Car එකට මීයෝ එනවා කියල සැකයක් තියෙනවානම් වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ.
මතක තියාගන්න මීයොන්ට ඔවුන්ගේ ශරීරයට වඩා කුඩා ස්ථාන වලින් ඉතාම පහසුවෙන් රිංගල යන්න පුලුවන්. එකයි උන්ට මීයෝ කියන්නේ. විශේෂයෙන්ම කොස් ඇට මීයෝන්ට ඕනේ තැනකින් යන්න පුලුවන්.
මීයෝ එනවානම් ඇතුලේ මී බෙටි වලින්, කොටස් කාලා තිබීමෙන් හා මී ගදෙන් වගේ දේවල් වලින් හොයාගන්න පුලුවන්.
මී බෙටි තියෙනවද කියල බලන්න. Car එක ඇතුලේ, carpet වල, seat උඩ, seat යට, rear seat වලට උඩින් පිටුපස කොටස් වල, අහුමුලු වල, boot / dickey එක ඇතුලේ (spare wheel, jack ඔක්කොම අයින් කරලා හැම තැනම බලන්න. පිටිපස්සේ seat එකට අහුවෙන carpet වල දාරවල ඉදන් බලන්න), engine එකේ යකඩ කොටස් වල, බට උඩ, gear box එකේ උඩ හා engine room එකේ මී බෙටි වැටිලා තියෙනවද බලන්න. මී බෙටියි හූනු බෙටියි පටලවා ගන්න එපා. හුනාගේ අපද්‍රව්‍යවල කෙළවර සුදු පාට කොටසක් තියෙනවා. මේ සුදු පාට කොටස තමයි ඝනවූ හූනු මූත්‍ර. හූනාට මළ හා මූත්‍ර දෙකම පිටකරන්න තියෙන්නේ එකම ස්ථානයක්. එනිසයි මෙහෙම තියෙන්නේ. හූනු බෙටි දික් හැඩයක් ගන්නවා. මී බෙටි වලට වඩා පොඩියි.
ඇතුලේ pillars, ප්ලාස්ටික් coversවගේ දේවල් ගලවල බලන්න කාලද කියල. පොඩි sponge කෑලි එහෙම බලන්න කාලද කියල.
Cubby hole / glove box එක ඇතුලෙන් හෝ AC vents වලින් මී ගද එනවද බලන්න.
හරි දැන් මීයෝ එනවා කියල හොයාගත්තනේ. දැන් ඊලග කොටස.
Car එකක මීයන්ට එන්න පුලුවන් ප්‍රධාන තැන් 2ක් තියෙනවා.
1. Firewall එක ඇතුලෙන් AC box එකට රිංගලා අනිත් පැත්තේ dashboard එක යටින් ඇතුලට එනවා. Firewall එකට එන්න පුලුවන් louver sub-assy / cowl top ventilator එකේ කැඩුණු තැනකින් හෝ වතුර බැසයන තැන් දිගේ.
2. Boot එක ඇතුලේ තියෙන air vent flaps වලින්. මේවට rear ventilation flaps කියලත් කියනවා. තව rear bumper එකේ හෝ plastic bumper covers තුලින් ඇතුලට air vent flaps තියෙනවා නම් එතනින්
මේ flaps හදල තියෙන්නේ rubber වලින්. ඇරෙන වැහෙන විදිහට. මේවා තියෙන්නේ car එක ඇතුලේ වායු පීඩනය පිටත වායු පීඩනයට වඩා වැඩිවන විට එය අඩු කිරීමටයි. දොරක් වහනකොට ඇතුලේ build up වෙන පීඩනය පිටතට යැවීමට. නැත්තන් දොරක් වහනකොට car එකේ ජනෙල් ඔක්කොම කුඩු වෙලා යයි. තව window defrosting සදහා. මේවා දැක්ක ගමන් පෙන්න නැහැ. Boot එකේ ඇතුලේ trim එකේ තියෙන්නේ. දෙපැත්තේ දෙකක් හෝ එක පැත්තක එකක් විතරක් තියෙන්න පුලුවන්. නැතිනම් rear bumper එකේ. මේ flap එක තල්ලු කරගෙන මීයෙක්ට ලේසියෙන්ම එන්න පුලුවන්. ගොඩක් car වල මේවා නැහැ. කාලයත් එක්ක ගැලවිලා ගිහින්. එතකොට කෙලින්ම හිලක් තියෙන්නේ මෙතන.
තව එන්න පුලුවන් තැන් තමයි,
* Floor එකේ bush සවිවෙන හිල් වලින්
* දිරුම් තිබෙනවා නම් ඒවා වලින්
*මෙයට අමතරව ඇති තවත් තැන් වලින්.
