සාදු සාදු!!! මේ පින ඔබගේ නිවන පිණිසම හේතුවේවා!!! සියලු පින් කැමති සත්වයෝ ධර්ම ශවනයෙන් ලබන ලද්දා වූ පිං අනුමෝදම් කරගෙන සැපවත් වෙත්වා!!
මමත් දෙයක් එකතු කරන්නම්
මම ලගදී කියෙවුවා පුජ්‍ය වේවැල්දෙණියේ නන්දසීල හිමියන් විසින් සම්පාදිත තිපිටක විශාරද ඇති පුජ්‍ය න උයනේ අරියධම්ම නාහිමියන්ගේ දේශනා ඇසුරෙන් රචිත පොතක්.. පොතේ නම "නොපෙනෙන ලොව සබැ තතු"
ඔය පොතේ ඕකට හොද උත්තරයක් තියනවා...
සාරාංශයක් වශයෙන් කියනවා නම් පින හෝ පව නිපදවා ගන්නේ අපේ සිත විසින්මයි...
එය වැඩි දිවූනු කරගැනීමත් අපි විසින්ම සිදු කරන දෙයක්...
කරපු පිනක් නිතර නිතර මතක් කරනකොට ඒ පින වැඩි දිවුණු වෙනවා වගේම කරපු පවු ගැනත් නිතර නිතර මතක් කරනකොට පසුතවෙනකොට පවත් වැඩි දිවුණු වෙනවා...
එතකොට අපි කරන පින කොහොමද වෙන අයට දෙන්නේ??
මටත් තිබ්බ ප්‍රශ්නයක් ඕක...
එකටත් අර පොතේ පිළිතුරක් තියනවා...
පිනක් අනුමෝදම් කරනවා කියන්නේ තමන්ගේ පිනෙන් කොටසක් දෙන එක නෙමෙයි...
අපි මතක් කරන කෙනා (දෙවියෙක්, මලගිය කෙනෙක්) අපි කරන පින දිහා බල සතුටු වීමයි...
මොකද ඒ අයත් එකට සහබාගි කරගන්නවා කියල විශාල සතුටක් ඒ අයට ඇති වන නිසා...
එකෙන් ඒ අය තවත් සුගතිගාමී වෙනවා...
එතකොට මලගිය අයටයි දෙවියන්ටයි විතරද එහෙම පින් අනුමෝදම් කරන්න පුළුවන්??
නැහැ... අපිටත් පින් අනුමෝදම් කරගන්න පුළුවන්...
කෙනෙක් කරන පිනක් දිහා බලලා අපිටත් ඒ පින් අනුමෝදම් කරගන්න පුළුවන්....
සාදුකාර දීලා හිත පහදවා ගන්න පුළුවන්...
මහා ලොකුවට සල්ලි ඕනේ නැහැ පින් කරන්න කියන්නේ එකයි...
එක මලක් පුජා කරලා කල්ප ගානක් දෙවුලොව මනුලොව සැප වින්දා කියල බන කතා අහල තියනවා නම් එකට හේතු වෙන්නේ ඔය වගේ හේතුවක්....
පවත් ඒ වගේම තමා... මොනයම් හෝ විදිහකට කරපු පවක් ගැන කියල කෙනෙක් සතුටු වෙනවා නම් දිගින් දිගටම එයට ඒ පවා අනුමෝදම් වෙනවා...
වෙන කෙනෙකුත් එක දිහා බලල සතුටු වෙනවා නම් එතකොට එයටත් ඒ පව අනුමෝදම් වෙනවා...
මම අරුට බොරු කළා... මම අරකිට අහවල් වැඩේ කළා... මම බිවුවා මෙච්චරක්... අපි ත්රස්තයෝ මෙච්චර ගානක් මරුවා.... මම නම් හම්බයෝ මෙච්චර ගානක් මරනවා... මමත් මරාගෙන මැරෙනවා... මම මෙච්චර ගානක දෙයක් ඉස්සුවා කියලා සමහර අය තමන් කරපු, කරන්න ඉන්න අකුසල කර්ම ගැන මහා උජාරුවට කියවනවා....
කෙනෙක් ඒ දේ දිහා බලලා සතුටු වෙනවා නම් එතැනදී එයාට අර අකුසලය අනුමෝදම් වෙනවා...
එකෙන් ඇතිවන විපාකය දුක් විපාකයක්මයි...
ඒ නිසා කුසලයකදී සතුටු වෙන්නත් නිතර නිතර මතක් කරන්නත්... අකුසලයකදී ඊට හවුල් නොවීමටත් වචනයෙන් හෝ අනුබල නොදීමටත් හිතට ගන්නවා නම් හොදයි...
අනික පිනක් කලහම හැමවිටම "මේ පින උතුම් වූ නිවන පිණිසම හේතු වේවා" කියල ප්‍රර්ථනා කරන්න.