24
freelance.
මෙහෙමයි ඉතින්,මගේ ජීවිතේ අත්දැකීම් වලට අනුව නං මං ගත්ත හොඳම තීරණ අතර තියෙන්නේ මට නොගැළපෙන මිනිස්සු ආශ්‍රයෙන් මිදුණ එක.ඒ දේ හැම අතින්ම ජීවිතේට හොඳයි.
අපේ හිතට අනිත් අය ගැන දැනෙන හැඟීම , අනිත් කෙනාගේ හිතේ අපි කෙරෙහි ඇති නොවෙන්න පුළුවන්. ඒ මනුස්සයා අපිව ආශ්‍රය කරන්නේ වෙන මොකක් හරි උවමනාවකට වෙන්න පුළුවන්.
සමාජේ ඇත්තටම ඉන්නවා අපිට ගැළපෙන සහ නොගැළපෙන මිනිස්සු කියලා ජාති දෙකක්.අපිට නොගැළපෙන මිනිස්සුත් එක්ක ආශ්‍රය කරන්න ගියොත් හති වැටිලා දුකට පත්වෙන එක විතරයි වෙන්නේ. අපිට ගැළපෙන මිනිස්සු නිරායාසයෙන්ම ඕනෙම වෙලාවක අපිත් එක්ක එකම විදිහට ඉන්නවා.
මගේ තර්කය නම් තමන් වෙන කෙනෙක්ට නරකක් කරන්නේ නැත්තන් අනිත් කෙනාට තමන්ට නරකක් කරන්න කිසිම අයිතියක් නෑ කියන එකයි.ඒ නිසා කව්රු හරි කෙනෙක් හිතාමතාම තමන්ට මොකක්හරි නරකක් කරා වගේ දැනුනොත් ඒ පුද්ගලයා තමන්ව අත අරිනකන් බලන් ඉන්නේ නැතුව, තමන්ම ඒ පුද්ගලයව ආශ්‍රය කරන එක වහාම නතර කරන්න/ ඒ පුද්ගලයව තමන්ම නොසලකා හරින්න.
අපි මේ මැරෙනකන් ගත කරන ජීවිතේ සතුටින් ඉන්නනේ කාටත් ඕනේ. අපි ගැන හැඟීමක් නැති මිනිස්සුත් එක්ක සම්බන්ධකම් තියාගෙන අපිට සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා ඔයා හිතනවද?
ඒ නිසා තමන් ගැන හැඟීමක් නැති කෙනෙක් තමන්ගෙන් වෙන්වීම ගැන සතුටු වෙන්න.

