මිනීමරුවො අල්ලන News

monson

Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    රහස් පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ ගෝඨා නිරුත්තර වේ!

    පසුගිය සිකුරාදා (2) රහස් පොලිසියේ කැඳවීමට අනුව එහි මූලස්ථානය වෙත පැමිණි හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය නන්දසේන රාජපක්ෂ මහතා රහස් පොලිසියේ නිලධාරීන්ගේ ප්‍රශ්න කිරීම් හමුවේ නිරුත්තරව සිටි බව රහස් පොලිස් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කර සිටී.

    රහස් පොලිස් නිලධාරීන්ගේ ප්‍රශ්න හමුවේ සුපුරුදු පරිදි කෝපයෙන් කටයුතු කර ඇති හිටපු ආරක්ෂක ලේකම්වරයාට රහස් පොලිසියේ ඉහළ නිලධාරියෙකු පවසා ඇත්තේ ‘සර් ... කරුණාකරලා කෑ කෝ ගහන්නැතුව අහනදේට හොඳින් පිලිතුරු දෙන්න. මේ ඔෆිසර්ස්ලා කරන්නෙ රාජකාරියක්. ඔබතුමා ඒ අයත් එක්ක කෝපරේට් කරන්න' කියාය.

    පමණක් රහස් පොලිස් ප්‍රශ්න හමුවේ ගෝඨාභය රාජපක්ෂ මහතා විනාඩි 20 කට ආසන්න කාලයක් නිහඬව කල්පනා කරමින් සිට ඇත. ඔහුගේ කල්පනාවට බාධා නොකොට ඕනෑ තරම් කාලය ලබා ගැනීමට ගෝඨාභයට ඉඩ දී රහස් පොලිස් නිලධාරීන් ඉතා සෙමෙන් ප්‍රශ්න කිරීම් කර තිබේ. උත්තර බැඳීම ඉතා මන්දගාමී ස්වරූපයෙන් සිදුවූ බැවින් තවත් දිනයකට ප්‍රශ්න කිරීම් කල්තබා ඇත.

    ගෝඨාට රහස් පොලිසියේ නවතින්න වෙයිද?

    මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් තවත් සිද්ධීන් ගණනාවක් සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට රහස් පොලිසිය සූදානමින් සිටී. එම සිද්ධීන් අතර ප්‍රගීත් එක්ණැලිගොඩ අතුරුදන්වීම, ලසන්ත වික්‍රමතුංග ඝාතනය, උපාලි තෙන්නකෝන්ට පහරදීම, නාමල් පෙරේරාට පහරදීම වැනි සිද්ධීන් ප්‍රධාන වේ.

    තමා තනතුරේ සිටිනා තාක් හිටපු ආරක්ෂක ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමට ඉඩ නොදෙමියි අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කළ ද ජනාධිපතිවරයා පොලිස්පතිවරයාට උපදෙස් දී ඇත්තේ ඕනෑම අයෙකු තරාතිරම නොබලා කැඳවා ප්‍රශ්න කරන ලෙසත් ඔවුන් අතින් යම් වරදක් සිදුවී ඇත්නම් ඒ සඳහා නිසි දඬුවම් ලබා දෙන ලෙසත්ය.

    ඒ අනුව ඉතාම ආන්දෝලනාත්මක අත්අඩංගුවට ගැනීම් කීපයක් නුදුරේදීම බලාපොරොත්තු විය හැකි බව ඉහත කී ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටී.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9098-2017-06-05-15-53-22
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    වෙඩි තැබීමෙන් පසු පාර සුද්ධ කරලා

    තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක

    පිරිසිදු පානීය ජලය ඉල්ලු රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේ වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ තමා දුරකතනය ආරෝපනය කිරීම සඳහා (චාර්ජ් කිරීම) පොලිසියට ගොස් සිටි බව සැකකාර බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන කීවද වෙඩි තැබීම වූ අවස්ථාවේ ඔහු එම ස්ථානයේම සිටි බව සෙසු නිලධාරීන්ගේ ප්‍රකාශවලින් තහවුරු වන බව රහස් පොලිසිය අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය.

    වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු බ්‍රිගේඩියර්වරයාගේ නියෝග පරිදි අපරාධ ස්ථානය පිරිසිදු කර ඇති බව සෙසු උසස් යුද හමුදා නිලධාරීන්ගේ ප්‍රකාශ අනුව හෙළිවීයැයි ද රහස් පොලිසිය පිටු 14ක වැඩි දුර වාර්තාවක් මගින් අධිකරණයට දැනුම් දුන්නේය.

    රහස් පොලිසිය මෙලෙස දැනුම් දුන්නේ රතුපස්වල සිදුවීම පිළිබ`ද නඩුව ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී අද (14) කැ`දවූ අවස්ථාවේදීය.

    වෙඩි තබා තිදෙනකු ඝාතනය කිරීම, තවත් පිරිසක් ඝාතනය කිරීමට තැත් කිරීම සහ මනුෂ්‍ය ඝාතනයට ආධාර අනුබල දීමේ චෝදනා මත රිමාන්ඩ් බාරයේ සිටින යුද හමුදා බ්‍රිගේඩියර් අනුර දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු සිව් දෙනා බන්ධනාගාරය විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.

    රතුපස්වල සිදුවීම සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් මුලින් විමර්ශන සිදු කළ අතර පසුව නීතිපති උපදෙස් මත රහස් පොලිසියට පරීක්ෂණ බාර දෙනු ලැබීය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති රවී සේනාරත්න, අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සුදත් නාගහමුල්ල සහ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර මහත්වරුන්ගේ මගපෙන්වීම යටතේ සහකාර පොලිස් අධිකාරී බී එස් තිසේරා මහතාගේ මෙහෙයවීමෙන් විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහත්වරු විමර්ශන සිදු කළහ.

    යුද හමුදා වෙඩි තැබීමෙන් මිය ගිය රමිල රවිශාන් පෙරේරා නම් පාසල් සිසුවා මිය ගිය අතුරු මාර්ගය කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේඥ අජිත් තෙන්නකෝන් මහතා ලවා ස්ථානීය පරීක්ෂණයට ලක් කළ බවත්, තම මුල් අධිකරණ වෛද්‍ය වාර්තාව හා සාක්කිකරුවන් ප්‍රකාශ කරන අපරාධ ස්ථානය ගැලපෙන බවට තෙන්නකෝන් මහතා තහවුරු කළ බවත් රහස් පොලිසිය ප්‍රකාශ කළේය.

    වෙඩි තැබීම සිදුවූ වැලිවේරිය නගරයට යෑමට පෙර බ්‍රිගේඩියර් ශාන්ත දිසානායක විසින් යුද හමුදා සන්නද්ධ යතුරුපැදි 10 ක් සහ යුනිකෝන් රථ තුනක් සමඟ භට පිරිස් එවා ඇතැයි ද, වැලිවේරිය වෙඩි තැබීම වන අවස්ථාවේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා එම ස්ථානයේ සිටි බවට සෙසු යුද හමුදා සාමාජිකයන්ගේ ප්‍රකාශවලින් තහවුරු වන බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    වෙඩි තැබීමේ සිදුවීමෙන් පසු බ්‍රිගේඩියර්වරයාගේ නියෝග පරිදි මාර්ගය පිරිසිදු කළ බවත්, පාර පිරිසිදු කිරීම පොලිසියේ රාජකාරියක් නිසා යුද හමුදාව එය නොකළ යුතු බව බ්‍රිගේඩියර්ට ප්‍රකාශ කළ ද පලක් නොවූ බවත් ලූතිනන් කර්නල්වරුන් දෙදෙනකු වන සෝලංගආරච්චි සහ විමලරත්නගේ ප්‍රකාශවලින් අනාවරණය වූ බව රහස් පොලසිය දැනුම් දුන්නේය.

    පරීක්ෂණ කටයුතු තවමත් අවසන් නැතැයි දැනුම් දුන් රහස් පොලිසිය සැකකාර බ්‍රිගේඩියර්වරයා සහ යුද හමුදා මාණ්ඩලික සැරයන් ඩිංගිරි අරුණගේ සිරිසේන, සැරයන් ලලිත් ග්‍රේ සහ කෝප්‍රල් ජයසුන්දර මුදියන්සේලාගේ තිලකරත්න යළි රිමාන්ඩ් කරන ලෙස ඉල්ලා සිටියේය.

    ඒ අනුව සැකකරුවන් සිව් දෙනා ලබන 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතා නියෝග කළේය.

    අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් මුණසිංහ මහතා සහ උප පොලිස් පරීක්ෂක උපාලි බණ්ඩාර මහත්වරු පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූහ. නීතීඥ ජයන්ත දෙහිඅත්තගේ මහතා අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටියේය.


    - http://www.lankadeepa.lk/latest_news/වෙඩි-තැබීමෙන්-පසු-පාර-සුද්ධ-කරලා/1-513917
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    රතුපස්වලදී වෙඩිතැබූ බ්‍රිගේඩියර් දේශප්‍රියට යුද හමුදාවෙන්ම චෝදනා

    (තරිඳු ජයවර්ධන සහ ටෝනි කරුණානායක)

    රතුපස්වල ප්‍රදේශවාසීන්ට වැලිවේරියේදී වෙඩි තැබීම සම්බන්ධයෙන් යුද හමුදාවෙන් මූලික පරීක්ෂණ උසාවියක් පවත්වා ඇතැයි ද, සිද්ධියෙන් මාසයක් ඇතුළත එම විමර්ශන අවසන් කර නිගමන ඉදිරිපත් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (14) ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් ඩී ඒ රුවන් පතිරණ මහතාට දැනුම් දුන්නේය.

    මේජර් ජනරාල් ජගත් ඩයස් මහතාගේ ප්‍රධානත්වයෙන් පස් දෙනකුගෙන් යුත් මූලික පරීක්ෂණ උසාවි වාර්තාවේ නිර්දේශ සඳහන් කොටසේ පිටපතක් රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකය අද (14) අධිකරණයට ඉදිරිපත් කළේය.

    මේජර් ජනරාල් ජගත් ඩයස්, බ්‍රිගේඩියර් ජේ. ජයවීර, බ්‍රිගේඩියර් සිල්වා, කර්නල් වීරකෝන් සහ ලූතිනන් කර්නල් නානායක්කාර මහත්වරුන් එම මූලික පරීක්ෂණ උසාවිය පවත්වා තිබේ. 2013 අගෝස්තු අට වැනිදා ආරම්භ කර ඇති මෙම මූලික පරීක්ෂණ උසාවිය අගෝස්තු 21 වැනි දා අවසන් කර ඇත.

    එම මූලික පරීක්ෂණ උසාවි වාර්තාවේ නිරීක්ෂණවල අංක 76 යටතේ සඳහන් කර ඇත්තේ නීති විරෝධී රැස්වීමක් විසිරවීමට අනුගමනය කළ යුතු මූලධර්ම වැලිවේරියේ සිදුවීමේදී යුද හමුදාව උපයෝගී කරගෙන නැති බවයි. එහි අංක 77 යටතේ සඳහන් කර ඇත්තේ තුවාලකරුවන් ඉවත් කිරීම ද නිසි ආකාරව කර නැති බවයි.

    එමෙන්ම මෙම උද්ඝෝෂණය ගැන ලැබුණු බව කියන බුද්ධි තොරතුරු බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා උසස් හමුදා මූලස්ථානයට දැනුම් දී නැතැයි ද, යුද හමුදා පිරිස අතර නිසි තොරතුරු හුවමාරුවක් සිදුවී නැතැයි ද එම වාර්තාවේ සඳහන් කර තිබේ. මෙම සිද්ධිය ගැන ප්‍රකාශ ලබා ගැනීමට මාධ්‍යවේදීන් කැඳවා ඇතත් ඔවුන් නොපැමිණි නිසා මාධ්‍යවේදීන්ට හිරිහැර සිදුවීම ගැන නිශ්චිත යමක් කිව නොහැකි බව ද මූලික පරීක්ෂණ උසාවිය සඳහන් කරයි.

    මූලික පරීක්ෂණ උසාවි නිරීක්ෂණවල අංක 97 යටතේ සඳහන් කර ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන මහතා උද්ඝෝෂණය ගැන නිසි තක්සේරුවක් කර නැති බවයි. එමෙන්ම අවම බලය ගැන අවධානය යොමු නොකිරීම සහ ඊට අනුව වෙඩි පාලන අණ නිකුත් නොකිරීම ද මූලික පරීක්ෂණ උසාවිය නිරීක්ෂණය කර තිබේ.

    එසේම නීති විරෝධී රැස්වීමක් විසිරුවා හැරීම සඳහා වන පිළිගත් ක්‍රමවේදය අනුගමනය නොකිරීම ද ඔවුන් නිරීක්ෂණය කර ඇත. එසේම වැලිවේරියේදී මුලින්ම වෙඩි තබා ඇත්තේ යුනිකෝන් රථයේ සිටි යුද හමුදා සාමාජිකයන් දෙදෙනකු බව ද එම වාර්තාවේ සඳහන්ය.

    එහි අංක 103 යටතේ සඳහන් කර ඇත්තේ මරණ හා තුවාල සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂණ අනුව ඉදිරි පියවර ගත යුතු බවයි.
    1949 යුද හමුදා පනත අනුව වරදවල් කර ඇති නිලධාරීන්ට එරෙහිව විනයානුකූලව පියවර ගත යුතු බව නිගමනය කර ඇති යුද හමුදා මූලික පරීක්ෂණ උසාවිය එම වාර්තාවේ අංක 104 යටතේ දක්වා ඇත්තේ බ්‍රිගේඩියර් දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු නිලධාරීන් පස් දෙනෙකු අණ දීමේ තනතුරුවලින් ඉවත් කළ යුතු බවද නිර්දේශ කර තිබේ.


    - http://www.lankadeepa.lk/latest_new...ියර්-දේශප්‍රියට-යුද-හමුදාවෙන්ම-චෝදනා/1-513916
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ළමයින් අතුරුදන් කළැයි නාවික හමුදා කොමදෝරු අත්අඩංගුවට

    (නිමන්ති රණසිංහ)

    2008දී කොළඹ හා අවට ප්‍රදේශවලින් පැහැරගනු ලැබූ බව කියන ළමයින් පස් දෙනකු ඇතුළු 11 දෙනකු අතුරුදන් කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් නාවික හමුදාවේ කොමදෝරු ඩී.කේ.පී.දසනායක අද(12) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
    වැලිසර නාවික හමුදා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ඔහු අද සවස රහස් පොලිසිය විසින් කරනු ලැබූ ප්‍රශ්න කිරීම්වලින් පසු අත්අඩංගුවට ගනු ලැබිණි.


    - http://www.lankadeepa.lk/latest_news/ළමයින්-අතුරුදන්-කළැයි-නාවික-හමුදා-කොමදෝරු-අත්අඩංගුවට/1-515057


    කප්පම් සඳහා සිසුන් පැහැරගෙන ඝාතනය කළ නාවික හමුදා සුදු වෑන් කල්ලියේ ප්‍රධානියෙක් වූ හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකයා අත් අඩංගුවට

    1-515057


    (ලංකා ඊ නිව්ස් -2017.ජුලි.12, ප.ව‍‍‍‍‍‍.6.30) රාජපක්ෂලාගේ වනචර දශකයේ දී දෙහිවල, මට්ටක්කුලියේ සහ ත්‍රිකුණාමලයේ පදිංචි උසස් පෙළ සමත්ව විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබා සිටි දෙමළ, සිංහල සහ මුස්ලිම් ධනවතුන්ගේ දරුවන් 10 දෙනෙකු කප්පම් සඳහා පැහැරගෙන ගොස් කප්පම් රැගෙන පසුව ඝාතනය කිරීමේ කුරිරු අපරාධය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවෙකු වූ නාවික හමුදාවේ හිටපු මාධ්‍ය ප්‍රකාශකයා වූ කොමදෝරු ඩී.කේ.පී දසනායක අද වැලිසර නාවික හමුදා රෝහලේ දී රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේ ය.

    තමන් අත් අඩංගුවට ගැනීමට යන බව දන්නා දසනායක හමුදා රෝහලට ඇතුලත්ව සිටි අතර රට යෑමට සූදානම්ව සිටියේ ය.

    මෙම සාහසික අපරාධය සම්බන්ධයෙන් ධම්මික අනිල් මාපා නමැති ලුතිනන් කොමාන්ඩර් වරයෙකු පළමුවරට අත් අඩංගුවට ගත් අතර පසුව කොමදෝරු සුමිත් රණසිංහ, ප්‍රධාන නාවික ලක්ෂ්මන් උදය කුමාර ඇතුළු නාවික හමුදාවේ පිරිසක් අත් අඩංගුවට ගෙන දැනටමත් රිමාන්ඩ් බන්ධනාගාරයේ පසුවේ.

    ඩී.කේ.පී දසනායක ඇතුළු මෙම ඝාතන කල්ලිය පාසැල් සිසුන්ට අමතරව කටුනායක ගුවන් තොටුපොලේ කුලී රථයක් ලෙස වෑන් රියක් හයර් කළ ලෝගනාදන් සහ පරමනාදන් නමැති වෑන් රියේ හිමිකරුවා සහ රියැදුරා පැහැර ගෙන කප්පම් ලබා ගෙන මරා දමා වෑන් රිය නාවික හමුදාව භාවිතා කළ බවද සාක්කි සහිතව හෙළි වී තිබිණ.

    මෙම අපරාධ කල්ලිය පිලිබඳ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩද දැනුවත්ව සිටි අතර මෙහි ප්‍රධාන සැකකරුවා වන්නේ කරන්නාගොඩගේ පුද්ගලික සහකාරයා ලෙස කටයුතු කළ නේවී සම්පත් හෙවත් සම්පත් මුණසිංහ වේ.

    මේ අපරාධය සම්බන්ධයෙන් පළමුවරට තොරතුරු හෙළිදරව් කෙළේ ලංකා ඊ නිව්ස් විසිනි.


    - http://www.lankaenews.com/news/6041/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අත්අඩංගුවට

    (තරිඳු ජයවර්ධන)

    යාපනයේ ශිවයෝගනාදන් විද්‍යා දැරිය ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු වන ස්විස් කුමාර්ට රැකවරණය දීම සහ පැන යෑමට ආධාර අනුබල දීමේ චෝදනාවට සැකපිට මධ්‍යම සහ ඌව පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ඒ ජයසිංහ මහතා මීට ටික වේලාවකට පෙර රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබීය.


    ඔහු කයිට්ස් මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


    - http://www.lankadeepa.lk/top_story/ජ්‍යෙෂ්ඨ-නියෝජ්‍ය-පොලිස්පති-ලලිත්-ජයසිංහ-අත්අඩංගුවට/10-515156

    වසර දෙකකට පසු යුක්තිය ඉටු වේ: විද්‍යා දැරියගේ ඝාතකයාට පැන යන්න හදා දුන් ජ්‍යෙ.නි.පොලිස්පති ලලිත් ජයසිංහ අත් අඩංගුවට: මධ්‍යම ඌව පොලිස් නිලධාරීහු පාටි දමති

    Lalith-_Jayasinghe-_SDIG-_Arrested.jpg


    ශ්‍රී ලංකාවේ නීති ගරුක පුරවැසියන් අමන්දානන්දයට පත් කරමින් වසර දෙකක් තිස්සේ නිදැල්ලේ සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ අද දහවල් රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගන්නා ලදී. (රාජකාරි කරද්දී අපරාධයකට අත් අඩංගුවට ගත් දෙවන ජ්‍යෙ.නි.පොලිස්පතිවරයා මොහුය. පළමුවැන්නා වාස් ගුණවර්ධන ය. අනුර සේනානායක අත් අඩංගුවට ගත්තේ විශ්‍රාම ගැනීමෙන් පසුව ය.)

    ලලිත් ජයසිංහ අද අත් අඩංගුවට ගත්තේ යාපනයේ පුංගුඩුතිව්හි විද්‍යා දැරිය සමූහ දූෂණය කර ඝාතනය කිරීමේ ප්‍රධාන සැකකරුවා වූ මහාලිංගම් සිවකුමාර් හෙවත් ස්විස් කුමාර් ජනතාව විසින් අත් අඩංගුවට ගෙන පොලිසියට බාර දීමෙන් පසුවත් ඔහුට පැන යෑමට ඉඩ සැලැස්වීම හේතුවෙනි.

    ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගත්තේ දණ්ඩ නීති සංග්‍රහයේ 209 වගන්තිය යටතේ ය. එහි මෙසේ දැක්වේ. “ යම් වරදක් කරනු ලැබූ වරදකරුවෙකු යයි තමා දන්නා වූ හෝ වරදකරු යයි විශ්වාස කිරීමට කරුණු ඇත්තා වූ තැනැත්තෙකු නීත්‍යාණුකූල දඬුවමෙන් ආවරණය කර ගැනීමේ අදහසින් ඔහුට නවාතැන් දීම හෝ ඔහුව සැඟවීම හෝ ඔහුට උපකාර කිරීම හෝ ඔහුව නඩත්තු කිරීම වරදකි.“

    ඉහත වරදට ලලිත් ජයසිංහට හිමි විය යුතු දඬුවම ද දණ්ඩ නීති සංග්‍රහයේ දැක්වේ. එ් අනුව ස්විස් කුමාර් යනු මරණ දණ්ඩනය හිමි විය යුතු වරදක් කර ඇති අයෙකු නිසාත් ඔහුට පැන යෑමට උදව් කිරීම නිසාත් ලලිත් ජයසිංහට වසර 5 ක බරපතල සිර දඬුවම් සහ දඩයක් හිමි විය යුතුය. නමුත් නීතිගරුක පුරවැසියන්ගේ මතය නම් නීතිය රැකීමට සිටින මෙතරම් ඉහළ නිලධාරියෙකු මෙම වරද කළ නිසා දඬුවම දෙගුණයකින් වැඩි කළ යුතු බවයි.

    මේ තිරිසන් සිද්ධිය වූයේ 2015 මැයි 13 දා ය. පසුව විශාල ජනතා විරෝධයක් පැන නැගී පොලිසියට අධිකරණයට පවා පහර දුන්හ. එහිදී ලංකා ඊ නිව්ස් “පුංගුඩුතිව් පාසැල් දැරිය සමූහ දූෂණය කර මරා දැමීම සහ පසුව නැගී ආ කැරලිකාරිත්වය ගැන ඇත්ත මෙන්න: වගකීම පොලිසිය තුල සිටින කුමන්ත්‍රණ කරුවන්ගේ“ නම් ප්‍රවෘත්තියකින් සිද්ධිය ගැන සත්‍ය හෙළිකරමින් මැයි 21 දා කියා සිටියේ ජනතාව ප්‍රකෝප වූයේ අන් කිසිවක් නිසා නොව ජනතාව අත් අඩංගුවට ගෙන බාර දුන් ස්විස් කුමාර්ට පැන යෑමට පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ ඉඩ හසර සලසා දුන් නිසා බවයි.

    ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් ජයසිංහ වනාහී අංක එකේ රාජපක්ෂවාදී සට්ටැඹියෙකි. කෙතරම් දැයි කිවහොත් රාජපක්ෂලා මීට පෙර රාජපක්ෂලාගේ නීති විරෝධී කාරියන් ඉටු කරවා ගැනීම සඳහා දකුණ බාරව තබා ගත්තේ ලලිත් ජයසිංහවය. මැයි 18, 19 දිනයන් යනු උතුරේ ජනතාව යුද්දයෙන් මිය ගිය වුන් සමරන දිනයන් වන අතර ඒ දිනවල උතුරේ ජනතාවගේ හැඟීම් උත්සන්න වන දින බව දැන දැනම ජනතාව අත් අඩංගුවට ගෙන බාර දුන් සමූහ දූෂකයා සහ ඝාතකයා ලලිත් ජයසිංහ විසින් නිදහස් කර හරින්නේ ජනතාව ප්‍රකෝප කරවීමේ අරමුණිනි. පසුව ප්‍රකෝප වූ මිනිසුන් 125 ක් පමණ අත් අඩංගුවට ගෙන දඬුවම් කළහ. මිනිසුන් නිකරුණේ දඬුවම් කෑවේ ලලිත් ජයසිංහ නිසාය.

    සිද්ධිය ගැන පරීක්ෂණ පැවැත්වූ රහස් පොලිසියට ලලිත් ජයසිංහ කළ වනචර ක්‍රියාව ගැන සාක්කි ලැබුණු අතර ඔහුව අත් අඩංගුවට ගැනීමට නීතිපතිවරයාගෙන් උපදෙස් ඉල්ලීය. වසර දෙකක් තිස්සේ නීතිපති අවසරය නොලැබුණි.

    පසුගියදා කයිට්ස් මහාධිකරණයේ දී ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ විද්‍යා නඩුව එක දිගට විභාගයට ගැණෙනවාත් සමග ස්විස් කුමාර් නමැති ප්‍රධාන සැකකරුට පැන යාමට ලලිත් ජයසිංහ ඉඩ දුන් බව යලි යලිත් හෙළි විය. සමහර මාධ්‍ය ඒ ගැන ප්‍රශ්න කෙරිණ. මේ තත්ත්වය යටතේ නීතිපතිවරයා ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගැනීමට රහස් පොලිසියට අවසර දුන්නේ ය. ඒ අනුව අද උදෑසන සීඅයිඩියට පැමිණෙන ලෙස ලලිත් ජයසිංහට දැනුම් දුන් අතර ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමෙන් පසු රහස් පොලිසිය විසින් ඔහුව අත් අඩංගුවට ගත්තේ ය. මේ වන විට ඔහු කයිට්ස් අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා කයිට්ස් බලා රැගෙන යමින් සිටී.

    අත් අඩංගුවට ගනිද්දී ඔහු මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ අතර ඌව පළාතේ ද වැඩ බලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා විය. මොහුගේ තිරිසන් වැඩ නිසා මේ වන විට සේවය අතහැර ගිය පොලිස් නිලධාරීන් එමට ය. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගත් බව ආරංචි වීමත් සමග මධ්‍යම පළාතේ සහ ඌව පළ‍ාතේ මොහුගෙන් පීඩාවට පත්ව සිටි පොලිස් නිලධාරීහු උත්සව පැවැත්වීමට සූදානම්ව සිටිති.

    පසු සටහන:

    ලලිත් ජයසිංහ වැනි පරයන් තිරශ්චීන මිනීමරුවන්ට පැන යෑමට ඉඩ සලසද්දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වැනි අවංක නිලධාරීන් ගැනද සඳහන් කළ යුතුය. මෙම නඩුව විභාගයට ගත් ප්‍රථම දිනයේ දී රජයේ නීතිඥවරයා අධිකරණය අමතමින් කියා සිටියේ විද්‍යා ඝාතනය ගැන පරීක්ෂණ කරද්දී මිනීමරුවන් බේරීමට පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වාට මිලියන 2 ක් අල්ලස් මුදල් දීමට හැදුවත් ඔහු එය ලබා නොගෙන වැරදි කරුවන් අධිකරණයට ඉදිරිපත් කළ බවයි. අද ලලිත් ජයසිංහ අත් අඩංගුවට ගත්තේ ද රහස් පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතාය. මෙවැනි නීති ගරුක නිලධාරීන්ට පමණක් නොව ඔවුන්ගේ අඹු දරු මුණුපුරන්ට පවා රටේ නීතිගරුක පුරවැසියන්ගේ සදාතනික ආශිර්වාදය ලැබෙනු නිසැකය.


    - http://www.lankaenews.com/news/6054/si
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    වසීම් තාජුඩීන් ඝාතනය ; ආනන්ද සමරසේකර අත් අඩංගුවට නොගැනීමට හේතු ඉල්ලයි

    - Jul 28, 2017

    කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර අත් අඩංගුවට නොගැනීම පිළිබඳව හේතු පැහැදිලි කරන ලෙස කොළඹ අංක 03 මහේස්ත්‍රාත් අධිකරණයෙහි විනිසුරු ලියෝන් ට්‍රොට්ස්කි මහතා විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කර තිබේ. ඝාතනයට ලක් වූ රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් වෛද්‍ය ආනන්ද සමරසේකරට චෝදනා එල්ල වී ඇත.

    තාජුඩීන්ගේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ආනන්ද සමරසේකර අධිකරණ වෛද්‍ය නිලධාරියා වරදකරුවකු බවට පසුගිය දා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මඟින් තීරණය කර තිබුණු අතර ඒ අනුව ඔහුගේ වෛද්‍ය බලපත්‍රය මාස 06කට තහනම් කිරීමට ද තීන්දු කර තිබිණි. වසීම් තාජුඩීන්ගේ මරණ පරීක්ෂණය පැවැත්වූ ආනන්ද සමරසේකර ඇතුළු කණ්ඩායම නිසි ක්‍රමවේදයකින් සහ වගකීමකින් තොරව කටයුතු කිරීම හේතුවෙන් මෙසේ අස්ථි කොටස් අස්ථානගත වී ඇති බවට ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් පැවැත් වූ පරීක්ෂණයේ දී හෙළිදරව් වී තිබිණි.

    එසේම මේ වන විට වෛද්‍ය ආනන්ද සමරසේකර නීතිපති දෙපාර්තමේන්තුවට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එක් එක් පුද්ගලයින් හරහා පණිවිඩ පිට පණිවිඩ යවමින් තමන් රජයේ සාක්ෂිකරුවකු වී සියල්ල හෙළිදරව් කිරීමට සූදානම් බව ප්‍රකාශ කරමින් සිටින බව වාර්තාවේ. නීතිපති දෙපාර්තමේන්තුව සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තම්න්තුව මේ සම්බන්ධයෙන් දෙබලක සිර වී සිටින ආකාරයක් පෙන්නුම් කරන බව ද වැඩි දුරටත් වාර්තා වේ.

    කෙසේ වෙතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ආනන්ද සමරසේකරව දැනට අත් අඩංගුවට නොගැනීමට හේතුවී ඇත්තේ ඔහු විසින් ශ්‍රේෂ්ටාධිකරණයෙහි ගොනු කර ඇති මූලික මිනිස් අයිතිවාසිකම් පෙත්සමකි . තමන්ව අත් අඩංගුවට ගැනීම වළක්වාලන මෙන් ඉල්ලා වෛද්‍ය ආනන්ද සමරසේකර විසින් ගොනුකර ඇති පෙත්සම අගෝස්තු මාසයේදී විභාගයට ගැනීමට නියමිතව ඇත.


    - http://sinhala.lankanewsweb.net/news/item/10018-2017-07-28-18-24-20
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    විද්‍යා ඝාතනයේ සැකකරු නිදහස් කිරීම - ලලිත් ජයසිංහ පසුපස ළමා කටයුතු ඇමතිනියත්

    215 මැයි 13 වන දා සිවලෝගනාදන් විද්‍යා දැරියව පැහැරගෙන ගොස් සමූහ දූෂණයකට ලක් කොට ඝාතනය කිරීම මුළු මහත් ලාංකේය සමාජය ම සසල කළ සිදුවීමක් විය. එම සිසුවියව වධ බන්ධනයන්ට ලක් කොට ඝාතනය කර තිබූ කුරිරු ආකාරය එම කාමාතුර අපරාධකරුවන් කෙරෙහි රට ම පාහේ කෝපාග්නියෙන් අවුළුවා ලීය. එහෙත් දැන් වාර්තා වන කරුණු අනුව එකී අපරාධකරුවන් කෙරෙහි පතළ මහා කරුණාවෙන් යුතුව අපරාධකරුවන්ට උපකාර කරන්නට ඉදිරිපත් වී ඇති සංවිධාන ජාලය ද සුළු පටු නොවේ.

    මෙම නින්දිත අපරාධයෙහි ප්‍රධාන සැකකරු වන මහාලිංගම් ශශීකුමාර් හෙවත් ස්විස් කුමාර් නමැත්තාව යාපනය, කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශවාසීන් විසින් කොටු කරගෙන තිබියදී ඔහුව පොලිස් භාරයට ගෙන, ඔහුට පළා යන්නට ඉඩ සලසා දී තිබුණේ එවකට යාපනය ප්‍රදේශය භාර ජ්‍යේෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා වූ ලලිත් ජයසිංහ විසිනි. ලලිත් ජයසිංහ සහ කොළඹ විශ්ව විද්‍යාලයේ නීති පීඨයේ පීඨාධිපති මහාචාර්ය තමිල්මාරන් මීට සම්බන්ධ වූ ආකාරය අපි මීට පෙර පුවත් මඟින් හෙළිදරව් කළෙමු. දෙවසරකට පසුව හෝ ලලිත් ජයසිංහ ජ්‍යේ.නි.පො.ප. වරයා මේ සම්බන්ධයෙන් පසුගිය දා අත් අඩංගුවට ගැණුනු අතර ඔහු වැඩ තහනමකට ද ලක් කෙරිණි.

    සැකකරු නිදහස් කිරීමට ළමා කටයුතු ඇමතිනියගෙන් ඉල්ලීමක්

    වාර්තා වන අන්දමට, මහාචාර්ය තමිල්මාරන් මීට පැටලෙන්නේ ද ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේශ්වරන් නිසාය. විජයකලා මහේශ්වරන් ඇමතිනිය මහාචාර්යවරයාව අමතා " මේ කොල්ලා හොඳ එකෙක්. අපි දන්න එකෙක්. ස්විස් ඉන්නෙත්. මෙයාට මේ වෙලාවේ උදව් කරන්න. මෙයාත් ඔයාලට උදව් කරයි" යනුවෙන් ප්‍රකාශ කරමින් මහාලිංගම් සශීකුමාර් නිදහස් කරන මෙන් ලලිත් ජයසිංහට බලපෑම් කිරීමට මහාචාර්ය තමිල්මාරන්ව පොළඹවාගෙන තිබේ. ලලිත් ජයසිංහ යනු මහාචාර්ය තමිල්මාරන්ගේ ගෝලයෙකි. විජයකලාගේ ඉල්ලීම පසුපස තවත් රහසක් තිබේ. එනම් මහාචාර්ය තමිල්මාරන් ඊළඟ මැතිවරණයකදී කයිට්ස්, පුංකුඩුතිව් ප්‍රදේශය සඳහා දෙමළ ජාතික සන්ධානයෙන් තරඟ වැදීමට බලාපොරොත්තුවෙන් සිටීමයි. සශීකුමාර් යනු පුංකුඩුතිව් ප්‍රදේශයේ ජාවාරම්කාරයෙකි, වචනයෙන් ම කීවොත් 'ගේම් කාරයෙකි'. ඡන්දයකට යන විට තමිල්මාරන්ට ඔහුගේ 'උදව්' වුවමනා ය.

    විජයකලා සහ තුවාරකේශ්වරන්

    විජයකලා මහේශ්වරන් යනු හිටපු යාපනය දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ත්‍යාගරාජා මහේශ්වරන්ගේ බිරිඳයි. ටී. මහේෂවරන් ජීවතුන් අතර සිටින තාක් කළේ එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී ධුරය දරන අතර ම එක් පසෙකින් මහින්ද රාජපක්ෂ සමඟ 'ඩීල්' දමමින් සහ අනෙත් පසෙන් එල්.ටී.ටී.ඊ.යට කප්පම් ගෙවමින් උතුරු පළාතේ වෙළඳ ඒකාධිකාරයක් පිහිටුවා ගැනීමයි. මහේෂ්වරන් එල්.ටී.ටී.ඊ. ප්‍රහාරයකින් මරණයට පත්වන්නේ ද මෙකී කප්පම් ගැටළුවක් නිසා බව කියැවේ. මහේශ්වරන්ගේ මරණයෙන් පසුව මෙම වෙළඳ අධිරාජ්‍ය වෙනුවෙන් ඉදිරියට එන්නේ විජයකලා සහ මහේශ්වරන්ගේ බාල සොයුරු ත්‍යාගරාජා තුවාරකේශ්වරන් ය. ඔවුන් දෙදෙනා දෙපසකින් සටන් වදින්නේ මේ වෙළඳ අධිරාජ්‍ය බෙදාගැනීම වෙනුවෙන් ය. රාජපක්ෂලා බලයේ සිටින තාක් ඔවුන් සමඟ ඩීල් දැමූ විජයකලා සහ තුවාරකේශ්වරන් දැන් සිටින්නේ එක්සත් ජාතික පක්ෂය සෙවණෙහිය. රාජපක්ෂලා අරලියගහ මන්දිරයෙන් එළියට ඇද දැමුණත් මහේශ්වරන් පවුලේ නෑනා මස්සිනාලා තවමත් අරලියගහ මන්දිරයට රිංගති. එසේ ඉහළින් ලබා ගන්නා දේශපාලන හයියෙන් බිම් මට්ටමේ ජාවාරම්කාරයින්, චණ්ඩින් පෝෂණය කරති. ස්විස් කුමාර් සම්බන්ධයෙන් ද වූයේ මෙයයි.

    ස්විස් කුමාර් කොළඹ ගෙනාවේ කවුද ?

    තහවුරු නොකළ ආරංචිමාර්ග වලට අනුව ලලිත් ජයසිංහ විසින් මහාචාර්ය තමිල්මාරන්ගේ ඉල්ලීම අනුව නිදහස් කරනු ලැබූ ස්විස් කුමාර් කොළඹට රැගෙන විත් ඇත්තේ ද ත්‍යාගරාජා තුවාරකේශ්වරන් විසිනි. මෙය ද දේශපාලන බලය සහ ජාවාරම් බැඳී ඇති තරම මනාව පෙන්නුම් කරයි. බලය උදෙසාම විජයකලා සහ තුවාරකේශ්වරන් දෙදෙනා අතර සතුරුකමක් තිබුණ ද ජාවාරම්කරුවකු වන ස්විස් කුමාර්ට මේ දෙදෙනාගේ ම සහාය හිමිය. තුවාරකේශ්වරන්ගේ උදව් එතැනින් ද නතර වී නොමැත. විද්‍යා ඝාතන නඩුවේ අගතියට පත් පාර්ශ්වකරුවන් වෙනුවෙන් නොමිලේ පෙනීසිටින්නේ නීතීඥ කේ.වී. තවරාසා ය. නීතීඥ තවරාසාව නඩුවට සම්බන්ධ කර නොගන්නා මෙන් විද්‍යාගේ පවුලේ සාමාජිකයින්ට තුවාරකේශ්වරන් විසින් තර්ජනය කර තිබේ. මොවුන්ට දේශපාලන බලය අවශ්‍ය වන්නේ ද අවසානයේ මුදල් සෙවීම සඳහා ය. මුදල් වෙනුවෙන් ඕනෑම ජඩ වැඩක් කිරීමට මොවුන් සූදානම් ය.

    විද්‍යා ඝාතනයට හේතු

    විද්‍යා ඝාතනයේ ද කෙළවර පවතින්නේ මුදල් ය. මෙය හුදෙක් පලිගැනීමක් නම් මේ සමූහ දූෂණය සම්පූර්ණයෙන් වීඩියෝ කිරීමේ වුවමනාවක් එන්නේ නැත. සිවිස් කුමාර්ගේ අරමුණ වී ඇත්තේ මෙම සමූහ දූෂණයෙහි වීඩියෝව අන්තර්ජාලයෙහි ඉහළ මුදලකට විකුණා ගැනීම ය. ස්විස් කුමාර් කාමුක ආශාවෙන් ම පෙළඹුනා නම් ඔහු විසින් ම විද්‍යාව දූෂණය කිරීමට ඉඩ තිබිණි, එහෙත් ඔහු මෙහිදී කරන්නේ සමූහ දූෂණයේ සංවිධායකවරයාගේ භූමිකාව ය. ඔහු සිය කල්ලියට අවශ්‍ය මත්පැන් ආදිය සපයා දී ඔවුන් අර අසරණ පාසැල් දැරිය සමූහ දූෂණයට ලක් කරන අයුරු වීඩියෝ කිරීමට කටයුතු කර තිබිණි. මුදල් වෙනුවෙන් මෙතරම් තුප්පහි වැඩ කරන්නන්ට හිමිවිය යුතු දඬුවම කුමක්ද ?

