මිතුරකුගේ දෙණ උර තබාගෙන ගිය ගමනක්

hrm

Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    මිතුරකුගේ දෙණ උර තබාගෙන ගිය ගමනක්


    හෙමීට කියවල බලන්න. පරණ කතාවක්. අපේ ඉස්කෝලේ මල්ලි කෙනෙක් ගැන (ප්‍රධාන ශිෂ්‍ය නායක 2007 ). කතාව දිග වැඩි වීම ගැන සමාවෙන්න.
    307519_10150292701313199_862191637_n.jpg

    299068_2503474029869_1343544107_33081914_1481028597_n.jpg



    ඉකුත් සැප්තැම්බර් 28
    , වෙනිදා ඉර අවරට යන සැඳෑයාමයක උතුරු සියඹලාපේ ප්‍රදේශයට මහ ජන ගඟක් ඇදිලා හිටියා…. ඒ දන්සැලක්වත්, දේශපාලන රැස්වීමක්වත් හින්දා නෙමෙයි…. ” මනුෂ්‍යයෙකු විදිහට ඉපදිලා…. මනුෂ්‍යයෙක් විදිහට මෙලොව හැරගිය…. ආදරණීය සහෘදයෙකුට…. “ සදහට සමුදෙන්න….
    එදා බටහිර අහසේ බැසගිය හිරුට වඩා එළියදුන්න විරල ඝණයේ ගතිගුණ අතින් හෙබි මනුෂ්‍යයෙක්, අප අතරින් සදහටම නික්මුණා කියලා මට හිතුණේ….
    ආගමික වත් පිළිවෙත් හා පාංශු කූලය දීමෙන් පස්සේ බොහෝ ගුණ කතාවන් ගණනාවක් පැවත්වුණා….. සමහරක් ගුණ කතා බොහොම ආවේගාත්මක වුණා.හැඟුම්බර වුණා…. මං මගේ ජීවිත කාලය පුරාම ඕනෑ තරම් ගුණ කතා අහල ඇති…. නමුත් මේ විදිහට හද පත්ලෙන්ම කරපු ගුණ කතාවන්නම් මං අහල තිබුණේ නැහැ ජීවිතේට….

    කතාකරපු බොහෝ කථිකයන්ගේ ඇස් කඳුලෙන් පිරී තිබුණා…. ඒවා කිඹුල් කඳුළු නෙමෙයි…. පපුවේ මස් ලේ ඇට නහර විඳගෙන නැඟුණු කඳුලු…. සාමන්‍යයෙන් අපි ඇහින් කඳුලක් හෙලුවත් ඒක කියන්න ලැජ්ජයි…. නමුත් මගේ දෑසට එදානම් කඳුලක් නැඟුණු විත්තිය මං අවංකව පිළිගන්නවා…. මං දන්නවා එදා ඒ මොහොතට සහභාගීවුණු හැමදෙනෙක්ම ඒ දේ අවංකව අත් උස්සලා පිළිගනීවී කියලා….
    අවසානයේ සියලුම අවමංගල්‍ය චාරිත්‍රවලින් පස්සේ හැමෝගෙම සෝ සුසුම් මැද අපේසදාදරණීය සගයා තමන් මිහිමත කරන අවසාන ගමනට සැරසුණා…. ඔහු තමන් මේ ලෝකෙට බිහිකල අම්මට තාත්තාට නිහඬ සිතින් නමස්කාර කරන්න ඇති… අක්කට හා අයියාට සමුදෙන්න ඇති…. නෑ හිතමිතුරන්ට සමුදෙන්න ඇති…. ඒ විතරක් නෙමෙයි මං දන්නවා ඔහු තමන්ට මෙච්චරකල් සෙවන දුන්නු නිවසටත් ආචරකරන්න ඇති….
    අනිවාර්‍රයෙන්ම ඔහු ඒවා කරන්න ඇති.… මොකද ඔහුගේ ප්‍රාණය ගත තිබුණු කාලේ ඔහු ඒවා තම යුතුකම් ලෙස කිසිදා පැහැර හැරියේ නැති නිසා….
    අපි හැමෝම ජීවිතයේ අවසන් නවාතැන්පොලකට යනවා…. ඒ ගමනට අපේ මිත්‍රයා සැරසුණා…. අවමංගල්‍ය රථයක් ගෙනල්ලා තිබ්බ ඒ ගමනට... නමුත් අපි කලින්ම තීරණයකලා අපේසහෘදයා රැගෙන යන්නෙ අපේ කරමතින් කියලා…. මොකද ඔහු අපිට කවදාවත්ම බරක් නොවන නිසා…. කවදාවත්ම….
    ඔහුගේ අලුත් නවාතැනට 2 1/2 km ක දුරක් තිබුණා නිවසේ ඉඳන්…. ඒක අපිට ගැටලුවක් වුනේ නැහැ…. අපිට ගැටළුව වුණේ කොහමද අපි ඒ අලුත් නවාතැනේ ඔහුව තනිකරලා එන්නේ කියන එකයි….


    ගෙදරින් වමට හැරෙන උඩ කන්දෙදි තමයි මං ඉස්සෙලාම මගේ උරය මගෙ සහෘදයාගේ ගමන වෙනුවෙන් ආධාර කලේ… මං හිතන්නේ ඒක තමා මං ඔහු වෙනුවෙන් කල එකම උපකාරය මේ ලෝකයේදී….
    ඔහු ජීවතුන් අතර සිටිනවිට ඔහුට උපකාරයක් කරන්න නොහැකිවුනු මට…. එදා ඒක කරන්න ලැබුණු එක දෛවයේ සරදමක්…. මං හිතන්නේ ගොඩක් අයට ඒ හැඟීම එන්න ඇති…
    ඔහු අපි වෙනුවෙන් සෑහෙන දේවල් කලා…. ඒවා කලේ පරාර්ථකාමීවයි…. අපෙන් ඔහු කිසිම ප්‍රතිඋපකාරයක් බලාපොරොත්තුවුණේ නැහැ කිසිවිටෙකවත් ඒවා කරද්දී…. විරල ගතිගුණ තිබ්බ ශ්‍රේෂ්ඨ මනුෂ්‍යයෙක්…. මට ඔහුගේ ගුණ ලඝු කරන්න පුළුවන් ඒවිදිහටයි….
    එවෙලේ මගේ ඔළුවට ආවා සෑහෙන්න දේවල්…. ඇත්තටම අදටත් මං අසරණයි ඒ ආ අදහස් වල පැටළුම් ලිහාගන්ට බැරිව.
    මං අහල තියෙනවා අමරණීය මිනිස්සුන්ගේ ප්‍රාණය නිරුද්ධ වුනත් ආත්මයන් සදාකාලිකව අප අතර රැඳෙනවා කියලා…. මං නිකමට ඔහුව ආමන්ත්‍රණය කලා සිතින්.
    ” මචං”
    ගතවුණේ සුළු මොහොතයි…. ප්‍රතිඋත්තරයක් ලැබුණා!!!!..
    “ඔව් මචං”
    මගේ හිතට සතුටක් දැනුණා…. ඇත්ත, ඔහු අමරණීය මනුස්සයෙක්…. ඔහු ගතින් අපෙන් මිදී ගියත් ඔහුගේ මතකය, ඔහුගේ ආත්මය අපි මැරෙනතුරවාට අපිත් එක්ක රැඳෙන බව දැන් මට සක්සුදක් සේ පැහැදිලියි….
    ඒත් ඒ සමඟම තවත් සහෝදරයෙක් මගෙන් දේහයට උර තබන්න අවසර ඉල්ලා සිටියා… ඉතින් මම ඔහුට ඉඩ ලබාදුන්නා…. මා ඉදිරියට යන අතරේ වටපිට බැලුවා…. දකින දකින පැත්තෙ උන්නේ මහ ජන ගඟක්…. පුදුම සෙනඟක්…. සමහර අය නිවෙස්වල වත්තට ඇවිදින් තමන්ගේ අවසන් බුහුමන මේ අමරණීය මිනිසාට දක්වනවා…. අපේකණිෂ්ඨ ශිෂ්‍ය නායකයන් යුහුසුළුව පාවඩ එලමින් ඉදිරියට ගමන්කරනවා…. ඔහුගේ දෙණට නිරතුරුව පොරි වැටෙනවා….
    හැම සහෝදරයෙකුටම ඕනෑවුණා ඔහුගේ ගමනට ආධාර කරන්න…. ඒනිසා මට යලි අවස්ථාවක් ලැබුනේ සෑහෙන්න දුරක් ගියාට පස්සේ…. ආයෙ මගේ වම් උරය මත ඔහුගේ දෙණ තැන්පත්වුණා….


    ” මචං උඹට දුක නැද්ද මෙහෙම අපිව දාල යන්න???? “ මං ඇහුවා ඔහුගේ ආත්මයෙන්…
    ” දුකයි මචං…. ඒත් එක අතකින් මට සන්තෝසයි…. “
    ” ඇයි ඒ???? ”
    ” උඹලා ඔක්කොම එකතුවෙලා ඉන්නවා ඒකයි “ ඔහුගෙ ආත්මය ලෙන්ගතු හිනාවෙන් කිව්වා….
    ” ඒත් උඹ නැහැනේ???? “
    ” නෑ මචං මං උඹලත් එක්ක ඉන්නවා හැමදාටම “
    ආයෙත් මට තවත් සහෝදරයෙකුට මගේ තැන දෙන්න සිදුවුණා….
    දැන් මගේ ඔළුවේ උභතෝකෝටික ගැටලුවක්…. අපේ සදදාරණීය මිත්‍රයා අද සදහටම දැයින් සමුගන්නවා…. ඒත් ඔහුගේ ආත්මය කියන්නේ සදහට අපිත් එක්ක රැඳෙනවා කියලා???…. මේ ප්‍රශ්නය මගේ ඔළුවේ තියාගෙන මං ආයේ අවස්ථාවක් ලැබෙනකම් හිටියා….
    යන අතරමඟ පන්සලක් හමුවුණා.… මට නිතැතින්ම සිහිවුණා බුදු බණේ තියෙන ජීවිතේ අනිත්‍යබව…. ඇත්තටම ඒ දේ හරියටම අවබෝධකරගන්නනම් තමන්ට කිට්ටුවෙන් ඉන්න කවුරුහරි තමන්ගෙන් දුරස්වෙන්න ඕනෑ සදහටම….
    මට ආයේ අවස්ථාවක් ලැබුණා.…. දැන් අපි ගමන් කරන්නේ කන්දක් පහලට.… ඒ කන්ද බැස්සාම හම්බවෙන්නේ වෙලක්…. ඒ වෙල මැදින් ඇදෙන පාරේ ටික දුරක් ගියාම අපේ මිත්‍රයාගේ අලුත් නවාතැන්පොල හම්බවෙන්නේ…. එතැනට ළංවෙන්න ළංවෙන්න අපේ හිත ඇතුලේ ශෝකය වැඩිවෙනවා….
    හිතේ තියෙන ආවේගයටයි, ශෝකයටයි, කණගාටුවටයි මම කතානොකර උන්නා…. ඒත් වැඩිවෙලාවක් ගියේ නෑ…. මගේ මිත්‍රයාගේ ආත්මය කතාකරන්න පටන්ගත්තා.
    ” මචං මං දන්නවා උඹල මං මෙහෙම යනවට කොහෙත්ම කැමති නෑ කියලා…. ඒත් මේක තමා ජීවිතේ…. කවුරුවත්ම දන්නේ නෑ කොයිවෙලාවේ තමන්ට ජීවිතේ අතහැරලා යන්න වෙයිද කියලා…. “
    ” උඹේ වෙන්වීම අපිට දරාගන්න අමරුයි මචං “ මම කිව්වා….
    ” මං දන්නවා මචං…. මං උඹල ළඟ හැමදාම ඉන්නවා ගතින් උඹල ළඟ නොහිටියත්… “
    ” ඒ කියන්නේ???? “ මං ඇහුවා…..
    ” මගේ ජීවිතේ ගැන උඹ පස්සෙ වෙලාවක කල්පනා කරල බලපන්…. එතකොට උඹට තේරේවී මචං… අනිවාර්යෙන්ම උඹට තේරේවී මචං….”
    මං ආයේ කල්පනාවට වැටුණා… මේ විදිහට අපි තව 100m ක් විතර ගියා…..
    ” මචං මට දැන් යන්න වෙනවා…. අයෙමත් මං කියන්නේ හැමදාම උඹලත් එක්ක මං ඉන්නවා…. ඒ ගැන කිසිම සැකයක් තියාගන්න එපා…. මචං එහෙනම් මං යනවා…. උඹලට බුදුසරණයි… අපි පස්සෙ හමුවෙමු…. “
    ” උඹටත් බුදුසරණයි මචං…. ඔව් අපි පස්සෙ හමුවෙමු” මං හැමෝම වෙනුවෙන් කිව්වා….
    ඊට පස්සෙ මගේ උරයෙන්, ඔහුගේ දෙණ අවසන් පියවර කිහිපය වෙනුවෙන් වෙනත් කෙනෙකුට භාරකලා…. ඉන් මිනිත්තු කීපයකට පස්සෙ ඔහුගේ දෙණ හෙමින් ඔහු වෙනුවෙන් ඉදිකල නවාතැනේ හෙමින් තැන්පත්වුණා….

    ” උඹ හොඳට නිදාගනින් මචං… අපි පස්සෙ හමුවෙමු “ කියලා මං හිත ඇතුලේ ශෝකයයි, ආවේගයයි තෙරපගෙන මගේ තවත් මිත්‍ර‍යෝ කීපදෙනෙක් එක්ක ආපසු ඔහුගේ නිවසට එන්න පිටත්වුණා….
    මං එන දිගටම කල්පනා කලේ අපි අතර ඇතිවෙච්චි සංවාදය ගැනයි…. මං ඔහුගේ ගෙවුනු අවුරුදු 23 ක කෙටි ජීවිතය ගැන ආපසු හැරී බැලීමක් කලා…. ඒත් මට කිසි දෙයක් වැටහුණේ නැහැ…. නමුත් ඔහුගේ නිවස තිබ්බ අතුරු මාර්ගයට හැරෙනවත් එක්කම මට බොහෝ දේවල් අවබෝධවෙන්න පටන් ගත්තා….
    මං දැනගත්තා කොහමද ඔහු සදහටම රැඳෙන්නේ කියලා…. ඒ වෙන කිසිම දෙයක් නෙමෙයි… ඒ තමා අපි සතු මනුෂ්‍යත්වය.… ඒකට උදාහරණ ඕනෑතරම් ඔහුගේ ජීවිතයේ තිබුණා….
    අපේ ආදරණීය මිත්‍රයා කිසිම දවසක තමන්ට තානාන්තර, සම්මාන, නම්බුනාම ලැබෙද්දී ඔළුව ඉදුමුවා ගත්තේ නෑ…. ඒ වෙනුවට ඔහු තව තව නිහතමානීවුණා… කිසිම දවසක මුහුණෙන් ලෙන්ගතු හිනාව හැංඟුවේ නැහැ… ඒ හිනාව සරදම් හිනාවක් කරගත්තේ නැහැ….තව තවත් මිත්‍රයන්ට සමීපවුණා….
    ඔහු භෞතිකව කිසිදෙයක් උපයාගත්තේ නැහැ…. ඔහු උපයාගත්තේ මිනිස්සුන්ව…. ඔහුගේ අවසන් කටයුතුවලට සහභාගී වුනු මහ ජන ගඟෙන් ඒක හොඳින් ඔප්පුවුණා…. අවුරුදු 23 ක ජීවිතය ඇතුලේ ඔහු සෑහෙන්න මිනිස්සු ප්‍රමාණයක් ඇසුරු කරල තිබ්බා…. නමුත් විශේෂත්වය ඒක නෙමෙයි… ඔහු හැමෝටම එකම විදිහට සලකල තිබ්බා…. කතාවට කිව්වොත් හැමෝටම එකම හැන්ඳෙන් බෙදලා තිබ්බා…. ඒ හැන්ඳ වෙන මොකක්වත් නෙමෙයි…. ඒ තමා මනුෂ්‍යත්වය….


