මිනීමරු JVP විසින් විජය කුමාරතුංග මරා දමා අදට වසර 38යි!

monson

Well-known member
  • May 7, 2007
    25,789
    28,966
    113
    "නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය.විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ.
    කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. "

    ශ්‍රි ලංකා මහජන පක්ෂය පක්ෂයේ නායක සහ ජනප්‍රිය සිනමා නළු විජය කුමාරතුංග ඝාතනයට ලක්වී 2026 පෙබරවාරි 16වනදාට වසර 38කි. මේ ඒ කතාවය….
    විජය කුමාරතුංග ඉපදුණේ 1945 ඔක්තෝබර්ය. සුගතපාල සෙනරත් යාපාගේ හන්තානේ කථාවෙන් 1969දී සිනමාවට පිවිසි විජය සිනමා තාරකාවක් බවට පත් වූයේ තුෂාර චිත්‍රපටිය 1973 තිරගතවීමත් සමඟය. ඉනික්බිති සිනමා ලෝකයේ ජනප්‍රියත්වය කෙතරම්ද යත් 1976දී තිරගත වූ චිත්‍රපටි හතකම ප්‍රධාන නළුවා වූයේද ඔහුය. ආරම්භයේ සිට 1988 දක්වා විජය රඟපෑ චිත්‍රපට සංඛ්‍යාව 114කි. ගායන ශිල්පියෙකු වශයෙන් ගීත 100ක් ගායනා කල ඔහු කැසට්පට 10ක් පමණ නිකුත් කළේය. සමසමාජයෙන් දේශපාලනය ඇරඹූ විජය ශ්‍රි ලංකා නිදහස් පක්ෂයෙන් කටාන ආසනයට 1977දී තරඟකර පරාජයට පත්විය. පසුව ඔහු දිවංගත අගමැති එස්.ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ සහ අගමැතිනී සිරිමාගේ කණිටු දියණියවූ චන්ද්‍රිකා සමඟ 1978 පෙබරවාරි 20 අවාහ කර ගත්තේය.
    ශ්‍රිලනිප ජනාධිපති අපේක්ෂක හෙක්ටර් කොබ්බෑකඩුවට 1982 ඔක්තෝබර් 20වැනිදා පැවති ජනාධිපතිවරණයේදී ක්‍රියාකාරිව සහාය දැක්වූ විජය ජනාධිපතිවරණ පරාජයෙන් පසු එජාප රජය මගින් නැක්සලයිට් චෝදනාව ගොනුකර 1982 නොවැම්බර් 19වැනිදා අත්අඩංගුවට ගන්නා ලදී. මහර අතුරු මැතිවරණයට 1983 මැයි 18 ශ්‍රීලනිපයෙන් විජය ඉදිරිපත්ව පරාජයට පත්විය. එජාපයේ කමලවරණ ජයකොඩි මහර මන්ත්‍රීවරයා වූයේ වැඩි ඡන්ද 45කිනි. ශ්‍රි ලංකා මහජන පක්ෂය ටී. බී ඉලංගරත්න ඇතුළු ශ්‍රීලනිප ජේෂ්ඨයින් සමඟ 1984 ජනවාරි 22වැනිදා පිහිටුවීමට පුරෝගාමී නායකත්වය දෙන ලද්දේ ඔහු විසිනි.
    ඉන්දු ලංකා ගිවිසුමට කොන්දේසි විරහිතව පැරණි වාමාංශික පක්ෂ සහ දෙමළ බෙදුම්වාදී කණ්ඩායම් සමඟ ශ්‍රි ලංකා මහජන පක්ෂය සහාය දුන් අතර විජය එහි පුරෝගාමී නායකත්වයක් උසුලන ලදී. ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය ද්‍රවිඩ ඊලමට පක්ෂ වාමාංශිකයින් නම් කළේ තුන්වන සතුරු හමුදාව ලෙසිනි. ඒ අනුව තුන්වන සතුරු හමුදාව අතුගා දැමීම දේශප්‍රේමි අරගලේම කොටසක් බවට 1988 ජනවාරි 25වැනිදා නිකුත් කල නියෝගයක සඳහන් විය. ජවිපෙ ඉන්දු ලංකා ගිවිසුමට එරෙහිව මතවාදය ඉදිරිපත්කල අතර මහජන පක්ෂය සහ විජයද දේශදෝහීන් ලෙස නම් කෙරෙනි. ජවිපෙ ඝාතනවලට එරෙහිව රජයේ ආරක්ෂාවට පරිබාහිරව මහජන පක්ෂයේම ආරක්ෂක වලල්ලක් විජය විසින් ගොඩනඟා ගැනීමට කටයුතු කළේය. ඒ අනුව 1987 ඔක්තෝබර් මසදී උමා මහේස්වරන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් සංවිධානයේ වව්නියාවේ අවි පුහුණු කඳවුරක පුහුණුවකට මහජන පක්ෂයේ කණ්ඩායමක් තෝරා යවන ලදී. විජය ඝාතනය වීමට පෙර අවස්ථා තුනකදී එසේ අවි පුහුණුව සඳහා කණ්ඩායම් තුනක් රහසිගතව යවා තිබිණි.
    නාරහේන්පිට පොල්හේන්ගොඩ පාරේ සිය නිවසින් පිටතට එමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් දෙදෙනෙකු විජය ඝාතනය කළේ ඒ. කේ. 47 වර්ගයේ ගිනි අවියකිනි. ඒ 1988 පෙබරවාරි 16වැනිදා පස්වරු 12.20ටය.විජයගේ ආදානය 1988 පෙබරවාරි 21වැනිදා කොළඹ 07 නිදහස් චතුරශ්‍රයේ දී පැවති අතර එය සජීව ලෙස රූපවාහිනියෙන් විකාශය කල අතර එය ශ්‍රි ලංකාවේ ප්‍රථමවරට අවමගුලක් සජීව ලෙස විකාශය කල අවස්ථාව ලෙස සැලකේ.
    කුමාරතුංග ඝාතනයෙන් පසු ජවිපෙ සන්නද්ධ අංශය වන දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය නිවේදනයක් මගින් වගකීම භාරගෙන තිබිණි. එමෙන්ම මව්බිමේ සියළු සතුරන්ට දඬුවම් දීමේ සන්නද්ධ සේනාංකය මැයින් 1988 පෙබරවාරි 21වැනිදා ‘විජය කුමාරතුංග යැව්වේ ඇයි?’ මැයින් පත්‍රිකාවක් මුද්‍රණය කර බෙදා හැර තිබිණි. එහි මෙසේද සඳහන් විය. ‘අප විසින් දඬුවම් කරනුයේ මව්බිමේ සතුරන්ට පමණි ඒ හැර අපේ දේශපාලනයට එකඟ නොවූවද දෝහීන් නොවූ කිසිවෙකුට හෝ පොදු මහජනයාට හෝ අපි කිසිදු හිංසාවකට ඉඩ නොතබමු’.
    විජය කුමාරතුංග ඝාතනය කල පාලම්මුල්ලලාගේ ලයනල් රණසිංහ 27 හැවිරිදිය. ජාතික විමුක්ති අරගලයකින් සමාජවාදය උදාකිරීමේ උපායමාර්ගික ගමන්මඟ අනුව ක්‍රියාවට නැගූ ජවිපෙ 2වැනි කැරැල්ලේදී ඝාතන 41ක් සිදුකල ලයනල් රණසිංහ උපන් සහ ජීවත්වූ නිවෙස්වලට ගිය ලේඛක Dharman Wickremaretne ඔහුගේ පවුලේ අය හමුවිය. ඔවුන් පැවසූ පරිදි ලයනල් යනු ජවිපෙ නායකත්වයේ දෘෂ්ටිමය මඟපෙන්වීමකට යටත්ව ප්‍රායෝගිකත්වය ක්‍රියාවට නැගූ මිනිසෙකි. එය ද්‍රරිද්‍රතාවය සහ සමාජ පීඩනය නිසා රැඩිකල් දේශපාලනයට එක්වු තරුණයෙකුගේද කථාවකි. විජය ඝාතනයට සම්බන්ධ යතුරුපැදිය පදවාගෙන ගිය සැකකරු වූයේ ටාසන් වීරසිංහ හෙවත් හේරත්ය. මේ ඒ කතාවය….

    • Like
    Reactions: KDH and cstasy

    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    බලපන්කො ඉතින් ඒකෙත් හැටි, අවුරුදු 38ක් ගිහිල්ලත් කිසිම ආණ්ඩුවක් ජෙප්පොන්ට විරුද්ධව මුකුත්ම කරලා නෑනි.

    අපරාදේ, නඩු දාන්නනි තිබුනේ. ඒ මුකුත්ම කරලා නැති එක තමයි ප්‍රශ්නේ.
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සහෝදරවරු 88,89 කී දෙනෙක්ට නම් වගකිව්වද
    Patali Champika Ranawaka was a member of the Janatha Vimukthi Peramuna (JVP) during the 1980s, particularly in his university years amid the political violence of that era. He was active in pro-JVP student unions at the time and was arrested twice (in 1988 and 1991) during government crackdowns related to the second JVP insurrection.

    Despicable Me Lol GIF
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,364
    9,158
    113
    Around the world
    Patali Champika Ranawaka was a member of the Janatha Vimukthi Peramuna (JVP) during the 1980s, particularly in his university years amid the political violence of that era. He was active in pro-JVP student unions at the time and was arrested twice (in 1988 and 1991) during government crackdowns related to the second JVP insurrection.

    Despicable Me Lol GIF
    පාසැල් යන කාළේ ඉන්දු ලංකා ගිවිසුමට විරුද්ධව හා විජේවීරගේ කථාවලට වශිවීමත් නිසා ඒ පැත්තට නැබුරුව සිට 88 භීෂණයට පෙර "අපේ ගමන් මග" කියා පොඩි පොත් පිංචක් ලියා දී විවේචනය කර අයින් වුණා. කැම්පස් එකේදී ජවිපෙට එරෙහිවයි වැඩ කළේ. එකළ විශ්ව වී. සිසුන් සැවොම වාගේ ඇරෙස්ට් කරා. කොටසක් මරා දැම්මා. චම්පිකව කොළබ වී. වී. වදකාගාරයේ රදවා තබා ගෙන සිට පසුව නිදහස් කරා.
     
    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    බලපන්කො ඉතින් ඒකෙත් හැටි, අවුරුදු 38ක් ගිහිල්ලත් කිසිම ආණ්ඩුවක් ජෙප්පොන්ට විරුද්ධව මුකුත්ම කරලා නෑනි.

    අපරාදේ, නඩු දාන්නනි තිබුනේ. ඒ මුකුත්ම කරලා නැති එක තමයි ප්‍රශ්නේ.
    හ්ම්... හ්ම්... මිනිස්සුන්ට තිත්ත වුනේ ඒකයි.
    විජේගෙ රසික රසිකාවියොත් පහුගිය ඡන්දෙට උන්ට නොදී ජෙප්පොන්ට ඡන්දෙ දීලා තියෙන්නෙ එකයි...

    විජය, තාජුඩීන්, එක්නැලිගොඩ ඔක්කොම ගොඩ එන්නෙ ඡන්ද කාලෙට විතරයි.
    මූ වුනත් මේ පෝස්ට් එක දාල තියෙන්නෙ, විජය ගැන ආදරෙන් නෙවෙයි නෙවෙයි නේ, මලකඳෙන් හරි ලොක්කට දශමයක් හරි අරන් දෙන්න නේ...
     
    Sanju malli

    Well-known member
  • Mar 11, 2012
    527
    400
    63
    40
    Colombo
    හ්ම්... හ්ම්... මිනිස්සුන්ට තිත්ත වුනේ ඒකයි.
    විජේගෙ රසික රසිකාවියොත් පහුගිය ඡන්දෙට උන්ට නොදී ජෙප්පොන්ට ඡන්දෙ දීලා තියෙන්නෙ එකයි...

    විජය, තාජුඩීන්, එක්නැලිගොඩ ඔක්කොම ගොඩ එන්නෙ ඡන්ද කාලෙට විතරයි.
    මූ වුනත් මේ පෝස්ට් එක දාල තියෙන්නෙ, විජය ගැන ආදරෙන් නෙවෙයි නෙවෙයි නේ, මලකඳෙන් හරි ලොක්කට දශමයක් හරි අරන් දෙන්න නේ...
    හරියටම හරි, ඔය මැරිච්චි එකෙක්ගෙවත් කේස් එලියට ගන්නේ මැරුණ එකාට ආදරේට නෙමෙයි.

    කඩේ යන එකාට තියෙන ආදරේට.
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,197
    113
    ආශ්චර්යමත් රටක
    බලපන්කො ඉතින් ඒකෙත් හැටි, අවුරුදු 38ක් ගිහිල්ලත් කිසිම ආණ්ඩුවක් ජෙප්පොන්ට විරුද්ධව මුකුත්ම කරලා නෑනි.

    අපරාදේ, නඩු දාන්නනි තිබුනේ. ඒ මුකුත්ම කරලා නැති එක තමයි ප්‍රශ්නේ.

    ඒ පොන්නයන්ට මොනවද බන් පුලුවන්? නඩු දාගන්න තියා මේ ත්‍රෙඩ් එක දාපු පොන්නයගෙ නායක පොන්නයට හරියට කලිසමවත් ඇදගන්න බෑ. කෙළින් ඇවිදගන්න බෑ. ඔය අවුරුදු 38ටම රටකජු කරත්තයක්, බුලත්විට ලෑල්ලක් ලාබ කරලා පෙන්නන්න පුලුවන් උනෙත් නෑ. ඒ ඔක්කොම බැරි නිසා පැත්තක තියපල්ලකො. අඩුමගානෙ කිසිම දෙයක් නොකර මූලස්ථානෙට වෙලා රට ඔහේ යන්න ඇරලා පුක් ගගහ විතරක් හිටියනං රට බංකොළොත් වෙන එකකුත් නෑ. 🙈

    ඌට ඒකවත් බෑ 🤌🏼😂

    දැන් කඳුලු පුරෝගෙන සිලි බයි ඩෝබියො ටික එයි මේකට. එතකොට එන්නං 😂
     
    • Like
    Reactions: Sanju malli

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,120
    1,996
    113
    කෙලියේ කෙලියේ

    පියාණෝට සාස්තර කාරයෙක් කියලා තියනවා එයාගෙන් පස්සෙ "වි" අකුරෙන් නම තියන කෙනෙක් රජ වෙනවා කියලා. ලොක්කා
    "වි" වලින් නම තියන උන්ට ඩීල් එක දුන්නා කියලා තමයි අහල තියෙන්නෙ, තරජනයක් අභියෝගයක් වෙන හැමෝටම ගේම දුන්නලු. ඉතුරුවෙලා ඉන්න අය දක්ෂයො නෙවෙයි උඩ ඉඳපු දක්ෂයො මරලා දැම්මට පස්සෙ ඉතුරුවුන එවුන් කියලා තමයි කියන්නෙ වයසක උන්දලා

    හැබැයි කිව්වත් වගේ ලොක්කගෙන් පස්සෙ රජ වුනෙත් "වි" වලින් නම තියන කෙනෙක් තමයි..
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,149
    1
    58,506
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පියාණෝට සාස්තර කාරයෙක් කියලා තියනවා එයාගෙන් පස්සෙ "වි" අකුරෙන් නම තියන කෙනෙක් රජ වෙනවා කියලා. ලොක්කා
    "වි" වලින් නම තියන උන්ට ඩීල් එක දුන්නා කියලා තමයි අහල තියෙන්නෙ, තරජනයක් අභියෝගයක් වෙන හැමෝටම ගේම දුන්නලු. ඉතුරුවෙලා ඉන්න අය දක්ෂයො නෙවෙයි උඩ ඉඳපු දක්ෂයො මරලා දැම්මට පස්සෙ ඉතුරුවුන එවුන් කියලා තමයි කියන්නෙ වයසක උන්දලා

    හැබැයි කිව්වත් වගේ ලොක්කගෙන් පස්සෙ රජ වුනෙත් "වි" වලින් නම තියන කෙනෙක් තමයි..

    ගුපි පියාණෝද බයි අප්පච්චිද ලොකුම මිසදිටුව?