මීතොටමුල්ලෙන් පාඩමක් ඉගෙන ගමුද? ~~~ BIO GAS
කොහොමද මචන්ලා. සෑහෙනම කාලෙකින් කිරියේ පෝස්ට් එකක් දාන්නෙ. අවුරුදු එකහමාරකින් විතර.
යූ ටියුබ් එකේ දැක්ක දෙයක් අපිට ගොඩක් හොඳ විදියට පාවිච්චි කරන්න පුලුවන් කියලා හිතුන නිසයි සහ උඹලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි මේක දාන්නේ.
මීතොටමුල්ලෙ කුණු කන්ද නාය ගිය කේස් එකෙන් අලුත් අවුරුදු දවසේ අපේම අහිංසක සහෝදර සහෝදරියෝ ගොඩ දෙනෙකුට තමන්ගේ ජීවිත නැති උනා. ඔය කුණු ප්‍රශ්නෙ කුණු නැති පලාත් වල ඉන්න මිනිස්සුන්ට යන්තම් හරි දැනුනෙත් මීතොටමුල්ල සිද්දියෙන් පස්සෙයි. ආරන්චි හැටියට හම්බ උනෙ 40කට ආසන්න සිරුරු ප්‍රමාණයක් උනත් අතුරුදහන් වෙලත් ඉන්නවා ඒ වගේම ප්‍රමාණයක්. ඇත්තටම ඔය කුණු ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවට බැරිද? මට නන් හිතෙන්නෙ පුලුවන්. හැබැයි මොන ආන්ඩුව ආවත් ඔය කුණු කන්ද තැන් තැන් වලට උස්සන් ගිහින් ඕක රැකගන්නේ උන්ට ඕක රත්තරන් ආකරයක් හින්දයි. හේතුව කුණු ප්‍රතිචක්‍රීකරණය කියන දේ ලංකාවට අලුත් දෙයක් උනත් ලෝකෙ දැනට ගොඩක් රටවල් වල මේක ලාබ ලබන ව්‍යාපාරයක්. මෙන්න මේ නිධානය දිහා ගොඩක් උන් විමසිල්ලෙන් බලන් ඉන්නවා හොඳ බිස්නස් ඔෆර් එකක් ආවොත් කුණු කන්ද දීලා කොමිස් කුට්ටියක් අරන් සැපට ඉන්න හිතාගෙන. ඔය කුණු කන්දත් එක්ක බලද්දි මිනිස් ජීවිත කියන්නේ උන්ට බොහොම සුලු දේවල්.
මේ වීඩියෝ එක බලලම තෙරුම් ගන්න ඔය කුණු ගොඩ රත්තරන් ආකරයක් කියන්න හේතුව.....
හරි කතාවට කෙලින්ම බහින්නන්. මෙන්න මේකයි කාරනේ. ඔය කුනු ගොඩට යටවෙලා මැරිච්ච මිනිස්සුන්ට කොලඹට තදාසන්න පැති වල ඉන්න අපි වගේම රටේ අනෙකුත් ප්‍රදේශ වල ඉන්න මිනිස්සුත් පොඩ්ඩ පොඩ්ඩ හරි වග කියන්න ඕනෙ. සමාජයක් විදියට අපි උද්ඝෝශන කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කලින් අපිට පුලුවන් මේකට තනි තනිව නියම විසඳුමක් දෙන්න. විසඳුම 'බයෝ ගෑස් ඩයිජෙස්ටර්'. බයෝ ගෑස් ඩයිජෙස්ටර් කියන්නෙ ඉවත දාන කෑම, සත්ව මල, ශාඛ අපද්‍රව්‍ය වගේ දේවල භාවතා කරලා බයෝ ගෑස් හදන උපකරණයක්. යූ ටියුබ් එකේ ගෙවල් වල පාවිච්චියට මේ යුනිට් එකක් හදාගන්න හැටි වීඩියෝස් ඕනෙ තරම් තියෙනවා.
පුලුවන්නන් කරලා බලන්න. හදන්න බැරි නන් ඔය යුනිට් ගන්නත් තියෙනවා මම හිතන්නෙ. අඩි 10 x 10 වගෙ ඉඩක් තියෙන ඕනෙම තැනක මේක අටවන්නත් පුලුවන්. තව දෙයක්.... මෙකට ගෙදර තියෙන කුනු ඔක්කොම ඔබන්න එපා. ඉතිරි වෙච්ච කෑම වගේ දේවල් තමයි දාන්නේ. ගෙදර පාවිච්චියට ගන්න Liquid Petrolem ගෑස් වෙනුවට මේ යුනිට් එකෙන් නිපදවෙන බයෝ ගෑස් පාවිච්චි කරන්න පුලුවන්. අතුරු පල විදියට කොම්පෝස්ට් පොහොරත් නිශ්පාදනය කරන්න පුලුවන්. ටිකක් ලොකුවට කරනවනන් හොඳ බිස්නස් එකක් විදියට දියුනු කරන්නත් පුලුවන්. මම නන් දැනට ඉන්නෙ රෙන්ට් එකට. පොඩි ඉඩමක් නන් ගත්තා ගෙයක් හදන්න කියලා හිතාගෙන. ගෙදර හදන දවසක අනිවා ඔයින් එකක් හදනවා මචන්ලා. එතකන් උඹල කවුරුහරි හදන්න හිතන් ඉන්නවනන් හරි හදපු උන් ඉන්නවනන් හරි මේකෙ හොඳ නරක කියල අප්ඩේට්ස් දියන්.
අපි ගියා.
ජය හා සතුට!!!

Last edited: