මැලේසියානු ගුවන් යානයක් අතුරුදහන් වෙයි

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අනික මා ප්‍රිය වොට්සන් ඔබ දන්නවා වරදක් කල කිසිවෙක් එය එකවර පිළිගන්නේ නෑ. මුල ඉදන් ම මේ පිළිබදව නියමිත කතාව කියල දැන් අපට හිතෙන කතාව කී තෙල් අටල්ලේ හාදය ව නොසලකා හැරීම පිටුපස අති ප්‍රබල හස්තයක් ඇති බව තමා මගේ හැගීම වොට්සන්. කවුරන් හට හෝ කල් මැරීම අවශ්‍යව තිබුණා. එහෙම නම් ඇයි ඒ..???? වුණු වැරදි වහන්නද? නැත්තං හරිට පෙළගස්වපු අපරාධයක් පිළිබදව නොවරදින කතාන්තරයක් ගොතන්නද??? අන්න එයයි මා ප්‍රිය වොට්සන් දැන් අපේ විශය පථය වන්නේ..............

    ඉතින් ඒ තෙල් අට්ටාලේ හිටි මනුස්සය දැන් මොකද කියන්නේ..හෝම්ස්.. "මම ඒ ගැන හොයන්න දැන් උත්සාහ කරන්නේ නෑ වොට්සන්.. මොකද අශ්වයා පැන ගොස් බොහෝ වේලාවක් ගත වී ඇති නිසා..
    එතකොට හෝම්ස්ට මේ ගැටලුව විසඳන්න උවමනාවක් නැද්ද.."කොහෙත්ම නෑ වොට්සන්.මොකද මෙතන විසඳන්න කිසිම ගැටළුවක් තිබුණේ නෑ..මේ ගැටළු සියල්ලම පසුකාලීනව බොහෝ පිරිසක් නොමඟ යවන්නත් අදාල අවශ්‍යතාව වෙනුවෙන් උපරිම කාලයක් ලබා දිමත් සඳහා පමණක් යොදාගත් දේවල්..එහෙම වෙන්නේ කොහොමද හෝම්ස් මේ සිදුවීමෙදි රටවල් ගාණක් එකතු වෙලා හිටියා.ඒ නැති උන යානයේ විවිධ රටවලට අයිති පිරිස් හිටියා.. වොට්සන් මට පොඩි උදව්වක් කරනවද..මොකද්ද හෝම්ස්, "මට ගිය සතියම මේ වැඩේ එක්ක මහන්සි වෙන්න ගිය එකත් එක්ක මගේ පෞද්ගලික පිස්තෝලය..
    හෝම්ස්..ඔබ ඔය කියන්නේ අර හැම්ශයර් ප්‍රාන්තයේ ගැටලුව විසඳන්න ගිය වෙලාවේ ඇබර්නෙට් වංශවතා විසින් තෑග්ගක් විදියට ලබා දුන් පිස්තෝලය ගැනද,ඔව්!! වොට්සන් ඔබ වඩාත් කැමැතිම එක තමා... පහුගිය ගැටලුවෙදි මට ඒ පිස්තෝලය භාවිත කරන්න උනා ඔබට මතක ඇති, ඒත් මට ඒ පිස්තෝලය නැවත පිරිසිදු කිරීම කරන්න අමතක උනා ඔබට පුලුවන්ද මං වෙනුවෙන්..ඒ කාර්‍ය ඉ‍ටු කරන්න.."

    මට පුලුවන් හෝම්ස් , මේ වෙලාවේ වෙන වැඩකුත් නෑ නේ..

    එහෙනම් වොට්සන් මම ඒ කාලය තුළ මේ ගැටලුවේ මට මඟ හැරුණු වඩාත්ම වැදගත් මඟහැරුණු එක තැනක් ගැන හැකි ඉක්මණින් විමසා බැලීමට තියෙනවා ඒ වෙනුවෙන් දැන්ම මා පිට වියයුතුයි.හෝම්ස් අද රෑම ආයෙත් පැමිණෙනවාද...
    බොහෝ විට හෙට දහවල් වත් වේවි වොට්සන්..
    :nerd::nerd::nerd:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113

    වොට්සන් පැය කිහිපයක නින්දට වැටී සිටි අතර අවදිවන විට ඔහු ඉදිරිපස අසුනේ හෝම්ස් අසුන් ගෙන දැඩි කල්පනාවක වැටී සිටියේය."අහ්.වොට්සන් අවිදි උනාද...මං අවදි කරන්න උත්සාහ කලේ නෑ " හෝම්ස් ගිය වැඩේ සාර්ථකද... වොට්සන් මම ගියා මයික්‍රොෆ්ට් ව හම්බ වෙන්න මොකද මේ ගැටලුව විසඳන්න තිබුන වටිනා සාක්ෂි බොහොමයක් සමහර විට සියල්ලම පාහේ විනාශ උනාට පස්සෙයි මේ ගැටලුව ගැන අවධානය අපට යොමු කලේ..මේ වෙද්දි ලැබිලා තියෙන තොරතුරු එක්ක මේ ගැටලුව ලෙහා ගන්න පුලුවන් නම් මේ වෙද්දි ලෙස්ඩ් රේ ට මේ ගැටලුව ලෙහන්න පුලුවන්.මම එන ගමන් ස්කොට්ලන්ඩ්යාඩ් එක පැත්තටත් ඔළුව දාලයි ආවේ..ලෙස්ට්‍රේ, මැක්ඩොනල්ස් (අර කෙට්‍ටු උස හාදයා) එක්ක මේ ගැන ලොකු සාකච්ඡාවක්.
    ඉතිරි මයික්‍රොෆ්ට් මොකද කියුවේ මේ ගැන.."මට දැන ගන්න ඕන උනේ මේ සිදුවීම පිටිපස්සේ මොකක් හරි ප්‍රබල රටක් ඉන්නවද කියල"මොකද මුල ඉඳන්ම මේ සම්බන්ධව වැදගත් කමක් තිබුණ බොහෝ දේවල් නොසලකා හැරලා තිබුනා හිතාමතාම.
    :oo::oo:

    අඩෝ උබ චන්දන මෙන්ඩිස්ද :rofl:
    උබ ලියන ඒව පට්ට බන් ... හුග කාලෙකින් ශර්ලොක් හොල්ම්ස් පොතක් කියෙව්වේ නෑ
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව

    අම්මටසිරි දැන් මීටර් උනේ, චන්දන මෙන්ඩිස්ගෙ පුතා රන්දික මෙන්ඩිස්. :shocked:
    ඕ මයි ගෝට් :dull:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    යාළුවා;16436973 said:
    පොත කෙසේ වෙතත් මැලේසියාවෙ නිපදවපු සුදු වෑන් එකක යන්න වෙයිද දන්නෙ නෑ ලියපු උන්ට :baffled::P

    අපේනේ බන් වෑන් තියෙන්නේ.. මැලේසියාව වගේ ලොකු රටවල් සුදු ප්ලේන් වලින් කට්ටියට ගේම දෙන්නේ :rolleyes:
     
    හෝලි සිට්. ඒකත් දැනුයි මීටර් උනේ :baffled: සුදු ප්ලේන් භීතිකාව :baffled:
     
    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,483
    6,336
    113
    යාළුවා;16437108 said:
    හෝලි සිට්. ඒකත් දැනුයි මීටර් උනේ :baffled: සුදු ප්ලේන් භීතිකාව :baffled:

    "සුදු ප්ලේන් භීතිකාව" පොතට දාන්න කියාපු නම :nerd::nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    ඉතින් ඒ තෙල් අට්ටාලේ හිටි මනුස්සය දැන් මොකද කියන්නේ..හෝම්ස්.. "මම ඒ ගැන හොයන්න දැන් උත්සාහ කරන්නේ නෑ වොට්සන්.. මොකද අශ්වයා පැන ගොස් බොහෝ වේලාවක් ගත වී ඇති නිසා..
    එතකොට හෝම්ස්ට මේ ගැටලුව විසඳන්න උවමනාවක් නැද්ද.."කොහෙත්ම නෑ වොට්සන්.මොකද මෙතන විසඳන්න කිසිම ගැටළුවක් තිබුණේ නෑ..මේ ගැටළු සියල්ලම පසුකාලීනව බොහෝ පිරිසක් නොමඟ යවන්නත් අදාල අවශ්‍යතාව වෙනුවෙන් උපරිම කාලයක් ලබා දිමත් සඳහා පමණක් යොදාගත් දේවල්..එහෙම වෙන්නේ කොහොමද හෝම්ස් මේ සිදුවීමෙදි රටවල් ගාණක් එකතු වෙලා හිටියා.ඒ නැති උන යානයේ විවිධ රටවලට අයිති පිරිස් හිටියා.. වොට්සන් මට පොඩි උදව්වක් කරනවද..මොකද්ද හෝම්ස්, "මට ගිය සතියම මේ වැඩේ එක්ක මහන්සි වෙන්න ගිය එකත් එක්ක මගේ පෞද්ගලික පිස්තෝලය..
    හෝම්ස්..ඔබ ඔය කියන්නේ අර හැම්ශයර් ප්‍රාන්තයේ ගැටලුව විසඳන්න ගිය වෙලාවේ ඇබර්නෙට් වංශවතා විසින් තෑග්ගක් විදියට ලබා දුන් පිස්තෝලය ගැනද,ඔව්!! වොට්සන් ඔබ වඩාත් කැමැතිම එක තමා... පහුගිය ගැටලුවෙදි මට ඒ පිස්තෝලය භාවිත කරන්න උනා ඔබට මතක ඇති, ඒත් මට ඒ පිස්තෝලය නැවත පිරිසිදු කිරීම කරන්න අමතක උනා ඔබට පුලුවන්ද මං වෙනුවෙන්..ඒ කාර්‍ය ඉ‍ටු කරන්න.."

    මට පුලුවන් හෝම්ස් , මේ වෙලාවේ වෙන වැඩකුත් නෑ නේ..

    එහෙනම් වොට්සන් මම ඒ කාලය තුළ මේ ගැටලුවේ මට මඟ හැරුණු වඩාත්ම වැදගත් මඟහැරුණු එක තැනක් ගැන හැකි ඉක්මණින් විමසා බැලීමට තියෙනවා ඒ වෙනුවෙන් දැන්ම මා පිට වියයුතුයි.හෝම්ස් අද රෑම ආයෙත් පැමිණෙනවාද...
    බොහෝ විට හෙට දහවල් වත් වේවි වොට්සන්..
    :nerd::nerd::nerd:

    පසුදින දහවල්..කිවූ පරිද්දෙන්ම හෝම්ස් බේකර් වීදියේ නිවහනට පැමිණියද වොට්සන් විසින් පිළිඹිබු වූයේ නිදි නොලබා දැඩි මහන්සියකින් යුක්ත වූ මුහුණකි."

    හෝම්ස්-
    වොට්සන් ඊයේ වැඩේ ඉවරවෙනකොට සෑහෙන්න රෑවෙලා මම හරි නම් ඔබ ඊයේ රෑ නිදි නොලබාම වැඩේ යෙදිලා තියෙනවා.වගේම හඩ්සන් මහත්මිය ලබා දුන් හැම් සැන්ඩ්විච් 3 නෙන් එකකින් භාගයකට වඩා ඔබ ආහාරයට ගෙනත් නෑ.."

    වොට්සන්- ම්ම්ම්..ඔබ හරි හෝම්ස්.. මම හිතුවට වඩා ඒ වැඩේ අමාරු උනා..ඇත්තම කියනව නම් මට තාම පිස්තෝලය හොයා ගන්න බැරි උනා..මම හිතපු කිසිම තැනක ඒක තිබුණේ නෑ..

    හෝම්ස්-
    මට සමාවෙන්න මිත්‍රයා ඔබව මෙතරම් අපහසුතාවයකට පත් කිරීම ගැන..ඇත්තම කියනව නම් ඔබ ඔය පිස්තෝලය ඊයේ රෑ පුරාම හෙව්ව ඒ වගේම ඔබ ඒ පිස්තෝලය සමහර විට අතටත් අරන් ..ඔව් මම හරි ඒ පිස්තෝලය ඔබ අතටත් අරන්...
    වොට්සන්- "මොනවා"කොහෙත්ම නෑ හෝම්ස්..
    හෝම්ස්-
    ඔව් මිත්‍රයා.
    වොට්සන්-ඔය පිස්තෝලය ඒක නෙමෙයි..හෝම්ස්..
    හෝම්ස්- නෑ වොට්සන් මේ ඒකම තමා..මම ඔබට සහතික වෙන්නම්..
    වොට්සන්-ඒ උනාට ඒ පිස්තෝලේ මිට සුදුපාටයි.ඇත්දළවලින් හදපු මිටක්..මිටේ තිබුණ හැඩේ නිසාමයි මම ඒක අනික් පිස්තෝලවලට වඩ කැමතිත්..ඒක විශේෂයි..
    හෝම්ස්- ඇත්ත.ඔබ නිවැරදී වොට්සන් ඒත්.ඔබ ඒ විදියේ මිට සුදු පාට පිස්තෝලයක් තව අවුරුද්දක් බේකර් වීදියේ නිවහන තුළ සෙව්වත් ඔබට හමුවෙන්නේ නෑ .ඊයේ ඔබ මා එනතුරු කාමරය තුළ එහෙ මෙහේ ඇවිද්දත් ඔබ දු‍ටුවේ නෑ ඒ ඇත් දළ පැහැ පිස්තෝලයේ මිටේ කොටසක් බිම තිබුණ බව මොකද ඔබේ අවදානය දිනා ගෙන තිබුනේ මේ දවස්වල අපි විසඳන ගැටළුව ගැන ඔබ සෙව්වේ ඒ වෙනුවෙන් යමක්..ඒ නිසා

