මිථ්‍යා දෘෂ්ටිය

dragon119

Active member
  • Dec 25, 2017
    404
    216
    43
    මිථ්‍යා දෘෂ්ටිය

    මරණින් පසු නැවත උපතක් නැත, පින් පව් කියා දෙයක් නැත, පින් වලවත් පව් වලවත් විපාකයන් සිදුවෙන්නේ නැත, දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක නැත, නිවන කියා දෙයක් තිබිය නො හැක යනාදී ආකාරයෙන් වරදවා දැකීම නැතහොත් වරදවා පිළිගැනීම මිථ්‍යා දෘෂ්ටිය ලෙස හඳුන්වනවා.

    ● ගන්නා වූ ආකාරය වැරදි වීම.
    ● එයම සත්‍යය යි තීරණය කර ගැනීම.

    යන කරුණු දෙකෙන් මෙම අකුසලය සිදුවේ. දස අකුසල කර්මයන්ගෙන් බලවත් ම අකුසල කර්මය වනුයේ මිත්‍ය දෘෂ්ටිය වන අතර සෙසු සියළු අකුසල් මේ නිසා සිදු වේ. මිථ්‍යා දෘෂ්ටි බොහෝ සංඛාවක් පැවතුණ ද ඒවායින් බරපතල ම අකුසල් සිදුවෙන්නේ නාස්තික දෘෂ්ටිය, අහේතුක දෘෂ්ටිය සහ අක්‍රිය දෘෂ්ටිය යන තුනෙන් ය.

    ● නාස්තික දෘෂ්ටිය

    දන් දීමෙන් ප්‍රයෝජනයක් නැත, පූජා කිරීමෙන් ඵලක් නැත, පුද පඬුරැ යැවීමෙන් ඵලක් නැත, පින්පව් වල ඵල විපාක නැත, පරලොව ඉන්නවුන් මෙලොව ඉපදෙන්නේ නැත, මෙලොව ඉන්නවුන් පරලොව යන්නේ නැත, මවට කරන හොඳ නරක වල විපාක නැත, පියාට කරන හොඳ නරක වල විපාක නැත, මරණින් පසුව නැවත ඉපදෙන සත්වයෙක් නැත, ලෝකයේ මෙලොව පරලොව යම් කිසි ප්‍රතිපත්තියක් තමා විසින්ම ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙන ප්‍රකාශ කරන ශ්‍රමණ බ්‍රාහ්මණයෙක් නැතහොත් සම්මා සම්බුදු කෙනෙක් පහල වන්නේ නැත, මේ ශරීරය සතර මහා භූතයන්ගෙන් නිර්මාණය වෙලා තිබෙන බැවිනුත් සත්වයා මැරුණ විට ශරීරය සතර මහා භූතයන්ට ම එනම් පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන කොටස් වලට ම එකතු වෙනවා, ඉන්ද්‍රියන් අහසට යනවා. අසවලා දායකයෙක්, අසවලා මසුරෙක්, දුශ්ශීලයෙක් යනුවෙන් තිබෙන ගුණයන් මරණින් පසුව නො පෙනීයනවා. ඇට පරවි පියාපත් පැහැ වෙනවා. දාන පූජා ආදිය අළුවීම කෙලවර කොට පවතිනවා. දානය මෝඩයන් විසින් පවසන ලද්දක්. යමෙක් දානයෙන් ප්‍රතිඵලයක් තියනවා කියලා පවසනවා නම් ඒ කීම හිස් දෙයක්, බොරුවක්, නන් දෙඩවිල්ලක්. පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා මරණින් පස්සෙ විනාශ වෙලා යනවා. නැවත ඉපදීමක් නැත. මෙය අජිත නම් වූ තැනැත්තා ගේ මිථ්‍යා දෘෂ්ටිය යි.

    ● අහේතුක දෘෂ්ටිය

    සත්වයන් ගේ කෙලෙස් ඇති වීමට හේතුවක් හෝ ප්‍රත්‍යයක් හෝ නැත. හේතුවක් ප්‍රත්‍යයක් නැතුවම සත්වයෝ කෙලසෙනවා. සත්වයන්ගේ විශුද්ධියට (කෙලෙස් නැතිවීමට) හේතුවක් නැහැ. හේතුවක් ප්‍රත්‍යයක් නැතිවම සත්වයෝ ශුද්ධියට පත්වෙනවා. සත්වයින්ට ඒ ඒ කුඩා, විශාල වූ ජාතීන් වල ඉපදී සැප දුක් ලබන්නට නියම වූ එක්තරා ක්‍රමයක් තියනවා. ඒ ක්‍රමයට අනුව මෝඩයොයි, පණ්ඩිතයොයි යන හැම දෙනා ම ඒ ඒ ජාතිවල ඉපදිලා සැප දුක ලබන්නෙ. දාන, සීල, භාවනා වැනි පින්වල බලයෙන් හෝ තපස් රැකීමෙන් ඇති කරගන්නා බලයකින් කලින් කියපු ක්‍රමය ඉක්මවලා දිව්‍ය ලෝක වගේ තැන්වල ඉපදිලා විශේෂ සැපයක් ලබන්න නො හැකියි. මොනවා කලත් නියම කාලය එනතෙක් දුක් කෙළවර කොට පරම සැපයකට එන්න කාටවත් නො හැකි ය. පින් කරන නො කරන පණ්ඩිත, අපණ්ඩිත සියලු දෙනා කල්ප සුවාසු දහසක් සසරේ සැරිසරා අන්තිමට දුක කෙළවර කිරීම සිදු කරනවා. මෙය මක්ඛලී ගෝසාල කියන තීර්ථකයා ගේ මිත්‍යා දෘෂ්ටිය යි.

    ● අක්‍රිය දෘෂ්ටිය

    තමන් විසින් ම පව් කරන්නවුන්ටත්, අනුන් ලවා පව් කරවන්නවුන්ටත්, අනුන් ගේ අත පය ආදිය කපා කොටා දාන පුද්ගලයින්ටත්, එසේ කිරීමට නියම කරන්නවුන්ටත්, දඬු මුගුරු ආදියෙන් අනුන්ට පහර දෙන හා පහර දීමට නියම කරන පුද්ගලයින්ටත්, වස්තු පැහැර ගැනීම් ආදියෙන් අනුන් පීඩාවට ශෝකයට පත් කරන පුද්ගලයින්ටත්, ආහාර නො දීම, සිරකර තැබීම් ආදියෙන් අන්‍යන්ව පීඩාවට පත් කරමින් තමා ද පීඩාවට ලක්වෙමින් සිටින තැනැත්තාත්, ප්‍රාණඝාත කරන, සොරකම් කරන, පරදාර සේවනයේ යෙදෙන, බොරු කියන යනාදී ලෙස ඕනෑකමින් ම පව් කරන පුද්ගලයින්ටත් සිදුවන අකුසලයක් නැත. පොළොවෙහි ඇතිතාක් සතුන් මරා එකම මස් ගොඩක් කරන තැනැත්තාටත් එයින් සිදුවන අකුසලයක් නැත. දන් දීමෙන්, සිල් රැකීමෙන්, සත්‍යයෙහි පිහිටීමෙන්, ඉන්ද්‍රිය දමනයෙන් තපස් රැකීමෙන් සිදුවන කුසලයක් නැත. මෙය පූර්ණ කාශ්‍යපගේ මිත්‍යා දෘෂ්ටිය යි.

    මතු සම්බන්ධයි!

    පූජ්‍ය රිදියගම සුධම්මාභිවංශ හිමි විසින් සම්පාදනය කරන ලද 'කර්ම විපාක' නමැති වටිනා ග්‍රන්ථය ඇසුරෙන්, Path to Nirvana​ පිටුව විසින් මෙම ලිපි පෙළ සකස් කරන ලදි. අවිදු අඳුර හේතුවෙන් පාපයන්හි ඇලී වාසය කරන මිනිසුන් හට සංවේග පහළ වී සුමඟට යොමු වේවා! සියළු දානයන් අතර ධර්ම දානයම අග‍්‍ර වන්නේය. මෙම සදහම් පණිවිඩය සියළු දෙනා අතර බෙදා හැර (share) ධර්ම දානමය උතුම් පුණ්‍යකර්මයට ඔබත් දායක වන්න.

    සම්පූර්ණ ලිපි මාලාව: https://goo.gl/xmDfxa

    ධර්ම දානය පිණිසයි
    තෙරුවන් සරණයි..
     
