මිත්‍යා විශ්වාස කරන නොකරන උන් එන්න

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,778
    28,155
    113

    මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්, මමත් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මෙන්න මේ තැනදි මමත් කොර

    මේකයි, දැන් ඔය ගෙවල් වල දෝෂ අරවා මේවා බලන්න ගියමා ඒ මිනිස්සු කොහොමද. ගෙදරට යන විදිහ, ඒ වෙලාවෙ ගෙදර ඉන්න මිනිස්සු කව්ද, එතකොට එක එකාගෙ නම් එහෙම හරියටම කියන්නෙ (දැන් කියන්න එපා ඒ මිනිස්සු අපි ඉන්න තැන් දන්නවා කියලා, මම මේ කියන්නෙ ලොවෙත් දන්නෙ නැති පැත්තක මේ වගේ දේවල් බලන්න ගියාම කියන ඒවා)

    එක පාරක් ගියා මාත් ඔහොම තැනකට අපේ නෑදැ වෙන කෙනෙක් එක්ක තනියට, මම එතකොට 11 වසර වගේ, අඩෝ අර මනුස්සයා ආරූඪ වෙලා නම් කියාගෙන කියාගෙන ගියානෙ බස බස ගාලා. හැම එකාම හරි කිව්ව නම්.

    ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ? මම අර මේකේ හොල්මන් එක ත්‍රෙඩ් දැකලා මේක දාන්න හිතුවෙ. ඒ කියන්නෙ සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ, ගොන් ජෝක් දාල බැහැර කරන්න නෙමෙයි, මට එහෙම ඒ මිනිස්සුන්ට කියන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක දන්න එකෙක් කියපන්කො. ලොජිකල් උත්තර ටිකක්.

    ඇත්තටම එහෙම ලෝකයක් තියේනම් ඊට වඩා අපි නොදන්න දේවල් තව ගොඩක් ඇතිනෙ බන්... පෙලක් වෙලාවට මට හිතෙනවා අපි හැමෝම කාගෙ හරි කන්ට්‍රොල් එකකින්ද ඉන්නෙ කියලා.. එහෙම කියද්දි හිතෙනවා මේ ත්‍රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා... මේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවාමේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවා :baffled:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,676
    113
    Auckland
    Tired Britney Spears GIF
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,778
    28,155
    113
    Soma hamuduruwo oya gena kiyana video ekak mama fb eke ehuwa langadi amanushya balawega gena. hoyala balanna

    හම්බුනොත් මටත් එවපන්කො

    විශ්වාස කරණ් නැත්තම් ත්‍රෙඩ් දාන්න එපා

    :(

    උබලගේ ගෙදරට නේද පියාඹන පිරිසියක් ආවා කිව්වේ.

    ඒකයි මේකයි ගාව ගන්න එපා.

    උබෙ නම සමීර නේද?

    ඔව් සමීර සුමුදු ගලප්පත්ති, කොහොම කිව්වෙ :shocked:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්, මමත් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මෙන්න මේ තැනදි මමත් කොර

    මේකයි, දැන් ඔය ගෙවල් වල දෝෂ අරවා මේවා බලන්න ගියමා ඒ මිනිස්සු කොහොමද. ගෙදරට යන විදිහ, ඒ වෙලාවෙ ගෙදර ඉන්න මිනිස්සු කව්ද, එතකොට එක එකාගෙ නම් එහෙම හරියටම කියන්නෙ (දැන් කියන්න එපා ඒ මිනිස්සු අපි ඉන්න තැන් දන්නවා කියලා, මම මේ කියන්නෙ ලොවෙත් දන්නෙ නැති පැත්තක මේ වගේ දේවල් බලන්න ගියාම කියන ඒවා)

    එක පාරක් ගියා මාත් ඔහොම තැනකට අපේ නෑදැ වෙන කෙනෙක් එක්ක තනියට, මම එතකොට 11 වසර වගේ, අඩෝ අර මනුස්සයා ආරූඪ වෙලා නම් කියාගෙන කියාගෙන ගියානෙ බස බස ගාලා. හැම එකාම හරි කිව්ව නම්.

    ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ? මම අර මේකේ හොල්මන් එක ත්‍රෙඩ් දැකලා මේක දාන්න හිතුවෙ. ඒ කියන්නෙ සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ, ගොන් ජෝක් දාල බැහැර කරන්න නෙමෙයි, මට එහෙම ඒ මිනිස්සුන්ට කියන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක දන්න එකෙක් කියපන්කො. ලොජිකල් උත්තර ටිකක්.

    ඇත්තටම එහෙම ලෝකයක් තියේනම් ඊට වඩා අපි නොදන්න දේවල් තව ගොඩක් ඇතිනෙ බන්... පෙලක් වෙලාවට මට හිතෙනවා අපි හැමෝම කාගෙ හරි කන්ට්‍රොල් එකකින්ද ඉන්නෙ කියලා.. එහෙම කියද්දි හිතෙනවා මේ ත්‍රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා... මේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවාමේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවා :baffled:

    විමානවථ්ථු පේතවථ්ථු කියවපං
     
    • Like
    Reactions: S_M_S

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,505
    67,850
    113
    Occult kiyala deyak tiyenawa.ghostlagen weda ganna.puluwan ehema karanna.
    Penena loketa wada nopenana loke tama loke wedi.0.01% physical rest is darkness in universe

    Godak aya dan names kiyanne Fb balala.but occult walinuth puluwan.

    Api hituwata api hithala weda karanawa kiyala universe eken tama control karanne.hethu pala walata anuwa.

    Mithya kiyanne oka newe.ape life ekath mithyawa.ahata penena rupe tiyenawa or ne kiyala hitana eka thama mithyawa
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,302
    21,298
    113
    නොපෙනෙන ලෝකයක් තියෙනවා. ඒත් වැඩිපුර රගන්නෙ හොරු එකයි වෙලා තියෙන්නෙ. මන් දන්න ඇන්ටි කෙනෙක් ඉන්නව ඔහොම සාත්තර කියන එයා ඔය හොරට සහ හරියට දෙකටම කියනවා. එයාට හිතුනොත් වැඩේ බරපතලයි කියලා ඇත්තටම කියනවා. මොකෙක් හරි පිස්සුවට වගෙ තෙරුමක් නැති ඒවට ගියොත් බොරුවක් කරලා දානවා.
    මන් එයාගෙ තොවිල් බලල තියෙනවා එක පාරක් අපේ නැන්ද කෙනෙක්ට තොවිලයක් කලා එක හරියට කලා එවෙලෙ නැන්දයි මේ ඇන්ටියි දෙන්නම ආරූඩ උනා. එකෙදි මට තෙරුනෙ නැන්දට තිබුනෙ මානසික ලෙඩක්. මෙයාගෙ ආවුඩෙ නම් හරි. මොකද පෙරෙතයෙක් නෙ වැහෙන්නෙ. එදා ඉදුල් වතුර පුරවපු හෙන කොරහක්, දවසෙම එව විසි නොකර පුඅරවන්න කිව්වා රෑ ජාමෙ ආරූඩෙන් මුලු දවසෙම එකතු වෙච්ච ඉදුල් වතුර ඔක්කොම බිව්වා සාත්තර ඇන්ටි. පෙරෙතයොන්ගෙ බඩ ගැන කියල තියෙන කතා ඇථ්ත කියල තෙරුනෙ එදා.

    තව තොවිලෙක මැරුන කෙනා මෙයාගෙ ඇගට ආරූඩ කරගත්තා. මෙයා ඒ මනුස්සයව දැකලවත් නෑ. ඒ ආරූඩෙ ආපු ගමන් මෙයා ඇවිද්දෙ කොර ගගහ. මමත් නොමල් එකෙක් වගේ ඕක බලන්න ගියේ. අරම ඇවිදිද්දි මගේ ලග ඉදපු ඒ ගමේ එකෙක් කිව්වා මැරුනු මනුස්සයා මැරෙන්න කලින් ඇවිද්දෙ හරියටම ඔය විදියට කියලා.

    මෙකෙදි ඉතින් ගොඩක් දේවල් බලපානවා. වැඩ්ඩො එලිය ඇවිත් ඕව ඔප්පු කරන්නෙ නෑ එහෙම කලත් වාසිය හොරුන්ටමයි.

    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    මං නම් හිතන්නෙ හොල්මන් කියලා කියන්නෙ අපේ පියවි ඇසට පේන්නෙ නැති අපිට සමාන්තරව තියෙන තවත් මානෙක ඉන්න, නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන "parallel universe" එකක ඉන්න අපිට හුගක් අතින්ම සමාන ජීවී කොට්ඨාසයක්, ඒ මානවල තියෙන සීමාවන් බිදෙන මොහොතකදි සමහර විට අපිට ඒ අයව දර්ශනය වෙන්න පුළුවන් කියලා තමයි මටනම් හිතෙන්නෙ. ඕකට Many-Worlds Interpretation (MWI) කියලා කියන්නෙ.

    Troop

    Well-known member
  • May 22, 2014
    5,790
    2,728
    113
    Ubane kiyanne. mn nam owa dakala na.

    uba thread eke dala thiyenne aththamai kiyala hithuwoth, 1. grade 11 kiyanne uba podi, 2. nadayek ekkane giya kiwwe, e massusaya kalinuth gihila wisthara eliyata danna athi, nathnam aru kohoma hari ubala gana dannawa athi
     
    • Like
    Reactions: Sasindu Nimsara

    EdNygma

    Well-known member
  • Nov 20, 2016
    5,613
    13,473
    113
    ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ?
    Social Engineering techniques, body language, adina widiya saha godak minissunta awenika life patterns walin wenna puluwan

    එහෙම කියද්දි හිතෙනවා මේ ත්‍රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා.
    wenna puluwan. api godak welawata karana dewal apiwa influence karana dewal nisa thamai wenne.

    Watch these:

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,883
    1
    15,218
    113
    මට හිතෙන විදියට අපි ඉන්නෙ ෆික්ස්ඩ් ටයිම් ලයින් එකක. අපි මොන දේ කලත් ඒක වෙන්නෙ ටයිම්ලයින් එක අනුව (No Free Will). ඒ හැමදේම මොකක් හරි පැටන් එකකට ගැලපෙනව. ඒ පැටන් එක අඳුනගන්න එක අපි විද්‍යාත්මක ක්‍රමයෙන් විද්‍යාව කියල කියනව. ජ්‍යෝතිෂයෙනුත් ඒකම කරන්න යනව අපේ ජීවිත කාලෙට සාපේක්ෂව ලොකු පරාසයක ටයිම් ලයින් එකක් තියන තරු ග්‍රහලේක එක්ක සසඳල. එතනත් තියෙන්නෙ මිනිහෙක්ගෙ ටයිම්ලයින් එක ප්‍රඩික්ට් කරන එක. ඒක සම්භාවිතාවයකින් හරි හෝ වැරදි වෙන්න පුළුවන්.

    මේකෙ ගුප්ත දේවල් නම් විශ්වෑසයක් නෑ. මොකක්හරි ගණිතයක් ගෑවිලා තියන නිසා ජ්‍යෝතිෂය විතරක් 50%ක ඉන්නව
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    ඔයවගෙ උන්ග‌ෙ ටයිප් ද‌ෙකක් ඉන්නවා..
    සමහරුන්ට ද‌ෙවිය‌ො ආරුඩ ව‌ෙනව‌ෙ කියලා හිතාග‌ෙන පෙරේතය‌ෙක් හරි මලගිය ම‌ොක‌ෙක් හරි ඒක‌ෙක් අරුඩ ව‌ෙනවා. ඉට පස්සේ ප‌ෙරේතයා සත්තරේ අහන්න ආව ඒකාග‌ේ අතිත සිද්දියි වර්තමාන ද‌ෙවලුයි කියනවා. සමහරු බ‌ෙහ‌ෙත් ද‌ෙනවා , අනාගත ද‌ෙවල්ය කියනවා, හැබැයි ඒවා 100% හරියන්න‌ෙ නැ.. අහම්බ‌ෙන් හරි ගිය‌ොත් මිසක්. ඒත් අතිතය ගැනයි වර්තමානයයි හරියටම කියපු නිසා සියලු ද‌ේ ඇත්ත කියලා තමයි හිත‌ෙන්න‌ෙ..

    අනික ස‌ෙට් ඒක ස‌ෙවුවන්දි ව‌ග‌ේ ගල් අම්මන්ඩිලා ස‌ෙට් ඒක. උන් තනිකරම වචන වලින් ප‌්‍රොඩාව‌ෙන් ග‌ේම ගහන උන්. උන් සත්තර කියන ක‌ොට කියන්නේ ඒකම පැටන් ඒකකට. උදාහරන‌ෙකට උන් අහනවා ග‌ේ ඉස්සරහ කිරිගහක් තිය‌ෙනවා න‌ෙද කියලා අපි ඔනම ක‌ෙනෙක්ග‌ෙ ග‌ෙදරක මිදුලේ හරි අල්ලපු වත්තේන් හරි කිරිගහක් තිය‌ෙනවමනේ. ඉට පස්සෙ අහනවා ග‌ෙටයන්ඩ තිය‌ෙන්නෙ පඩියකින් නැගලාද කියලා. බහුතරයක් ග‌ෙවල් වලට ග‌ොඩව‌ෙන තැන පඩියක් තිය‌ෙනවාමන‌ේ.. අන්න ඉට පස්සෙ ඉලගට කියන කියන ද‌ෙවල් අපි විශ්වාස කරන්න පටන් ගන්නවා.

