ගලහ_රෝහලේ සිදුවූ #දරුවාගේ_මරනය ගැන. (2018-08-28) #සංක්ෂිප්තව.
1- ගලහ රෝහල වෛද්‍යවරුන් දෙදෙනෙකු සහ සුලු සේවකයන් කීපදෙනෙකු සිටින ප්‍රාදේශීය කුඩා රෝහලකි.හෙදියන් හෝ නේවාසික ප්‍රතිකාර පහසුකම් නැත.
2- අදාල දරුවා උදේ 9.05 ට රෝහලට රැගෙන එන්නේ වලිප්පුව හෙවත් ෆිට් එකක් සහිතවය.
3-මෙවැනි ෆිට් එකකට දෙන පලමු (ඩයසිපෑම් PR) ඖශධය ගුද මාර්ගයෙන් ඇතුලු කරන එකකි. අදාල ඖශධය ලබාදුන් පසු, විනාඩි 5-10 පමන කාලයක් ඇතුලත ප්‍රතිඵල ලබාදේ.
4- ඉන්පසු පියවර වන්නේ, රෝගියාගේ ශ්වසන මාර්ගය අවහිර නොවන ලෙස විවේකීව නිරීක්ෂණය සදහා රදවා ගැනීමයි.හදිසි තත්වය මේ අවස්තාව වනවිට අවසන්ය.
5- උදෑසන 9.10 වන විට හදිසි අනතුරක් සිදුවී බරපතල තුවාල ලබා පැමිනෙන රෝගීන් දෙදෙනෙකු මූලික ප්‍රතිකාර වලින් පසුව රෝහලේ එකම ගිලන් රථයෙන් මහනුවර බලා ක්ශනිකව පිටත් කර හැරේ.
6- මේ අතරවාරයේ යාබද රෝහලකින් ගිලන් රථයක් ගෙන්වාගෙන, දරුවා පේරාදෙණිය ලමා රෝහලට පිටත්කර හැරීමට කටයුතු සූදානම් වේ.
7- ෆිට් එකට ලබාදෙන ඖශධයේ ඉතාම සුලභ සංකූලතාවක් වන්නේ, ශ්වශන ක්‍රියාවලිය තාවකාලිකව අකර්මණ්‍ය වීමයි.
තේරෙන භාශාවෙන් කියනාවනම්, හුස්ම ගැනීම නැවතීමයි.
8- සුදුසුකම් ලද වෛද්‍යවරයකු එවැනි අවස්තාවක ක්‍රියාත්මක වන ආකාරය හොදින් පුහුනු වී ඇති අතර, ගලහ රෝහලේ වෛද්‍යවරයාද මේ අවම පහසුකම් සහිත මේ අවස්තාවේ වහාම කෘතීම ශ්වසනය ලබාදීම (Ventilation and CPR) ආරම්භක කර ඇත.
9- මෙවැනි අවස්ථා වෛද්‍යවරයකුට ඉතා හුරුපුරුදු අතර, දරුවාගේ කෘතීම ස්වසනය විනාඩි කීපයක් පවත්වාගෙන ගියවිට, එය යතා තත්වයට පත්වේ.
10- නූගත් පිරිස, අදාල කෘතීම ශ්වසනය ලබාදෙන අවස්තාවේ බලහත්කාරයෙන් දරුවා ත්‍රී රෝද රතයක දමාගෙන පලාගොස් ඇත. මේ අවස්තාවේ දරුවාට ස්වාභාවිකව හුස්ම ගැනීමට හැකියාවක් නොමැති නිසා, විනාඩි කීපයකින් මරනයට පත්වීම වැලැක්විය නොහැක.
11- රෝහලට ගල්ගැසීම හා අලාභහානි සිදුකිරීම නිසා, හෙට සිට සියලු වෛද්‍යවරුන් අනාරක්ෂිත රෝහල වසා දමා රෝහලෙන් ඉවත්කර ඇත. අලාභහානි සිදුකල අයට රාජ්‍ය දේපළ හානිකිරීම යටතේ අත් අඩංගුවට හා සිරගත වීමට සිදුවේ.
12- අවසානයේ සිදුවූයේ, ඔවුන්ට ගමේ රෝහල සහ දරුවා නැතිවීම පමනි.
#පනිවිඩයA - ඔබ බරපතල® ලෙස දන්නා කියා හිතෙන බොහෝ දේ, ඔබේ වෛද්‍යවරයා වසර 6-7ක් ඉගෙනගෙන, දිනපතා අත්දකින දේ විය හැකි නිසා, හදිසි ප්‍රතිකාර කරන අවස්තාවකදී ඔබේ දැනුවත්® බව පෙන්වීමට යාමෙන් වලකින්න.