මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය

Alipak

Well-known member
  • Jun 4, 2012
    1,293
    273
    83
    On Earth
    මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය

    මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගය




    මේ පුංචිම පුංචි කටුස්සා සමහර විට මේ මිහිපිට ජීවත්වන කුඩාම කටුසු වර්ගයට අයත් එකකු වෙන්න පුළුවන්. මැඩගස්කරයේ දී හමු වූ මේ කුඩා කටුස්සාගේ ප‍්‍රමාණය මේ සමග ඇති ඡායාරූපයෙන් ඔබට සිතා ගත හැකියි. ඒ සොයා ගැනීම කළ විද්‍යාඥයාගේ ඇඟිලි තුඩකයි ඌ මේ ළැග ඉන්නේ. මේ වර්ගයේ වැඩුණු සතකු දිගින් සෙන්ටිමීටර් 3කට වඩා නැහැ.


    2.jpg
    ගිනිකුර හිසක වුනත් මේ කුඩා කටුසු වර්ගයට ළැග ඉන්න පුළුවන්.
    https://www.blogger.com/null

    විද්‍යාඥයන් විසින් මේ වර්ගයේ සත්ව විශේෂ හතරක් සොයා ගෙන තියෙනවා. සත්ව විද්‍යාත්මකව බෲකේෂියා මයික‍්‍රා නමින් හඳුන්වා ඇති මේ අපූරු සත්වයා හමු වි ඇත්තේ මැඩගස්කරයේ ප‍්‍රධාන දූපත අසල කුඩා දූවක දීයි.

    1.jpg
    දැක ගන්න අමාරු සතෙක් - බොහෝ කටුසු වර්ගවල නිජබිම මැඩගස්කරය යැයි අනුමාන කෙරනවා.

    නව සත්ව විශේෂයකට අයත් යැයි සැලකෙන මේ කටුසු විශේෂය ලොව සිටින කුඩාම කටුසු වර්ග විය හැකියි. ඇමරිකාවේ කැලිෆෝනියාවේ සැන් දියේගෝ විශ්ව විද්‍යාලයේ දැනටමත් මේ සතාගේ ජාන පරීක්ෂණ ටෙඞ් ටවුන්සෙන්ඞ් අතින් සිදු කෙරෙනවා. ඔහු ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්: ”මේ සතාගේ ප‍්‍රමාණය අනුව සාමාන්‍ය ප‍්‍රමාණයේ කටුසු වර්ග පරිණාමය වන්නට ඇත්තේ මෙවැනි ඉතා කුඩා ආදිමයකුගෙන් යැයි සිතිය හැකියි.”

    3.jpg
    මැඩගස්කරයෙන් සොයා ගෙන ඇති කුඩා කටුසු වර්ගය
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Micro Chameleon කියන්නේ මූට මූ කටුස්සෙක් කිව්වට කටුස්සෙක්මත් නෙමෙයි.මූ බොදිලිමෙක්. අර දිව හැතැම්මක් විතර දාල සත්තු අල්ලගෙන කන්නේ.
    natgeo-chameleon.jpg

     
    Last edited: