මිනිස් කැමරාව
ස්ටීවන් විල්ට්ශයර් කියන්නේ “ඕටිසම්” කියන මානසික ලෙඩේ තියන තරුණයෙක්. එත් ස්ටිවන්ට අමුතුම හැකියාවක් තියනවා. ඒ බිල්ඩින්ග්ස් මතකයෙන් අදින එක.
පොඩි කාලේ ඉඳන් ස්ටීවන් කතා කලේ නැහැ. ඒ ඕටිසම් නිසා.ඒත් එයාට අඳින්න තිබ්බ හැකියාව හැමෝවම පුදුම කලා. එයාට බිල්ඩින්ග් එකක් දිහා ටික වෙලාවක් බලාගෙන ඉන්න විතරයි ඕනේ. කැමරා එකක් වගේ එයාගේ මොලේ බිල්ඩින්ග් එකේ හැම විස්තරේම මතක තියාගන්නවා. ඊට පස්සේ එයා ඒක ගිහිල්ල ඒ විදිහටම අඳිනවා. බිල්ඩින් එකේ හැඩේ ඉඳන් තට්ටු ගාන වෙනකන් එයා හැම පොඩි විස්තරේම හරියට අඳිනවා.
ස්ටීවන් පොඩි කාලේ කතාකරන්නේ නැති කොට ටීචර්ස්ලා එයාට කතා කරන්න ඉගැන්නුවේ චිත්ර වලින්. එයාගේ චිත්ර අදින කොලේ ගත්තම එයා “පේපර්” කියල කෑගැහුවා. ඊට පස්සේ ටිකෙන් ටික එයා අලුත් වචන ඉගෙනගත්තා.
ස්ටීවන්ට ලැබුණ ලොකුම චැලෙන්ජ් එක තමා මුලු ලන්ඩන් නගරයම මතකයෙන් අඳින එක. නගරය බලන්න ස්ටීවන්ට ලැබුනේ මිනිත්තු 15ක හෙලිකොප්ටර් රයිඩ් එකක්. ඊට පස්සේ චිත්රය ඉවර කරන්න ලැබුනේ දවස් 5යි.ස්ටීවන් ලන්ඩන් නගරය ඒ විදිහටම ඇන්දා.
ඊට පස්සේ ලෝකේ වටේ තියන ගොඩක් තැන් වල ලස්සන චිත්ර ඇන්දා. එයාගේ හැකියාවට එයාට එම්.බී.ඊ එකකුත් ලැබුනා. දැන් ස්ටීවන්ගේ චිත්ර ලෝකේ වටේම ලොකු ලොකු ගනන් වලට විකිනෙනවා.
ඕටිසම් වලින් අදහ ගන්න බැරි හැකියා ලැබෙන අයට මේ මිනිස් කැමරාව වෙන ස්ටීවන් හොද උදාහරණයක්.
by-yako.com