    වොට්සන්-මොනවා..ඔබ කොහොමද හරියටම එහෙම කියන්නේ..
    හෝම්ස්- හරිම සරලයි..මම කාමරයට එනවිට ඔබේ අතේ තිබුණේ මම කාමරෙන් පිටව යන විට බිම තිබූ ඊයේ පත්තරේ සිදුවිමට අදාල වාර්තාවක් වගේම මම දු‍ටුවා ඔබ අද දවසේ වාර්තාවත් මේ වෙන විට කියවා ඇති බව වගේම බොහෝ විට නින්දෙන් අද වාර්තාවේ හා පෙරදින වාර්තාවේ සිදුවීම් වල නොගැලපීම් ගැන හිත යොමු කරන්න ඇති..වගේම බිම වැටී තිබුණ ඔබ වඩාත්ම ඇලුම් කරන පිස්තෝලයේ ඇත්දළ මිට ඔබ දු‍ටුවානම් ඔබ එය පහසුවෙන් අමතක නොකර මා දු‍ටු විගස ඒ පිළිබඳ විමසනවා..මම හරිද වොට්සන්..

    වොට්සන්-
    ඒකත් හරි තමා.ඉතින් මේකට මොකෝ උනේ..

    හෝම්ස්- මේ ගැටළුව නිසා මගේ මනසත් වියවුල් වෙලා තිබුනේ. මනස වෙනතකට හැරවිමට හඩ්සන් මහත්මිය නිවසේ නොසිටි ඕනෑම මොහොතක මගේ හිතට නැ‍ඟෙන්නේ ඉල්ලකයට වෙඩි තැබීමයි ඉතින් ඊයේ මම මේ පිස්තෝලයම ඒ සඳහා යොදා ගත්තේ අදාල කාරියෙන් පහුව එකවරම මට මෙය පිරිසිදු කර දැමිය හැකි නිසා, කාමරය තුළ වෙඩි හරඹයේ යෙදෙමින් සිටියෙදී හදිසියෙම උණ්ඩ පිටවීමෙදි ඇති වූ ගැස්වීමට මගේ අතින් ඒ පිස්තෝලය බිම අතහැරුණා වගේම අකමැත්තෙන් උනත් කියන්න වෙනවා එහි මිට බිඳී ගියා..මා මයික්‍රෝෆ්ට් හමුවෙන බවට ලබා දී තිබූ වෙලාව පැමිණ තිබූ නිසා මෙන්ම හවස ඔබ හමූවීමටද කථිකා කර ගත් නිසා හැකි ඉක්මණින් වෙඩි තැබීමෙන් ඇති දුමාරය පිටව යාමට ජනෙල්ද විවෘත කර මා ඉක්මණින් පිටත් උනා. මයොක්‍රොෆ්ට් හමුවීමට යන අතරමඟදී පිස්තෝල මිට අළුත්වැඩියාවට ලබා දීම සිදුකල අතර බිඳුණු මිට බිම බව මට මතක් උනේ එතැනදී නැවත පැමිණීමට කාලයක් නැති නිසා මිට සාමාන්‍ය පිස්තෝලවල දැකිය හැකී මිටකින් අළුත්වැඩියාව කරන සේ පවසාඅදාල කාරියෙන් පසුව නැවත එය ‍රැගෙන ඒමෙදී ඔවුන් විසින් කාර්්‍යය හොඳින් නිම කර තිබූ අතර හොඳින් පිස්තෝලයද පිරිසිදුකර තිබුනා ඒත් මේ වැඩේ ඉවර වෙන්න හිතුවාට වැඩි කාලයක් ගත උන නිසා වැඩේ ඉවර වෙනකන් මම ස්කොට්ලන්ඩ් යාඩ් එක පැත්තෙත් රවුමක් දැම්මා.ඉතින් මම නැවත බෙකර් වීදියේ නිවහනට පැමිණෙන විට හවස්යමයේ බලාපොරොත්තු වූ ඔබ අදාල වෙලාවට පැමිණ සුපුරුදු අසුනේ නින්දක වැටී සිටියේ..මගෙන් ගෑටලුවට අදාල අළුත්ම තොරතුරු අපේක්ෂාවෙන් ඉතින් ඔබ අසලම තිබූ ටී-පොව මත මා මෙය තබා තිබෙනවා ඔබ ඒ වෙලාවේ නොදු‍ටුවත් හඩ්සන් මහත්මිය රාත්‍රී ආහරයට ‍රැගෙන ආ හැම් සහිත සැන්විචයකින් බාගයක් කමින් සිටි වෙලාවෙදි ඔබ එය අතට ගෙන පරීක්ෂා කර තියෙනවා..මම හරි නේද වොට්සන්..
    වොට්සන්-තොට හොඳක් වෙන්නේ නෑ මෝඩ මූසලය..(හිතින් සිතමින්)එතකොට..හෝම්ස් කියන්නේ MH 370 බොය්න් එකත් මේ වගේ...
    හෝම්ස්- මං හිතන්නේ දැන් ඒ ප්‍රශ්නෙට පිළිතුර ඔබ ගාව ඇති..:lol::lol::lol::lol:
     
    Last edited:

    පට්ට පට්ට ... සිරා කතාව :nerd::nerd::nerd:
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    අඩෝ උබ චන්දන මෙන්ඩිස්ද :rofl:
    උබ ලියන ඒව පට්ට බන් ... හුග කාලෙකින් ශර්ලොක් හොල්ම්ස් පොතක් කියෙව්වේ නෑ
    බොහොම ස්තූතියි..
    ලිවිමේ ශෛලිය දැන් අන්තිමයි ගොඩ කාලෙකින් වැඩක් ගත්තෙ නෑ..
    කට්ටිය කතාවක් කන්ටිනිව් කරන් යන නිසයි මාත් බක්-අප් එකක් දුන්නේ..
    කට්ටිය ඇමති නම් ප්ලේන් එක හම්බෙන කන්ම දිගටම ලියන් යමු..ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා..
    නැද්ද මං අහන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:

    යාළුවා;16437098 said:
    අම්මටසිරි දැන් මීටර් උනේ, චන්දන මෙන්ඩිස්ගෙ පුතා රන්දික මෙන්ඩිස්. :shocked:
    ඕ මයි ගෝට් :dull:

    පිස්සුද බොල.. ඇරත් එයාට ඉන්නේ දුවලා දෙන්නෙක්..:angry::angry:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    බොහොම ස්තූතියි..
    ලිවිමේ ශෛලිය දැන් අන්තිමයි ගොඩ කාලෙකින් වැඩක් ගත්තෙ නෑ..
    කට්ටිය කතාවක් කන්ටිනිව් කරන් යන නිසයි මාත් බක්-අප් එකක් දුන්නේ..
    කට්ටිය ඇමති නම් ප්ලේන් එක හම්බෙන කන්ම දිගටම ලියන් යමු..ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා..
    නැද්ද මං අහන්නේ..
    :rolleyes::rolleyes::rolleyes:
    පිස්සුද බොල.. ඇරත් එයාට ඉන්නේ දුවලා දෙන්නෙක්..:angry::angry:
    :baffled::baffled::baffled:ඒකත් මෙයා දන්නවා. දුවලා ඉන්නෙ කියල :P
     
    sdlrs6

    Well-known member
  • Feb 20, 2008
    30,449
    921
    113
    34
    In the Sky
    යාළුවා;16436973 said:
    පොත කෙසේ වෙතත් මැලේසියාවෙ නිපදවපු සුදු වෑන් එකක යන්න වෙයිද දන්නෙ නෑ ලියපු උන්ට :baffled::P
    :rolleyes::rolleyes::lol::lol: eheth ehema ewwa tiyenawada :shocked::shocked: