මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    article-2582326-1C5B7DF700000578-751_634x603.jpg
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඩීන........
    උඩ රූට් එක වෙන්න බෑ නේද?
    උඩට ගන්න වෙනව හිමාලය නිසා...............:dull:

    :yes:ඔව් බන් ඒක ඇත්ත...මේකේ තමා තිබුනේ..:)


    Code:
    http://www.dailymail.co.uk/news/article-2582326/From-islands-Indonesia-steppe-Kazakhstan-Hunt-missing-flight-MH370-switches-land-covers-ELEVEN-countries.html
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :yes:ඔව් බන් ඒක ඇත්ත...මේකේ තමා තිබුනේ..:)
    මම නං හිතන්නෙම අන්දමන් දූපත්...හැබැයි දැන් නැති වෙන්න පුළුවන්, මොකද මේ වෙන කොට හොදටම කල් ඇති ට්‍රාන්ස්පෝටර් එකකින් වෙන තැනකට ගෙනිහං ඇති...
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    මම නං හිතන්නෙම අන්දමන් දූපත්...හැබැයි දැන් නැති වෙන්න පුළුවන්, මොකද මේ වෙන කොට හොදටම කල් ඇති ට්‍රාන්ස්පෝටර් එකකින් වෙන තැනකට ගෙනිහං ඇති...

    අනිවා ඕක හයි ජැක් කරපු උන් ඕක කරන්න ඇත්තේ ඔක්කොම කලින් ප්ලෑන් කරලානේ.මම නම් හිතන්නෙම අල් කයීඩා උන් තමා ඕක කරන්න ඇත්තේ.තලිබාන් උන්ට නම් ඔය වගේ දෙයක් කරන්න මොළයක් නැහැ.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    ලංකාවත් MH370 යානය සොයා මෙහෙයුමක් අරඹයි
    March 17, 2014 at 5:41 pm | lanka C news


    දින 09ක් තිස්සේ අභිරහස් ලෙස අතුරුදහන්ව ඇති මගීන් 239 දෙනෙකු සමඟ අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානය සොයා ශ‍්‍රී ලංකාව පසු විපරමක් අරඹා ඇතැයි සිවිල් ගුවන් සේවා අධිකාරිය පවසයි.

    එහි අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.සී. නිමල්සිරි මහතා පවසන්නේ ගුවන් යානය අතුරුදන් වූ දිනය දක්වා ශ‍්‍රී ලංකාවේ රේඩාර් තොරතුරු පසු විපරමකට ලක් කිරීමට තීරණය කර බවයි. අතුරුදන් වූ යානය සොයා ගුවන් සෝදිසි මෙහෙයුම් වලට එක්ව සිටින විදෙස් ගුවන් යානා කිහිපයක්ද පසුගිය දින කිහිපයේදී ශ‍්‍රී ලංකා ගුවන් සීමාව හරහා පියාසර කර ඇත.

    මේ අතර මෙම ගුවන් යානාවේ විදෙස් පුරවැසිභාවයක් ලබා සිටින ශ‍්‍රී ලාංකිකයෙකුගේ බිරිඳද සිට ඇත. මේ දක්වා සිය බිරිඳ පිළිබඳව බලා සිටින අතර ඇය මැලේසියානු කාන්තාවකි. චීනයේ ගුවන් ගමන් පාලනය සම්බන්ධ ආයතනයක ඉහළ තනතුරක් හොබවන තම සැමියා බැලීමට චීනය බලා ගමන් කරමින් සිටියදී ඇය මෙම අනතුරට ලක් වී තිබේ.


    http://**Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**/sinhala/news/112189/
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    දැන් මේ මහත්තය මේ කතාව කවදද කියලා තියෙන්නේ...කියහන් බලන්න ඔක්කොටම ඉස්සෙල්ලා..:rolleyes::rolleyes::rolleyes:

    මට අද හවස අප්-ඩේට් එකකදි ඇහුනා ෆ්ලයිට් එක අඩු උසකින් ගොඩබිම් හරහා ගිය සීන් එක කන්ෆම් කියලා..ඒක එහෙමද?:dull::dull:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    Delta plane loses wing panel during flight

    plane_53ebcda70d47f1b9947e66f6fc0cef84.nbcnews-ux-640-900.jpg



    කාටවත් අනතුරක් උනේ නැ, ප්ලේන් එක බැවා.. මේ අතර එමිරේට්ස් එකේ ඩලාස් ටු ඩුබායි යන ෆ්ලයිට් එකක් ටොයිලට් ක්ලීන් කරලා නැති නිසා අයිස්ලන්ඩ් වලට ගොඩ බාලා
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    යානය සොයා උතුරට සහ දකුණට

    අවසාන යාවත්කාලීන කිරීම : 2014 මාර්තු 17 සඳුදා - 11:57 GMT


    මැලේසියාවේ ගමනාගමන ඇමති හිෂම්මුදින් හුසේන්
    අතුරුදහන් වූ ගුවන් යානය සෙවීමේ මෙහෙයුම් ප්‍රධාන ගුවන් මාර්ග කලාප දෙකක් ඉලක්ක කර ගනිමින් ආරම්භ කළ බව මැලේසියාවේ ගමනාගමන ඇමතිවරයා සනාථ කරයි.

    යානයේ ගමන් මග හිතා මතාම වෙනස් කර ඇති බවත් ඉන් පසුව එය උතුරු ගමන් කලාපයට හෝ දකුණු ගමන් කලාපයට පියාසර කරන්නට ඇති බවයි මැලේසියානු බලධාරීහු පවසන්නේ.


    'උතුරු ගමන් කලාපයට හෝ දකුණු ගමන් කලාපයට පියාසර කරන්නට ඇති'
    සබැඳි යොමු
    අතුරුදහන් වූ යානය: හෙළිදරව් වී ඇති තතු
    යානයේ ගමන් මග හිතාමතා වෙනස් කරලා - අගමැති රසාක්
    සබැඳි තේමා
    ජාත්‍යන්තර
    මෙම කලාප දෙක ඇතුළත කෙරෙන පරීක්ෂණ සඳහා රටවල් විසි හයක සහයෝගය ඉල්ලා තිබේ.

    ‘සුභ රාත්‍රියක්’
    නියමු මැදිරියෙන් අවසන් වරට පැමිණි ‘සුභ රාත්‍රියක්’ කියමින් නිම කළ පණිවිඩය, යානයේ තොරතුරු ස්වයංක්‍රීයව සන්නිවේදනය කරන පද්ධතිය අක්‍රීය කිරීමෙන් පසු සිදු කර ඇති බවයි මැලේසියාව කියා සිටියේ.

    මෙම පණිවුඩය කවුරුන් විසින් කරන සිදු කළේද යන්න මීට පෙර නිශ්චිත නොවූ නමුත් මැලේසියානු ගුවන් සේවය විශ්වාස කරන්නේ යානයේ සහායක නියමුවා එම පණිවිඩය දී ඇති බවයි.


    http://www.bbc.co.uk/sinhala/world/2014/03/140317_malaysia.shtml
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    MH-370 කසකස්ථානයේ ගොඩබාලා ?
    March 17, 2014 at 1:45 pm | lanka C news


    පසුගිය 08 වන සෙනසුරාදා දින සිට අතුරුදන් ව ඇති MH-370මැලේසියානු ගුවන් යානය කසකස්ථානයට ගොඩ බස්වා ඇති බවට සැක මතුව ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

    මේ පිළිබඳ සැක කළ හැකි තොරතුරු රැසක් යානයෙන් ලද චන්ද්‍රිකා දත්ත උපයෝගි කර ගනිමින් සිදු කළ මූලික පරීක්ෂණවලදී හෙළිව ඇති බව එම වාර්තා කියයි.

    කෙසේ වෙතත් තවත් පර්යේෂණ කණ්ඩායමක් පවසන්නේ යානය ඉන්දියන් සාගරයට කඩා වැටෙන්නට ඇති බවයි.
     

    sherlock

    Well-known member
  • Jun 11, 2008
    17,619
    939
    113
    221/B Baker Street London
    අතුරුදන් මැලේසියන් යානාව ලංකාවේ

    උතුරට බස්වා ඇතැයි තවත් කතාවක්


    2014 මාර්තු 17 01.35 p.m
    malaysia-airlines1සතියකට අධික කාලයක් සිට අතුරුදන්ව පවතින මැලේසියානු එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් MH370 යානය ශ්‍රී ලංකාවේ උතුරු දිග කොටසේ පිහිටි කුඩා පරිමාණයේ සුලභව භාවිතයට නො ගන්නා ගුවන් තොටුපළකට ගොඩ බස්වන්නට ඇති බවට සැකයක් පහළ වී තිබේ. ඔස්ට්‍රේලියාවේ Business Insiderවෙබ් පිටුවේ මේ බවසඳහන් කර ඇත. ගුවන් යානාව අතුරුදන් වීමත් සමග ලොව පුරා පැතිරෙන්නට පටන් ගත් විවිධ කටකතා අතරට එක් වූ අළුත්ම කතාව මෙය බව වාර්ථා වේ.
    යාපනයේ එල්.ටී.ටී.ඊ.ත්‍රස්තයන්ගේ පාලනයට කලකදී නතුව පැවැති ප්‍රදේශයක පිහිටි මෙම ගුවන් තොටුපොළ පිහිටි පරිශ්‍රය මේ වනවිට රජයේ පාලනයට යටතේ පවතී. කෙසේ වෙතත් යානය ගොඩ බැස්ස විය හැකි බවට සැක කරෙන සිය ගණනක් වූ ස්ථාන අතුරින් උතුරේ මෙම ගුවන්තොටුපොළ තවත් එකක් පමණක් බවද අනාවරණය කෙරී තිබේ. එම ගුවන්තොටුපොළේ චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ද වෙබ් පිටුවේ සඳහන් කර තිබේ.
    මේ අතර අතුරුදන් ගුවන් යානාව සොයා සිදුකරන දැවැන්ත මෙහෙයුම් සඳහා මේ වනවිට රටවල් විසි පහක් සම්බන්ධ වී සිටී. මෙහෙයුම් සිදුකරන කලාපය මධ්‍යම ආසියාවේ සිට දකුණුදිග ඉන්දියානු සාගරය දක්වා දක්වා පුළුල් කර තිබේ. ගොඩබිම් සහ මුහුදු ප්‍රදේශවල සිදුකරන මෙම මෙහෙයුම් මේ වනවිට වඩාත් සංකීර්ණ තත්ත්වයක් ගෙන ඇති බව මැලේසියානු ගමනාගමන ඇමැතිවරයා පවසයි.
    මගීන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ යානාවේ බලය කවුරුන් විසින් හෝ පවරා ගෙන ඇතැයි යන සැකය මත එහි ගමන්ගත් කාර්‍ය මණ්ඩලයේ සහ මගීන්ගේ තොරතුරු සොයා විමර්ෂණ කටයුතු අරඹා ඇත. මේ අතර යානය පියාසර කරන්නට ඇතැයි සැලකෙන රටවලින් තවදුරටත් රේඩාර් හා චන්ද්‍රිකා දත්ත ලබා ගැනීමට විමර්ෂකයන් පෙළඹී සිටිති. යානාව රේඩාර් තිරයෙන් මැකී යද්දී ගුවන් සැතපුම් 2530ක දුරක් ගමන් කළ හැකි ඉන්ධන එහි ගබඩා වී තිබූ බව අනාවරණය වෙයි.


    රුක්ලන්ති පෙරේරා

    http://www.lakbima.lk/index.php?opt...8:2014-03-17-08-12-37&catid=34:news&Itemid=62
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හේයි... මේක දැන් එහෙම් පිටින්ම අනිත් පැත්තට යනවා වගේ නේද?:oo::oo: දැන් අර වැඩකාර පයිලට් මාමා ප්ලේන් එක උස්සපු සීන් එකක් නේද යන්නේ...:nerd::nerd:
    මම දැක්ක අද ලංකාදීපේ දාල තියෙනවා...