මුන් මේ පාර නම් ඈවිත් තියෙන්නේ නඩු ටික ක්ලෝස් කරගෙන පුලුවන් තරම් හම්බකරන් යන්න
ඉන්දියානු පොහොරවලට ....
මෙම ගිණුම ආරම්භ කිරීම සඳහා ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දර මහජන බැංකුවේ නගර ශාඛාවට දිගින් දිගටම බලපෑම් කර ඇති බව වාර්තාවේ. මොහාන් ටී. පෙරේරා හා පී.වී.ජී.එම්. වීරසිංහ යන දෙදෙනාගේ නම්වලින් ඒකාබද්ධ ගිණුම විවෘත කර ඇත්තේ ඔක්තෝබර් දහ අට වැනි සඳුදාය. එදිනට රුපියල් කෝටි විසිනවයක මුදලක් බැර කර ඇති බවද සඳහන් වේ. මෙම මුදලින් නයිට්‍රජන් පොහොර ගෙන්වීම සඳහා වියදම් කර ඇත්තේ රුපියල් කෝටි නවයකි.
මෙම ගිණුම් හිමියන්ගේ ජාතික හැඳුනුම්පත් පිටපත් පවා බැංකුවට ලබා දී නොමැති බවද අනාවරණය වේ. මෙම මුදල් සමාගමට යොමු කර ඇති අතර ගිණුමේ ඉතිරිව තිබූ ඇමරිකානු ඩොලර් ලක්ෂ අටක මුදලක් වහාම රුපියල්වලට මාරු කර දෙල ලෙස ගිණුම් හිමියන් බලපෑම්ද එල්ල කර තිබේ. එය ප්‍රතික්ෂේප කිරීමෙන් පසු ජනාධිපති කාර්යාලයේ ඉහළ බලධාරියා බැංකු නිලධාරීන්ට බලපෑම් කළ බවද ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පාර්ලිමේන්තුවේදී පැවැසීය.
කෙසේ වෙතත් මොහන් ටී. පෙරේරා යන අය යහපාලන රජය සමයේ හිටපු මුදල් අමාත්‍යවරයකු වන රවි කරුණානායක සමගද ළඟින්ම ආශ්‍රය කළ අයකු බවද හෙළිවී ඇත. හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූ අවස්ථාවේදීද මෙම පුද්ගලයා හා පෙම්වතියද ඊට සහභාගි වී ඇති අතර එකල එම පෙම්වතියගේ ඡායාරූපය සමාජ ජාලාවල ප්‍රචාරය විය.
මේ පිළිබඳව මහජන බැංකු සභාපති සුජීව රාජපක්ෂගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ දියර පොහොර ගෙන්වීමට අදාළ මුදල් සම්ප්‍රේෂණය කිරීමට ගිණුමක් විවෘත කර ඇති බවයි. මහ බැංකුවේ සහ මුදල් අමාත්‍යාංශයේ අනුමැතිය මත එම මුදල් ලැබුණ බවත් දියර පොහොර ලබා ගැනීමට අදාළ ලදුපතේ වටිනාකමට පමණක් මුදල් ගෙවීමට බැංකු කළමනාකරු කටයුතු කර ඇති බව සභාපතිවරයා පැවසුවේය. ඩොලර් මිලියන එකයි දශම දෙකක මුදලක් මෙම ගිණුමට බැර කර තිබේ. ඉන් නිකුත් කර ඇත්තේ ඉන්දියානු සමාගම ලබා දුන් ඉන්වොයිස් වටිනාකමට අදාළ ඩොලර් ප්‍රමාණය පමණි. දියර පොහොර ගෙන්වීමෙන් පසු ඉතිරි මුදලින් ඇමරිකානු ඩොලර් ලක්ෂයක මුදලක් රුපියල් කර ලබා දෙන ලෙස ඉල්ලා ඇතත් මහජන බැංකුවේ නගර ශාඛාවේ නිලධාරීන් එය ප්‍රතික්ෂේප කර ඇති බවද සභාපතිවරයා සඳහන් කළේය. කෙසේ වෙතත් ජංගම ගිණුමක් මෙසේ විවෘත කිරීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් ඇති බවද සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මහ බැංකු අනුමැතියෙන් ලබා දුන් ඉතිරි මුදල බැංකු ගිණුමේ ඇති බවද ඔහු අවධාරණය කළේය.
------
Post added on Oct 23, 2021 at 1:34 PM