මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්, මමත් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මෙන්න මේ තැනදි මමත් කොර
මේකයි, දැන් ඔය ගෙවල් වල දෝෂ අරවා මේවා බලන්න ගියමා ඒ මිනිස්සු කොහොමද. ගෙදරට යන විදිහ, ඒ වෙලාවෙ ගෙදර ඉන්න මිනිස්සු කව්ද, එතකොට එක එකාගෙ නම් එහෙම හරියටම කියන්නෙ (දැන් කියන්න එපා ඒ මිනිස්සු අපි ඉන්න තැන් දන්නවා කියලා, මම මේ කියන්නෙ ලොවෙත් දන්නෙ නැති පැත්තක මේ වගේ දේවල් බලන්න ගියාම කියන ඒවා)
එක පාරක් ගියා මාත් ඔහොම තැනකට අපේ නෑදැ වෙන කෙනෙක් එක්ක තනියට, මම එතකොට 11 වසර වගේ, අඩෝ අර මනුස්සයා ආරූඪ වෙලා නම් කියාගෙන කියාගෙන ගියානෙ බස බස ගාලා. හැම එකාම හරි කිව්ව නම්.
ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ? මම අර මේකේ හොල්මන් එක ත්‍රෙඩ් දැකලා මේක දාන්න හිතුවෙ. ඒ කියන්නෙ සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ, ගොන් ජෝක් දාල බැහැර කරන්න නෙමෙයි, මට එහෙම ඒ මිනිස්සුන්ට කියන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක දන්න එකෙක් කියපන්කො. ලොජිකල් උත්තර ටිකක්.
ඇත්තටම එහෙම ලෝකයක් තියේනම් ඊට වඩා අපි නොදන්න දේවල් තව ගොඩක් ඇතිනෙ බන්... පෙලක් වෙලාවට මට හිතෙනවා අපි හැමෝම කාගෙ හරි කන්ට්‍රොල් එකකින්ද ඉන්නෙ කියලා.. එහෙම කියද්දි හිතෙනවා මේ ත්‍රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා... මේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවාමේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවා



