මිනිසා මිනීමස් කෑ අවස්ථා

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    මිනිසා මිනීමස් කෑ අවස්ථා

    සෙක්ස් නැවේ නාවිකයින්

    whaleshipessex-e1489743953155.jpg


    එසෙක්ස් නෞකාව. (sciencepole.com)



    ‘එසෙක්ස්’ කියන්නෙ 1800යේ මුල් දශක දෙකේ දී අත්ලාන්තික් සාගරයේ තල්මසුන් දඩයම් කළ නැවක්. 1820 වසරේ දී මෙම නෞකාව විශාල තල්මසෙකුගේ ප්‍රහාරයකට ලක්ව විනාශ වී ගියා. මෙම සිදුවීම අතරතුර දිවි ගලවාගත් නාවිකයින් 20 දෙනෙක් බෝට්‍ටු 3කට නැගී ගොඩබිමක් කරා පිටව ගියා.
    මෙයින් තිදෙනෙක් දූවක නැවතුනත්, ඉතිරි 17දෙනාම මුහුදේ පාවෙමින් තවදුරටත් ගොඩබිමක් සොයා ගියා. ආහාර සහ ජලය මදකමින් එක් නාවිකයෙකු මිය ගිය විට, හාමතින් සිටි අනෙකුත් නාවිකයින් මියගිය තැනැත්තාව ආහාරයට ගත්තා. එකින් එක මියයන නාවිකයින් ආහාරයට ගැනීම නැවතුනේ, කුසගිනි අධික වන විට ඔවුන් විසින් පණපිටින් සිටි නාවිකයෙකු මරා ආහාරයට ගත් නිසායි. නාවිකයින් පස්දෙනෙකු ඔවුන්ව බේරාගන්නා තෙක් මිනීමස් කෑමෙන් දිවි ගලවා ගැනීමට සමත් වුණා.
    ‘එසෙක්ස්’ නැව පිළිබඳව ඇතැම්විට ඔබ අසාත් ඇති. සුප්‍රසිද්ධ ‘මොබි ඩික්’ නවකතාවට පාදක වන්නේ මෙම නැවයි.
    OwenChase-1.png


    එසෙක්ස් හි පළමු නියෙදි නැව්පති. (Smithsonianmag.com)

    ග්‍රීලි ගවේශකයෝ

    1881 දී ඇමරිකා එක්සත් ජනපද සංඥා බලකායේ ලුතිනන්වරයෙකු වූ ඇඩොල්ෆස් ග්‍රීලි, තවත් සෙබළුන් 24දෙනෙකු ද සමඟ ආක්ටික් ප්‍රදේශ ගවේශනයට පිටත් වුණේ රජයේ අණ පරිදි යි. ඒ කැනේඩියානු ආක්ටික් වෘත්තයේ ලේඩි ෆ්‍රැන්ක්ලින් බේ හි පර්යේෂණ මධ්‍යස්ථානයක් පිහි‍ටුවීමේ අරමුණ ඇතිවයි.
    වසර දෙකක් ගත වන විට ඔවුන්ගේ ආහාර ද්‍රව්‍ය අවසන් වීම ආරම්භ වන අතර, කණ්ඩායමේ එකිනෙකා ආහාර හිඟකමෙනුත්, ලෙඩ රෝග වලිනුත් මරණයට පත්වෙනවා. ආහාර සොරකම් කළ ඇතැමුන්ව මරා දැමෙන අතර, අවසානයේ 1884 දී බේරාගනු ලබන්නේ මුල් 25දෙනාගෙන් 6දෙනෙකු පමණයි. මොවුන් වෙත දිගින් දිගටම එල්ල වූ චෝදනාවක් වූයේ ආහාර සොරකම් කළ බවට චෝදනා කර මරා දැමූ සෙබලාව කණ්ඩායමේ ඉතිරි පිරිස විසින් ආහාරයට ගත් බවයි.
    greelyexpedition.png


    ග්‍රීලි ගවේශක කණ්ඩායම. (Smithsonian)

    ෆ්‍රාන්සස් මේරි නාවිකයින්

    මේ 1826 දී විපතට පත් වූ දැව ප්‍රවාහන නෞකාවක්. කුඹගස් දෙකම කඩා වැටීම නිසා මුහුද මැද නැවතුණු මෙම නෞකාවේ නාවිකයින් 21දෙනෙකු සිටියා.
    ආහාර හිඟකම නිසා දින කීපයකට පසු ප්‍රථම පුද්ගලයා මියගියා. දෙවැන්නා මිය යන විට දින 10ක් තිස්සේ කුසගින්නේ සිටි නාවිකයින්, එම පුද්ගලයාගේ මස කපා, වියළා ආහාරයට ගත්තා. දිගින් දිගටම මිය යන පිරිස් ආහාරයට ගත් මොවුන්ගේ කෝකියා ද දිනක් මරණාසන්න වුණා. එවිට ඔහුගේ භාර්යාව වූ ඈන් සෝන්ඩර්ස් විසින් ඔහුගේ මෘත ශරීරයේ අයිතිය තමාට හිමිකරගෙන, තවමත් ජීවතුන් අතර සිටි ඔහුගේ ගෙල කපා, විශාල මස් කොටස ඇයට හිමිකර ගත්තා.
    francismaryshipwreck.png


    ෆ්‍රාන්සස් මේරි හි නාවිකයින් ගලවාගැනීම: පුවත්පතක පළ වූ චිත්‍රයක්. (Pinterest)

    ඔවුන්ව බේරාගැනීමට නෞකාවක් පැමිණෙන විට ෆ්‍රාන්සස් මේරි නැවේ ඉතිරිව සිටියේ සෝන්ඩර්ස් ද ඇතුළුව නාවිකයින් 6දෙනෙකු පමණයි.
    සයිබීරියානු සිරකරුවන්

    සයිබීරියාව කියන්නෙ උතුරු රුසියාවේ පිහිටා ඇති, ඉතාම ක‍ටුක දේශගුණයක් සහිත පළාතක්. මෑත අතීතයේ දී දේශපාලන සිරකරුවන් සහ දරුණු අපරාධකරුවන් සයිබීරියානු බන්ධනාගාර වලට පි‍ටුවහල් කිරීම සිරිතක් වුණා.
    1903 දී සයිබීරියාවේ සගාලියෙන් දූපතේ බන්ධනාගාරයකින් සිරකරුවන් 4දෙනෙකු පලායෑමට සමත් වුණා. කෙසේ නමුත් අවසානයේ අල්ලාගත හැකි වූයේ සිරකරුවන්ගෙන් දෙදෙනෙකු පමණයි. අනිත් දෙදෙනා? අනිත් සිරකරුවන් දෙදෙනා ඔවුන්ගේ ආහාර බවට පත්ව තිබුණා.
    දීර්ඝ පාගමන අතරතුරදී ආහාර අවසන් වීම නිසා රහස් එකඟතාවකට එළැඹි සිරකරුවන් දෙදෙනෙක් අනෙක් සිරකරුවන් දෙදෙනාව මරා දමා, ඔවුන්ගේ රුධිරය පානය කොට, ඔවුන්ගේ මස් තීරු වලට ඉරා අයිස්වල දමා ශීත කොට කල්තබාගෙන ආහාරයට ගෙන තිබුණා. ඔවුන් බලධාරීන්ගේ ග්‍රහණයට හසුවන විටත් ඔවුන් සතුව ශීත කළ මිනීමස් තීරු තිබූ බවයි පැවසෙන්නේ.
    බර්ජන්-බෙල්සන් වධ කඳවුර

    bergen_belsen_concentration_camp.png


    බර්ජන්-බෙල්සන් වධ කඳවුර – 1945. (History Learning)

    මේ දෙවන ලෝක යුධ සමයේ නාසීන් විසින් පවත්වාගෙන ගිය කුප්‍රකට වධ කඳවුරක්. මුල දී යුධ සිරකරුවන් රඳවා තැබුවත්, පසුව සිවිල් වැසියන් රඳවා තබන වධ කඳවුරක් බවට පරිවර්තනය කරනු ලැබුවා.
    මෙම සිරකරුවන්ට ආහාර ලබා දුන්නේ ඉතාමත්ම සුළු ප්‍රමාණ වලින්. එම නිසා 1945 වසර වන විට මේ සියළුම සිරකරුවන් දින ගණන් හාමතේ සිටින තත්ත්වයකට පත්වුණා. මිත්‍ර හමුදා විසින් බර්ජන්-බෙල්සන් නිදහස් කරගැනීමට පැමිණෙන විට, මියගිය බොහොමයක් සිරකරුවන්ගේ ඇට සැකිළි වලින් මස් ඉරා දමා, අභ්‍යන්තර ඉන්ද්‍රීන් ඉවත් කරගෙන තිබුණු බව කියැවුණා. ප්‍රසිද්ධ විශ්වාසය වුණේ හාමතේ සිටි සිරකරුවන් විසින් මෙම මළ සිරුරු අනුභව කරන්නට ඇති බවයි.