මිනිසා නොමිනිස් වන හැටි!!!

Hazy89

Member
May 28, 2011
939
204
0
Kirillawala
මිනිසා නොමිනිස් වන හැටි!!!





මේ කුමක්දැයි ඔබ දන්නවද?මේ මුහුදේ ජලය රත් පැහැ වී තිබෙන්නේ ස්වාභාවදහමේ විපරිතයක් නිසා නොවේ.මේ රත් පැහැ වී තිබෙන්නේ මිනිසාගේ නොමිනිස්කමයි.

මෙය උත්සවයක්.මෙය ඩෙන්මාකයේ ෆොරියෝ දුපත්හි සෑම වසරකම පැවැත්වෙන චාරිත්‍රයක්.මෙම උත්සවයේ ප්‍රධාන සහභාගීවන්නන් වනුයේ තරුණයන්.ඔවුන් එකිනෙකා අබිබවමින්,ජනතාවගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයේ තමන් ලග තිබෙන කිනිසි වලින් අසරණ පෙන්ගුවින් සතුන් වෙත පහර දෙනු ලබයි.මේ පහරකෑමට ලක්වන අසරණයින් එකවර ජීවිතක්ෂයට පත් වන්නේද නැත.පෙන්ගුවින් යනු මිනිසාට ඉතා මිත්‍රශීලී සතෙකි.උන් ක්‍රීඩාව පිණිස හෝ මේ අමනයන්ගේ රස ආහාරවලට රැවටී මහත් ප්රීත්යෙන් පිහිනා එනුයේ මරණය කරා බව නොදන්නවා ඇත.පහර කෑමට ලක්වන අසරණයන් කුඩා දරුවන් මෙන් හඩා වැලපෙන බවද කියවෙයි.

මොවුන් මේ චාරිත්‍රය සිදු කරනුයේ තමන් දැන් ලොකු මිනිසුන් බව පෙන්වීමටය.එහෙත් ගැටලුව වන්නේ මෙමගින් පෙන්නුම් කරනුයේ තමන් ලොකු මිනිසුන් බවද,එසේත් නැතිනම් නොහික්මුණු ගෝත්‍රික සමාජයක කුඩා දරුවන්ගේ මානසිකත්වයද යන්නය.

ස්වභාදහම උත්තරීතර මවුම්කරුවාය.ඇය අභිබවා මිනිසාට අදටත් නිර්මාණ හැකියාව දියුණු කර ගත නොහැකිය.මන්ද ඇය අභිබවන සෑම විටම ඇය මිනිසා අභිබවා යන නිසාය.සොබා දහම රැක ගැනීමට හදවත් ඇත්තන් සේ එකතු වෙමු.


comments and rep+
 
  • Like
Reactions: gcj

rab

Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    මම ඕකෙ වීඩියෝ එකත් බැලුවා... ආපෝ, මිනිස්සු මෙච්චර කුරිරු වෙන්නෙ කොහොමද කියලා හිතනා..
    very sad machan,
    video link eka dipanko apitath balanna:(
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    වැඩිකල් නොගිහින් මිනිස්සුත් මරලා සතුටු වෙයි මේ කාලකන්නි අමනයෝ....
    හැම සතෙකුටම උගෙ ජීවිතය වටින බව උන්ගෙ පව්කාර මොල වලට තේරෙනව නම්....
    මුන්ව දාන්න ඕන කිඹුල්ලු ඉන්න වලකට