    පරාර්ථකාමීත්වය ඔහු සතුව තිබ්බ තව උසස් ලක්ෂණයක්…. තමන්ගේ ලේ පවා දන්දුන්නා අනික් මිනිස්සුන්ගේ ජීවිත බේරාගන්න… හැකි පමණින් දන්දුන්නා…. ඔහු මිනිස්සුන්ට ආදරය කලා…. මෛත්‍රී කලා…. දයාව කරුණාව දැක්වුවා…
    ඔහුට ආගම් ජාති බේද තිබුණේ නැහැ… කුලමල… දුප්පත් පෝසත්කම් වගේ බේද ඔහුගේ ජීවිතයේ ගෑවිලාවත් තිබුණේ නැහැ… ඔහු හැම කුලකයටම අයත් මිනිස්සු ආශ්‍රයකලා…. ඔහුට මිනිස්සු කියන්නේ සාර්වත්‍ර කුලකයක්වු ණා…. ඔහු ඒ කුලකය තුල උපකුලක තනන්න ගියෙ නැහැ…. වඩා වැදගත්දේ තමයි ඔහුට හැම මනුස්සයෙක් එක්කම කතාකරන්න දෙයක් තිබ්බා….
    ඔහු මනුෂ්‍යත්වය වෙනුවෙන්ම ඉපදුණු කෙනෙක්…. ඔහුගේ ඉක්මණ් නික්ම යෑම අහලා දුක්වුනේ ඔහුව දන්න අය විතරක් නෙමෙයි.… ඔහුව ජීවිතෙට දැකලා නැති ආශ්‍රය කරල නැති උදවිය පවා දුක්වුණා… එහෙම වෙන්නේ ඔහු නියම මනුෂ්‍යයෙක් විදිහට ජීවිත කාලය ගතකරපු නිසයි….
    සොබාදහම කාලයෙන් කාලයට විවධ වේශයෙන් එක් එක් පණිවිඩ එවනවා…. සමහරවිට ඒක ආපදාවක්වෙන්න පුලුවන්…. සමහරවිට ඒ මනුෂ්‍යයෙක් වෙන්න පුලුවන්…. ඒ එනකෙනා අතේ සොබාදහම පණිවිඩියක් එවනවා…. ඒ පුද්ගලයා තමන්ගේ කාර්යභාරය ඉවරකලාට පස්සේ සොබාදහම ඒ ජීවිතය ආපසු ගන්න්වා… මට හිතෙන්නේ අපේ ආදරණීය මිත්‍රයා එහෙම විශේෂ පණිවිඩකරුවෙක්…. ඔහු ගෙනා පණිවිඩිය තමා මනුෂ්‍යත්වය…. ඔහු අවුරුදු 23 ක් ජීවිත කාලය පුරාවට ඒ කාර්යභාරය ඉටුකලා පැහැර නොහැර…
    සමහරවිට ඔහුගේ කාර්යභාරය කලින්ම ඉටුවෙන්න ඇති…. ඒහින්දා සොබාදම ඔහුගේ ජීවිතය ආපහුගන්න ඇති…. හැබැයි දුක්වෙන්න කාරණයක් නැහැ…. ඔහුගේ ඒ කාර්යභාරයට කලගුණ සලකලා ඔහුට ජීවිතය හොඳින් විඳින්න පුලුවන් ආත්මයක් සොබාදහම අනිවාර්යෙන්ම දෙවී…. අපිට කරන්න තියෙන්නේ ඒ සඳහා අවශ්‍යකරන පින් ටික ලබදෙන්න…. මං දන්නවා ඒ වෙනුවෙන් අපේ අය තම යුතුකම ඉටුකරන බව……..


    අපිට තව දෙයක් ඔහු වෙනුවෙන් කරන්න පුලුවන්…. ඒ තමා ඔහුගෙ මනුෂ්‍යත්වයෙන් බිඳක් අපේ ජීවිතයට එක්කරගැනීම…. මං හිතන විදිහට ඒක තමා අපි ඔහුට කරන ලොකුම උපහාරය…. අපිට කවදාවත්ම ඔහු වෙන්න බැහැ… අපේ ආදරණීය මිත්‍රයා මනුෂ්‍යත්වය සම්බන්ධයෙන් විශ්වකෝෂයක්…. ඒ මනුෂ්‍යත්වය කිසිම පත පොතකින් අපිට ලබාගන්න බැහැ…. අපිට ඒ දේ ලබාගන්න පුලුවන් ඔහුගේ ජීවිතය අධ්‍යයනය කරලයි…. ඒ දේ අපිට කරන්න පුලුවන්….
    මේ ජීවිතේ හරිම කෙටියි… ඒ වුණාට අපිට කරන්න දේවල් බොහොමයි…. ඒහින්දා නොපමාව තමන්ගේ යුතුකම ඉටුකරන්න… මේක තව එක පාඩමක් මහේෂ් තමන්ගේ කෙටි ජීවිතකාලය තුල අපිට උගන්නපු….උපයාගන්න මිනිස්සුන්ව…. භෞතික සම්පත් උපයාගන්නවාට වඩා ඒක වටිනවා….
    මේ ලිපිය අවසන්කරන්න ඕනෑ…. ඇත්තටම ඔහුගේ ගුණ කතාකරනවනම් අපිට අවුරුදු ගණන් කතා කරන්න පුලුවන්… නමුත් වඩා විශේෂ යැයි හිතුනු කාරණා විතරයි මෙතැනදී කතා කලේ මං… මේක තවත් එක් ගුණ කථනයක් නෙමෙයි…. මං හිතනවා මේ ලිපියේ ඔබට ගන්න දෙයක් ඇති…. ඒ දේ ලබාගන්න….
    මේ ලිපිය අවසන්කරන්න මං යොදගන්නේ මා මගේ ජීවිතයේ වඩාත්ම කම්පනයට පත්කල උවිඳු සහෝදරයාඅවමංගල්‍ය උත්සවයේ පවත්වපු කතාවක පේලි කීපයක් උපුටාගනිමිනුයි…. ඒ වචනපෙළ උඹට සදා උපහාරයක් වේවා!!!! …. අපි ආයෙත් හමුවෙමු මේ සසර ගමනේ කොතැනක හරි!!!!!…..
    මෙන්න ඒ වචන පෙළ….

    ” මහේෂ්, මේ ව්‍යාකරණ හොඳින් ගලපලා කරන කතාවක් නෙමෙයි මහේෂ්…. මේ කතාකරන්නේ හද පතුලෙන්ම නැඟෙන වචනවලින් මහේෂ්….. උඹ සදා අමරණීයයි මහේෂ්… උඹ සදා අමරණීයයි….”

