අශෝක අධිරාජ්‍යයා විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමෙන් පසු, ලංකාවේ දේශපාලනය තුල ප්‍රභල ස්ථානයක් බෞද්ධ හාමුදුරු වරුන්ට හිමිව තිබේ. වර්තමානයේද, දේශපාලනයේ නියැලෙන මෙන්ම, දේශපාලනයට බලපෑම් කල හැකි සහ දේශපාලනයෙන් යැපෙන හාමුදුරු වරුද සිටිති.
මෙහි සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා දේශපාලනයට වඩාත් විශාලම බලපෑමක් කල සහ වඩාත්ම දාමරික වූ බික්ෂුන් වහන්සේ කෙනෙකු ගැනයි.
සුද්දන්ගේ කාලේ මහා මුදලිකම් දැරූ සොලමන් ඩයස් පවුල, ලංකා දීපය නිදහස ලැබූ පසුවද වැඩිම කලක් රාජ්‍ය නායකත්වය දැරූ පවුල බවට පත් විය. එහි මූලිකයා වූ "සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක" හෙවත් SWRD බණ්ඩාරනායක මහතා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයක සහයෝගයෙන් බලයට පැමිණියත්, ඔහුට දේශපාලන වේදිකාවට පැමිණීමට සහය දුන් කැළනිය රාජ මහා විහාරස්ථානයේ එවකට විහාරාධිපතිත්වය දැරූ මාපිටිගම බුද්ධරක්ඛිත ගේ ඉල්ලීම් නොසලකා හරින්නට විය.
දිගින් දිගටම බණ්ඩාරනායකයන් ගැන කලකිරීමට පත් වූ ඒ හිමියන්, බණ්ඩාරනායක පවුලෙන් මෙරට ගලවා ගැනීමට නම්, ඔහු මරා දැමිය යුතු යයි තීරණය කළේය. ඒ අනුව, බොරැල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආචාර්ය වරයෙකුව සිටි හතලිස් තුන් හැවරිදි "තල්දූවේ සෝමාරාම" හිමියන් මේ හා සම්බන්ධ කර ගත්තේය. මුලින් මෙයට එක හෙලා කැමති නොවුවත්, කරුණු කාරණා පැහැදිලි කිරීමෙන් සහ පසුව ඇති වන තත්වය පිළිබඳව තමන් පුර්ණ වගකීම ගන්නා බව පැවසීමෙන් සෝමාරාම හිමියන් මෙයට එකඟ කරගැනීමට බුද්ධරක්ඛිත හිමියන්ට හැකිවිය. දින කිහිපයක් තුල සැලැස්ම දියත් කල බුද්ධරක්ඛිත හිමියන් සිය ගෝල හිමියන් දෙදෙනෙකු වැඩවසන මුතුරාජවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකට සෝමාරාම කැඳවා, රිවොලරයක් ලබා දී, එහිදීම වෙඩි තැබීමට පුහුණු වීමක්ද සිදු කර ඇත.
දින කිහිපයක් තුල අගමැති හමුවට යාමට සැලසුම් කලේ ඒ හිමියන්ගේ ආයුර්වේද පාසැල පිලිබඳ ගැටළුවක් සාකච්චා කිරීමට යන පරිද්දෙනි. අදාල ලිපි ලේඛන මෙන්ම, රිවොලරයද ඉනෙහි ගසාගෙන බණ්ඩාරනායක හමුවට ගිය සෝමාරාම හිමියන් මුහුණට මුහුණ හිද අදාල සාකච්චාව සිදු කර අවසන්ව, නැගී සිටින අවස්ථාවේ හිනෙහි පලන් රිවෝලරය ඇද බණ්ඩාරනායකගේ පපුවේ දකුණු පසට වෙඩි උන්ඩ දෙකක් එල්ල කළේය. ඉන් කෑ ගසා ඇද වැටුණු බණ්ඩාරනායක නිවාස තුලට පලා යන විට, තවත් වෙඩි උන්ඩ හතරක් එල්ල කල අතර, ඉන් දෙකක් බණ්ඩාරනායකගේ අතෙහි සහ තවත් තැනක වැදිණි. එම වෙඩි තැබීමට ලක්වීමෙන් පැය 22කට පසු බණ්ඩාරනායක අගමැතිවරයා අභාවප්‍රාප්ත වූයේ ය.
ඉන් මාස දෙකකට පසු කොළබ මහාධිකරණයේ ගොනු කරන ලද නඩු විභාගයකින් මිනී මැරුමකට වරද කරු වූ සෝමාරාම හිමියන් වසර තුනකට පසු එල්ලා මරා දමන ලදී. මිනී මරුමට සහය දීමට වරද කරුවන් වූ බුද්ධරක්ඛිත හිමියන් සහ ජයවර්ධන නමැති අයෙක් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කෙරුණි. බුද්ධරක්ඛිත හිමියන් බන්ධනාගරයෙදීම අපවත් වූ අතර, ජයවර්ධන පසු කලෙක නිදහස් විය.
තල්දූවේ සෝමාරාම හිමියන්

මේ පොතේ තියනවලු ඒ ගැන.