අපි සමාජෙට හොඳ වැඩියි ... මිනිස්සුන්ට කොච්චර කලත් ඔච්චර තමයි න්‍යාය ලෝකයට බිහි උනේ මෙන්න මේ සරම ඇඳගෙන ඉන්න එකාගෙන් වෙන්න ඇති.. සරල පියවර කීපයකින්
1. මූ ජොබ් එකක් හොයං ටවුමට එනව
2. මූට පෙට්‍රල් ශෙඩ් එකේ ජොබ් එකක් සෙට් වෙනවා
3. මූ හරි අවංකව ශෙඩ් එකේ වැඩ කරනව. මුදලාලි එනකොට ශෙඩ් එක දිව්‍ය බවන වගේ අතුගාලා සුද්ද කරලා මැශින් පිහලා මුදලාලිගෙ මේසේ පිහලා එහෙම තියනව
4. මුදලාලිට පට්ට හැපි .. අයිසෙ විජේ තමුසෙ නියම මිනිහෙක්නෙ ඕයි කියලා මුදලාලි මූට ලකුනු දෙනව...
5..මේ අපූරු සේවකයා බලන්න මුදලාලිගෙ නෝනත් එනවා.
6.. ගොඩක් වෙලාවකට සඳුද උදේට මුදලාලි එක්ක මුදලාලිගෙ තරුන නෝනත් එනවා..
7. මූ වැඩි භක්තියට නෝනට මැඩම් කියනව..
8.. මට මැඩම් කියන්ඩ එපා විජේ.. මගෙ නම මාලා.. විජේ මට මාලා කියලා කතා කරන්න ...කියලා මැඩම් විජේට කියනව..
9.. මූ හා මැඩම් කියනව...
10.. ඔය ඉතින් ..ආයෙ මැඩ්ම්ලු .. අනිනව මං විජේට ඔලුව හිල් වෙන්න ටොක්කක්.. කියලා මැඩම් කියනව..
11 . මැඩම් කාලයක් පිටරට හිටපු කෙනෙක් නිසා මැඩම් ..සර් ... කියනවට වඩා කෙනෙකුගෙ නමින් කතා කරන එක අගය කරන හින්දා එහෙම කීවා කියලා මේ හරකට තේරුම් ගන්න බැරි වෙනව...
12... ගෙදරට වෙලා රෑ එක දෙක වෙනකන් විජේ කුමරතුංගගෙ ජීවන්ගෙ ශශී විජේන්දරගෙ පරන සිංහල ෆිල්ම් බලබලා හිටපු මූට හිතෙනව වැඩේ හරි කියලා..
13... මූ මල් කඩලා බුදුන් වඳිනව දකින මැඩම් මේ විජේව අපේ ගෙදරට එක්ක යමුකො අනේ මෙහෙ වැඩට වෙන කෙනෙක් අරගෙන .. බලන්නකො මෙයා ආගමට හරි ලැදි කෙනෙක්නෙ .. කියලා මුදලාලිට කියනව මූට ඇහෙනව..
14... මූ ඉතින් ආයෙ ෆුල් හැපි එකේ හිතනව මම තව ගොඩක් ආගමට දහමටයි මුදලාලිගෙ දියුනුවටයි කටයුතු කරලා ලකුනු දාගන්න ඕනෙ කියලා ..
15... සඳුදා උදේ මැඩමුයි මුදලාලියි ශෙඩ් එකට එනකොට මූ එයාලට පේන්න දුම් අල්ලන්න හිතාගෙන එයාලා එන වෙලාව අල්ලලා පොල්කටු පුච්ච පුච්ච ඉන්නව..
16.. වහා ගිනි ඇවිලෙන සුලුයි කියන බෝඩ් එක ගාවම මූ පොල්කටු පුච්චන්නෙ ඌ හිතන්නෙ එතන තිබ්බම පොල් කටුවට වහාම ගිනි ඇවිලිලා ලේසියෙන් අඟුරු ටික හදාගන්න පුලුවන් කියලා.. මූ හිතන්නෙ මූට කලින් හිටපු එකා අලුතෙන් එන එවුන්ට පොල් කටු මුච්චන්ඩ ලේසි වෙන්ඩ හොඳට හුලං එහෙම එන තැනක මේ බෝඩ් එක එල්ලලා තියලා තියෙන්නෙ කියලා
17.. මුදලාලි ආව ගමන් සුදු සරම පැත්තකින් උස්සලා කැහැපට ගහගෙන සුදු පාට වෙලෝනා ලංකට් එක පේන්ඩ මූට පයින් පාරවල් දෙකක් ගහනවා... විල්සන් කරු සිහි වෙන්න...කෝටි ගානක් වටින ශෙඩ් එක ගිනිබත් කරන්ඩ හදන මේ මූසලට ඔහොම ගහලා මදි කියලා මැඩමුත් කියනව..
18... එවලෙම මූව රස්සාවෙන් දොට්ට දානව..
19... මූ තාම දන්නෙ නෑ ඇයි මූට ගහලා එලෙවුවෙ කියලා
20.මූ හිතන් ඉන්නෙ මිනිස්සුන්ට හොඳ කරන්ඩ ගියාම ඔහොම තමා කියලා..
21.. මූ කියනව එතන හිටපු හැමෝම කියන්නෙ මුදලාලි හරි කියලා . කාටවත් පෙනුනෙ නෑ මම කරපු විදිහ ..මම තමා හොඳටම ශෙඩ් එක වෙනුවෙන් කලේ කියලා...
ධනුෂ්ක කාංචන ජයවීර
ෆොටෝ එක ගත්තෙ ආනන්ද සුමිත් ගෙන්... ❤❤❤
Copied from facebook