    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    තම තමන් අදහන ආගම පරම සත්‍ය යැයි මිනිසුන් විශ්වාස කරති.පූජකයෝ ඒවාට අනුබල දෙති.ශාස්තෘවරුන්ගෙන් පසු සියලු ආගමික පූජකයෝ විවිධ පූජා හදුන්වා දෙමින් විවිධ ආනිශංස දේශනා කරමින් තම සුඛවිහරණය සලසා ගත්හ.ලෝකයේ ආගම් 4000 ක් ඇත.මෙයින් යම් ආගමක් සත්‍ය වේනම් අනෙක් ආගම් 3999 අසත්ය විය යුතුය.මන්ද පරම සත්‍ය කිහිපයක් නොමැති බැවිනි.සියලු ආගම් දෙස මධ්‍යස්ථව බැලීමේදී පූජකයන් ගොතන ලද කථා සහ අනුගාමිකයන් බියට(නොපෙනෙන බලවේග ඇතැයි) පත්කරයි. තම තමන් ට තම සිතෙන් සිතා ලෝකය යන්න තේරුම් ගැනීම වටී.මෙතරම් බණ කියන රට ලෝකයේ අසාර්ථක ම රටක් වී මිනිසුන් තුළ අසහනය වැඩි වී අපරාධ අධික වී ඇත්තේ ඇයි.ඒවාට විවිධ ආගමික පූජකයන් හේතු වන්නේ ඇයි.යුරෝපීය රටවල අපරාධ අවම වී ඇත්තේ ආගම නිසා ද? කිසිදු දෘෂ්ටියකට නොවැටී මධ්‍යස්ථව සිටිය යුතුය.මිථ්‍යා දෘෂ්ටිය යන්නද **සාපේකෂ දෙයකි.ඔය කිසිදු බහුබූතයක් නොදන්නා මිනිසුන් ද ලෝකයේ යහතින් දිවි ගෙවති.යමක් යහපත් ය,යමක් අයහපත් ය යන්න තේරුම් ගැනීම ට ඕනෑම අයකුට හැකිය.එයට ආගමක් පටලවා ගත යුතු නැත.
     
    Last edited:

    humansanka

    Junior member
  • Aug 6, 2018
    140
    22
    18
    Sri Lankan Buddhism = pin paw economy
    Kawadada ban haamuduruwo maithreeya karunaawa ath hareema wage DeWal kiyala denne
     
    Last edited:

    Ruwank28

    Active member
  • Jan 7, 2017
    310
    69
    28
    තම තමන් අදහන ආගම පරම සත්‍ය යැයි මිනිසුන් විශ්වාස කරති.පූජකයෝ ඒවාට අනුබල දෙති.ශාස්තෘවරුන්ගෙන් පසු සියලු ආගමික පූජකයෝ විවිධ පූජා හදුන්වා දෙමින් විවිධ ආනිශංස දේශනා කරමින් තම සුඛවිහරණය සලසා ගත්හ.ලෝකයේ ආගම් 4000 ක් ඇත.මෙයින් යම් ආගමක් සත්‍ය වේනම් අනෙක් ආගම් 3999 අසත්ය විය යුතුය.මන්ද පරම සත්‍ය කිහිපයක් නොමැති බැවිනි.සියලු ආගම් දෙස මධ්‍යස්ථව බැලීමේදී පූජකයන් ගොතන ලද කථා සහ අනුගාමිකයන් බියට(නොපෙනෙන බලවේග ඇතැයි) පත්කරයි. තම තමන් ට තම සිතෙන් සිතා ලෝකය යන්න තේරුම් ගැනීම වටී.මෙතරම් බණ කියන රට ලෝකයේ අසාර්ථක ම රටක් වී මිනිසුන් තුළ අසහනය වැඩි වී අපරාධ අධික වී ඇත්තේ ඇයි.ඒවාට විවිධ ආගමික පූජකයන් හේතු වන්නේ ඇයි.යුරෝපීය රටවල අපරාධ අවම වී ඇත්තේ ආගම නිසා ද? කිසිදු දෘෂ්ටියකට නොවැටී මධ්‍යස්ථව සිටිය යුතුය.මිථ්‍යා දෘෂ්ටිය යන්නද **සාපේකෂ දෙයකි.ඔය කිසිදු බහුබූතයක් නොදන්නා මිනිසුන් ද ලෝකයේ යහතින් දිවි ගෙවති.යමක් යහපත් ය,යමක් අයහපත් ය යන්න තේරුම් ගැනීම ට ඕනෑම අයකුට හැකිය.එයට ආගමක් පටලවා ගත යුතු නැත.

    ආගම නිර්මාණය කර ඇත්තේ නොමගට යන මිනිසුන් යහමගට යොමු කිරීම සඳහා නමුත් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ආගම ක් නොවේ ගැඹුරු වූ දර්ශනය කි
     
    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    නමුත් අද එම දර්ශනය පූජකයන් විසින් ආගමක් බවට පත් කරගෙන අනුගාමිකයන් නොමග යවයි.සැබෑ දහම අද ඇත්තේ නැත.ඒ වෙනුවට බමුණු ආගම හා බමුණු මත පමණක් ම ඇත.ප්රාතිහාර්යය හා සුරංගනා කතා වලට දහම සීමා වී ඇත.අසරණ මිනිසුන් ගස් ගල් වදිමින් පිහිට ඉල්ලති.
     
    • Like
    Reactions: Dishta Didin

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    තම තමන් අදහන ආගම පරම සත්‍ය යැයි මිනිසුන් විශ්වාස කරති.පූජකයෝ ඒවාට අනුබල දෙති.ශාස්තෘවරුන්ගෙන් පසු සියලු ආගමික පූජකයෝ විවිධ පූජා හදුන්වා දෙමින් විවිධ ආනිශංස දේශනා කරමින් තම සුඛවිහරණය සලසා ගත්හ.ලෝකයේ ආගම් 4000 ක් ඇත.මෙයින් යම් ආගමක් සත්‍ය වේනම් අනෙක් ආගම් 3999 අසත්ය විය යුතුය.මන්ද පරම සත්‍ය කිහිපයක් නොමැති බැවිනි.සියලු ආගම් දෙස මධ්‍යස්ථව බැලීමේදී පූජකයන් ගොතන ලද කථා සහ අනුගාමිකයන් බියට(නොපෙනෙන බලවේග ඇතැයි) පත්කරයි. තම තමන් ට තම සිතෙන් සිතා ලෝකය යන්න තේරුම් ගැනීම වටී.මෙතරම් බණ කියන රට ලෝකයේ අසාර්ථක ම රටක් වී මිනිසුන් තුළ අසහනය වැඩි වී අපරාධ අධික වී ඇත්තේ ඇයි.ඒවාට විවිධ ආගමික පූජකයන් හේතු වන්නේ ඇයි.යුරෝපීය රටවල අපරාධ අවම වී ඇත්තේ ආගම නිසා ද? කිසිදු දෘෂ්ටියකට නොවැටී මධ්‍යස්ථව සිටිය යුතුය.මිථ්‍යා දෘෂ්ටිය යන්නද **සාපේකෂ දෙයකි.ඔය කිසිදු බහුබූතයක් නොදන්නා මිනිසුන් ද ලෝකයේ යහතින් දිවි ගෙවති.යමක් යහපත් ය,යමක් අයහපත් ය යන්න තේරුම් ගැනීම ට ඕනෑම අයකුට හැකිය.එයට ආගමක් පටලවා ගත යුතු නැත.

    up
     
    horana80

    Junior member
  • May 27, 2017
    48
    14
    18
    Gampaha
    ශ්‍රී ලංකාවේ මිනිසුන් සමඟ මෙවැනි මාතෘකා තර්ක කිරීම නශ්ඵලය.ආගමෙන් මත් වී ඇත.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    තම තමන් අදහන ආගම පරම සත්‍ය යැයි මිනිසුන් විශ්වාස කරති.පූජකයෝ ඒවාට අනුබල දෙති.ශාස්තෘවරුන්ගෙන් පසු සියලු ආගමික පූජකයෝ විවිධ පූජා හදුන්වා දෙමින් විවිධ ආනිශංස දේශනා කරමින් තම සුඛවිහරණය සලසා ගත්හ.ලෝකයේ ආගම් 4000 ක් ඇත.මෙයින් යම් ආගමක් සත්‍ය වේනම් අනෙක් ආගම් 3999 අසත්ය විය යුතුය.මන්ද පරම සත්‍ය කිහිපයක් නොමැති බැවිනි.සියලු ආගම් දෙස මධ්‍යස්ථව බැලීමේදී පූජකයන් ගොතන ලද කථා සහ අනුගාමිකයන් බියට(නොපෙනෙන බලවේග ඇතැයි) පත්කරයි.

    ආගමක් නොදහන මිනිස්සු ඉන්නෙත් සාපේක්ෂ රාමුවක. ආගමක් ඇති අයගේ කතායි ආගමක් නැති අයගේ කතායි දෙකම ඒ අයට සාපේක්ෂ කතා නේ?

    සමහරු දෙවියන් පිහිට උනා කියලා හිතාගෙන ඉන්නවා. සමහරු කර්මය හිතාගෙන ඉන්නවා. සමහරු අහඹු සිද්දියක් කියලා හිතනවා. මොකද්ද වෙනස?

    ආගමක් ඇති අයට පරම සතයක් නැහැ කියන අයත් පරම සතයක් හොයාගෙන නෑ නේ? මොකද්ද වෙනස?

    ආගම අදහන මිනිස්සු ඒ ඒ අයගේ ශාස්තෘන් වහන්සේලා අනුගමනය කරනවා. ආගමක් නැති අය විද්වතුන් පර්යේෂණ කරලා කියන දේ ඉස් මුදුනෙන් පිලිගන්නවා. ආගමක් නැති අය විද්වතුන් කියන ඒවා පිලි ගන්නේ තමන් ඒ අදාළ පර්යේෂණය කිරීමෙන් පස්සේ ලැබෙන ප්‍රතිපල අනුව ද? මොකද්ද වෙනස?

    තම තමන් ට තම සිතෙන් සිතා ලෝකය යන්න තේරුම් ගැනීම වටී.

    දැන් වෙන්නෙත් ඒක තමයි.

    මෙතරම් බණ කියන රට ලෝකයේ අසාර්ථක ම රටක් වී මිනිසුන් තුළ අසහනය වැඩි වී අපරාධ අධික වී ඇත්තේ ඇයි. ඒවාට විවිධ ආගමික පූජකයන් හේතු වන්නේ ඇයි. යුරෝපීය රටවල අපරාධ අවම වී ඇත්තේ ආගම නිසා ද?

    නිතියක් තියන රටේ අපරාද වෙන්නේ ඇයි?

    ලෝකේ සියලු සංවර්ධිත රට වල මිනීමැරුම් ඇතුළු සියලු අපරාද සිද්ද වෙන්නේ ඇයි? නිතිය වැදගැම්මකට නැති එකක් නිසාද? ඒ නිසා නිතිය අයින් කරනවද?

    කිසිදු දෘෂ්ටියකට නොවැටී මධ්‍යස්ථව සිටිය යුතුය. මිථ්‍යා දෘෂ්ටිය යන්නද **සාපේකෂ දෙයකි

    ඕනෑම මිනිහෙක් සාපේක්ෂව කිසියම් දෘෂ්ටියකට අයිතියි.

    ඔය කිසිදු බහුබූතයක් නොදන්නා මිනිසුන් ද ලෝකයේ යහතින් දිවි ගෙවති.

    ආගම් අදහන මිනිසුත් ලෝකේ යහතින් දිවි ගෙවති.
    ආගම නොමැති මිනිසුත් අයහපතින් කල් ගෙවති.

    ඇයි ඒ?

    යමක් යහපත් ය,යමක් අයහපත් ය යන්න තේරුම් ගැනීම ට ඕනෑම අයකුට හැකිය. එයට ආගමක් පටලවා ගත යුතු නැත.

    මිනිමරුවෙකුට සාපේක්ෂව බිලියන 7ක් මිනිස්සු ඉන්න ලෝකේ මිනිහෙක් දෙන්නෙක් මැරීම වරදක් නොවන අතර
    කුඩු ගහන්නෙකුට සාපේක්ෂව හෙරොයින් උදේ හවහා භාවිතය යහපත් පුරුද්දකි.

    ඒ තර්කය අනුව ආගමක් පටලා නොගත් සියලු දෙනා 100%ක් ඉතා යහපත් වන අතර ඔවුන්ගෙන් කිසිදු අපරාදයක්, කරදරයක් හිරිහැරයක් කිසිවෙකුට සිදු වී නොමැත.

    යහපත අයහපත මෙන්ම නිතිය හා අපරාද ද එකිනෙකාට සාපේක්ෂ වේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    ශ්‍රී ලංකාවේ මිනිසුන් සමඟ මෙවැනි මාතෘකා තර්ක කිරීම නශ්ඵලය.ආගමෙන් මත් වී ඇත.

    ආගම පටලා නොගෙන තමන්ගේ අදහස් වඩාත් තර්කනුකුලව ඉදිරිපත් කරන්නේ නම් වටි.