මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

anju.r

Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?
    Published on Sunday, 16 March 2014 10:16
    malayasiya_P_410px_16-03-14.jpg

    සතියකට පෙර සලකුණක් හෝ නොතබා අතුරුදහන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් යානයට අත් වූ ඉරණම තවමත් අබිරහසකි.

    මාර්තු අට වැනිදා අළුයම මගීන් 239 ක් රැගෙන මැලේසියාවේ ක්වාලාලම්පූර් අගනුවරින් චීනයේ බේජිං අගනුවර බලා පිටත් වූ බෝයින් 777-200ER ගුවන් යානය පාලක මැදිරියේ සම්බන්ධතා දර්ශකයන් ගෙන් මැකී ගියේ අළුයම 01:20 ට පමණ බවයි සටහන් වී තිබෙන්නේ.

    මෙම යානයට සිදු වූයේ කුමක්ද යන්න පිළිබඳව අනුමාන කළ හැකි තොරතුරු සියල්ල තවමත් මායාවක්ව පවතින අතර සිදු විය හැකි යැයි අනුමාන කළ හැකි හේතූන් අතර යානය පැහැර ගැනීමකට ලක්වීම ,යම් පුද්ගලයෙක් හෝ පිරිසක් අතින් විනාශයට පත්වීම, එසේත් නැතිනම් යානය අභ්‍යන්තරයේ වායු පීඩනය අඩු වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය හා මගීන් මුහුණ දුන් දුෂ්කර තත්වය ආදී අංශ කෙරෙහියි අවධානය යොමු වෙමින් පවතින්නේ.

    රේඩාර් පාලනය

    කෙසේ වුවද, තවමත් යානයට අයත් සුංබුන් හෝ වෙනත් කිසිවක් හමු වී නැති බැවින් පිරික්සීම් කටයුතු මුළුමනින්ම පාහේ යානයේ ගමන් පථයේ අවසන් හැසිරීම් වෙත යොමු වී ඇත.

    මෙවැනි තත්වයක් යටතේ අතුරුදහන් වූ ගුවන් යානයක් සොයාගන්නේ කෙලෙසද? එසේම MH370 යානයේ අවසන් හැසිරීම් පිළිබඳව අප දැනට දන්නේ මොනවාද?යන්න වැදගත් කරුණු වෙති.

    ගුවන් ගමන් පාලනය යනු ජාත්‍යන්තර වශයෙන් පිළිගත්, ප්‍රාථමික හා ද්විතීයික රේඩාර් පද්ධතියක් මගින් පරීක්ෂාවට ලක් කිරීමයි.

    ප්‍රථමික රේඩාර් නමින් හැඳින්වෙන්නේ 1930 දී මුල් වරට හඳුන්වා දුන් රේඩාර් ක්‍රමය වන අතර ඒ මගින් සිදු වන්නේ පරාවර්තනය වන රේඩියෝ තරංග ආධාරයෙන් දළ වශයෙන් යානයේ පිහිටීම නිර්ණය කිරීමයි.

    ට්‍රාන්ස්පොන්ඩරය

    140313123512_boeing777_malaysianflight_624gr_v3_sp.gif
    ද්වීතීක රේඩාර් ලෙස ගැනෙන්නේ යානය තුළ ඇති ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ ආධාරයෙන් යානය හඳුනා ගැනීමේ තොරතුරු සහ එය පවත්නා අක්ෂාංශ හා දේශාංශ ඇතුළු විස්තර භූමියේ ඇති පරිගණකයකට සම්ප්‍රේෂනය කිරීමයි.

    සියලු වාණිජ ගුවන් යානා වල ට්‍රාන්ස්පොන්ඩර (මෙම වචනය"transmitter responder" යන්නෙහි කෙටි යෙදුමකි) ඇති අතර, ඒ මගින් රේඩාර් වෙත රේඩියෝ සංඥාවක් ලැබුණු විට ඉලක්කම් හතරක කේත අංකයක් (four-digit code) නිකුත් කරනු ලබයි.

    මෙම කේතය යානය හඳුනා ගැනීම සඳහා ඉවහල් වන අතර රේඩාර් මධ්‍යස්ථාන වලදී එම දත්ත ගුවන් ගමන් පාලක පරිගණකවලට යොමු කෙරේ.

    කෙසේ වුවද, යානයක් කිලෝ මීටර් 240 ක් (150 සැතැපුම්) ඈත මුහුද දක්වා ගිය විට රේඩාර් වල ශක්තිය හීන වී යයි. මේ හේතුවෙන් යානය තුළ සිටින නියමුවන් භූමියේ ඇති ගුවන් පාලක මැදිරිය සහ අනෙකුත් ගුවන් යානා සමග ඉහළ සංඛ්‍යාතයන්ගෙන් යුත් රේඩියෝ තරංග ආධාරයෙන් සම්බන්ධතාව පවත්වා ගනිමිනුයි ගමනේ යෙදෙන්නේ.

    MH370 යානය ගුවන් පාලක මැදිරියේ ඇති මොනිටර මතින් අතුරුදහන්වී ඇත්තේ එලෙස ට්‍රාන්ස්පොන්ඩරයන්ගේ සංඥාවන් නැවතී ගිය විටයි. අවසන් වරට එවන් සංඥා වක් ලැබී ඇත්තේ තායිලන්තයට ඉහලින් යානය පියාසර කරන විටයි.

    ලැබී ඇත අවසාන රේඩියෝ පණිවුඩය වන “ප්‍රශ්නයක් නැහැ” යන්නෙන් හඳුනා ගෙන ඇත්තේ යානය තුළ කිසිදු ගැටලුවක් නොවූ බවයි.

    (බිබිසි සංදේශය )
     
    Last edited:

    Wolverine GTR

    Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥

    Interesting:yes:
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    pilot is a strong supporter of opposition party in Malaysia. So it is very clear what happened to the flight.
     
    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    Malaysia know that pilot got revenge from Malaysia government , That is why, Malaysia government silent. and lazy
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ගුවන් යානයක් සොයා ගන්නේ කෙසේද?

    දැනුමට යමක්... :)

    පේන විදිහට දැන් ප්ලේන් එක හොයනවා කියන්නේ කරන්න බැරි වැඩක් වගේ
    :oo: