අතුරුදන්ව පවතින මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැලකිය හැකි කොටස් කිහිපයක් දක්ෂිණ ඉන්දීය සාගරයේ ඇතැයි ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටෝනි ඇබට් පවසයි.
ඔහු සඳහන් කර ඇත්තේ, චන්ද්‍රිකා ඡායාරූප මගින් ඒ බව අනාවරණය වී ඇති බව ය.
ඒ අනුව එම ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා මුහුදු කලාපය පිරීක්සීමට ඔස්ට්‍රේලියාව පියවර ගෙන තිබේ.







