මිනීමරු හාමුදුරුවෝ

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    අශෝක අධිරාජ්‍යයා විසින් මෙරටට බුදු දහම හඳුන්වාදීමෙන් පසු, ලංකාවේ දේශපාලනය තුල ප්‍රභල ස්ථානයක් බෞද්ධ හාමුදුරු වරුන්ට හිමිව තිබේ. වර්තමානයේද, දේශපාලනයේ නියැලෙන මෙන්ම, දේශපාලනයට බලපෑම් කල හැකි සහ දේශපාලනයෙන් යැපෙන හාමුදුරු වරුද සිටිති.

    මෙහි සඳහන් කරන්නේ, ශ්‍රී ලංකා දේශපාලනයට වඩාත් විශාලම බලපෑමක් කල සහ වඩාත්ම දාමරික වූ බික්ෂුන් වහන්සේ කෙනෙකු ගැනයි.

    සුද්දන්ගේ කාලේ මහා මුදලිකම් දැරූ සොලමන් ඩයස් පවුල, ලංකා දීපය නිදහස ලැබූ පසුවද වැඩිම කලක් රාජ්‍ය නායකත්වය දැරූ පවුල බවට පත් විය. එහි මූලිකයා වූ "සොලොමන් වෙස්ට් රිජ්වේ ඩයස් බණ්ඩාරනායක" හෙවත් SWRD බණ්ඩාරනායක මහතා සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු යන පංච මහා බලවේගයක සහයෝගයෙන් බලයට පැමිණියත්, ඔහුට දේශපාලන වේදිකාවට පැමිණීමට සහය දුන් කැළනිය රාජ මහා විහාරස්ථානයේ එවකට විහාරාධිපතිත්වය දැරූ මාපිටිගම බුද්ධරක්ඛිත ගේ ඉල්ලීම් නොසලකා හරින්නට විය.

    දිගින් දිගටම බණ්ඩාරනායකයන් ගැන කලකිරීමට පත් වූ ඒ හිමියන්, බණ්ඩාරනායක පවුලෙන් මෙරට ගලවා ගැනීමට නම්, ඔහු මරා දැමිය යුතු යයි තීරණය කළේය. ඒ අනුව, බොරැල්ල ආයුර්වේද බෙහෙත් ශාලාවේ ආචාර්ය වරයෙකුව සිටි හතලිස් තුන් හැවරිදි "තල්දූවේ සෝමාරාම" හිමියන් මේ හා සම්බන්ධ කර ගත්තේය. මුලින් මෙයට එක හෙලා කැමති නොවුවත්, කරුණු කාරණා පැහැදිලි කිරීමෙන් සහ පසුව ඇති වන තත්වය පිළිබඳව තමන් පුර්ණ වගකීම ගන්නා බව පැවසීමෙන් සෝමාරාම හිමියන් මෙයට එකඟ කරගැනීමට බුද්ධරක්ඛිත හිමියන්ට හැකිවිය. දින කිහිපයක් තුල සැලැස්ම දියත් කල බුද්ධරක්ඛිත හිමියන් සිය ගෝල හිමියන් දෙදෙනෙකු වැඩවසන මුතුරාජවෙල ප්‍රදේශයේ විහාරස්ථානයකට සෝමාරාම කැඳවා, රිවොලරයක් ලබා දී, එහිදීම වෙඩි තැබීමට පුහුණු වීමක්ද සිදු කර ඇත.

    දින කිහිපයක් තුල අගමැති හමුවට යාමට සැලසුම් කලේ ඒ හිමියන්ගේ ආයුර්වේද පාසැල පිලිබඳ ගැටළුවක් සාකච්චා කිරීමට යන පරිද්දෙනි. අදාල ලිපි ලේඛන මෙන්ම, රිවොලරයද ඉනෙහි ගසාගෙන බණ්ඩාරනායක හමුවට ගිය සෝමාරාම හිමියන් මුහුණට මුහුණ හිද අදාල සාකච්චාව සිදු කර අවසන්ව, නැගී සිටින අවස්ථාවේ හිනෙහි පලන් රිවෝලරය ඇද බණ්ඩාරනායකගේ පපුවේ දකුණු පසට වෙඩි උන්ඩ දෙකක් එල්ල කළේය. ඉන් කෑ ගසා ඇද වැටුණු බණ්ඩාරනායක නිවාස තුලට පලා යන විට, තවත් වෙඩි උන්ඩ හතරක් එල්ල කල අතර, ඉන් දෙකක් බණ්ඩාරනායකගේ අතෙහි සහ තවත් තැනක වැදිණි. එම වෙඩි තැබීමට ලක්වීමෙන් පැය 22කට පසු බණ්ඩාරනායක අගමැතිවරයා අභාවප්‍රාප්ත වූයේ ය.