    Source: http://danenawadaobata.wordpress.com
     

    bandukapasantha

    Junior member
  • Sep 3, 2010
    64
    4
    8
    math DS 1ke kollek
    mahesh iya anith prefect la wage kollanta pada danna gi yena.
    anith un senior prefect wenna kalin hodata idala passe idimenawa.e athin mahesh aiya dewi kenek.e kohoma unath ape scole ape game 1k widihata me tharam ikmanata apiwa dala giya 1ka gana hithata dukai,
    mahesh aiye obata niwan suwa labewa.
     

    sam.jagga

    Member
    Mar 24, 2012
    81
    5
    0
    oya aiya mara hodayi
    api podikale eya HP ....eya apita bayinne
    "hithanna epa api pfct kiyala pissu natanawa kiyala,idapalla pennenna kiyala"
    kiwwa wageme A3 ka gaththa
     

    chooty putha

    Member
    Nov 10, 2010
    1,263
    76
    0
    120 Paara aine
    මම ගොඩාක් දුරට දැකල තියන දෙයක් තමා ගොඩාක් අඩු වයසෙන් නැතිවෙන අයගෙ, අනිත් අයට වඩා ගොඩාක් වෙනස්කම් තියනවා.. එයාල ජීවත් වෙන කෙටි කාලෙදි, සාමාන්ය මිනිහෙක් අවුරුදු 80ක් තිස්සෙ කරන දෙවල් සේරම ඒ කෙටි කාලෙදි කරනවා.. සමාජෙට පුදුම වැඩ ගොඩක් කරනව.. ජනප්‍රියත්වෙන්, ආදරයෙන් එ ගොල්ලො යන්න පුලුවන් උපරිමේ යනව.. ඒ එගොල්ලො කෙටි කාලයක් ජීවත් වෙන හින්ඩ වෙන්නැති..
    කොහොම උනත් රටට දැයට වැඩක් ඇති මෙහෙම සහෝදරවරු නැති වෙන එකනම් දරන්න බැරි දුකක්... :(:(
     

    hrm

    Well-known member
  • Mar 19, 2008
    6,001
    3,455
    113
    Battaramulla, Sri Lanka
    math DS 1ke kollek
    mahesh iya anith prefect la wage kollanta pada danna gi yena.
    anith un senior prefect wenna kalin hodata idala passe idimenawa.e athin mahesh aiya dewi kenek.e kohoma unath ape scole ape game 1k widihata me tharam ikmanata apiwa dala giya 1ka gana hithata dukai,
    mahesh aiye obata niwan suwa labewa.

    oya aiya mara hodayi
    api podikale eya HP ....eya apita bayinne
    "hithanna epa api pfct kiyala pissu natanawa kiyala,idapalla pennenna kiyala"
    kiwwa wageme A3 ka gaththa

    මම ගොඩාක් දුරට දැකල තියන දෙයක් තමා ගොඩාක් අඩු වයසෙන් නැතිවෙන අයගෙ, අනිත් අයට වඩා ගොඩාක් වෙනස්කම් තියනවා.. එයාල ජීවත් වෙන කෙටි කාලෙදි, සාමාන්ය මිනිහෙක් අවුරුදු 80ක් තිස්සෙ කරන දෙවල් සේරම ඒ කෙටි කාලෙදි කරනවා.. සමාජෙට පුදුම වැඩ ගොඩක් කරනව.. ජනප්‍රියත්වෙන්, ආදරයෙන් එ ගොල්ලො යන්න පුලුවන් උපරිමේ යනව.. ඒ එගොල්ලො කෙටි කාලයක් ජීවත් වෙන හින්ඩ වෙන්නැති..
    කොහොම උනත් රටට දැයට වැඩක් ඇති මෙහෙම සහෝදරවරු නැති වෙන එකනම් දරන්න බැරි දුකක්... :(:(

    aththa machan ! oka math note karapu deyak.

    Grade 12 mul dawas wala, class room eke mage right side eke hitiye..:( :(


    mcn ubawa kawadawath apita amataka wenne naa...

    :(:(:yes: