මෑන්බූබ්ස්z

naughty baba

Banned
Jul 15, 2011
33
7
0
ඔයාලගෙන් පොඩි උදව්වක් බලාපොරොත්තුවෙනුයි මේ නූල අදින්නේ.
මචංලා මගෙ ඇඟ ටිකක් මහතයි. ඉතිං ඒක නිසා men boobs ටිකක් විතර තියනවා...:(
හොඳ exercise එකක් දන්නවද ඒක අඩු කරගන්න.:)
 

NishROX152

Junior member
  • Oct 17, 2010
    31
    3
    8
    Colombo
    Gym එකකට යන එක තමා හොද. :) එහෙමත් බැරිනම් Internet එකේ Physical Workouts ට්කක් Search කරල බලපන් මචන්. :dull: එතකොට උඹට ගෙදර ඉදන්ම කරන්න පුලුවන්. :yes:
     

    IP JAyakodi

    Active member
  • Dec 16, 2010
    684
    147
    43
    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය යනු කුමක්ද?
    පුරුෂයන්ගේ ප්‍රජනක පද්ධතියේ වර්ධනය හා විකසනය සදහා බලපාන ජානමය රෝගී තත්වයක් ලෙස , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය හැදින්විය හැක.මෙම රෝගී තත්වයෙන් පෙලෙන්නාවූ බොහෝ පුරුෂයන්ගේ සෑම සෛලයකම අමතර වර්ණදේහ පිටපතක් ඇත.මොවුන්ගේ වෘෂණ කෝෂ සාමාන්‍ය ලෙස වර්ධනයක් නොදක්වන නිසා , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පුරුෂයින්ගේ ලිංගික පරිනත අවධියේදී,ටෙස්ටස්ටරෝන් හෝමෝනය ඉතා අඩු මට්ටමක පවතී.මෙම හෝමෝන ඌනතාවය නිසා මොවුන්ගේ පසු ප්‍රදේශයේ වර්ධනයක් (gynecomastia) ,මුහුණේ හා ශරීරයේ රෝම වර්ධනයේ අඩු වීමක් (infertility) හා වද බාවයක් දැකිය හැක.නිරෝගී පිරිමි හා සැසදීමේදී , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ඇති වැඩිහිටි පිරිමින් හට පියයුරු පිලිකා වැළදීමේ ප්‍රවණතාව අධික වන අතර ,පහසුවෙන් අසාත්මිකතා වලට ගොදුරු වීමේ හැකියාව වැඩිය.මෙම රෝගයෙන් පෙලෙන පිරිමින් තුල ඉහත රෝග තත්වයන් ඇතිවීමේ හැකියාව ,නීරෝගී වැඩිහිටි කාන්තාවන් එම තත්වයනට ගොදුරු වීමට ඇති අවදානම හා සමාන වේ.
    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පිරිමි දරුවන් තුල ඉගෙනීමේ අපහසුතා ,කථා කිරීමේ හා භාෂා වර්ධනයේ ඇති හැකියාව අඩු වීම වැනි තත්වයන් ඇතිවේ.සාමාන්‍යයෙන් මොවුන් නිශ්ෂබ්ද ,සංවේදී හා දුර්වල පෞරුෂයකින් යුතු දරුවන් වන නමුත් ,පෞරුෂ ලක්ෂණ ඔවුනොවුන්ගේ ස්වාභාවය අනුව එකිනෙකාගෙන් වෙනස් විය හැක.
    එකකට වැඩි අමතර X වර්ණදේහයෙන් හෝ X හා Y යන වර්ණදේහ යුගලයේම අමතර පිටපත් සහිත සෛල තිබීම , ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ ආකාරයකි.එවිට ඉහත අවස්ථාවන්ට වඩා ප්‍රබල ලෙස රෝගී ලක්ෂණ මතු විය හැක.මෙම රෝගය පුරුෂ ප්‍රජනක පද්ධතියේ වර්ධනයට තදින් බලපාන අතර ,බුද්ධි මට්ටම අඩුවීම ,ආවේණික ලෙස මුහුණේ ලක්ෂණ වෙනස් වීම ,අස්ථි වල අසාමාන්‍යතා ,මොළයේ සමායෝජන හැකියාව අඩු වීම හා කතා කිරීමේ අපහසුතා ඇතිවිය හැක.

    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ සුලභතාවය කෙසේද?
    පුරුෂයින් 500 සිට 1000 ක් අතුරින් එකු අයකුට මෙය වැලදීමට හැකියාවක් ඇත. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ ආකාර වලට ගොදුරු වීමේ හැකියාව ඉතා දුලභ වන අතර ,එය පුරුෂයින් 50,000 කින් එක් අයකු දක්වා අඩු විය හැක.විශේෂ ලක්ෂණයක් වනුයේ කාන්තාවන් මෙම රෝගී තත්වයට ගොදුරු නොවීමයි.

    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේදී සිදුවන ජානමය වෙනස්කම් මොනවාද?
    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය X හා Y වර්දේහ හා සම්බන්ධ වේ.මිනිසාගේ සෑම සෛලයකම ලිංග වර්ණ දේහ 2 ක් අඩංගු වේ.කාන්තාවන්ගේ මෙය X වර්ණදේහ 2 කට සීමා වන අතර ,පුරුෂයන් සතුව එක් X වර්ණදේහයක් හා එක් Y වර්ණදේහයක් බැගින් ඇත. ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ,පුරුෂයින්ගේ සෛල තුල X වර්ණදේහ අමතර පිටපත් එකක් හෝ 2ක් පිහිටීම නිසා හටගනී.X වර්ණදේහයේ අමතර ජානමය පිටපත් නිසා ,පුරුෂ ප්‍රජනක පද්ධතියේ අඩු වර්ධනය ,වෘෂණ කෝෂ වල නිසි ක්‍රියාකාරීත්වයේ අඩු කම හා ටෙස්ටස්ටරෝන් හෝමෝන මට්ටම අඩු වීම සිදුවේ.
    බොහෝවිට ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය X වර්ණදේහයේ එක් අමතර පිටපතක් නිසා ඇතිවන අතර ,මේනිසා එක් සෛලයක් තුල වර්ණදේහ 47 ක් ඇතිවේ.පුරුෂයින් තුල සාමාන්‍යයෙන් එක් සෛලයක් තුල එක් X වර්ණදේහයක් හා එක් Y වර්ණදේහයක් ඇත(46, XY).නමුත් ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයෙන් පෙලෙන පිරිමින් තුල X වර්ණදේහ 2ක් හා එක් Y වර්ණදේහයක් ලෙස පවතී(47, XXY).සමහර රෝගී පිරිමින් තුල ඇති අමතර X වර්ණදේහය ,දේහයේ සමහර සෛල වලට පමණක් සීමාවේ.මෙ තත්වය Mosaic 46,XY/47,XXY ලෙස හැදින් වේ.
    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණයේ විකරණය වූ රෝගී ආකාර සදහා ,X වර්ණදේහයේ හෝ X හා Y වර්ණදේහ යුගලයේම අමතර පිටපත් රාශියක් හේතු වේ.රෝගී තත්වයේ බැරූරුම් කම X වර්ණදේහ සංඛ්‍යව වැඩිවෙත්ම ඉහල යයි.

    ක්ලයින්ෆෙල්ටර් සහ ලක්ෂණය ප්‍රවේණිකව උරුම විය හැකිද?
    නැත.මෙම තත්වය ආවේණිගත නොවේ .ප්‍රජනක සෛල (ඩිම්බ හා ශුක්‍රාණු ) නිපදවීමේදී ඇතිවන අහඹු තත්වයන් මේ සදහා හේතු වේ.ප්‍රජනක සෛල විභාජනය වීමේදී වර්ණදේහ නිසි ලෙස විභේදනය නොවීම නිසා ,අසාමාන්‍ය වර්ණදේහ සංඛ්‍ය සහිත සෛල ඇතිවේ.උදාහරණයක් ලෙස ඩිම්භයක් හෝ ශුක්‍රාණුවක් තුලට X වර්ණදේහයේ එකක් හෝ ඊට වැඩි ගණනක් ඇතිවේ.
    Mosaic 46,XY/47,XXY ඇතිවනුයේ කළල විකසනයේ මුල් අවදියේ සෛල විභාජනයේ සිදුවන අහඹු විකෘති තත්වයන් නිසාය.මේ නිසා සමහර සෛල වල එක් X හා Y වර්ණදේහයක් බැගින්ද (46,XY), අනෙක් ඒවායේ අමතර X වර්ණදේහ පිටපතක් සහිතව සෛල නිර්මාණය විය හැකිය (47,XXY).


    Source : http://wedananasala.org/sinhala/ind...ent&view=category&layout=blog&id=46&Itemid=69