මීයෙක් ඇතුලට අවොත් car එක ඇතුලේ හා එළියේ ඕනෙම තැනකට කිසිම බාධාවකින් තොරව යන්න පුලුවන්. Rear seat අතරින් boot එකට යන්න එන්න පුලුවන්. Wiring harness යන තැන් දිගේ panels දිගේ ඕනේ තැනකට යන්න පුලුවන්. Dashboard එකට, AC box එකට engine එකට යන්න එන්න පුලුවන්.
සාමාන්‍යයෙන් car එක ඇතුලට මීයෝ ටිකක් දවස් ඇවිල්ලා පුරුදු උනොත් බොහෝවිට උන් මී කුඩුවක් හදනවා. ඉන් පස්සේ පැටවූ දානවා. මීයෝ ආහාර කොටස්, කොස් ඇට, විවිධ ජරාව රැගෙන car එක තුලට රිංගනවා ඒවා අනුභව කිරීමට හෝ උන්ගේ කුඩුවට. සමහරු කූඩුව හදලා එතන නිදාගන්න විතරක් එනවා. සමහරු car එක ඇතුලේ රවුමක් දාන්න විතරක් එනවා.
පළවෙනියට කරන්න ඕනේ මීයව අල්ලගන්න එක හරි එළවන එක හරි.
දවල්ට හොදට අව්වට car එක දාලා රත්වෙන්න ඇරලා දොරවල් boot ඔක්කොම ඇරලා සද්ද බද්ද දාල සුද්ද බුද්ද කරලා මීයව එළවන්න බලන්න. එළවනවට වඩා හොද අල්ලගන්න එක. එලෙව්වොත් එදාම දැල් ගහන්ඩ ඕනේ මීයට එන්න බැරිවෙන්න. නැත්තම් වාහනේ park කරපු ගමන් ආයේ එනවනේ.
මීයව අල්ලගන්න කියල කවදාවත් මී chocolate, වස වගේ දේවල් ඇතුලේ හෝ car එක ලග එළියේ තියන්න එපා. ඕක කාලා ගිහින් මීයා car එක අස්සේ කොහේහරි මැරුනොත් මල ජංජාලයයි. එලියට ගන්න car එක කපන්න වෙයි. ඊට පස්සේ ඒවා හදන්න වෙනවා. ගද නැතිවෙන්න paint කරන්න වෙනවා.
මී කතුරු තියන්නත් එපා. ඌ සතෙක්නෙ. අපි මිනිස්සුනේ.
මී කූඩුවක් තියලා පාන් කෑල්ලක් දාල අල්ලගන්න. එන තැන බලල dashboard එක යට ඉස්සරහ passenger seat එක ගාව හරි boot එකේ හරි තියන්න. බොහෝවිට මී කුඩුවක් තියල අල්ලගන්න පුලුවන්. අල්ලගත්තට පස්සේ සෑහෙන තරම් දුරකට ගෙවල් නැති මිනිස්සු ගැවසෙන්නේ නැති හරියකට ගිහින් දාන්න. ලගට ගිහින් අතහැරලා එහෙම එන්න එපා. මීයොන්ට පුරුදු තැනකට පාර හොයාගෙන ආපසු එන්න පුලුවන්.
හරි දැන් තියෙන්නේ මීයෝන්ට එන්න බැරි වෙන්න දැල් ගහන්න. දැල් ගහන එක තමයි මී ප්‍රශ්නෙට තියෙන හොදම හා ප්‍රයෝගිකම උත්තරය. දැල් ගන්නකොට Stainless steel දැල් ගන්න. ගොඩක් අය ගන්නේ කොළ පාට දැල. මේක මලකඩ කනවා. විශේෂයෙන්ම වතුර වැටෙන තැනක ගැහුවම ඕක මලකඩ කාලා එතන දිරුම් එනවා. Corrosion එනවට කැමති අය මේක ගන්න. ටින්කරින් කරන්න ඉතාම අමාරු තැනක් ඔය. Galvanized දැල් මීට වඩා ටිකක් හොදයි. නමුත් වඩා හොදම Stainless steel දැල්. ගන්නකොට මීයට රිංගන්න බැරි size එකකින් ගන්න. වතුර බින්දු රැදෙන තරම් පොඩි හිල් ගන්නත් එපා.
දැල් ගහන්න හොද තැනක් හොයාගන්න. හොද garages සහ AC හදන තැන් වල මේවා කරනවා.
1. Firewall
Wipers ගලවලා louver එක ගලවන්න ඕනේ. Louver එක ගලවනකොට wetherstrip rubber beading හා clips කැඩෙන්නේ නැතිවෙන්න පරිස්සමින් ගලවන්න. ගැලෙව්වට පස්සේ බොහෝවිට මී කුඩුවක් තියෙයි වම් පැත්තේ AC box එකට බහින තැන. ගොඩක් වෙලාවට ඔතන තමයි මීයෝ කූඩු හදන්නේ.
