ඉරාන නාවික සිරුරු දාන්න කරාපිටියේ ශීතාගාර නෑ.. තම රටට බාර දෙන්නැයි ඉරානය කියයි..
bylanka C news -
March 05, 2026
ඉන්දීය සාගරයේ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදු තීරයේදී ඇමෙරිකානු සබ්මැරීන ප්‍රහාරයකට ලක්ව ගිලී ගිය ‘IRIS Dena’ නමැති ඉරාන නාවික හමුදා නෞකාවේ සිටි නාවිකයින්ගේ සිරුරු, අවසන් කටයුතු සඳහා යළි තම රටට භාර දෙන ලෙස ඉරාන බලධාරීන් ශ්‍රී ලංකාවෙන් ඉල්ලා තිබේ.
අදාළ ප්‍රහාරයෙන් මියගිය නාවිකයින් 90 දෙනෙකුගේ පමණ සිරුරු මේ වන විට ගාලු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත රැගෙනවිත් ඇති අතර, එම සිරුරු ඉරානය වෙත ගෙන යන තෙක් රෝහල් මෘත ශරීරාගාරයේ තැන්පත් කර තැබීමට පියවර ගෙන ඇත.
මේ පිළිබඳව අදහස් දැක්වූ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය හංසක විජේමුණි මහතා ප්‍රකාශ කළේ, මියගිය පිරිසගේ සිරුරු යළි මෙරටට ගෙන්වා ගැනීමට ඉරානය ඉල්ලීම් කර ඇති නමුත් පවතින යුදමය වාතාවරණය හේතුවෙන් එම කටයුතු වහාම ක්‍රියාත්මක කිරීමට බාධා පවතින බවයි.
හුණ්ඩුවෙ ඉඩ නෑ
