"
වසන්තය,මිලින වීම හෝ නොවීම ඇත්තේ ඔබ අතයි..
තනිව ඒ වෙනුවෙන් නැඟී සිටීමට ඔබට හැකි විය යුතුයි..
නොහැකි නම් සෙවනැල්ල ඔහු හෝ ඇය කර ගන්න..
වසන්තය ජය ගන්න..මන්ද එය ඔබගේම පමණක් නිසා..
හිතෙහි සුසුමක් දරයි අගනේ ය..
නෙතෙහි බැල්මක් දරයි තවත් අගනේ ය..
එහෙත් හිත ලැගුම්හලක් නොවියුතුයි
එවිට නැත,නො එන්නන් ගැන සෝ දුකක්
ජිවිතය තනි කමයි..තනි වීම සුන්දරයි
ජීවිතයේ සරලකම,ඇත්තේ තනිකම තුළ යි
සරල බව සුන්දරයි එහි පැතුම් ප්රියකරුයි
වෙන හිතකට වඩා ඔබේ සතුට ඔබෙ සතුයි
ඉතින් ඔබ හිනැ හෙන්න
ඔබෙ හිතත් සමඟින්ම
ඒ සතුට ඔබ සතුයි
සැමඳාම ඔබ ළඟ යි..
......................................."