මොන ප්රශ්නෙ ආවත් මැරෙන්න හිතන්න එපා. මොකද ටික කාලයයි ඕනම ප්රශ්නයක් හිතට වද දෙන්නේ පස්සෙ හරියයි. උඹට එහෙම කියුවට මමත් ඉන්නේ ෆුල් සතුටෙන් නෙමේ. මේ ලෝකේ කවුරුත් හිතින් සතුටෙන් නැ බං ඔක්කොම ඉන්නෙ සෝබනෙන්. රියල් ලයිෆ් එක ගොඩක් අයගෙ ෆක් වෙලා තියෙන්නේ. සමහර අයට ගෑනු ප්රශ්න සමහරුන්ට සල්ලි ප්රශ්න. මේ ලෝකේ හැම එකාටම ප්රශ්න තියනව බං මාත් මේ දවස් ටිකේ ඉන්නේ පුදුම දුකෙන්. මං අවුරුදු තුනක් කරපු ලවු එක නැති උනා. ඇත්තම කියුවොත් කෙල්ලගේ කිසි වරදක් නෑ . කෙල්ල වඩිය ලස්සනක් නෑ ලොකු කුලයක කෙල්ලෙක් නෙමේ හැබැයි සල්ලි තියනව හොඳට.. කෙල්ල මට පන ඇරලා ලව්.මාත් එහෙමයි. ඒත් මචං අපේ අම්මා, නංගී කැමති නෑ ඒ කෙල්ලට මොකද ඒ කෙල්ල පොඩ්ඩක් ලොකු ලයින් මට නෙමේ. මං ඇරෙන්න හැම කෙනාටම එක ඒ කෙල්ලගේ හැටි ඒක මට වෙනස් කරන්න බෑ. අනික කෙල්ල මහතයි ටිකක්. කෙල්ලටත් අපේ අම්මව හරියන්නේ නෑ ඒකි කියන්නේ අම්මව දාල එන්නලු. මට කිසිම දෙයක් කරන්න එපාලු එයත් එක්ක ආදරෙන් හිටියාම ඇතිලු. ඒයලා දැන් ඉන්න ගේ මට දෙන්නම් කියුවා මාසෙට 75000ක ඉන්කම් එකක් හදල දෙන්නම් කියුවා එන්නම කියුවා. ඒකිගේ අයිය ඒකිට ගොඩක් ආදරෙයි. ඌ මට පර්සොනල් කෝල් කරල මොනවද ඕන කියලත් ඇහුවා. මේ හැමදෙයක්ම ලැබුනත් අම්මගේ කීමට පිටින් යන්න මට ගටක් නෑ. අම්ම ගේ හිත රිද්දල ඒකි ලගට ගිහින් සතුටෙන් ඉන්න බෑ. දැන් ගෙදරින් මට කසාදයක් කතා කරල තියෙන්නේ. මම කෙල්ලව හරියට බැලුවෙට් නෑ අම්මට කමතිනම් මම කැමතී කියුවා කෙල්ල ලස්සනක් නම් නෑ. ඒ උනාට ගොඩක් හොඳ කෙල්ලෙක්. මම මේ කෙල්ලව බඳිනව එහෙම කරන්න ගොඩක් අමාරුයි හිත පිස්සන් කොටුවක් වගේ වෙලා. මගේ අප්සට් එක අම්මට පෙන්නනත් බෑ. ඉන්නෙ ෆුල් සතුටෙන් වගේ පෙන්නන්නේ මම ඉන්නෙ සතුටෙන් නෙමේ. හැබයි මේකිව බැඳල කවදාවත් පරන කෙල්ල එල්ල සම්බන්දකම් තියගන්නේ නැ. මට මේක ගැන හිතල මිග්රේන් එහෙමත් දැන් ඇවිල්ල මම සතුටෙන් ඉන්නව කියල හැමෝම හිතන්නේ. මම විදින්නේ අපාදුකක් කියල දන්නේ මං විතරයි.