මිහිපිට_දෙවිවරු
මෙන්න නියම මිහිපිට දෙවිවරු. වෙන අය වගේ කටින් බතල හිටවන අය නොවෙයි.
ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගමට ප්‍රතිකාර සඳහා මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වාගෙන් මූල්‍ය පරිත්‍යාගයක්.
ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම ගේ සුවදුක් විමසීමට පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා පසුගියදා ඇගේ නිවසට පැමිණියා. මෙහිදී මන්ත්‍රීවරයා විසින් රංගන ශිල්පිනියට මූල්‍ය පරිත්‍යාගයක්ද සිදුකළේ ඇයගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන්.
ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම මේ වනවිට කොළඹ - නාරාහේන්පිට ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේ ජීවත්වනවා. කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා ඇයගේ නිවසට පැමිණෙන්නේ සුවදුක් විමසීම සඳහායි. ජනප්‍රිය නිළියක් වන සුසිලා කූරගම තමන් කලා ජීවිතයේදී අත්කරගත් ජයග්‍රහණ පිළිබඳවද ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා දැනුවත් කළා. එම අවස්ථාවේදී අදහස් දැක්වූ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. දුමින්ද සිල්වා කියා සිටියේ කලාකරුවන්ට තමන් නිරන්තරයෙන් සහයෝගය ලබාදෙන බවයි.
ඇවිදීමේ අපහසුතාව හේතුවෙන් මේ වනවිට නිවසේම කාලය ගෙවන ඇයට ඉදිරි ප්‍රතිකාර කටයුතු සඳහා ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රිවරයා එහිදී මූල්‍ය පරිත්‍යාගයක් සිදුකළා. එහිදී අදහස් දක්වමින් ප්‍රවීන රංගන ශිල්පීනි සුසිලා කූරගම සඳහන් කළේ මීට පෙරද ආර්. දුමින්ද සිල්වා මන්ත්‍රීවරයා විසින් තමන්ට ප්‍රතිකාර ලබාගැනීම සඳහා උපකාර කර ඇති බවයි. කලාකරුවන් වෙනුවෙන් මන්ත්‍රීවරයා විසින් සිදුකරන මෙම ක්‍රියාව ඇගයිය යුතු බවයි ප්‍රවීන රංගන ශිල්පිනී සුසිලා කූරගම වැඩිදුරටත් කියා සිටියේ.