    එසේම නීතියෙහි Alibi යනුවෙන් සිද්ධාන්තයක් තිබේ. මෙය අපරාධ නඩුවලදී භාවිතා කෙරෙන්නකි. සැකකරු අපරාධය සිදුවන අවස්ථාවේදී වෙනත් ස්ථානයක සිටි බව ඔප්පු කිරීම මෙහිදී සිදු වේ. ස්විස් කුමාර් මීට ද සූදානම් ව සිට ඇත. විද්‍යා දැරිය සමූහ දූෂණයට ලක්කොට ඝාතනය කෙරුණේ 2015 මැයි 13 වනදා ය. ස්විස් කුමාර් විසින් වැල්ලවත්තේ ලැගුම් හලක් මැයි 12,13,14,15 යන දින සඳහා කලින් ම වෙන් කර මුදල් ගෙවා එහි රිසිට්පත් ද ලබාගෙන තිබිණි. ඔහුගේ උත්සාහය වී තිබුණේ තමා එදින වැල්ලවත්තේ සිටි බව අධිකරණයට ඔප්පු කිරීම ය. එහෙත් ලැගුම්හලෙහි හිමිකරු සාක්ෂි දෙමින් ස්විස් කුමාර් 12,13 දෙදින තුළ ලැගුම් හලෙහි නොසිටි බවත් ඔහු ලැගුම් හලට පැමිණියේ 14 වනදා බවත් ප්‍රකාශ කර තිබිණි. කෙසේ වෙතත් මින් පැහැදිලි වන්නේ ස්විස් කුමාර් නම් ජාවාරම් කරුවා මෙම අපරාධය සඳහා කොතෙක් දුරට සංවිධානය වී සිටියේද යන්න ය. එමෙන් ම ඔහුව විජයකලා සහ තුවාරකේශ්වරන් වැන්නන්ට මෙතරම් වටින්නේ ද මේ සංවිධානාත්මක බව නිසාමය යන්න ය.

    පාතාල සංස්කෘතිය

    මේ හරහා කියැවෙන තවත් කරුණක් වන්නේ යාපනය ප්‍රදේශයේ දැනට පවතින 'පාතාල පන්නයේ සංස්කෘතිය'යි. මෙහි කූට ප්‍රාප්තියක් වූයේ පසුගිය දා විද්‍යා ඝාතන නඩුවේම විනිසුරුවරයකු වෙත යාපනය නල්ලූර්හි දී එල්ල වුණු වෙඩි ප්‍රහාරයයි. යාපනය ප්‍රදේශය අද හන්දි ගානේ ඉන්නා චන්ඩින්ගේ සැණකෙළි බිමක් බවට පරිවර්තනය වෙමින් තිබේ. ඔවුන්ට රැකවරණ සපයන්නේ දේශපාලන බලාධිකාරියයි. විජයකලා මහේෂ්වරන් සහ තුවාරකේශ්වරන් අතර ද බලය වෙනුවෙන් ගැටුම් තිබේ. එහෙත් දෙදෙනාම විද්‍යා ඝාතනයේ මහමොළකරු මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී තිබේ. මින් පෙන්නුම් කෙරෙන්නේ බලය ඇති උදවිය බලය පවත්වා ගැනීම වෙනුවෙන් ප්‍රාදේශීය චණ්ඩින්ට, ජාවාරම්කරුවන්ට අල්ලස් දීමේ, නඩත්තු කිරීමේ නින්දිත ස්වරූපයයි.

    ටී. මහේශ්වරන් ජීවත්ව සිටියදී යාපනය ප්‍රදේශයේ ඔහුව හැඳින්වුණේ භූමිතෙල් මහේශ්වරන් නමිනි. ඔහුගේ වෙළඳ අධිරාජ්‍ය සතුව ජාවාරම් රාශියක් තිබිණි. අද ඒවායේ උරුමකරුවන් වී සිටින්නේ විජයකලා සහ තුවාරකේශ්වරන් ය. දැනට අත් අඩංගුවෙහි පසුවන හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා ද සම්බන්ධ ඕස්ට්‍රේලියාවට නීතිවිරෝධී සංක්‍රමණිකයින් ගෙනගිය මිනිස් ජාවාරමෙහි ද ඉහළින් ම විජයකලා මහේශ්වරන්ගේ නම සඳහන් ය. මෙම ජාවාරම් ජාලයෙහි කෙළවරක ස්විස් කුමාර් ද සාමාජිකයෙකි. විද්‍යා ඝාතනය හරහා අපට කියවාගැනීමට හැකිවන්නේ මෙකී නින්දිත, ජඩ ජාවාරම් ජාලය කොතෙක් පුළුල්ද කොතෙක් බලවත්ද යන්නයි.

    එමෙන් ම තුවාරකේශ්වරන් විසින් මේවන විට සයිබර් පාතාල සංස්කෘතියක් ද හඳුන්වා දෙමින් සිටියි. ඔහු සිය ෆේස්බුක් ගිණුම පුරවාගෙන සිටින්නේ අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ප්‍රබලයන් හා ඔහු පෙනී සිටින ඡායාරූප වලිනි. එයින් තමන් සතු දේශපාලන බලය පෙන්වන මොහු තමන්ට එරෙහිවන ව්‍යාපාරිකයින්ට එම ෆේස්බුක් ගිණුම හරහා අවලාද නඟමින් පහර දෙයි.

    දෙවරක් තැළෙන යාපනය

    අද (25) දිනයේ විද්‍යා ඝාතන නඩුවෙහි ලලිත් ජයසිංහ වෙනුවෙන් පෙනී සිටිමින් ජනාධිපති නීතීඥ කාලිංග ඉන්ද්‍රතිස්ස ප්‍රකාශ කළේ ද මෙහි සම්බන්ධතා ජාලය පිළිබඳව ය. පැය දෙකක දීර්ඝ දේශනයක් කරමින් ඔහු සඳහන් කළේ මෙම පාතාල සංස්කෘතික ස්වභාවය සහ සැකකරු මුදවාගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති පාර්ශ්ව ගණනාව පිළිබඳව ය. එදා රාජපක්ෂ යුගයේ දී ඩග්ලස් දේවානන්දාගේ ගෝලයින්ගෙන් බැට කෑ යාපනයට අද රනිල් + මෛත්‍රී යුගයේ දී විජයකලාලාගේ තුවාරකේශ්වරන්ලාගේ ගෝලයින්ගෙන් බැට කන්නට සිදුව තිබේ. 'ගහ යට වැහි දෙකයි' කියා කතාවක් තිබේ. කුල පීඩනය තුළ කොහොමත් පසුගාමී යාපනය සමාජය 'පාතාල පන්නයේ සංස්කෘතිය' තුළ දෙවැනි වතාවටත් තැළෙන්නේ ඒ ආකාරයෙනි. මෙය සාමාන්‍ය ජනතාව තළා පෙළනා විෂම සංවිධාන ජාලයක් වී තිබේ.

    මේ අනුව බලන කල විද්‍යා නම් 18 හැවිරිදි පාසැල් සිසුවිය පැහැරගෙන ගොස් සමූහ දූෂණයට ලක්කොට කුරිරු ලෙස වධහිංසා පමුණුවා මරා දැමීමේ අපරාධයෙහි ප්‍රධාන සැකකරුවා මුදවා ගැනීම වෙනුවෙන් ක්‍රියාත්මක වී ඇති බලවේග ද අති ප්‍රබල ය. ඒ අතර රටේ දැනට ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ධුරය හොබවන්නියත් සිටිනා විට එවන් රටක ළමයින්ගේ ආරක්ෂාව ගැන අප පිහිට පැතිය යුත්තේ කාගෙන්ද ?


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/9960-2017-07-25-18-32-37
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    යෝෂිතගේ කකුල ආයෙත් ලෙඩවෙලා !

    අද (28) පෙ.ව. 10 ට කොළඹ රහස් පොලිස් මූලස්ථානයට පැමිණීමට නියමිතව සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවන පුත් යෝෂිත රාජපක්ෂ, සිය නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලීසිය වෙත දන්වා ඇත්තේ සිය පාදයක ශල්‍යකර්මයක් සිදුකර ඇති බැවින් අද දින පැමිණීමට නොහැකි බවයි. එකී පාදය යථා තත්වයට පත්වන තෙක් 'අවදානම් ගමන් බිමන්' නොකරන ලෙස වෛද්‍යවරුන් ලබාදී ඇති උපදෙස් මත සම්පූර්ණ ඇඳසුවයෙන් විසීමට (Strict bed rest) තමා තීරණය කර ඇති හෙයින් මසකට පසු වෙනත් දිනයක් ලබාදෙන ලෙස ඉල්ලා ඇති බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කර සිටී.
    කණිෂ්ට නාවික හමුදා නිළධාරී යෝෂිත රාජපක්ෂ මීට පෙර වතාවකදී ඔහු වෙත මහේස්ත්‍රාත් උසාවිය පණවා තිබූ ඇප කොන්දේසි ලිහිල් කරවා ගැනීම සඳහා කොළඹ මහාධිකරණය වෙත ඉල්ලුම්පතක් ඉදිරිපත් කරමින් ඉල්ලා සිටියේ සිය පාදයේ ශල්‍යකර්මයක් සිදුකිරීම සඳහා ඕස්ට්‍රේලියාව කරා යාමට අවසර දෙන ලෙසයි. එසේ ඉල්ලා දින දෙකකට පසු ඔහු කොළඹ සිට මීගමුව දක්වා මැරතන් ධාවන තරගයක යෙදී සිටින ඡායාරූප සමාජ මාධ්‍ය ජාලාවල පළවිය. ඔහුට එසේ ඕස්ට්‍රේලියාව කරා යාමට අවශ්‍ය වී තිබුණේ සිය පෙම්වතිය බැලීමට මිස ශල්‍යකර්මයක් සඳහා නොවන බව ඔහුගේ සමීපතමයන් අපවෙත සඳහන් කළහ.

    යෝෂිතගේ පාදයේ ආබාධය ගැන හොඳින් දන්නා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිළධාරීන් රහස් පොලිස් නිළධාරීන් වෙත නියෝග කර ඇත්තේ නැවතත් ලබන සතියේ පැමිණෙන ලෙස මවට සහ පුතුට නොතීසි නිකුත් කරන ලෙසයි. ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ නීතිඥයන්ද රහස් පොලීසියට දන්වා එවා ඇත්තේ සිය සේවාදායිකාවට අවශ්‍ය ලියකියවිලි සකස් කරගැනීමට ඇති බැවින් ඒ සඳහා සැප්තැම්බර් මස දිනයක් ලබාදෙන ලෙසයි.

    නීතිඥයන්ගේ ඉල්ලීම එසේ වුවද නීතිපති දෙපාර්තමේන්තුව රහස් පොලීසියට උපදෙස් දී ඇත්තේ කෙසේ හෝ ලබන සතිය තුළ මෙම දෙදෙනා ගෙන්වා ගෙන කටඋත්තරයක් ලබාගන්නා ලෙසයි. එසේ පැමිණීමට අපොහොසත් වන්නේ නම් අධිකරණයට කරුණු වාර්තා කොට ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙසට උපදෙස් ලැබී ඇත.

    මේ අතර රාජපක්ෂ පවුලට සමීප ආරංචි මාර්ග පවසන්නේ ශිරන්ති රාජපක්ෂ මහත්මිය සාස්තරකරුවන් කිහිප දෙනෙකුම හමුවී උපදෙස් ලබාගෙන ඇති අතර ඔවුන් සියලු දෙනා ඒකමතිකව පවසා ඇත්තේ ඇයට හා පුතුට අගෝස්තු මාසය තදබල අපල කාලයක් බැවින් රෝහල්ගත වී හෝ අගෝස්තු මාසය පසුකර සැප්තැම්බර් මාසයේ දිනයක් ලබාගැනීම වඩාත් යහපත් බවයි.

    මහින්ද රාජපක්ෂ හා නාමල් රාජපක්ෂ විවිධ තැරැව්කරුවන් හරහා ජනාධිපතිවරයා හා අගමැතිවරයා හමුවීමට උත්සාහ කරන අතර ඔවුන් දෙදෙනාම නීතිපති දෙපාර්තමේන්තුවේ සහ රහස් පොලීසියේ කටයුතුවලට මැදිහත් නොවීමට මේ දක්වා වගබලාගෙන තිබේ. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යවරයා ද මේ හා සමාන පිළිවෙතක් අනුගමනය කරමින් සිටීම පැසසිය යුතු කටයුත්තකි.


    - http://sinhala.lankanewsweb.net/news/special-news/item/10014-2017-07-28-12-06-56
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    I don’t know: Shiranthi

    Wednesday, August 16, 2017 - 01:00

    Print Edition

    z_p01-I-don.jpg


    Former First Lady Shiranthi Rajapaksa pointed to her staff when questioned yesterday about the Land Rover received by her from the Sri Lanka Red Cross Society in 2011 as the head of the Siriliya Saviya Foundation. While speculation is rife about the possible role played by the vehicle in the abduction, torture and murder of national rugby star Wasim Thajudeen in May 2012, the former First Lady was not confronted directly with this evidence, it is reliably learnt.

    She was interviewed by the police Criminal Investigation Department at length about the Land Rover Defender vehicle which she had received as a gift on August 11, 2011, from the Sri Lanka Red Cross Society nine months before the murder of Wasim Thajudeen in May 2012.

    Police were tight-lipped about the questioning, but sources close to the investigation said she responded with a stock “I don’t know” to most of the questions put to her by investigators, diverting blame on many probing questions to members of her staff.

    According to court reports by the CID, the 28-year-old national rugby player Wasim Thajudeen was sadistically tortured and murdered after being abducted late in the evening of May 16, 2012. The CID has yet to formally comment on the precise role, if any, allegedly played by the Land Rover vehicle that was officially given to Rajapaksa ostensibly for the use of her Siriliya charity.

    A separate investigation is underway over the police cover up of the May 2012 murder, which the then Senior DIG of Colombo Anura Senanayake had allegedly declared as a traffic accident. Senanayake is currently on bail after being remanded for over one year on suspicion of obstruction of justice and destroying evidence of Thajudeen’s murder.

    The Judicial Medical Officer who conducted the initial post-mortem examination, Ananda Samarasekera, is facing possible arrest for allegedly falsifying medical records, after a fresh post-mortem report indicated several critical flaws in his report, and also the disappearance of several of Thajudeen’s bones that he kept in his custody.

    An exhumation and a fresh post-mortem examination in 2015 showed that Thajudeen was repeatedly hit on the head, his teeth and pelvic bones broken, his ribs fractured and the thighs slashed using a broken glass bottle indicating sadistic torture. There were also signs that he had been repeatedly assaulted with a blunt instrument and then put inside his own Toyota Vitz car which was then set ablaze at Park Road, Colombo.

    There had been speculation that the murder was also linked to a love triangle involving Thajudeen, a Rajapaksa son and a woman who had been given a diplomatic posting and sent off to Australia by the former regime, however investigators ruled out that theory during investigations. The CID have homed in on another possible motive linked to the control of the Havelock Sports Club in which Thajudeen was a powerful figure. Members of the Rajapakse family were allegedly trying to secure control of the club against Thajudeen’s objections, according to people close to the Thajudeen family.

    Telephone calls from the former President’s office

    Minutes after Thajudeen was killed, the Officer In Charge of the Narahenpita police, where the accident took place, had received several calls from telephone numbers connected to the Presidential Secretariat. It is believed that a massive cover-up operation had been initiated without delay, and investigators also found that note books of presidential security men had vital pages destroyed. Several of them are unable to account for their movements during the period Thajudeen was abducted and killed. These bodyguards of the former president are under investigation in connection with the abduction and murder.

    Red Cross vehicle allegedly used for murder

    The Sri Lanka Red Cross had admitted that the vehicle had been gifted by the organisation to Shiranthi Rajapaksa following a request from the then government.

    The head of the Sri Lanka Red Cross, Jagath Abeysinghe, who was questioned extensively by the CID, said he was asked to make the “donation” and had posed for photographs with the then first lady and the vehicle.

    Abeysinghe, a close friend of the former first family, has maintained that he authorised the gift of the Defender to the Siriliya Saviya Foundation.

    It was not clear on what basis the Red Cross, a member of the Geneva-based International Federation of Red Cross and Red Crescent Societies, gave the vehicle to Siriliya and subsequently took it back after Rajapaksa lost elections in January 2015.

    The Sri Lanka Red Cross in a statement posted on its website said the then Social Services minister Felix Perera had requested them to give the vehicle to Siriliya and that they should “consider it a privilege” to be able to gift a vehicle to her.

    Accordingly a Defender bearing the number plate WP - KA 0642 was handed over to the Chairperson of the Siriliya Saviya Foundation Former First Lady Mrs. Shiranthi Rajapaksa on the 11th of August 2011,” the Red Cross said.

    Investigations are continuing and official sources said several high profile arrests were imminent.

    - http://www.dailynews.lk/2017/08/16/local/125310/i-don’t-know-shiranthi
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ශිරන්තිට සීඅයිඩියේ දී හදිසියේම සිංහල බැරි වෙයි..!

    සිංහල බෞද්ධයන්ගේ ගැලවුම්කරුවන් සේ පෙනී සිටින පර්සි මහේන්ද්‍ර රාජපක්ෂගේ ප්‍රිය බිරිඳ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂ “තමා සිංහල කියවීමට දන්නේ නැතැයි“ ඊයේ (16) රහස් පොලිසියේ දී කියා සිටියා ය.

    පැහැරගෙන ගොස් වධ දී ඝාතනය කර රිය අනතුරක් සේ ඇඟවූ රගර් ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ තිරශ්චීන ඝාතනය ගැන සිදුකරගෙන යන පරීක්ෂණ වලදී ඝාතකයන් භාවිතා කළ ඩිෆෙන්ඩර් රථයේ ඒ වන විට අයිතිකාරිය වූ ශිරන්ති වික්‍රමසිංහ රාජපක්ෂගෙන් ඒ පිළිබඳ කට උත්තරයක් ලබා ගැනීම සඳහා කොළඹ රහස් පොලිස් මූලස්ථානයට ඇයව ඊයේ කැඳවා තිබිණ.

    පැය ගණනාවක ප්‍රකාශය සටහන් කර ගැනීමෙන් පසු එය කියවා ඊට අත්සන් කරන්නැයි රහස් පොලිස් නිලධාරීන් ශිරන්තිට කී විට ඇය තමාට සිංහල කියවීමට දන්නේ නැතැයි කියමින් නීතිඥයාගේ සහාය අවශ්‍ය යැයි දන්වා සිටියා ය. ආරම්භයේ දී ද ශිරන්තිගෙන් ප්‍රශ්න කරද්දී තමාට හෝ තම නීතිඥයාට ලඟ සිටිය හැකිදැයි මහින්ද රාජපක්ෂ රහස් පොලිසියෙන් ඉල්ලා සිටි නමුත් රහස් පොලිසිය එය ප්‍රතික්ෂේප කර තිබිණ. (රහස් පොලිසියේ ප්‍රශ්න කිරීම් වලදී කිසිවෙකුට ලඟ සිටීමට ඉඩ දෙන්නේ නැත)

    කෙසේ වෙතත් ශිරන්ති තමාට සිංහල කියවන්නට දන්නේ නැතැයි කී බැවින් රහස් පොලිස් නිලධාරීන් ඇයගේ නීතිඥයා වූ එළියේ සිටි ජයන්ත වීරසිංහ නමැති රාජපක්ෂලාගේ නීතිඥයා ඇතුලට කැඳවා එය කියවීමට ඉඩ දෙන ලද නමුත් නීතිඥයාට දන්වා සිටියේ ප්‍රකාශයේ සඳහන් කිසිවක් වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මන්ද යත් ශිරන්තිගෙන් ප්‍රශ්න කරන ලද්දේ සිංහලෙන් වන අතර ඇය පිළිතුරු දුන්නේ ද සිංහලෙනි. ඒ අනුව සටහන් තබන ලද්දේ ද සිංහලෙනි. ඇයගෙන් ප්‍රශ්න කිරීම සහ ඇයගේ ප්‍රකාශ සම්පූර්ණයෙන්ම රහස් පොලිසිය විසින් පටිගත කර ඇති නිසාත් ඇය කියන ලද දේ මිස වෙනත් දෑ සටහන් තබා නොමැති නිසාත් නීතිඥයන්ට අවශ්‍ය ලෙස වෙනස් කිරීමට ඉඩ දිය නොහැකි යයි පැවසීය. අවසානයේ නීතිඥ වීරසිංහ ශිරන්තිගේ කට උත්තරය කියවා විරෝධයක් නොදක්වා අත්සන් කරන්නැයි ශිරන්තිට දැනුම් දුන්නේය.

    ඉන්පසුව බදුල්ලේ ඉපදී බදුල්ලේ සිංහල මොන්ටිසෝරියකින් සිංහල ඉගෙන ගෙන පසුව කොළඹට පැමිණ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ දී ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉගෙන ගත් ශිරන්ති රාජපක්ෂට හදිසියේම රහස් පොලිසියේ දී වැළඳුනු සිංහල අමතක වීමේ රෝගය සුව වී තම කට උත්තරයට අත්සන් තැබුවා ය.


    - http://www.lankaenews.com/news/6198/si
     
    • Like
    Reactions: Smartm

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,153
    20,755
    113
    හස්තිශෛලපුර
    ඉන්පසුව බදුල්ලේ ඉපදී බදුල්ලේ සිංහල මොන්ටිසෝරියකින් සිංහල ඉගෙන ගෙන පසුව කොළඹට පැමිණ හෝලි ෆැමිලි කොන්වන්ට් එකේ දී ද සිංහල සහ ඉංග්‍රීසි භාෂා දෙකෙන්ම ඉගෙන ගත් ශිරන්ති රාජපක්ෂට හදිසියේම රහස් පොලිසියේ දී වැළඳුනු සිංහල අමතක වීමේ රෝගය සුව වී තම කට උත්තරයට අත්සන් තැබුවා ය.

    :lol::lol::lol:
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    වැලිකඩ බන්ධනාගාර රැඳැවියන් සමූහ ඝාතනය ගැන ප්‍රශ්න කිරීමට ගෝඨා, අනුර, ජයසූරිය සීඅයිඩියට කැඳවයි

    වැලිකඩ බන්ධනාගාරයේ 2012 දී සිදුකළ අති ම්ලේච්ඡ රැඳැවියන් සමූහ ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට, හිටපු ජ්‍යෙ.නි.පොලිස්පති අනුර සේනානායකට, හිටපු හමුදාපති ජගත් ජයසූරියට, ගෝඨාභයගේ හිටපු බුද්ධි උපදේශක හෙන්දාවිතාරණ ඇතුළු පිරිසකට නොතීසි යවා තිබේ.

    2012 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ රැඳැවියන්ගේ කැරැල්ලක් පොලිසියේ විශේෂ කාර්ය බලකාව විසින් මැඩ පැවැත්වීමෙන් පසුව මහ රෑ එහි ඇතුළු විශේෂ හමුදා ඛණ්ඩයක් සහ පොලිසියේ කිහිප දෙනෙකු විසින් ඔවුන් අත තිබූ නම් ලැයිස්තුවක් අනුව නම් කැඳවමින් සිරකුටි වල සිටි රැඳැවියන් ගෙන්වා පෝලිම් ගස්වා වෙඩි තබා මරා දැමිණ. එසේ තිරශ්චීන ලෙස මරා දැමූ රැඳැවියන් ගණන 27 කි. ඔවුනතර කෝට්ටේ රජ මහා විහාරයේ තිබූ සපුමල් කුමාරයාගේ රාජකීය කඩුව රාජපක්ෂලා වෙනුවෙන් සොරකම් කරන්නට ගොස් කලබල වී හිමිවරුන් දෙදෙනෙකු ඝාතනය කළ පුද්ගලයාද විය. රාජපක්ෂලාගේ අපරාධ සම්බන්ධයෙන් සාක්කිකරුවන් වූ එවැන්නන් රැසක් එදින රාත්‍රී ඝාතනය කර දැමිණ.

    මේ සම්බන්ධයෙන් ඇසින් දුටු ප්‍රබලම සාක්කි කරුවා වූ සුරේෂ් නන්දිමාල් නමැත්තාගේ නිවසට පසුගියදා රාත්‍රී කිසියම් පිරිසක් වෙඩි තබා තිබිණ.

    වැලිකඩ සමූහ ඝාතනය පිලිබඳ සෙවීමට පත්කළ විශේෂ කොමිසමේ වාර්තාව සඟවා ගෙන සිටියා යැයි හිටපු අධිකරණ ඇමැති විජේදාස රාජපක්ෂට විවෘත චෝදනාවක් තිබූ නමුත් එම චෝදනාව කළ කැෆේ සංවිධානයේ කීර්ති තෙන්නකෝන් මහතාට පමණක් විජයදාස රාජපක්ෂ විසින් ඊයේ එන්තරාවාසියක් යවා තිබේ.

    වැලිකඩ සමූහ ඝාතනය ගැන පරීක්ෂණ ඉක්මන් කර අපරාධ කරුවන් නීතිය හමුවට පමුණුවන්නැයි බල කරමින් අද බන්ධනාගාරය ඉදිරිපිට මාධ්‍ය හමුවක් පැවැත්වීමට ද සංවිධාන කිහිපයක් සූදානම් වේ.


    - http://www.lankaenews.com/news/6334/si
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    2012 වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරයේ ඇතිවූ රැඳැවියන්ගේ කැරැල්ලක් පොලිසියේ විශේෂ කාර්ය බලකාව විසින් මැඩ පැවැත්වීමෙන් පසුව මහ රෑ එහි ඇතුළු විශේෂ හමුදා ඛණ්ඩයක් සහ පොලිසියේ කිහිප දෙනෙකු විසින් ඔවුන් අත තිබූ නම් ලැයිස්තුවක් අනුව නම් කැඳවමින් සිරකුටි වල සිටි රැඳැවියන් ගෙන්වා පෝලිම් ගස්වා වෙඩි තබා මරා දැමිණ. එසේ තිරශ්චීන ලෙස මරා දැමූ රැඳැවියන් ගණන 27 කි.
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතනයේ අතුරුදන් ලේඛනවලට සමාන ලිපි ගණනාවක් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ලොක්කාගේ නිවසින් හමු වෙයි


    සන්ඩේ ලීඩර් පුවත්පතේ කර්තෘ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග මහතාගේ අභිරහස් ඝාතනය සම්බන්ධව පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු‍ව අත්අඩංගුවට ගත් ගල්කිස්ස පොලිසියේ හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයාගේ නිවස පරීක්ෂා කිරී‍මේදී ලසන්ත ඝාතනය හා සම්බන්ධ අතුරුදන්වූ ලිපි ලේඛනවලට සමාන ලේඛන ගණනාවක් සොයාගෙන තිබේ.

    රහස් පොලිස් ආරංචි මාර්ග සඳහන් කරන ආකාරයට අත්අඩංගුවට ගන්නා ලද හිටපු අපරාධ අංශ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුගතපාල මහතාගේ නිවසේ සඟවා තිබූ එම ඝාතනයට අයත් කූට ලේඛන ද ඒ අතර තිබූ බව පැවසේ.

    2009 වර්ෂයේ ජනවාරි 08 වැනි දින අත්තිඩිය මලයාර් පාසල අසලදී යතුරුපැදියක පැමිණි දෙදෙනකු විසින් ලසන්ත වික්‍රමතුංග මහතා පසුපස ලුහුබඳිමින් පැමිණ ඒ මහතාගේ මෝටර් රථය හරස් කර නවතා උල් ආයුධයකින් ඇන අමානුෂික ලෙස ඒ මහතා ඝාතනය කර තිබිණි.

    වසර හතක් තිස්සේ මේ අපරාධය සම්බන්ධව නිසි පරීක්ෂණයක් සිදු නොවීය. වර්තමාන රජය බලයට පැමිණි පසු මෙම අභිරහස් ඝාතනයේ සුලමුල සොයා ගැනීමට සිදුකළ පරීක්ෂණවල ප්‍රතිඵලයක් වශයෙන් මේ වන විට එම ඝාතනය සම්බන්ධ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.

    එහිදී ලසන්ත ඝාතනය ඉතාමත් සැලසුම්සහගත බුද්ධි අංශ ඔත්තුකරුවන් යොදා සිදුකර එවකට සිටි පොලිස් නිලධාරීන්ගේ සහයෙන් පරීක්ෂණ සහ එම අපරාධ ඔප්පු කර ගැනීමට ඇති සාක්ෂි සඟවා ඇති බව හෙළිවී ඇත.

    ඒ අනුව පසුගිය සතියේ ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී ඔහුට ඉහළ පොලිස් නිලධාරීන්ගෙන් ලැබුණ උපදෙස් මත ලසන්ත ඝාතනය හා සම්බන්ධ පරීක්ෂණ සිදුකළ බව පිළිගෙන ඇත.

    එහිදී එම නිලධාරියාගේ නිවස පරීක්ෂා කිරී‍මේදී අදාළ ලියකියවිලි සහ කූට ලේඛන සොයාගෙන ඇති බව වාර්තා වෙයි.

    මේ අතර එම පරීක්ෂණ යටගසා ත්‍රස්තවාදී විමර්ශන අංශයට පරීක්ෂණ භාරකර එම ඝාතනය කොටි සංවිධානය කළ එකක් බවට පෙන්වීමට කටයුතු කළැයි සැකකෙරෙන අතර ඒ අවස්ථාවේදී පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ පොලිස්පති ජයන්ත වික්‍රමරත්න මහතා ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් තිදෙනකුගේ විදෙස් ගමන් ගල්කිස්ස අධිකරණය මඟින් අත්හිටුවා ඇත. ඉදිරි දිනවලදී එම නිලධාරීන්ගෙන් යළි ප්‍රකාශ සටහන් කර ගැනීමටත්, විදෙස්ගතව සිටින හිටපු පොලිස්පතිවරයකුගෙන් ප්‍රකාශ ලබාගැනීමටත් නියමිතව තිබේ.

    අත්අඩංගුවට පත් ගල්කිස්ස හිටපු අපරාධ අංශ ස්ථානාධිපතිවරයා මේ වන විට රිමාන්ඩ් භාරයේ පසුවෙයි. ලබන 16 වැනිදා ගල්කිස්ස අධිකරණයේදී ලසන්ත ඝාතන නඩුව යළි කැඳවීමට නියමිත අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හෙළිකරගන්නා ලද ලසන්ත ඝාතනය හා සම්බන්ධ තොරතුරු රැසක් එදින අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


    - http://www.dinamina.lk/2018/02/09/පුවත්/48730/ලසන්ත-ඝාතනයේ-අතුරුදන්-ලේඛනවලට-සමාන-ලිපි-ගණනාවක්
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතනය සම්බන්ධයෙන් හිටපු DIG අත්අඩංගුවට

    14 February 2018

    මාධ්‍යවේදී ලසන්ත වික්‍රමතුංග ඝාතනය සම්බන්ධයෙන් හිටපු ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වූ ප්‍රසන්න නානායක්කාර අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වෙයි.

    ලසන්ත මහතාගේ ඝාතනය සම්බන්ධ පරීක්ෂණ පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර ඒ ඊයේ (13)රාත්‍රියේ ය.

    ලසන්ත ඝාතනයට අදාළව කරුණු වසන් කිරීමේ චෝදනා යටතේ මොහු අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වන අතර එම ඝාතනය සිදුවූ සමයේ ගල්කිස්ස ප්‍රදේශය භාරව, බස්නාහිර දකුණ පළාත් භාර ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය‍ පොලිස්පතිවරයා ලෙස ප්‍රසන්න නානායක්කාර කටයුතු කර ඇත.

    සැකකරුව අද (14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනය කරයි.


    - https://newstube.lk/news/970-lasantha-muder-prasanna-dig
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    ලසන්ත ඝාතනයේ සාක්ෂි සැඟවූ හිටපු ඩීඅයිජී ප්‍රසන්න නානායක්කාර රිමාන්ඩ්..! සැඟවූ සාක්කි අවුරුදු 9 කට පසු තරප්පුව යටින් සොයාගනී

    image_2a30ff15e6.jpg


    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනයේ සාක්කි වසන් කළේයැයි සැකපිට ඊයේ අත්අඩංගුවට ගත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රසන්න නානායක්කාර ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන ලෙස ගල්කිස්ස මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් අද නියෝග කළේය.

    සැකකර හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා නියෝජ්‍ය පොලිස්පතිවරයකුව ගල්කිස්ස පොලිසිය ඇතුළු පොලිසි කිහිපයක් භාරව සිටිය දී ලසන්ත වික්‍රමතුංග මහතා භාවිත කළ නෝට් පොත ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ එවකට ස්ථානාධිපති හරහා ලබා ගත් බව විමර්ශනවලින් අනාවරණය වීයැයි රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    සැකකරු උසස් පොලිස් නිලධාරියකුව සිටිමින් සාක්කි විනාෂ කිරීමට කටයුතු කළ ආකාරය ගැන අධිකරණය අද දැඩි දෝෂ දර්ශනයට ලක් කළේය.

    විතාන ආරච්චිගේ සිරිමෙවන් ප්‍රසන්න නානායක්කාර නම් මෙම සැකකරු එවකට මිරිහානේ නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ එවකට රාජකාරි කර තිබේ. ලසන්ත වික්‍රමතුංග මහතා තමා ලුහු බැඳ හා යතුරුපැදි අංක නෝට් පොතේ සටහන් කර තිබෙන අතර ඔහු ඝාතනය කිරීමෙන් පසු ගල්කිස්ස පොලිසිය එම නෝට් පොත සොයාගෙන තිබේ.

    ඒ අනුව ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ හිටපු ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක හෙට්ටිආරච්චිගේ දොන් තිස්සසිරි සුගතපාල මහතා එය සොයා ගෙන ඒ ගැන සහ නෝට් පොතේ අංක ගැන පොලිසියේ බල අපරාධ තොරතුරු පොතේ සටහන් යොදා ඇති බවත්, එවකට ගල්කිස්ස ප්‍රදේශය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී හේමන්ත අධිකාරි මහතා වහාම පැමිණ තමා හමුවෙන ලෙස දැනුම් දී ඇති බවත්, ඒ අනුව ඔහු හමුවීමෙන් පසු නියෝජ්‍ය පොලිස්පති සිරිමෙවන් නානායක්කාර මහතා කැඳවූ බව කියමින් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා උප පොලිස් පරීක්ෂක සමඟ මිරිහානට ගොස් ඇති බවත් රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    ඉන් පසු බල අපරාධ තොරතුරු පොතේ අදාළ පිටු සහ ලසන්ත වික්‍රමතුංග මහතාගේ නෝට් පොත ගැන එවකට සිටි පොලිස්පතිවරයාට මෙම නියෝජ්‍ය පොලිස්පතිවරයා දැනුම් දී ඇති බව ද, එම දුරකතන සංවාදයෙන් පසු ලසන්ත වික්‍රමතුංග මහතාගේ නෝට්පොත සහ පොලිසියේ බල අපරාධ තොරතුරු පොතේ අදාළ පිටු ද තමාට ලබා දෙන ලෙස නියෝජ්‍ය පොලිස්පතිවරයා උප පොලිස් පරීක්ෂකගෙන් ඉල්ලා ඇති බව ද, උප පොලිස් පරීක්ෂක එය දීමට අකමැති වූ විට ‘තමුසෙටත් ලසන්තට වෙච්ච දේ තමයි වෙන්නේ. තමුසෙට ළමයි ඉන්නවානේ. මැරුම් කන්නේ නැතිව තමුසෙගේ සටහනුයි, නෝට් පොතයි මට දෙනවා.‘ යැයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා ඇති බව ද රහස් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

    ඒ අනුව අදාළ ලිය කියැවිලිවලට ඡායා පිටපත් ගෙන තම නිවසේ තරප්පුපේලිය යට සඟවා ඇති උප පොලිස් පරීක්ෂකවරයා එහි මුල් පිටපත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ඉදිරිපිට මෙම නියෝජ්‍ය පොලිස්පතිට භාර දී ඇතැයි ද රහස් පොලිසිය සඳහන් කරයි.

    ගල්කිස්ස පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිව සිටි තිස්සසිරි සුගතපාල උප පොලිස් පරීක්ෂකවරයා අත්අඩංගුවට ගැනීමෙන් පසු ඔහුගේ මගපෙන්වීම ඔස්සේ ගොස් රහස් පොලිසිය අදාළ ලියැවිලිවල ඡායාපිටපත් වසර නවයකට පමණ පසු සොයාගෙන තිබේ.


    නියෝජ්‍ය පොලිස්පතිවරයාට සාක්කි විනාශ කිරීමට උපදෙස් දුන් උසස් නිලධාරීන් ගැන සොයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණ පවත්වයි.

    ශ්‍රී ලංකා තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය


    - https://www.facebook.com/lankaenews...430344788805/1771091922955965/?type=3&theater
    - http://www.lankadeepa.lk/latest_news/නි--පොලිස්පති-නානායක්කාර-16-දා-තෙක්-රක්ෂිත-බන්ධනාගාරයේ/1-524316
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,622
    28,607
    113
    Sri Lanka police cover up in Lasantha murder emerge after key arrest

    By Our Police Correspondent

    Feb 22, 2018 17:02 PM GMT+0530

    ECONOMYNEXT - The arrest of a retired senior Deputy Inspector-General has revealed how the police scuttled its own investigations to protect military intelligence men who carried out the assassination of editor Lasantha Wickrematunge.

    Senior DIG Prasanna Nanayakkara who is currently in remand custody has allegedly instructed his juniors to not only botch the investigation, but also destroy evidence gathered from the crime scene, according to a confession by Senior Superintendent Hemantha Adhikari.

    It was Adhikari who led the investigation into Wickrematunge's assassination in January 2009 under the immediate supervision of DIG Nanayakkara who at the time was in charge of Western Province (south).

    Fearing his own arrest, Adhikari, who is currently serving as a security officer of the Dhammika Perera-owned Hayleys Group, made a length statement to the Mount Lavinia magistrate who is inquiring in the murder.

    The court has already been told that the military intelligence was involved in the killing and that the then head of military intelligence Kapila Hendavitharana was heading a killer squad and he reported directly to then defence secretary Gotabhaya Rajapaksa.

    Several former Directorate of Military Intelligence (DMI) officers who are currently serving in the army as well as two retired Inspectors of general are also likely to be arrested shortly, according to sources close to the investigation.

    These arrests should have been made in July 2016, but official sources said political interference held up progress.

    However, with consensus that the February 10 local council election defeat was due to the government's failure to arrest high profile killers, there is new urgency in the Wickrematunge case.

    A former minister in the Mahinda Rajapaksa regime, Mervyn Silva, had publicly accused Gotabhaya Rajapaksa of killing Wickrematunge, a charge he has denied.

    Wickrematunge had told colleagues as well as many others that he planned to take "Gota to the cleaners" over an allegedly corrupt deal in purchasing four MIG jet fighters for the air force.

    The so-called MIG deal is currently being investigated by the FCID and Lasantha was killed a few days before he was due to disclose details of the transaction at the Mount Lavinia courts.

    Investigators have been told that Nanayakkara ordered his men to hand over to him some vital evidence found inside Wickrematunge's car.

    Wickrematunge had noted down the registration numbers of the motorcycles that followed him on the morning of January 8, 2009, the day he was killed. The assassins came on motorcycles.

    Police scene of crime officers recorded their observations, senior officers had wanted them removed from the books maintained at the police station. Wickrematunge's note book had been handed over to DIG Nanayakkara who in turn had passed it on to his superiors.

    Eventually, the note book had disappeared after the case was handed over to the Terrorist Investigation Division (TID). A former head of the TID is also likely to be arrested shortly for tampering with evidence, official sources said.

    Despite the police top brass making a valiant attempt at the time to conceal evidence, junior police officers had surreptitiously made photo copies of Wickrematunge's note book as well as their own observations in the Grave Crime Information Book (GCIB) which have since been destroyed as part of the cover up.

    These photo copies of the original police entries in the GCIB and a copy of Wickrematunge's note book are now with the CID after almost nine years and the fresh evidence has given a new impetus to the investigation, according to sources close to the investigation. (COLOMBO, February 22, 2018)

    - http://www.economynext.com/Sri_Lank...murder_emerge_after_key_arrest-3-9963-10.html