මිනිහෙකුගෙ ජීවිතේ ලක් එක ( වාසනාව) කියන දේ සෑහෙන මේජර් රෝල් එකක් ප්ලේ කරනවා කියලා හිතෙන්නෙ නැද්ද උබලට? ගොඩක් උන් තැනකට ආවම උත්සහයයි, කැපවීමයි, ටැලන්ට් එකයි ගැන පොරටෝක් දුන්නට පෞද්ගලිකව මම ඕනතරං දැකලා තියනවා සෑහෙන උත්සහයක්, පට්ට කැපවීමක්, මාර ටැලන්ට් එකක් තියන ඒත් ලක් එක කියන එක අඩු නිසා කොච්චර උත්සහයක්, කැපවීමක්, ටැලන්ට් එකක් තිබ්බත් ඒවට සාපේක්ෂව ප්රථිපලයක් දියුණුවක් නැති මිනිස්සු වගේම අර කලින් කිව්ව මිනිස්සුන්ට සාපේක්ෂව උත්සහය, කැපවීම වගේම ටැලන්ට් එකත් අඩු හැබැයි ලක් එක හොදට කැරකුන මිනිස්සු ඊටවඩා හොද තැනවල සෑහෙන දියුණුවක් ලබලා ඉන්නවා. මේ ගැන මොකද කියන්නෙ? අදහස් කොටාගෙන යමන් බලන්න.