    ඉන් මාස දෙකකට පසු කොළබ මහාධිකරණයේ ගොනු කරන ලද නඩු විභාගයකින් මිනී මැරුමකට වරද කරු වූ සෝමාරාම හිමියන් වසර තුනකට පසු එල්ලා මරා දමන ලදී. මිනී මරුමට සහය දීමට වරද කරුවන් වූ බුද්ධරක්ඛිත හිමියන් සහ ජයවර්ධන නමැති අයෙක් ජීවිතාන්තය දක්වා බන්ධනාගාර ගත කෙරුණි. බුද්ධරක්ඛිත හිමියන් බන්ධනාගරයෙදීම අපවත් වූ අතර, ජයවර්ධන පසු කලෙක නිදහස් විය.


    Screenshot 2021-01-29 at 09.53.37.png

    තල්දූවේ සෝමාරාම හිමියන්
     

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ලංකාවේ මහා යාන පන්සල් තියනවා තාම ඕකෙ හරි ඒ කියන්නේ බණ්ඩාරණායක මරපු එක හරි කියලා කියන.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    ලංකාවේ මහා යාන පන්සල් තියනවා තාම ඕකෙ හරි ඒ කියන්නේ බණ්ඩාරණායක මරපු එක හරි කියලා කියන.
    මිනී මැරුම නම් කිසිම හේතුවක් නිසා වත් හොඳ දෙයක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ.
     
    • Like
    Reactions: castellain

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    සෝමාරාම මරාදමා රක්කිත අපවත් උනේ කොහොමද ? සෝමාරාම අපවත් උනේ නැද්ද ?
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    බුද්ධරක්ඛිත සෝමාරාම ගැන නිකන් බබ්බු වගේ ලියලා තියෙන්නේ ඇයි. රටේ හිටපු හොඳම සිල්වන්ත හාමුදුරුවෝ දෙන්නේත් සාධාරණ ඉල්ලීමක් හින්දා මිනීමැරුම් කලා වගේ.
     
    • Like
    Reactions: ජොසී

    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    සෝමාරාම මරාදමා රක්කිත අපවත් උනේ කොහොමද ? සෝමාරාම අපවත් උනේ නැද්ද ?
    සෝමාරාම හිරේදී කිතුනු ආගමට බැදුනා. බණ්ඩාරනායක ඝාතනය කරේ මොවුන් නෙමෙයි, ඔසී කොරෙයා කියලා මතයකුත් ආවා.
     

    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේ මොන කුනුහරපයක්ද ? බුද්දරක්කිත කාරය business කාරයෙක්. විමලා ඇමතිගේ හොර මිනිහා . උන්ගේ හොර business වලට ඉඩ දුන්නේ නැති හින්දා , බණ්ඩාරනායක ව මැරුවේ

    මිනී මැරුම නම් කිසිම හේතුවක් නිසා වත් හොඳ දෙයක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ.
    අත්දැකීමෙන් කියනවා කිව්වේ ? උබ මිනි මරලා තියනවාද ?
    ------ Post added on Jan 29, 2021 at 8:20 PM
     
    • Like
    Reactions: castellain

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මිනී මැරුම නම් කිසිම හේතුවක් නිසා වත් හොඳ දෙයක් නෙවෙයි. අත්දැකීමෙන් කියන්නේ.
    කරමවාදය කියන්නේ ඒකයි, ඔන්න ඕක හින්දා තමයි නිඝන්ඨ දහම ලංකාවේ ජනප්‍රිය. ඒවුනාට ලිබරල් වාදයේ වැඳඹුවන්ට හොඳ ඉල්ලුමක් තියනවා.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,474
    25,752
    113
    මගේ අත්තෙක් හිටියා NIB . ප්‍රභාකරන් අවුරුදු 16 දී අන්ඩයෙක් කියලා රජයට රහස් වාර්තාවක් දුන්න සුපිරි බුල්ට් එකක්. මැතිණිත් සුදුම සුදු නෑලු. එයා කිව්වේ.
    මැරිලා ගියානේ අවුරුදු 20 කට කලින්. 🤫
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    emios: FYI


    edit:
    දෙකක් බණ්ඩාරනායකගේ අතෙහි සහ තවත් තැනක වැදිණි.


    🤔🤔🤔🤔
     
    Last edited:
    • Like
    Reactions: stasia

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    මේ මොන කුනුහරපයක්ද ? බුද්දරක්කිත කාරය business කාරයෙක්. විමලා ඇමතිගේ හොර මිනිහා . උන්ගේ හොර business වලට ඉඩ දුන්නේ නැති හින්දා , බණ්ඩාරනායක ව මැරුවේ
    මැර හාමුදුරු වරු. Yes.
    අත්දැකීමෙන් කියනවා කිව්වේ ? උබ මිනි මරලා තියනවාද ?
    නෑ. මම මරලා නැහැ. දැකලා තියනවා, එපා වෙනකල්. දුක් විඳලා තියනවා. කතා කරන්න කැමති නැහැ ඒ ගැන.
     
    • Like
    Reactions: castellain

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මගේ අත්තෙක් හිටියා NIB . ප්‍රභාකරන් අවුරුදු 16 දී අන්ඩයෙක් කියලා රජයට රහස් වාර්තාවක් දුන්න සුපිරි බුල්ට් එකක්. මැතිණිත් සුදුම සුදු නෑලු. එයා කිව්වේ.
    මැරිලා ගියානේ අවුරුදු 20 කට කලින්. 🤫
    සුදුම නෑ කියන්නේ?
    විස්තරයක් කියන්න පුලුවන්ද?
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,319
    100,170
    113
    සුදුම නෑ කියන්නේ?
    විස්තරයක් කියන්න පුලුවන්ද?
    ටිකක් තෙලෙලුයිනෙ.

    බලය ගන්න ඉතින් කොහොමත් කරන්න වෙන අපත වැඩ ටික කරන්න ඇති.
     

    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    සෝමාරාම හිරේදී කිතුනු ආගමට බැදුනා.
    චීවර දාරියෙක්ව එල්ලුම් ගසට යන එක තවත් පවක් කියලා තමයි එල්ලා මරන්න සති දෙකකට කලින් සිවුර අත හැරලා කිතුනු ආගම වැළදගෙන බෞතිස්ම ලබලා තියෙන්නේ.

    බණ්ඩාරනායක ඝාතනය කරේ මොවුන් නෙමෙයි, ඔසී කොරෙයා කියලා මතයකුත් ආවා.
    :baffled: මේ පොතේ තියනවලු ඒ ගැන.

    "ඉක්බිතිව ඔහු මරාපීහ"
    කතෘ: පි.බී. ජයසේකර

    "එහෙන් මෙහෙන් ඇහිඳගත් ඕපාදූප ම නොවූ ආරංචි ගොන්නක්"
    "හැබැයි එක ම එක කතාන්දරයක්"

    "බණ්ඩාරනායක ඝාතනය පිටුපස සිටි සැබෑ හස්තය කවරෙක් හු ද?"

    "විමලා"
    "තල්දූවේ සෝමාරාම"
    "ඔසී කොරෙයා"
    "මාපිටිගම බුද්ධරක්ඛිත"
    ඔවුන් අතර දෝලනය වූ ඝාතනයේ සැබෑ උරුමකරුවා කවුරුත් නොදන්නා තුන්වැනියෙකු ද?

    "ඔව් එතැන තව වෙඩික්කරුවෙක් හිටියා. ඒත් මං දන්නේ නෑනෙ ඒ කවුද කියලා."

    90390073_2506086522979670_1672555939753885696_o.jpg
     

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,879
    113
    Fantasy
    චීවර දාරියෙක්ව එල්ලුම් ගසට යන එක තවත් පවක් කියලා තමයි එල්ලා මරන්න සති දෙකකට කලින් සිවුර අත හැරලා කිතුනු ආගම වැළදගෙන බෞතිස්ම ලබලා තියෙන්නේ.


    :baffled: මේ පොතේ තියනවලු ඒ ගැන.

    "ඉක්බිතිව ඔහු මරාපීහ"
    කතෘ: පි.බී. ජයසේකර

    "එහෙන් මෙහෙන් ඇහිඳගත් ඕපාදූප ම නොවූ ආරංචි ගොන්නක්"
    "හැබැයි එක ම එක කතාන්දරයක්"

    "බණ්ඩාරනායක ඝාතනය පිටුපස සිටි සැබෑ හස්තය කවරෙක් හු ද?"

    "විමලා"
    "තල්දූවේ සෝමාරාම"
    "ඔසී කොරෙයා"
    "මාපිටිගම බුද්ධරක්ඛිත"
    ඔවුන් අතර දෝලනය වූ ඝාතනයේ සැබෑ උරුමකරුවා කවුරුත් නොදන්නා තුන්වැනියෙකු ද?

    "ඔව් එතැන තව වෙඩික්කරුවෙක් හිටියා. ඒත් මං දන්නේ නෑනෙ ඒ කවුද කියලා."

    View attachment 111229
    Wimala, osi koraya kiynne kwda