මිනිස් දිවෙන් පිල්ලි මවයි මෙහෙම සල්ලි

Shaiman

Member
Apr 2, 2014
1,748
210
0
මිනිස් දිවෙන් පිල්ලි මවයි මෙහෙම සල්ලි

මිනිස් දිවෙන් පිල්ලි මවයි මෙහෙම සල්ලි

යන එන අතර මඟ මුණ ගැහුණු අමුතු මනුස්සයෙක්. මම දන්නෙ නෑ ඔහුට කියන්න ඕන නම මොකක්ද කියලා. කට්ට¾ඩියෙක්, යකැදුරෙක් නැත්නම් යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කරන කෙනෙක්...?

මේ නම්වලින් එකක් ඔහුට ගැළපේවි. ඔහු මේ කොයි නමට කැමැතිද නැත්ද කියල අහන්න මට අතපසු වුණා. මොකද මම ටිකක් විතර කලබල වෙලයි හිටියෙ. මට ඔහුව මුණ ගැහෙන්නෙ බොහෝම අහම්බෙන්. වෙනමම රාජකාරියකට ගිය වෙලාවක. මම ඔහුට කියන්නෙ නෑ මම කවුද කියල. සමහර විට ඔහු දැන ගනීවි මේ ලිපිය පළවුණාට පස්සේ ඔහුට එදා පත්තරකාරයෙක් මුණ ගැහුණ කියල. එහෙම වුණාට කමක් නෑ. මම ඔහුගෙ කතාව ලියනවා. ඔහු මට කියන්නෙ රහසක් නෙවෙයි බහුතරයක් නොදන්නව වුණාට ඔහුව දන්න කීප දෙනෙක් දන්න කතාවක්. මගෙ මිතුරා ඔහුව මට හඳුන්වා දීමට යොදන පූර්විකාවෙ ඒ අදහස තියෙනවා.
"ඔය මාර පොරක්. ඔහොම හිටියට ලොකු ලොකු මිනිස්සු තමයි එනව කියන්නෙ. සමහරු මිනිහව එක්කගෙනම යනවලු. අමුතු අමුතු වැඩ තමයි කරන්නෙ..."
මම ඔහුව හොයාගත්තෙ ඒ අමුතු වැඩ මතු කරගන්න.

මොනවද කරන්නෙ?
යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් හදි හූනියම් ඕනම එකක්.
මොනවද ගේන්න ඕන?
මොනවත්ම නෑ.
කොහොමද වැඩේ කෙරෙන්නේ?
ඕන කරන බඩු ඔක්කොම තියෙනවා.
මොනවද ඒ?

මිනී අළු, මිනී ඇට කටු, මොනර පිල්, ඉත්තෑ කූරු, සත්තුන්ගෙ ඕනම කෑල්ලක්.
මිනිසුන්ගෙ වුණත්?
ඔව්. මිනිසුන්ගෙ මොනවද ඕන. මගෙ ළඟ තියෙනව ඕනම එකක්. මිනිසුන්ගෙ මොනවත් ඕන වෙන්නෙ නෑනෙ.
මොනවත්ම ඕනෑ නැත්ද?
මම මේ වෙනකොට ඔහු ගැන හුඟාක් දේවල් දැනගෙනයි හිටියෙ. ඔහු බොහොම දුරට නූල් සූත්තරකාරයෙක්. ඔහුට පුළුවන් ඕනම වෙලාවක මගෙ කනින් රිංගන්න. මම දක්ෂ විය යුතුයි ඔහුට වඩා දශමයක්වත්. ඔහු සමහර දේවල් සඟවන්න දක්ෂයි. ඔහුට තියෙනවා මළ සිරුරු එක්ක ගනුදෙනුවක්. මම ඒ ගැන දැනගෙනයි හිටියෙ.
නෑ... නෑ...

මොනවත්ම ඕන නං නෑ. ඒත් මොනව හරි ඕනෑ නම් හොයල දෙනවා.
දිවක් එහෙම?
කාගෙද?
මැරිච්ච මනුස්සයෙක්ගෙ
හම්...
ඒව බොහොම බලගතු දේවල්.
හරි ඔයාගෙ ළඟ තියෙනවනෙ?
මගෙ ළඟ කොහෙද?
මගෙ ළඟ තියෙනව මගේ දිව.
හොයාගන්න නම් පුළුවන්.

කොහෙන්ද?
වාස දේස වැඩක් නෑනෙ. පූස මැටි වුණත් මොකද මහත්තයො මීයො අල්ලනව නම්.
ඇත්තටම කොහෙන්ද?
අපිට තියෙනවනෙ ඔය යාළු මිත්‍රකම්. ඒවයෙන් තමයි වැඩ ඔක්කොම වෙන්නෙ. මැරිච්ච මිනිස්සු මොනවත් කියන්නෙ නෑ මොනව ගත්තත්.
කොහොමද ගන්නෙ?කනත්තෙන්ද?
කනත්තෙන් කොහෙ ගන්නද? මිනී වළවල් හාරන එක ලොකු වරදක්. ඒක මේ හිරේ යන මඟුලක්.
එහෙම නම්?
මල්ශාලාවෙන්.

හදන්න එන තැනින් තමයි ගන්නෙ. හදන එකාට ලොකු ගාණක් දෙන්න ඕන. මිනිහ ලස්සනට දිව කපල අරගෙන තියෙනවා. අපිට වුවමනාවක් තියෙනව නම් දැනුම් දෙන්න ඕන. එහෙම නැතිව ඕව කරන්න බෑ. ඕනෑම දේකට සල්ලි ඉස්සර කරගන්න පුළුවන් කමක් තියෙනව නම් වැඩේ හරි. මේවත් එහෙම තමයි වෙන්නෙ. සමහර විට මනුස්සය ජීවත් වෙලා ඉන්න කාලෙ ගත්ත මාසෙ පඩියටත් වැඩි ගාණක්. මැරුණට පස්සෙ දිවට ගන්නව මිනී හදන හාදයා.
ඇයි ඔයාට?
මටත් ගාණක් එනවා. මේව මේ සෙල්ලම් වැඩ නෙවෙයිනෙ.
අහු වුණොත්?

අම්ම, මුත්ත කිව්වත් අහුනම් වෙන්නෙ නෑ. මොකද මැරුණ මිනිස්සු කට අරිනවය කියලද? මැරුණට පස්සෙ කවුරුවත් ඇවිත් කට ඇරවල බලනවද? ආ... කියන්න බලන්න කියල. කොච්චර ජීවත් වෙන කාලෙ ආදරෙන් හිටියට, මැරුණට පස්සෙ මිනියක් කූරු ගාන්න යන්නෙ නෑ කවුරුවත්.
පව් වැඩ නේද?
එහෙම නම් කතා කරන්න එපා. ඔයයි මමයි දන්න පව පින. මිනිසුන්ගෙ මළ මිනී දන් දෙනකොට පින්, ඇස් දන් දෙනකොට අරව මේව දන් දෙනකොට හොඳයි. ඒව ලොකු ලොකු පින්. ඇස් දන් දෙන එක පිනක් නම්, දිව දන් දෙන එක කොහොමද පිනක් නොවෙන්නෙ. කාට හරි ප්‍රයෝජනයක්නෙ.
මොකක්ද ප්‍රයෝජනේ?
ඒක බොහොම බලගතු ගුරුකමක්.
මොනවටද?

ඒක පිල්ලියක්.
පිල්ලි යවන්නෙ?
මිනිස්සු මරන්න. ලෙඩ කරන්න. වට්ටන්න. පරද්දන්න.
නරක දේවල්මනෙ?
බලගතු දේවල් හුඟාක් පාවිච්චි වෙන්නෙ නරකට තමයි. හොඳ තියෙන්නෙ බොහොම ටිකයි.
ඔයත් කරනවද? ඒ පිල්ලි වැඩේ?
නෑ... නෑ....
මම ඒව කරන්නෙ නෑ. අනිත් පැත්තට කැරකුණු දවසට ඉවරම තමයි.
ඒ කියන්නෙ?
දක්ෂයකුට මුණගැහුණු ගමන් ආපහු කපනවා. ඒ නිසා මම ඕව කරන්නෙ නෑ. බඩු සපයන එක නම් කරනවා.
ගාණ?

ලොකු ගණන්. ඒව අහන්න එපා මහත්තයො.
මේ බිස්නස් කීයක් විතර කරල තියෙනවද?
පහළොවක් විතර කරල තියෙනවා.
කොහොමද ඔයාගෙ ළඟටම එන්න දන්නෙ?
මාව දන්න කට්ට¾ඩියො ඉන්නව. එයාලගෙන් තමයි පණිවුඩේ එන්නේ. එතකොට මටත් කියනවා. මෙහෙම එකක් ඕන කියලා.
එතකොට අළු?
අළුත් තියෙනවා.

දැනුත් තියෙනවද?
එහෙම ඉතිං අතේ තියාගෙන ඉන්නෙ නෑ. ඕනෑකම කිව්ව, බඩු ගෙනාව. දුන්න.
කොහෙන්ද අළු?
ආදාහනාගාරවලින්ම තමයි.
එහෙම කොහොමද කරන්නෙ. අළු මුට්ටිය ගෙනියනව නේද?
අළු මුට්ටි ගෙනිච්චට කවුද දන්නෙ මේකෙ මෙච්චර තියෙන්න ඕන කියලා. මනුස්සයෙක් මැරුණම මෙච්චර විතර අළු තියෙන්න ඕන. මෙතැන ඒක අඩුයි අරව මේව කවුරුවත් හොයන්නෙ නෑනෙ. ඉතිං ටිකක් තියාගෙන දෙනවා. කාටවත් හොයන්න බෑ. මේව මේ අහුවෙන දේවල් නෙවෙයි. කාටවත් කරදරයක් හිරිහැරයක් වෙන දේවලුත් නෙවෙයි.
ඕව හොඳ ගුරුකම් නෙවෙයිනෙ?
ඒක එහෙම තමයි. ඒත් අළු ටිකක් ගත්ත කියල කාටවත් කරදරයක් නෙවෙයිනෙ.

ඔය වැඩේ කී පාරක් කරල තියෙනවද?
ඒක නම් ඉතිං නිතරම කෙරෙන දේවල්.
මොනවටද ගන්නෙ?
හදි හූනියම් තමයි.
මිනී ඇටකටු?
ඒව නම් නිතර කෙරෙන දේවල් නෙවෙයි.
ඔයා ඒ වැඩෙත් කරනවනෙ?
ඒව නම් බොහොම ඉස්සර කරපු වැඩ.
ඒක කොහොමද වෙන්නෙ?
මිනී ඇටකටු ගන්නම මිනී වළවල් ගොඩ දාන අය ඉන්නවා. මේ මමත් මළ මිනියක් උඩ දපල කට්ට¾ඩි වැඩ කරලා තියෙනවා. ඒව ඉතිං නූලෙන් එහෙට මෙහෙට කැරකෙන වැඩ. සෙල්ලම් නෙවෙයි.

හරි ඇටකටු මොකටද?
මොනවද මහත්තයො අහන්නෙ හදි හූනියම් වැඩ තමයි.
ඔයා කරනවනෙ?
ඔව්. බොහොම විශ්වාසවන්ත අයට විතරයි.
ඇටකටු විකුණනවත්නෙ?
මේ කතාවත් මම මගේ මිතුරාගෙන් දැනගෙන අවසන්ය. ඔහුට සඟවන්නට ඉඩ නොදිය යුත්තේ මම. ඒ නිසා මම ඒකට උත්සාහ කරනවා. ඔහුට ඕන මේ කරදරකාරී කතාව ඉක්මනින් අවසන් කරන්න.
කවුද කියන්නෙ?
මම දන්නවා?
කොහොමද දන්නෙ. මම විකුණන ඇති ඇටයක් නෑ.
තරහ ගන්න එපා, ඕව ඉතිං සාමාන්‍ය දේවල්නෙ?

සාමාන්‍ය කොහෙද මහත්තයො. මේව අසාමාන්‍ය දේවල්. මම ඔය මහ හුඟක් විකුණන්නෙ නෑ. කඩයක් දාල වගේ. ඒත් මම ඒ වැඩේ කරල තියෙනවා. ඔළු කටුත් වික්ක. මාතර කට්ට¾ඩියෙක් පුරුදු වෙලා හිටියා මගෙ ගාවට මිනිස්සු එවන්න. ඒව නීති විරෝධී වැඩ වුණාම මම අෑත් වුණා. දැන් ඒවා නෑ. මොනර පිලක් අලි කෙන්දක්, ඉත්තෑ කූරක් විකුණගෙන ඉන්නවා.
ඒව මොකටද?
ඒවයෙන් ඇති වැඩකුත් නෑ. නැත්තෙත් නෑ. සෞභාග්‍ය ගැන තමයි කියන්නෙ.
එහෙම එකක් තියෙනවද?

සත්තු මරල රිදවල ගත්ත කෙඳිවලින් නම්, සෞභාග්‍ය ලැබෙන්න නෑ. ඒක හරි. හැබැයි ඉතිං එ්වයින් හරි යනව නම් මං අද රජවෙලා ඉන්න ඕන.
කතාව එතැනින් ඉවරයි. තව දේවල් ඇති. ඒත් එළි කරගන්න බෑ. උෟව පළාතේ අෑත තැනක කැලෑවක වට වෙච්ච එළිමහන් බිමක පොඩි අතුපැලක ඉන්න මිනිහට දරු මල්ලොත් ඉන්නවා. ඒ අය කොහෙ ඉන්නවද කියල මම ඇහුවෙත් නෑ. මිනිහ කිව්වෙත් නෑ. ඇත්තටම මට ඒක වැඩකුත් නෑ. වැදගත්ම දේ කාටවත් අපහාසයක් නොවෙන විදියට මේ වැඩේ කරන එක. මම ඔහුට පෞද්ගලිකව කැමැතියි. ඔහුට තියෙන්නෙ කැලේට හැඩගැහුණු පුරාවස්තුවක් වගේ රූපයක්. ඔහු අයිති වර්තමානයට වඩා අතීතයට. ඒත් ඔබ හිතන තරම්ම ඔහුගේ ජීවිතයේ රස කතා නෑ. ඒව ඔහු කියන්නෙත් නෑ.

ඔහු පිටින් පේන විදියට ගොවියෙක්. ඔහු ඇත්තටම ගොවිතැන් කරනවා. ඇතුළෙන් ඔහු ගුරුකම් කරනව. ලොකු දෙවි රූප ඔහුගෙ ළඟ නෑ. (මම දැක්කෙ නෑ) ඔහුට දේවාලයකුත් නෑ. ඒත් ඔහු කට්ට¾ඩියෙක්.
බිං කළුවර එහෙං මෙහෙං එනකොට පත්තුවෙන ලයිට් එළිවලින් ඔහු අලුත් ලෝකෙට ගළපගන්න උත්සාහ කළාට ඔහු කරන්නෙ පිළිකන්නට වෙලා ගංජා සුරුට්ටුවක් උරන එක. එතකොට ඒ අතීතයයි වර්තමානයයි ගැළපෙනවා. වෙන පවක් නීති විරෝධී වැඩක් ඔහු කරන්නෙ නෑ. හැබැයි අවසාන වශයෙන් මගෙන් කිසිම කෙනෙක් ඔහු ගැන අහන්න එපා. මේ කතාව ඔහුටත් වලංගුයි.

පසුගිය සතියෙ වගේම මේ සතියෙත් පළවෙන ඡායාරූප අපි වෙනම ගත්ත ඒව කියල මතක තියාගන්න. ඡායාරූපවල ඉන්නෙ හොඳ මිනිස්සු. නරක මිනිසුන්ගෙ ඡායාරූප පළකරන්න විදියක් නෑ. ඒ නිසා පටලව ගන්න එපා. හැමදාම කියන්නෙ නෑ. ඒත් මේ කතාව හැමදාටම අදාළයි.
 
Last edited:

hmv

Well-known member
  • Nov 21, 2011
    2,470
    371
    83
    Colombo
    සත්තු මරල රිදවල ගත්ත කෙඳිවලින් නම්, සෞභාග්‍ය ලැබෙන්න නෑ. ඒක හරි. හැබැයි ඉතිං එ්වයින් හරි යනව නම් මං අද රජවෙලා ඉන්න ඕන.:yes::yes::yes:
     
    HashiniBM

    Member
    Mar 12, 2016
    863
    62
    0
    liyanna deyak nathi unama paththara karayo boruth liyanawa kiyala amathaka karanan epa
    hama sathiyema aruma puduma dewal oya paththare liyanne
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අපිට හරියන්නේ නැත්තේ ඕකම තමා එකෙක් උඩට එනකොට කාල ඉන්න බෑ කොහොම හරි බලන්නේ වට්ටන්න .හූනියම් කරන්නේ ඔව්වට තමා .:frown::no::growl:
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,614
    6,177

    Bump