මීතොටමුල්ලෙන් පාඩමක් ඉගෙන ගමුද? ~~~ BIO GAS

ushan.ky

Member
Feb 18, 2011
2,171
438
0
ඔන් ලයින්
මීතොටමුල්ලෙන් පාඩමක් ඉගෙන ගමුද? ~~~ BIO GAS

කොහොමද මචන්ලා. සෑහෙනම කාලෙකින් කිරියේ පෝස්ට් එකක් දාන්නෙ. අවුරුදු එකහමාරකින් විතර.
යූ ටියුබ් එකේ දැක්ක දෙයක් අපිට ගොඩක් හොඳ විදියට පාවිච්චි කරන්න පුලුවන් කියලා හිතුන නිසයි සහ උඹලටත් වැදගත් වෙයි කියලා හිතුන නිසයි මේක දාන්නේ.


මීතොටමුල්ලෙ කුණු කන්ද නාය ගිය කේස් එකෙන් අලුත් අවුරුදු දවසේ අපේම අහිංසක සහෝදර සහෝදරියෝ ගොඩ දෙනෙකුට තමන්ගේ ජීවිත නැති උනා. ඔය කුණු ප්‍රශ්නෙ කුණු නැති පලාත් වල ඉන්න මිනිස්සුන්ට යන්තම් හරි දැනුනෙත් මීතොටමුල්ල සිද්දියෙන් පස්සෙයි. ආරන්චි හැටියට හම්බ උනෙ 40කට ආසන්න සිරුරු ප්‍රමාණයක් උනත් අතුරුදහන් වෙලත් ඉන්නවා ඒ වගේම ප්‍රමාණයක්. ඇත්තටම ඔය කුණු ප්‍රශ්නේ විසඳන්න ආණ්ඩුවට බැරිද? මට නන් හිතෙන්නෙ පුලුවන්. හැබැයි මොන ආන්ඩුව ආවත් ඔය කුණු කන්ද තැන් තැන් වලට උස්සන් ගිහින් ඕක රැකගන්නේ උන්ට ඕක රත්තරන් ආකරයක් හින්දයි. හේතුව කුණු ප්‍රතිචක්‍රීකරණය කියන දේ ලංකාවට අලුත් දෙයක් උනත් ලෝකෙ දැනට ගොඩක් රටවල් වල මේක ලාබ ලබන ව්‍යාපාරයක්. මෙන්න මේ නිධානය දිහා ගොඩක් උන් විමසිල්ලෙන් බලන් ඉන්නවා හොඳ බිස්නස් ඔෆර් එකක් ආවොත් කුණු කන්ද දීලා කොමිස් කුට්ටියක් අරන් සැපට ඉන්න හිතාගෙන. ඔය කුණු කන්දත් එක්ක බලද්දි මිනිස් ජීවිත කියන්නේ උන්ට බොහොම සුලු දේවල්.

මේ වීඩියෝ එක බලලම තෙරුම් ගන්න ඔය කුණු ගොඩ රත්තරන් ආකරයක් කියන්න හේතුව.....




හරි කතාවට කෙලින්ම බහින්නන්. මෙන්න මේකයි කාරනේ. ඔය කුනු ගොඩට යටවෙලා මැරිච්ච මිනිස්සුන්ට කොලඹට තදාසන්න පැති වල ඉන්න අපි වගේම රටේ අනෙකුත් ප්‍රදේශ වල ඉන්න මිනිස්සුත් පොඩ්ඩ පොඩ්ඩ හරි වග කියන්න ඕනෙ. සමාජයක් විදියට අපි උද්ඝෝශන කරලා මේ ප්‍රශ්නේ විසඳන්න කලින් අපිට පුලුවන් මේකට තනි තනිව නියම විසඳුමක් දෙන්න. විසඳුම 'බයෝ ගෑස් ඩයිජෙස්ටර්'. බයෝ ගෑස් ඩයිජෙස්ටර් කියන්නෙ ඉවත දාන කෑම, සත්ව මල, ශාඛ අපද්‍රව්‍ය වගේ දේවල භාවතා කරලා බයෝ ගෑස් හදන උපකරණයක්. යූ ටියුබ් එකේ ගෙවල් වල පාවිච්චියට මේ යුනිට් එකක් හදාගන්න හැටි වීඩියෝස් ඕනෙ තරම් තියෙනවා.





පුලුවන්නන් කරලා බලන්න. හදන්න බැරි නන් ඔය යුනිට් ගන්නත් තියෙනවා මම හිතන්නෙ. අඩි 10 x 10 වගෙ ඉඩක් තියෙන ඕනෙම තැනක මේක අටවන්නත් පුලුවන්. තව දෙයක්.... මෙකට ගෙදර තියෙන කුනු ඔක්කොම ඔබන්න එපා. ඉතිරි වෙච්ච කෑම වගේ දේවල් තමයි දාන්නේ. ගෙදර පාවිච්චියට ගන්න Liquid Petrolem ගෑස් වෙනුවට මේ යුනිට් එකෙන් නිපදවෙන බයෝ ගෑස් පාවිච්චි කරන්න පුලුවන්. අතුරු පල විදියට කොම්පෝස්ට් පොහොරත් නිශ්පාදනය කරන්න පුලුවන්. ටිකක් ලොකුවට කරනවනන් හොඳ බිස්නස් එකක් විදියට දියුනු කරන්නත් පුලුවන්. මම නන් දැනට ඉන්නෙ රෙන්ට් එකට. පොඩි ඉඩමක් නන් ගත්තා ගෙයක් හදන්න කියලා හිතාගෙන. ගෙදර හදන දවසක අනිවා ඔයින් එකක් හදනවා මචන්ලා. එතකන් උඹල කවුරුහරි හදන්න හිතන් ඉන්නවනන් හරි හදපු උන් ඉන්නවනන් හරි මේකෙ හොඳ නරක කියල අප්ඩේට්ස් දියන්.


අපි ගියා.
ජය හා සතුට!!!
 
Last edited:
  • Like
Reactions: DangerMan119

Executer

Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    කරනවා නම් ඕවා නියම වැඩ බන් :cool:

    හැබැයි එක ආණ්ඩුවකටවත් ඕනෑකමක් තිබ්බේ නෑ :growl:

    මේ සිද්දියෙන් පස්සේ හරි ඔය කුණු වලට හොද විසදුමක් ආවොත් හොදයි බන් :baffled:
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    කරනවා නම් ඕවා නියම වැඩ බන් :cool:

    හැබැයි එක ආණ්ඩුවකටවත් ඕනෑකමක් තිබ්බේ නෑ :growl:

    මේ සිද්දියෙන් පස්සේ හරි ඔය කුණු වලට හොද විසදුමක් ආවොත් හොදයි බන් :baffled:

    ආණ්ඩු වැඩක් නෑ බන්

    උන් ඔක්කොම එන්නෙ හොරා කන්න බලාගෙන
    බල්ලො මරලා හරි කමක් නෑ හම්බ කරගනී

    ඔවුන්ට විසිල් ගහන්න යන්නෙත් තැලෙන පොඩි වෙන පීඩිත පන්තියේ උන්ම තමයි. පව් ඉතින්
     

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    ආණ්ඩු වැඩක් නෑ බන්

    උන් ඔක්කොම එන්නෙ හොරා කන්න බලාගෙන
    බල්ලො මරලා හරි කමක් නෑ හම්බ කරගනී

    ඔවුන්ට විසිල් ගහන්න යන්නෙත් තැලෙන පොඩි වෙන පීඩිත පන්තියේ උන්ම තමයි. පව් ඉතින්

    ඇත්ත බන් :yes::yes:

    ඔය ප්‍රශ්නෙට රජයේ අවධානය ගන්න වෙන්න පුළුවන් දරුණුම සිද්දියක් නෙහ් උනේ ඕකෙන්වත් මේක විසදුනේ නැත්තන් ආයේ ලොවත් මේක විසදෙන්නේ නෑ.

    මන් දැක්ක වෙනද මීතොටමුල්ලට දාපු කුණු පිළියන්දල පැත්තකට ගෙනිහින් දාන්න හදල එකට මිනිස්සු විරුද්ද වෙලා පාරට බැහැල කියල එහෙම තමයි වෙන්න ඕනේ නැත්තන් තව තැනක ඔය වගේම කන්දක් හැදෙයි :dull::dull:
     

    idhasitha

    Well-known member
  • Nov 3, 2008
    3,497
    694
    113
    NaughtyAmerica
    බයෝ ගෑස් ඕව ගෙදරවල් වල කරන්න අව්ලක් නැද්ද බන් ? ඕව පුපුරලා ගිණි ගතොත් ?
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    බයෝ ගෑස් ඕව ගෙදරවල් වල කරන්න අව්ලක් නැද්ද බන් ? ඕව පුපුරලා ගිණි ගතොත් ?

    safety ඇතුව කරන්න පුලුවන් ඇති බන්. bio gas unit විකුනන්නත් තියෙනව. හැබැයි ටිකක් ගනන්. 50000ක් විතර වෙයි. ඊට වඩා අඩුවට පොලව යට ඔය යුනිට් හදන්න පුලුවන්. අපෙ ඉස්කෝලේ මීතේන් ගෑස් යුනිට් එකක් හදලා තිබ්බ. ලැබ් එකට ගෑස් ගත්තේ ඒකෙන්. දැන්නන් තියෙනවද දන්නෙ නෑ.
     

    dushbush

    Well-known member
  • Jan 6, 2017
    1,029
    132
    63
    Kotikawatta
    mithathamule un kunu kandada maragannwa bn kunu kanna aythi karan inna pathale kattiyak innwa un patta vidayta salii hanbu karnne kunu kanden

    onthanata gihn kunu tikak api gedara aran enna giyoth guti kala enna wenee
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,964
    40,827
    113
    ඇත්ත බන් :yes::yes:

    ඔය ප්‍රශ්නෙට රජයේ අවධානය ගන්න වෙන්න පුළුවන් දරුණුම සිද්දියක් නෙහ් උනේ ඕකෙන්වත් මේක විසදුනේ නැත්තන් ආයේ ලොවත් මේක විසදෙන්නේ නෑ.

    මන් දැක්ක වෙනද මීතොටමුල්ලට දාපු කුණු පිළියන්දල පැත්තකට ගෙනිහින් දාන්න හදල එකට මිනිස්සු විරුද්ද වෙලා පාරට බැහැල කියල එහෙම තමයි වෙන්න ඕනේ නැත්තන් තව තැනක ඔය වගේම කන්දක් හැදෙයි :dull::dull:

    හරි දෙයක් කරනකොට මොකා උද්ගෝශනය කරත් වැඩ පිලිවෙලවල් ඉස්සරහට අරන් ගිය නැති ආන්ඩුත් වැරදියි

    සුදුසු තැන් වල විද්‍යාත්මක කසල ප්‍රතිචක්‍රීයකරන හදනවට විරුද්ද වෙන දේශපාලකයොත් වැරදියි/මිනිස්සුත් වැරදියි
     

    ushan.ky

    Member
    Feb 18, 2011
    2,171
    438
    0
    ඔන් ලයින්
    mithathamule un kunu kandada maragannwa bn kunu kanna aythi karan inna pathale kattiyak innwa un patta vidayta salii hanbu karnne kunu kanden

    onthanata gihn kunu tikak api gedara aran enna giyoth guti kala enna wenee

    desapaaluwekge henchaiyo wenna athi..... mama koheda dakka oya kunu kande wada karana bako ekakata payata 8000k gewanawalu. uba hithapan dawasakata paya 24ma wada karaoth dawasakata eka bako ekakin laksha 2k enawa. laabe lakshekatath wadee eka dawasakata. maasekata lasha 30k income eka. kohomada kunu wala bale. owage tender pass wenneth owata waga kiyana aayathana wala inna lokkonge goolayonta. kunu wela panuwo gahala marenne ookun