මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

meeka

Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    :growl::growl: මැලේ එවුන් අපේ උන්ට හපන් වගේ...... නොදෝමකින්...... :angry:

    මැලේසියන් උන්ට ඕනි ඉක්මනටම මේක වහල දාන්න..

    "#MH370 Families of passengers express doubts about announcement plane is lost. They want tangible evidence. "

    මේ මිනිස්සු පව් :(:(
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මේ MH 370

    1982068_839454692737486_929185785_n.jpg

    1779155_839454719404150_2126800407_n.jpg

    1487387_839454746070814_970549253_n.jpg

    1977286_839454759404146_1617316810_n.jpg

    1947983_839454769404145_979631126_n.jpg

    1978725_839454806070808_1261303172_n.jpg

    1982289_839454686070820_672697700_n.jpg
     
    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    මගීන් 239 දෙනෙකු සමග අතුරුදන්වූ මලයාසියානු ගුවන් යානය ඉන්දියන් සාගරයේ දකුණු දිග ප‍්‍රදේශයට කඩා වැටුනේ නම් ඊට අදාළ සාක්ෂි ඉදිරිපත් කරන ලෙස චීනය අද මලයාසියාවට දැනුම් දුන්නා. අතුරුදන්වූ ගුවන් යානය අනතුරට ලක්වී ඇති බව මලයාසියානු අග‍්‍රාමාත්‍යවරයා ඊයේ පස්වරුවේ නිවේදනය කළා. ඒ, නවතම චන්ද්‍රිකා ඡුායාරූප විශ්ලේෂනය කිරීමෙන් අනතුරුවයි. මේ අතර අතුරුදන්වූ යානයට කුමක් සිදුවූයේද යන්න පැහැදිළි කරන ලෙස මලයාසියානු බලධාරීන්ට බල කරමින් චීනයේ බීජිං නුවරදී අද උද්ඝෝෂණයක්ද පැවැත්වුණා. බීජිං නුවර මලයාසියානු තානාපති කාර්යාලය ඉදිරිපිට පැවති මෙම උද්ඝෝෂණයට අතුරුදන්වූ යානයේ ගමන් ගත් මගීන්ගේ ඥාතීන් එක්ව සිටියා. ඔවුන් එහිදී පොලිසිය සමග ගැටුම්ද ඇතිකරගත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    ඔය මැලේ උන් දන්නවා ඈත්තටම වෙච්ච දේ..... පර බල්ලෝ ටික ඒක යට ගහලා, වෙන වෙන පොයි අරිනවා..... :angry:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    ඔය මැලේ උන් දන්නවා ඈත්තටම වෙච්ච දේ..... පර බල්ලෝ ටික ඒක යට ගහලා, වෙන වෙන පොයි අරිනවා..... :angry:

    එක තමයි බලල මල්ලෙන් එලියට පැන්න වගේ ප්ලේන් එකේ කෑලි හම්බෙන්නත් කලින් මිනිස්සු ටික ඔක්කොම මැරිලා කිවේ..
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ පරීක්ශනේ එන්න එන්නම අපිව නොමග යවන සුළුයි වොට්සන්. කොහොම උනත් මෙතන මොකක්හරි අභිරහසක් තියනවා තියනවාමයි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ පරීක්ශනේ එන්න එන්නම අපිව නොමග යවන සුළුයි වොට්සන්. කොහොම උනත් මෙතන මොකක්හරි අභිරහසක් තියනවා තියනවාමයි.

    හෝම්ස් , ඕනිම අභිරහසක හෝඩුවාවක් ඉතුරු වෙලා තියෙන්න ඕනි....අපි ඔස්ට්‍රේලියාව දෙසට පමණක් අපගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම ප්‍රමාණවත් මදි....අපි උතුරටත් නැගෙනහිරටත් අපේ පරික්ශාන මෙහෙහෙයවන්න ඕනි....ඉවසීමයි මෙතැනදී වැදගත්මදේ හෝම්ස්
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    මේ පරීක්ශනේ එන්න එන්නම අපිව නොමග යවන සුළුයි වොට්සන්. කොහොම උනත් මෙතන මොකක්හරි අභිරහසක් තියනවා තියනවාමයි.

