මිනිස්සු අසරණ වෙලා ඉන්නේ

Lahiru120

Well-known member
  • Mar 19, 2016
    3,987
    1
    12,324
    113
    Nuwara eliya
    අද හවස කව්ද එකෙක් ගේට්ටුවට ගහනවා.
    ගිහින් බැලින්නම් අපේ පැත්තේ කුලී වැඩ කරන ඩයල් එකක්.
    කාලෙකට කලින් අපේ ගෙදරත් ගස් කපන වැඩ වලට එහෙම පොර ඇවිත් තියෙනවා.

    සල්ලි එපා උයාගන්න බඩු මොනවා හරි ගන්න පුලුවන්ද ඇහුවා.
    පොරට ළමයි දෙන්නෙක් එහෙම ඉන්නවා. අපේ ගෙදරත් දෙන්න ඒ හැටි දෙයක් තිබ්බේ නැ.
    CIC බාස්මති හාල් 2kg පැකට් එකයි , තේ කොළ එකයි, පරිප්පුයි (කොච්චරක්ද දන්නේ නැ. බෝතලේ තිබ්බ ටික දුන්නා බැග් එකකට දාලා), හාල්මැස්සෝ තිබ්බා 500 ක් විතර තිබ්බා එකයි තව ළුණු අනන් මනම් දුන්න ගෙදර තිබ්බ.
    පොර කියනවා පොල් කඩන්න වත්ත සුද්ද කරන්න තියෙනවා නම් කරලා දෙන්නම් ලු. මන් එපා ඕනේ නැ කිව්වම. පින් දී දී ගියා. මාර අප්සට් ඉතින් :-(:-(.

    දැන් අපිට උයන්න බඩු නැ. රෑට කඩෙන් කෑවේ. Keels එකෙන් දැම්ම එලියට යන්න කම්මැලි නිසා හෙට හවස 5 න් පස්සේ එන්නේ.
    හෙටත් කඩෙන් තමයි. කොහොමත් ගෙදර ඒවා කාලා කාලා ඇති වෙලා හිටියේ.

    සාමන්යෙන් ඒ කාලේ ඉදන් මාසෙකට විතර පාරක් ටිකක් එහායින් ඉන්න ගෙදරක පොඩි පොඩි උදව් කරා. අමාරුවෙන් ඉන්න මිනිස්සුනේ. මේ පාර lockdown එකේ උන් නැ. මන් හිතන්නේ ගමේ හරි කොහේ හරි ගිහින් වෙන්න ඇති.
    Mcn ubata pin god bless you .me welawe udaw kerata
     

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    අඩුකුළේ මිට්ටොන්ට උදව්කරනකොට දුර තියන් උදව් කරපං. පස්සේ ඒක උන් උඹේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා පුරුද්දකට ගන්නවා.
    ඔව් සමහර එවුන්ට උදව් කරාම උ දිගටම එනවා හැම මගුලකටම

    උදව් කරන්න ඕනේ එත් අතේ දුරින්
     

    SL Hypocrite

    Well-known member
  • Sep 17, 2014
    2,461
    1,419
    113
    අඩුකුළේ මිට්ටොන්ට උදව්කරනකොට දුර තියන් උදව් කරපං. පස්සේ ඒක උන් උඹේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා පුරුද්දකට ගන්නවා.
    Yes Sometimes as a habit they come and pester you. But depends on the person
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    අඩුකුළේ මිට්ටොන්ට උදව්කරනකොට දුර තියන් උදව් කරපං. පස්සේ ඒක උන් උඹේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා පුරුද්දකට ගන්නවා.
    මේ කතාවත් ඇත්ත. උදව් කරන එක හොඳයි. ඒත් ඒක චාරිත්‍රයක් කරගන්න එපා. ඒ කිව්වෙ හැම සතියෙම කාට හරි බඩු මල්ලක් දෙන්න පටන් ගත්තොත් අර මනුස්සයා ඒකට ලයිෆ් එක අජස්ට් කර ගන්නවා. නැති උන හෝ අඩු උන ගමන් මල පනිනවා.

    අපිට උනත් කම්පැනි එකේ බෙනිෆිට් එකක් කැපුවොත් කොච්චර මල පනිනවාද?
     

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,725
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අඩුකුළේ මිට්ටොන්ට උදව්කරනකොට දුර තියන් උදව් කරපං. පස්සේ ඒක උන් උඹේ යුතුකමක්, වගකීමක් කියලා හිතලා පුරුද්දකට ගන්නවා.

    මේ කතාව ඇත්ත බං. ඉස්සර අපේ ගෙදරට සතියකට විතර පාරක් සීයා කෙනෙක් එනවා. ඉතින් අපේ අම්මත් එයාට ඉස්සෙල්ලාම කිරි එකක් හදලා බොන්න දීලා, සුප් කැටේ ඉදන් බඩුත් දීලා, දවල්ට කන්නත් දීලයි යවන්නෙ.

    ඒත් පස්සෙ පස්සෙ පොර අපි දෙන බඩුවල අඩුපාඩු කියන්න ගත්තා. අපිත් ඉතින් අපිට ඒ වෙලේ ගෙදර තියෙන විදිහටනෙ දෙන්නෙ. පොර "අයියෝ අද සුප් කැටයක්වත් නැද්ද" වගේ කතා කියන්න ගත්තා. :eek:
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මේ කතාව ඇත්ත බං. ඉස්සර අපේ ගෙදරට සතියකට විතර පාරක් සීයා කෙනෙක් එනවා. ඉතින් අපේ අම්මත් එයාට ඉස්සෙල්ලාම කිරි එකක් හදලා බොන්න දීලා, සුප් කැටේ ඉදන් බඩුත් දීලා, දවල්ට කන්නත් දීලයි යවන්නෙ.

    ඒත් පස්සෙ පස්සෙ පොර අපි දෙන බඩුවල අඩුපාඩු කියන්න ගත්තා. අපිත් ඉතින් අපිට ඒ වෙලේ ගෙදර තියෙන විදිහටනෙ දෙන්නෙ. පොර "අයියෝ අද සුප් කැටයක්වත් නැද්ද" වගේ කතා කියන්න ගත්තා. :eek:
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    උගේ වැරැද්ද කුලී වැඩ නං කරන්නේ ළමයි දෙන්නෙකුත් හදාගත්තේ මොකටද
     
    • Love
    Reactions: Anonymous_Abstract

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,257
    15,359
    113
    Umba bokka honda kollek machan. Eth minissu dana ganna one thamange mahansiyen hambu karagena kanna. Me dawaswala okkoma construction ehema wada. Anith eka delivery service wenadata wada thiyenawa. Salli hoyanna one nam karanna dewal one tharam. Ape paththe Plumbing karapu manussayek me dawaswala maalu delivery karanawa game gewal walata. Wada na kiyala nikan inne na. Poddak kalpana karoh karanna wada one tharam. Mokada umbath hambu karanne mahansi wela ne.

    Monawa wunath dan dena eka pattama pinak. Umbata wadi wadiyen labenna one.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඵළ මචං.🙏



    උඹ අැයි බං ඔයතරම් ලංකාවෙ මිනිස්සුන්ට වෙෙර කරන්නෙ..සැක කරන්නෙ?
    ------ Post added on Sep 5, 2021 at 6:28 AM
    🤣🤣🤣
    මම දන්නවනේ මගේ අම්මයි තාත්තයි දානපතියෝ වෙලා හිඟන මිට්ටොන්ට කියලා ඇරගත්ත ඇරගැනිල්ල.

    වෙනස් කතාවක් කියන්නං. මේකට උඹලා ටිකක් අකමැති වෙයි. ඒවට තමයි මම ආස🤣

    ජීවිතේටම එකපාරක් වත්ත සුද්දකරන්න ආපු මිනිහෙක් අව්රුදු පහකට විතර පස්සේ ගෙදරට දුවං ආවා තාත්තා ඉන්නවද අහං. මූ මොකක්හරි වැඩක් කරන්නං කිය කිය වෙව්ල වෙව්ල වැලපෙනවා. තාත්තම ඇහුවා තමුන්ට කුඩු නැතිව සික් එක නේද කියලා. පස්සේ රුපියල් පන්සීයක්ද කොහෙද දුන්නා ගිහිල්ලා ඔය වෙව්ලන එක හදාගනිං, ගහකිං පතබෑ වුනොත් දරු පව්ල ඉවරයි නේද අහලා. පස්සේ මිනිහම දවස් දෙකතුනකට පස්සේ ඇවිත් තාත්තට කිව්වා හැමතැනම ගියා එකෙක් සැලකුවේ නෑ, එදා මහත්තයත් එළෙව්වනං කෝච්චියට බෙල්ල තියන්න හිටියේ. ලැජ්ජයි වුන දේට මේ කරදරෙන් බේරෙන්න උදව් කරන්න කියලා
    පස්සේ මිනිහව ගිහින් දැම්මා තාත්තා අඳුනන තැනක පුනරුත්තාපනේට.😑

    මිට්ටොන්ට උදව් කරලා පිහියෙන් අනින්න ආපුවා, උදව් කරලා වහ දෙන්න හදපුවා, උදව් කරලා බේරෙන්න බැරි වුන ඒවා, උදව් කරලා බැනුන් අහපුවා එමටයි. මටනං තාත්තා වගේ ඔය පාරේ යන ෆකයි හුරතල් කරන්න වෙලාවක් නෑ. මට උන් කොහොම මැරුනත් ගානක් නෑ🤣

    දෙමව්පිය ආභාෂෙට, ආගමික පසුබිම මත මම උදව් කරනවා අහඹු ලෙස හම්බෙන මිනිස්සුන්ට. දැක්කා, උදව් කරා, අමතක කරා, උන් දන්නෙත් නෑ, මම දන්නෙත් නෑ, වැඩේ වුනා. ප්‍රශ්ණ නෑ. වගකීම් නෑ. මමත් සතුටින්, උනුත් සතුටින් හැබැයි ගව් ගානක් දුරින්.😊
     
    • Like
    Reactions: Rankira

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    බොහොම පින්....දීම තව පුරුදු කරන්න.... බොහොම සතුටුයි ඔයා ගැන
     
    • Like
    Reactions: TNHM

    wtsamantha

    Well-known member
  • Feb 5, 2012
    555
    524
    93
    පින් ....අප්....
    මිනිස්සූ සේරම එකතු වෙලා පරද්දන්න ඕන දෙයක් කොරෝන....
     
    • Like
    Reactions: NRTG and TNHM