මීමනගේ ජයරත්න ඇමරිකාව පැහරගෙන යයි
මේ කතාව කවුරුත් විශ්වාස කරන එකක් නෑ කියල හිතුණ හින්ද නොලිය ඉන්නයි මුලදිම තීරණය කළේ, නමුත් එහෙම කිරීම අපේ හෙළ ඉතිහාසයට කරන ලොකු මදිපුංචිකමක් කියල හිතුණ හින්ද, ඔබගේ මනාපය පරිදි විශ්වාස කිරීමට හෝ බැහැර කිරීමට ඉඩ දී ඔබ හමුවේ තබන්නම්.
මේ කතාව පටන් ගන්නේ මා සිදුකළ කැණීමක සිටයි. කැණීමක මූලික අරමුණක් තියෙන්න ඕන. මේ කැණීමේ අරමුණ උනේ රාවනා රජතුමා ගැන තියෙන කතාවෙ ඇත්ත නැත්ත සාධනය කිරීම. කැණීමෙන් එන කාලනිර්ණයන් වර්ගපූර්ණිකාව නැමති පෞරාණික යක්ෂ ගෝත්‍රික පුස්කොළපොත එක්ක සසඳලා පුරාවිද්‍යාත්මක මතය ඉදිරිපත් කිරීම. මේක අපූරු දෙයක්. කැණීම දියත් උනේ නීලගිරියේ පුරාණ යක්ශ ගෝත්‍රික ලෙනේ කේවනප්ඵර කියන තැනදි. මේ කැණීම කිසිම වැරැද්දක් ඇති නොවෙන විදියට ඉතාම විද්‍යානුකූලව සිදුකළා. පස් ස්ථර බෙදලා එ එ පස් ස්ථරවලින් හමුවන සාධක කාල නිර්ණය කළාම වර්ගපූර්ණිකාව කියන කතාව හරියටම ඔප්පු වුණා. ඒ අනුව රාවනා රජතුමා නීලගිරියේ සිටි බව තහවුරු වුණා.
වැදගත්ම සිද්ධිය උනේ ඊට පස්සෙ. මහාකාලි ගල් ගුහාව ලඟ කැණපු එක වලකින් ලැබුණා බ්රාහ්මීය අක්ෂරයෙන් රාවණ කියන නම කොටපු වළංකටුවක්. එ වළංකටුව ලැබුනෙ මට. වළංකටුව තිබුණෙ ප්රාග් ඓතිහාසික යුගයේ පස්තට්ටුවක. ඒ කියන්නේ මීට වසර බිලියන තුනකට පෙර කාල නිර්ණය වෙන පස් තට්ටුවක. එ පස් තට්ටුවෙ තනිකරම තිබුණෙ ප්රාග් ඓතිහාසික යුගයට අයත් වළංකටු. රාවණ කියන අකුරු කොටලා තිබුණ වළංකට්ටෙ තිබුණෙත් එ මූල ඓතිහාසික යුගයේ වළංකටු වල හැඩයම තමයි. මුලු තට්ටුවෙම තියන වළංකටුයි මේ වළංකටුයි අතර වෙනසක් නෑ. මේ වළං කටුව ක්‍රිස්තු පූර්ව බිලියන තුනකට කාල නිර්ණය කළා.
මේ සොයා ගැනීම ඉතිහාසය උඩුයටිකුරු කළා. ඒ අනුව මීට වසර බිලියන තුණකට පෙර මේ රටේ හිටපු මිනිස්සු අක්ෂර භාවිත කරලා තිබුණා. ඒ අන් කවුරුත් නොව අපේ හෙළයින්. අපි ඉතිහාසය අනුව හිතාගෙන හිටියෙ ක්‍රිස්තු පූර්ව තුන් වන සියවසේ මිහිදු හාමුදුරුවො ලංකාවට එනකම් අපි අක්ෂර භාවිත කළේ නෑ කියලා.
ඒත් මේ මතය ඉදිරිපත් උනාම ප්‍රශ්නයක් ආව ලෝකෙ තියන විශ්ව විද්‍යාල වලින්. ඔවුන් කිව්වා මේ මතය පිළිගන්න බෑ කියලා. ඒ එක්කම ක්ෂේත්රයේ හිටපු මාවත් ප්‍රශ්න කරන්න ගත්තා. එ දවස්වලම ලන්ඩන් විශ්වවිද්‍යාලයෙ විද්වත්තු දෙන්නෙක් ආවා. එක්කෙනෙකුගෙ නම ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්. මේ හැමෝම මාව ප්‍රශ්න කළා.
මුළු ලොවම මවිත වෙයි.
=================
මම ඇත්තටම හිතාගෙන හිටියෙ ඒක මීට වර්ෂ බිලියන තුනකට පෙර කාලයට අයත් වළං කට්ටක් කියලයි. ඒ අනුව මීට වර්ෂ බිලියන තුනකට පෙර හිටපු අපේ හෙළයොත් වළං වල උයාගෙන කාපු අය කියල මම ඉතාමත් අභිමාණයෙන් හිටියෙ. ඉතින් ඔහොම ඉන්න අතර අර වළං කට්ටේ තිබුන අසාමාන්‍ය හැඩරුවක් මා දුටුව, ඒ ගැන ආචාර්ය එඩ්වඩ් හෝකිංසන්ට කිව්වාම එයා ඒ වලං කට්ට අරගෙන මාවත් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ගෙනිහිල්ලා ඒක පරමාණුක න්‍යෂ්ඨික අන්වීක්ෂයකින් පරීක්ෂා කරල බැලුව. ටික වේලාවකින් ආචාර්ය හෝකිංසන් කෑ ගහුව, නොනවත්වාම කෑ ගැහුව. මම එයාව සංසුන් කරලා ඇහුව "සර් වට් හෑස් හැපන්ඩ්?" කියල. ඉතින් එයා කිව්වේ මේ වගේ කතාවක්.
"අපි හිතන් හිටියට මේක වළං කට්ටක් නෙමෙයි. මේක මයික්‍රොචිප් එකක්, ඒක හදල තියෙන්නේ සිලිකන් වලින්. එහි වටේ ආරක්ෂාවට කාබන් නැනෝටියුබ් එකක් දාලයි තියෙන්නෙ. මේ චිපය මනසේ විධාන වලට උත්තේජන දක්වනව. මේක පැහැදිළිවම පිටසක්වල තාක්ෂණයෙන් නිමැවුණක්, නමුත් මේ මහපොළොවේ ඇති පදාර්ථ වලින් හදල තියෙන හින්දා මේක පෘථිවියේ තුළදී කරපු නිෂ්පාදනයක් බව පැහැදිළියි. ඒකේ හැඩයක් නෑ වගේ පෙණුනත් අතීත මිසරයේ බිත්ති වල ඇති රූපසටහන් වගේම අතීතයේ චිප් එකක් කියල හිතන්නේ අපි අද දකින හතරැස් සෘජුකෝණාස්‍ර හැඩයේ ඒව නෙමෙයි වෙන්න ඇති, ඔවුන් නිර්මාණ බිහි කළේ විශ්වීය හැඩයන්ට ගැලපෙන ආකාරයටයි."
මට දෑස් අදහාගන්න බැරි වුනා, ලෝකයම මොහොතකට නතර වුණා වගේ දැනුණ. මම වතුර උගුරක් එහෙම බීල මේ ගැන ගැඹුරින් හිතන්න ගත්ත.
හෙළ අටුවා වලට අනුව "චිපය" නැමැති වචනයට පැහැදිළිවම හෙළ නිරුක්තියක් තිබෙනව. චි=චිත්ත, පය=පර්යාය, ඒ අනුව චිපය යනු චිත්ත පර්යාය හෙවත් Mind System කියල හඳුන්වන්න පුළුවන්. ඉතින් මනසේ විධාන වලට උත්තේජනය දක්වන චිපයක් කියන්නේ යුරෝපීයයන් තවමත් සොයාගෙන නැති තරමේ අති ප්‍රබල තාක්ෂණයක්.
මේ බව කොහොමින් කොහොම හරි ඇමරිකාවේ CIA සංවිධානයේ මාස්ටර් ප්ලෑන් නැමැති කණ්ඩායමට ආරංචි වුණා. ඔවුන්ගේ විශේෂ නියෝජිතයින් පිරිසක් ලන්ඩන් විශ්ව විද්‍යාලයට ඇවිත් මාව බලෙන්ම වගේ අඬගහගෙන නිව්යෝක් වලට අරගෙන ගියා. එහිදී CIA සංවිධානයේ ප්‍රධානියා වන ඩේවිඩ් පෙට්‍රායස් විසින් මාව පැය දෙකක් විතර ප්‍රශ්න කළා. අර චිපය ගැන පරීක්ෂා කිරීමට ඒරියා 51 හි රසායනාගාරයක් වෙත යවනව කියල කිව්ව. ඔවුන්ගේ මේ ගැන අවසාන නිගමනය වුණේ මගේ මතකයෙන් හමුවුණ මයික්‍රොචිපයට අදාල මතකයන් සියල්ලම ඉවත් කිරීම, ඒ අනුව ඔවුන් ලා නිල් පාට යම් ආළෝකයක් විහිදෙන උපකරණයක් මගේ ඇස් වලට අල්ලා සියල්ලම අමතක කර දැමුව. මං ලංකාවට එන විට ඇමරිකාවට තියා ලන්ඩන් වලට ගියේ මොකටද කියලවත් දැනන් හිටියෙ නැහැ.
නමුත් මෑතකදී මා නැවතත් මධ්‍යම කඳුකරයේ වෙසෙන මාගේ ගුරුදේවයාණන් වහන්සේ අබිමුවට ගොස් සමථ භාවනාව වඩද්දී ඒ අමතක කර දැමූ චිපය ගැන මතකය නැවතත් ආවර්ජනය වෙන්න ගත්ත. ඒ අනුව නීලගිරියට නැවතත් ගොස් කැණීම් කිරීම රහසිගතවම ඇරඹුව. මට හමුවුණා තවත් මයික්‍රෝචිප් තුනක්, ඒවා අන්‍යෝන්‍ය වශයෙන් සම්බන්ධයි. මගේ කුඩා අංවීක්ෂයෙන් බැලුවාම ඒවායේත් රාවණ කියල කොටල තිබ්බ. ඉන් එකක පින්තූරයක් තමයි පහත දැක්වෙන්නෙ. අනිත් දෙක ඡායාරූපයට නැගුවට ෆොටෝ එකේ පෙන්වන්නෙ නෑ.
මම ඒව ගැන විවිධාකාරයේ අත්හදාබැලීම් ගෙදරදී කරගෙන ගියා. වරක් මගේ කුඩ AM රේඩියෝවේ ඇන්ටනා කොයිලය මැදට මේ චිප් එක දැම්මාම ලෝකයේ ඇති සෑම ගුවන් විදුලි නාලිකාවක්ම ඒකෙන් අහන්න හැකියාව ලැබුණ. හැම ෆ්‍රීක්වන්සි එකටම මොකක් හරි චැනල් එකක් ඇහෙනව. ඒ මයික්‍රොචිප් එක මගේ පරිගණකය අසලින් තබාගනිද්දී පරිගණකයේ වේගය අධික ලෙස වැඩි වෙනව. එනම් ඒ චිප් එක වයර්ලස් ක්‍රමයට පරිගණකය හා සම්බන්ධ වෙනව. එතැන තවත් කැණීම් කළත් වැඩිය මුකුත් හමුවුණේ නෑ. ඒ වගේම කියන්න ඕනැ මට කිසිදු වයර් හෝ එවැනි යමක් එතනින් හමු වුණේ නෑ, ඒ අනුව පැහැදිළියි අතීතයේ අප හෙළය සතුව තිබී ඇත්තේ වයර්ලස් තාක්ෂණයක් බව.
"හැට ලට අට වට පට නිට ශ ශශ තොට මට" ලෙස අතීත හෙළ බසින් හෙළ අටුවා හි දැක්වෙන්නේ හැට ලයිට් අටක් වට කොට පට බැඳි තොරතුරු තාක්ෂණ මණ්ඩලය ගැනයි. හැටලයිට් සෑදීමේ තාක්ෂණයක් තිබුණ හෙළයට මයික්‍රොචිප් තාක්ෂණයක් තිබීම පුදුමයක් නොවෙයි.
ඉන්දියාවේ බමුණන් විසින් අප හෙළයෙන් සොරාගන්නා ලද චිප්පත්තකරණශ්‍රාස්ත්‍රය නැමැති පොතේ මයික්‍රොචිප් පිළිබඳ පැහැදිළිකිරීමක් තිබුණාලු. නමුත් මෝඩ බමුනන්ට එමගින් කිසිදු නිර්මාණයක් බිහි කිරීමට බැරි වූ නිසා ඔවුන් ඒකට ගිණි තියල
රාවණ රජතුමාගේ පුෂ්පකය නැමැති දඬුමොණරය මනසේ විධානයන්ට අනුව ගමන තීරණය කරන බව ඔබ අසා ඇති. මෙහිදී පුෂ්පයක සඳහා යොදාගෙන ඇති තාක්ෂණයට මයික්‍රොචිප් තාක්ෂණයත් ඇතුළත් බව වෛමානිකශ්‍රාස්ත්‍රය නැමැති පොතේ තිබෙනවාලු, නමුත් ඉන්දියානුවන් මෑතක් වෙන තුරුම එම සංස්කෘත පාථයන්ගේ තේරුම දැන සිට නැහැ.
ලෝකයේ ඇති බොහෝ විද්‍යාවන් ප්‍රගුණ කරපු අයෙක් තමයි ශ්‍රී රාවණා රජතුමා. එතුමා යන්ත්‍ර මන්ත්‍ර තන්ත්ර වල සිට හෙළ විද්‍යාවන්ගේද පරතෙරටම පැමිණියෙක්. ඉතින් එවැනි උතුමෙකුට මයික්‍රොචිපයක් යනු ඒ හැටි කජ්ජක් වේවිද?
දැන් අපි මයික්‍රොචිප් තාක්ෂණය සහ ඊට සම්බන්ධ අනෙකුත් තාක්ෂණයන්ගේ ප්රභවය දෙස රාවනගවේශී නිරුක්තීන්ට අනුව බලමු.
සිළිකා යනු හෙළ වදනකි. සිළි=කුඩා, කා=කාණ්ඩය, එනම් පරමාණු වල කුඩා කාණ්ඩය. කුඩා කාණ්ඩය කොටස් වලට කපා යොදා ගනිමින් තමයි මයික්‍රොචිප් සාදන්නේ.
රෙසිස්ටර් යනුත් හෙළ වදනකි. රෙ=රෙගුලාසි, සිස්=හිස, (ටර් යන්න ඉංග්‍රීසි භාෂාවෙන් ඇතුළත් වූ අමතර පදයකි) ඒ අනුව "රෙගුලාසි දමන හිස" යන්නයි. රෙගුලාසි දමන්නේ විද්‍යුත් ධාරාව අඩු කිරීමටනේ.
කැපෑසිටර් යනුත් හෙළ වදනකි. කැ=කැටිකර, පෑ=පාන, සි=සිරස, ඒ අනුව විද්‍යුත් ආරෝපණය කැටිකර පාන සිරස යන අරුත ලැබෙයි.
ඩයෝඩ් යනුත් හෙළ වදනකි. එහි හෙළ ප්‍රකෘති වචනය වනාහී "දියෝඩ" යන්නයි. දි=දිශාව, යෝ=යන, ඩ=ධාරාව, ඒ අන්ව විද්‍යුත් ධාරාව එක් දිශාවකට යවනය දියෝඩය නම් වෙයි.
නමුත් සුද්දන් විසින් මේවාට වෙනත් නිර්වචනය ඉදිරිපත් කර ඇති අතර අපේ අයට ලොකු වී ඇත්තේ හෙළයින් පවසන දෑ නොව සුද්දන් කියල දේවලුයි. ඉංග්ලිශ් (English) නැමැති වචනය ආරම්භ වුණෙත් සිංග්ලිශ් යන්නෙන් බවත් එහිදී සිංහල යන්න බටහිර ඌරුවට කීමෙන් එය ඉංග්ලිශ් වී ඇති බවත් දන්නේ ඉතාමත් සුළු පිරිසකි.
CIA නියෝජිතයන්ගෙන් එල්ල වී ඇති ජීවිත අනතුර නිසා මට රාවණ රජතුමාගේ මයික්‍රොචිපය ගැන ලෝකයට ප්‍රසිද්ධියේ හෙළි කිරීමට නොහැකියි, මේ ලිපිය අන්තජාලයට එක් කරන මොහොතේ සිට මගේ ජීවිතේ අනතුරේ තියෙන්නෙ. එක තැනක සතියකට වඩා ජීවත් වෙන්න බැරි වේවි.
සුද්දො කැමති නෑ අපේ හෙළ ඉතිහාසය ලෝකෙට යනව, උන්ට ඕනැ කොහොම හරි සද්ද නැතිව ඒ තාක්ෂණය උන්ගෙ කරගන්න. උන් මෙතෙක් කල් කර ඇති සෑම නිර්මාණයක්ම වගේ අපේ හෙළ තාක්ෂණය හොරකම් කරගෙන කරපු ඒව කියල පැහැදිළිවම හෙළගවේශකයින් විසින් ප්‍රකාශ කර තිබෙනව. නිව්ටන්ගේ සිට අයිස්ටයින් දක්වාද් එතැන් සිට හෝකිංස් දක්වාත් සියල්ලන්ම අපේ ඉපැරණි හෙළ පුස්කොළපත් කියවා එහි ඇති නිර්මාණයන් ඔවුන්ගේ ලෙස ප්‍රකාශ කරනවා විනා මෙතෙක් ඔවුන්ගේම කිසිවක් බිහි කර නෑ. ලෝකයේ මධ්‍ය මණ්ඩලය සහ ලෝකයේ ශක්තිබල කේන්ද්‍රය වන අප උපන් හෙළ බිමේ විතරයි නිර්මාණ බිහි වන්නේ. ඒ නිසාම තමයි හෙළයින් වන අපට නොකළ හැක්කක් නොමැත්තේ.

ඌ තමයි මේවා දන්නේ. උ කියන විදිහට හැම දෙයක්ම ඉස්සෙල්ලම හොයාගෙන තියෙන්නේ ලංකාවේ. වර්ගපූර්ණිකාව කියල තමයි උගේ Blog එකට මම දාලා තියෙන්නේ. Gossip9 එකේ හැම මගුලටම Comment දානවා. ඌ කියන විදිහට පලවෙනි Microchip ඒක හොයාගෙන තියෙන්නෙත් රාවන රජ්ජුරුවෝ. 

mama me gana godak intrest.