මිලියන_28ක විදෙස් මුදල් ගමන් මල්ලෙන් මතුවෙ&#35

dxx

Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    මිලියන_28ක විදෙස් මුදල් ගමන් මල්ලෙන් මතුවෙ&#35

    මිලියන 28ක විදෙස් මුදල් ගමන් මල්ලෙන් මතුවෙයි

    රුපියල් 2,80,00,000 (දෙකෝටි අසූ ලක්ෂයක් ) ක් වටිනා විදේශ මුදල් තොගයක් නීතිවිරෝධී ලෙස සිංගප්පූරුව බලා රැගෙන යෑමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගියෙකු 9/03 දින දහවල් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වැඩබලන රේගු මාධ්‍ය ප්‍රකාශක විපුල මිනුවන්පිටිය සදහන් කර සිටියා.

    25 හැවිරිදි මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන මෙම පුද්ගලයා අද (03) උදැසන 11.10 ට පමණ සිංගප්පූරුව බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 308 දරන ගුවන් යානයයෙන් කටුනායක ගුවන් තොටුපොලේ සිට සිංගප්පුරුව බලා යාමට සුදානම්ව පැමිණ තිබුනා.

    ගුවන් තොටුපොල ආරක්ෂක නිලධාරීන් විසින් සිදු කරන ලද ස්කෑන් පරීක්ෂණයේ දී මෙම පුද්ගලයා විසින් රැගෙන ආ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක මෙම විදේශ මුදල් තොගය සගවා ගෙන ඇති බව අනාවරණය වීමෙන් පසු එම පුද්ගලයා සහ ගමන් මල්ල ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත භාර දීමට ආරක්ෂක නිලධාරින් විසින් පියවර ගෙන තිබුනා.

    රේගු නිලධාරීන් විසින් මොහුගේ ගමන් මල්ලේ ව්‍යාජ පතුලක සගවා ගෙන තිබූ රුපියල් දෙකෝටි අසු ලක්ෂයක් වටිනා යූරෝ, කටාර් රියාල්, ස්විස් ෆ්‍රෑන්ක්, ඩෙන්මාර්ක් ක්‍රෝනර් සහ සෞදි රියාල් තොගය සොයාගෙන අත් අඩංගුවට ගෙන තිබුනු අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු මේ වන විටත් සිදුකරමින් පවතී.



    neth
     

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    දැන් මේ සල්ලි රාජසන්තක කරොත් යන්නේ කොහාටද?
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    Machan danne nathi nisa ahanne.
    Apita foreign currency lankawen wena ratakata geniyanna barida? Puluwan nam kochchara liit ekak thiyenawada?
     

    sx1

    Active member
  • Dec 1, 2007
    242
    51
    28
    Machan danne nathi nisa ahanne.
    Apita foreign currency lankawen wena ratakata geniyanna barida? Puluwan nam kochchara liit ekak thiyenawada?

    $5000 undeclared and upto $10,000 declared. undial salli mewwa. ekai mixed currency thiyenne. kohomath kalekata serayak maattu wenawamai mehema.
     

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,049
    113
    පිළි-ඇඳි-දොළ
    maxresdefault.jpg


    10,000 USD bundles karan giyaanam rata yana 17 denek set karan untath gaanak deela genichchanam legally pannanna thibba