අතුරුදන් මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් බවට සැක කෙරෙන චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් ප්‍රංශය මැලේසියානු බලධාරීන් වෙත නිකුත් කර තිබේ.
මෙම ඡායාරූප දක්ෂිණ ඉන්දීය සාගර කලාපයෙන් හමු වූ අතුරුදන් යානයේ සුන්බුන් ලෙස සැක කෙරෙන තෙවැනි චන්ද්‍රිකා ඡායාරූප කාණ්ඩය යි.
අදාළ ඡායාරූපවලින්, මෙහෙයුම් දියත් කර ඇති ඉන්දියන් සාගර ප්‍රදේශයේ කිසියම් වස්තූන් කිහිපයක් පාවෙමින් තිබෙන ආකාරය දැක්වෙන බව මැලේසියානු ප්‍රවාහන අමාත්‍යංශය ද තහවුරු කර තිබේ.
මැලේසියානු බලධාරීන් අදාළ ඡායාරූප කඩිනමින් ඔස්ට්‍රේලියානු මුදවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය වෙත යොමු කර තිබේ.
කෙසේ වෙතත් ප්‍රංශය නිකුත් කර ඇති චන්ද්‍රිකා ඡායාරූප සංඛ්‍යව පිළිබඳව හෝ ඒවායේ ප්‍රමාණයන් පිළිබඳව තොරතුරු අනාවරණය වී නොමැත.
මීට පෙර ඔස්ට්‍රේලියාව සහ චීනය ද අතුරුදන් යානයේ සුන්බුන් බවට සැක කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිකුත් කර තිබිණ.
මේ අතර අතුරුදන් මැලේසියානු යානය සොයා ඉන්දියන් සාගරයේ සෝදිසි මෙහෙයුම්වල නිරත යානාවක් විසින් ගුවන් යානාවල බඩු බාහිරාදිය රැගෙන යාමට භාවිත කරන පටි සහිත දැවමය බහාලනයක් හඳුනා ගෙන ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණ.
පසු ගිය 8 වන දා පුද්ගලයින් 239 දෙනෙකු සමග ක්වාලාලම්පූර් සිට බීජිං දක්වා පියාසර කරමින් තිබියදී මැලේසියානු ගුවන් සමාගමට අයත් බෝයිං 777-200 වර්ගයේ එම්.එච්. 370 යානය අතුරුදන් විය.
news first
යානයේ සුන්බුන්ද කියලා තවමත් තහවුරු නොවුනත් මට තිබෙන ප්‍රශ්ණය තමයි ගුවන් යානය පැහැර ගත්තා නම් මේ කළාපයෙන් ගියේ කුමන ගමනාන්තයක් වෙතද කියන එක ප්‍රශ්ණයක් ? ගුවන් යානය පැහැර ගෙන මේ වගේ කලාපයක් ඔස්සේ ගමන් කරයි කියන්න එක හිතන්න අමාරුයි