    උන් කියන ද‌ෙවල් ද‌ෙපැත්තට බැලන්ස් කරලා කියන්නේ ඔන පැත්තකට හරියන විදිහට අර මාසික පලාපල විස්තර වල වගේ. උඩින් ල‌ොතරැ වාසනා කියලා යටින් ලියනවා සතිය‌ෙ අග ධන හානි කියලා. ද‌ෙක‌ෙන් කොක හරි කියන ද‌ෙ හරියනවා. අප‌ෙ ම‌ොල‌ේ හැදිලා තිය‌ෙන විදිහත් ඒක්ක අපිට ගැලප‌ෙන ද‌ෙවල් ටික ඔලුවට අරග‌ෙන සමස්ථයම හරි කියලා විශ්වාස කරනවා... ඔහ‌ොම සින් ඒකක් තමයි ඉතින් තිය‌ෙන්නේ
     
    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,146
    9,475
    113
    මේක මට තියෙන ලොකු ප්‍රශ්නයක්, මමත් ඔය කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ. හැබැයි මෙන්න මේ තැනදි මමත් කොර

    මේකයි, දැන් ඔය ගෙවල් වල දෝෂ අරවා මේවා බලන්න ගියමා ඒ මිනිස්සු කොහොමද. ගෙදරට යන විදිහ, ඒ වෙලාවෙ ගෙදර ඉන්න මිනිස්සු කව්ද, එතකොට එක එකාගෙ නම් එහෙම හරියටම කියන්නෙ (දැන් කියන්න එපා ඒ මිනිස්සු අපි ඉන්න තැන් දන්නවා කියලා, මම මේ කියන්නෙ ලොවෙත් දන්නෙ නැති පැත්තක මේ වගේ දේවල් බලන්න ගියාම කියන ඒවා)

    එක පාරක් ගියා මාත් ඔහොම තැනකට අපේ නෑදැ වෙන කෙනෙක් එක්ක තනියට, මම එතකොට 11 වසර වගේ, අඩෝ අර මනුස්සයා ආරූඪ වෙලා නම් කියාගෙන කියාගෙන ගියානෙ බස බස ගාලා. හැම එකාම හරි කිව්ව නම්.

    ඇත්තටම කොහොමද එහෙම කියන්නෙ? මම අර මේකේ හොල්මන් එක ත්‍රෙඩ් දැකලා මේක දාන්න හිතුවෙ. ඒ කියන්නෙ සිරාවට නොපෙනෙන ලෝකයක් තියෙනවා කියන එකනෙ, ගොන් ජෝක් දාල බැහැර කරන්න නෙමෙයි, මට එහෙම ඒ මිනිස්සුන්ට කියන්න පුලුවන් වෙන්නෙ කොහොමද කියන එක දන්න එකෙක් කියපන්කො. ලොජිකල් උත්තර ටිකක්.

    ඇත්තටම එහෙම ලෝකයක් තියේනම් ඊට වඩා අපි නොදන්න දේවල් තව ගොඩක් ඇතිනෙ බන්... පෙලක් වෙලාවට මට හිතෙනවා අපි හැමෝම කාගෙ හරි කන්ට්‍රොල් එකකින්ද ඉන්නෙ කියලා.. එහෙම කියද්දි හිතෙනවා මේ ත්‍රෙඩ් එක දාන එකත් එහෙම කරවපු එකක් කියලා... මේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවාමේවා එක දිගට හිතීගෙන හිතීගෙන යනවා බන් පෙලක් දවසට, එක වෙලාවක ඔලුවත් රිදෙනවා :baffled:

    මගෙ ගෙදර පසුබිම කතෝලික
    පොඩි කාලෙ ඉඳලම කේන්දර , නැකැත් , පලාපල ,බලි තොවිල් කොඩිවින, වාස්තු දෝශ වගේ දේවල් ගැන කිසිම ෆලෝ කිරීමක් අම්ම තාත්ත වත් කරල නෑ
    ඒ නිසා මට පවුල් පසුබිමෙන් ම එහෙම බේස් එකක් නෑ, අපේ අම්මලටත් එහෙම එකක් නෑ මං හිතන්නෙ
    ලෙඩක් හැදුනොත් බේත් ගන්නව,සල්ලි ප්‍රශ්න ආවොත් ඒව මැනේජ් කර ගන්නව
    එන ප්‍රශ්න වලට ප්‍රායෝගික විසඳුම් කරනව මිසක් ගුප්ත දේවල් වලිං විසඳුම් හොයන්න ගිහිල්ල නෑ කවදාවත්
    මගෙ ළමයින්ටත් එහෙමයි. කේන්දර නෑ. ඔතනිං තමා විශබීජෙ පටං ගන්නෙ
    ඌට ලග්නයක් අමුනල, උගෙ ජීවිතේ වෙන හැටි සති පතා, දිනපතා ඌට ඔලුවට දාල අවුල් කරනව.
    ඕක තම නැති කරන්න ඕන මුලින්ම.
    කිසි ආත්ම විශ්වාසයක් නැති මිනිස්සු බිහිවෙන්නෙ.

    ලංකාවෙ ගොඩක් අයට තියෙන ප්‍රශ්නෙ පොඩි කාලෙ ඉඳලම ඕව ඔලුවට දානව,
    අකුරු කියවන්නෙත් නැකත බලල ,
    ඉතිං එහෙම පසුබිමක කෙනෙක් ට ලොකු උනත් ඒ පොඩිකාලෙ ආභාශයෙන් මිදෙන්න හරිම අමාරුයි
    මොකද ඒ එයා හුරුවෙලා තියෙන විදිහ, විශ්වාස කරන දේ
    " කේන්දර අරවා මේවා විශ්වාස කරන්නෙ නෑ." කිව්වට ඔය වගේ තැන් වලට ගිහිල්ල තියෙන්නෙ ඒකයි

    ඔය මොකක්වත් නැති රටවල් වල මිනිස්සු අපිට වඩා සිය දහස් ගුනයක් හොඳට ඉන්නව බං
    ඔව්ව පස්සෙ ගියා කියල අපිට වෙලා ඇති සෙතක් නෑ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,800
    3,228
    113
    37
    @ katubedda
    මං නම් හිතන්නෙ හොල්මන් කියලා කියන්නෙ අපේ පියවි ඇසට පේන්නෙ නැති අපිට සමාන්තරව තියෙන තවත් මානෙක ඉන්න, නැත්නම් අපි සාමාන්‍යයෙන් කියන "parallel universe" එකක ඉන්න අපිට හුගක් අතින්ම සමාන ජීවී කොට්ඨාසයක්, ඒ මානවල තියෙන සීමාවන් බිදෙන මොහොතකදි සමහර විට අපිට ඒ අයව දර්ශනය වෙන්න පුළුවන් කියලා තමයි මටනම් හිතෙන්නෙ. ඕකට Many-Worlds Interpretation (MWI) කියලා කියන්නෙ.

    Deleted
     
    Last edited:

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,993
    152,995
    113
    උබ ඔනවට වඩා ස්ප‌ෙල් බයින්ඩර් බලලා.. that's why
    'Spellbinder' බලලා මේ වගේ දෙයක් කියන්න තරම් මං පොඩි ළමයෙක් නෙවේ. හුගක් තාරකා විද්‍යාඥයො, භෞතික විද්‍යාඥයො කරපු දේශන, විද්‍යා වැඩසටහන් බලල අරන් තියෙන තියෙන පොඩි හරි දැනුමට අනුව මට හිතෙන අදහසයි මං කිව්වෙ. දැන් ඔබතුමා හිතන විදිහ මොකක්ද මේ ගැන?
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    හොල්මන් කියල දෙයක් නෑ හොල්මන් කියන්නෙ සෙලවෙන මනසට පුතා :P

    අපි හොල්මන් කියල කියන්නෙ එක එක ප්‍රේත කොට්ටාශ වලට වෙන්න පුළුවන්..
    බුද්ධ ධර්මයෙ හොල්මන් කියල දෙයක් සඳහන් කරල නෑ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,978
    40,865
    113
    මැරිච්ච එවුන් අල්ලගෙන උන්ට කියලා අපේ හිත කියවලා අපෙන්ම උත්තර හොයන් අපිටම කිව්වම. අපි පට්ට තැනක් කියලා රැවටෙනවා. ඕකුන්ට ඔහොම හැකියාවක් තියෙනව නම් මුලින්ම කරන්නෙ රටේ තියෙන ලොතරැයි ටිකේ අංක ටික දැනගෙන ඒවා හොයන එක. බොරු වැඩ.