. බටහිර විද්‍යාව බිහිවෙන්න කලිං එක එක සංස්කෘතීන් වල මිනිස්සු එක එක ක්‍රම වලට දැනුම ලබාගත්ත. ඒ දැනුම ඔවුන්ගෙ සංස්කෘතියට අනුව එක එක විදිහට අර්ථකතනය කලා.
අතීතෙ ඉන්දියාවෙ හිටපු මිනිස්සු මරණින් මතු ජීවිතය විශ්වාස කලා නෙමේ මනස දියුණු කරල අත්දැක්ක. ඒ කාලෙ දැනුම ලබාගැනීමේ ප්‍රධානම ක්‍රමේ වුනේ ඒක. ග්‍රහ චලිතයන් පුරෝකථනය කරන්න සමීකරණ නිර්මාණය කලේ, බෙහෙත් හොයාගත්තෙ, මරණින් මතු ජීවිතය ගැන කිව්වෙ මේ සේරම මනස දියුණු කරල ලබාගත්තු දැනුම.
බුදු දහම හරි ජෛන ආගම හරි හින්දු ආගම හරි මේවගෙන් මිනිස්සු කරේ මරණින් මතු ජීවිතයක් ගැන කතා නිර්මාණය කරල හිත සනසගත්ත එක කියල කියන්නෙම බටහිර චින්තනේ නිර්මාණයක්. බුදු දහමෙ කොහෙද මරණින් මතු ජීවිතය ගැන පිළිගැනිමෙන් හිතට සැනසීමක් දැනෙන්නෙ ? බලාපොරොත්තු ඇතිවෙන්නෙ ? මැරිල ගිහිං මොන අපායෙ ඉපදෙයිද දන්නෑ. ජෛන හින්දු ආගම් වලත් මේ තත්වෙ තියෙනව.
මේව විශ්වාස කියන අය ඇයි ගුරුත්වාකර්ශනය විශ්වාසයක් කියන්නැත්තෙ ? සාපේක්ශතාවාදය විශ්වාසයක් කියන්නැත්තෙ ? ආන් එව්ව නං මෙලෝ ඉන්ද්‍රියකට ගෝචර නොවෙන විශ්වාස.