    හෝම්ස් , ඕනිම අභිරහසක හෝඩුවාවක් ඉතුරු වෙලා තියෙන්න ඕනි....අපි ඔස්ට්‍රේලියාව දෙසට පමණක් අපගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම ප්‍රමාණවත් මදි....අපි උතුරටත් නැගෙනහිරටත් අපේ පරික්ශාන මෙහෙහෙයවන්න ඕනි....ඉවසීමයි මෙතැනදී වැදගත්මදේ හෝම්ස්

    මේ සැරේ නම් හෝම්ස් මහත්තයාට වැරදිලා. මේ ලෙස්ට්‍රෙඩ් දන්නවා ඕක තියන තැන. ඕක අනිවාර්යෙන් ඇත්තේ ඉන්දීයන් සාගරේ පතුලේ.ඕකේ කිසිම අබිරහසක් නැ.
     
    Last edited:

    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    හෝම්ස් , ඕනිම අභිරහසක හෝඩුවාවක් ඉතුරු වෙලා තියෙන්න ඕනි....අපි ඔස්ට්‍රේලියාව දෙසට පමණක් අපගේ පරීක්ෂණ කටයුතු මෙහෙයවීම ප්‍රමාණවත් මදි....අපි උතුරටත් නැගෙනහිරටත් අපේ පරික්ශාන මෙහෙහෙයවන්න ඕනි....ඉවසීමයි මෙතැනදී වැදගත්මදේ හෝම්ස්

    මේක එන්න එන්නම සිත්ගන්නසුලුභාවය වැඩිවෙනවා වොට්සන්. වෛද්‍ය සායනයේ වැඩ කටයුතු නිම කරලා බේකර් වීදියේ මගේ නිවහන පැත්තේ ආවනම් අපිට මේ ගැන කොපි කෝප්පයක් බිබිම කතාකරන්න තිබුන වොට්සන්... අද හැන්දෑව අනර්ග හැන්දෑවක් වෙයි වගේ...
    :oo::oo::oo::oo:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    මේක එන්න එන්නම සිත්ගන්නසුලුභාවය වැඩිවෙනවා වොට්සන්. වෛද්‍ය සායනයේ වැඩ කටයුතු නිම කරලා බේකර් වීදියේ මගේ නිවහන පැත්තේ ආවනම් අපිට මේ ගැන කොපි කෝප්පයක් බිබිම කතාකරන්න තිබුන වොට්සන්... අද හැන්දෑව අනර්ග හැන්දෑවක් වෙයි වගේ...
    :oo::oo::oo::oo:
    :lol::lol:
     
    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo

    මේ සැරේ නම් හෝම්ස් මහත්තයාට වැරදිලා. මේ ලෙස්ට්‍රෙඩ් දන්නවා ඕක තියන තැන. ඕක අනිවාර්යෙන් ඇත්තේ ඉන්දීයන් සාගරේ පතුලේ.ඕකේ කිසිම අබිරහසක් නැ.

    That's what exactly USA want us to think....
    Search for the connection between "Freescale Semiconductor" and MH370.

    Y isn't western media telling a single word about this?
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේක එන්න එන්නම සිත්ගන්නසුලුභාවය වැඩිවෙනවා වොට්සන්. වෛද්‍ය සායනයේ වැඩ කටයුතු නිම කරලා බේකර් වීදියේ මගේ නිවහන පැත්තේ ආවනම් අපිට මේ ගැන කොපි කෝප්පයක් බිබිම කතාකරන්න තිබුන වොට්සන්... අද හැන්දෑව අනර්ග හැන්දෑවක් වෙයි වගේ...
    :oo::oo::oo::oo:

    වොට්සන් එදින සැන්දෑ යාමයේ බේකර් වීදියේ හෝම්ස් හමුවීමට ගියද හෝම්ස් එහි නොසිටි අතර වෙනත් රාජකාරියක් නොතිබූ හෙයින් කාමරයේ එහෙ මෙහෙ සක්මන් කරමින් දසත විසුරුවා ඇති පැරණි පුවත්වත් දෙස බලමින් එදින දහවල් කාලයේ හෝම්ස් මේ ගැටලුව විසඳීමට කිනම් හෝඩුවාවක් හොයා ගත්තේද යන්න උපකල්පනය කිරීමට උත්සාහ කළද එයද ගැටලුවව මෙන්ම අසීරු විය.වොට්සන් තමන්ට සූපුරුදු අසුනට වී මේගැන තව දුරටත් කල්පනා කරමින් සිටියදී හදිස්සියේ දොරට තට්‍ටු කරන හඬ ඇසී වොට්සන් අවදි විය..ඒ හඩ්සන් මහත්මියයි."හෝම්ස් මහත්මය එන්න තවත් ප්‍රමාද වේ වගේ.".කියා කෝපි සමඟ චීස් සැන්ඩ්විච් කිහිපයක් පිළිගන්වන ලදි..හෝම්ස් කොහෙද මේ හදිස්සියේ ගියේ..!!
     
    වොට්සන් පැය කිහිපයක නින්දට වැටී සිටි අතර අවදිවන විට ඔහු ඉදිරිපස අසුනේ හෝම්ස් අසුන් ගෙන දැඩි කල්පනාවක වැටී සිටියේය."අහ්.වොට්සන් අවිදි උනාද...මං අවදි කරන්න උත්සාහ කලේ නෑ " හෝම්ස් ගිය වැඩේ සාර්ථකද... වොට්සන් මම ගියා මයික්‍රොෆ්ට් ව හම්බ වෙන්න මොකද මේ ගැටලුව විසඳන්න තිබුන වටිනා සාක්ෂි බොහොමයක් සමහර විට සියල්ලම පාහේ විනාශ උනාට පස්සෙයි මේ ගැටලුව ගැන අවධානය අපට යොමු කලේ..මේ වෙද්දි ලැබිලා තියෙන තොරතුරු එක්ක මේ ගැටලුව ලෙහා ගන්න පුලුවන් නම් මේ වෙද්දි ලෙස්ඩ් රේ ට මේ ගැටලුව ලෙහන්න පුලුවන්.මම එන ගමන් ස්කොට්ලන්ඩ්යාඩ් එක පැත්තටත් ඔළුව දාලයි ආවේ..ලෙස්ට්‍රේ, මැක්ඩොනල්ස් (අර කෙට්‍ටු උස හාදයා) එක්ක මේ ගැන ලොකු සාකච්ඡාවක්.
    ඉතිරි මයික්‍රොෆ්ට් මොකද කියුවේ මේ ගැන.."මට දැන ගන්න ඕන උනේ මේ සිදුවීම පිටිපස්සේ මොකක් හරි ප්‍රබල රටක් ඉන්නවද කියල"මොකද මුල ඉඳන්ම මේ සම්බන්ධව වැදගත් කමක් තිබුණ බොහෝ දේවල් නොසලකා හැරලා තිබුනා හිතාමතාම.
    :oo::oo:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    අනික මා ප්‍රිය වොට්සන් ඔබ දන්නවා වරදක් කල කිසිවෙක් එය එකවර පිළිගන්නේ නෑ. මුල ඉදන් ම මේ පිළිබදව නියමිත කතාව කියල දැන් අපට හිතෙන කතාව කී තෙල් අටල්ලේ හාදය ව නොසලකා හැරීම පිටුපස අති ප්‍රබල හස්තයක් ඇති බව තමා මගේ හැගීම වොට්සන්. කවුරන් හට හෝ කල් මැරීම අවශ්‍යව තිබුණා. එහෙම නම් ඇයි ඒ..???? වුණු වැරදි වහන්නද? නැත්තං හරිට පෙළගස්වපු අපරාධයක් පිළිබදව නොවරදින කතාන්තරයක් ගොතන්නද??? අන්න එයයි මා ප්‍රිය වොට්සන් දැන් අපේ විශය පථය වන්නේ..............​