ඉස්සෙල්ලාම මී කූඩුව ආරක්ෂිතව අයින් කරන්න. මී ජරාව නිසා Leptospirosis (මී උණ) හැදෙන්න පුලුවන්. ඊට පස්සේ firewall එක පිරිසිදු කරන්න. මොකක් හරි දෙයක් ගලවපුවම එතන පිරිසිදු කරන්න පුරුදුවෙන්න.
ඊට පස්සේ එහා පැත්තෙන් dashboard ගලවලා ඒ පැත්තේ හා AC box එකේ තිබෙන මී කුඩුවේ කොටස් අයින් කරලා පිරිසිදු කරගන්න. මෙහෙම ගලවද්දී සමහරවිට AC gas අයින් කරන්න උනොත් recover කරගන්න. එහෙම බැරි උනත් කමක් නැහැ. මොකද වැඩේ ඉවර උනාට පස්සේ AC gas නම් ආයේ ගහන්න පුලුවන්. නමුත් මීයෝ රිංගලා කරන damage එක AC එක gas කරන්න යන වියදමට වඩා ගොඩක් වැඩියි.
දැන් දැල සුදුසු පරිදි කපාගන්න. Edges smooth කරගන්න. AC box එකේ හොද windscreen gum එකක් ගාලා දැල අලවන්න. ගම් හැම තැනම යන්නේ නැතිවෙන්න අලවන්න කලින් දැලේ එක පැත්තක් tape කරගන්න. හරි දැන් දැලේ වැඩේ ඉවරයි. ගලවපු කෑලි ටික නැවත සවිකරන්න.
2. Air vent flaps තියෙනවනම් එතනට සුදුසු දැලක්, flap එකට ඇතුලු පැත්තෙන් හෝ පිටත පැත්තෙන්, screws දමා හෝ වෙනත් සුදුසු ක්‍රමයකට සවිකර, නැවත Air vent flap එක සවිකරන්න.
Air vent flap එක නැතුව එතන හිලක් නම් තියෙන්නේ ගම් ගාලා දැල අලවන්න.
තව අනෙකුත් තැන් බලලා සුදුසු විදිහට ආවරණය කරන්න. Missing හා කැඩිච්ච rubber bush එහෙම තියෙනවානම් replace කරන්න.
මීයෝ ආවට පස්සේ නෙමේ එන්න කලින් දැල් ගහන එක ඇගට ගුණයි. ඒක හින්දා car එකක් ගත්තට පස්සේ ඉක්මනින්ම මී proof කරගන්න.
Park කරනකොට,
- වාහනේ park කරන්න garage එක හදනකොට සම්පුර්ණයෙන් ආවරණය කරලා හදන්න එපා. අදුරු කලුවර තැන් වලට මීයෝ ස්වභාවයෙන්ම එනවා.
- කොස් ගස්, වැල ගස් තියෙන තැන්වල garage එක හදන්න එපා. කොස් ඇට කන්න එන මීයෝ වාහනේට රිංගනවා.
- Garage එක අවට මඤ්ඤොක්කා, විවිධ අල වර්ග හදන්න එපා. ඒවා කන්න එන මීයෝ වාහනේට රිංගනවා.
- වාහනේ ඇතුලේ කෑම හෝ කෑම කුඩු වට්ටලා තියන්න එපා.
- කුණුවල වල් හෝ ඉවත දමන ආහාර ද්‍රවය දමන තැන් අවට garage හදන්න එපා.
- ගං ඉව්රු, ඇල, දොළ, වතුර අසළ මීයෝ බහුලයි.
- වෙනත් සතුන්ගේ මළ අපද්‍රව්‍ය car එක අවට තියෙන්න දෙන්න එපා. මීයෝ ඕවත් අනුභව කරනවා. වාහනේ ඇතුලටත් අරන් යනවා.
- වාහනේ නිතරම් දුවන්න ඕනේ. එක තැන ගොඩක් දවස් නතර කරලා තියන්න එපා. සද්දයක් නැති උනාම සත්තු එනවා වැඩියි. Firewall එක අස්සේ කුරුල්ලෝ කුඩූ පවා හදනවා. එක තැන තියන්න උනොත් දවසකට පාරක් අනිවාර්යෙන් start කරලා idle එකේ විනාඩි කීපයක් තියන්න. Garage එකේම ඉස්සරහට පස්සට පොඩ්ඩක් ගන්න. ඒ ඇති.
- Current wire යට නවත්තන්න එපා. Current වැදිලා මැරිලා වැටෙන වවුලෝන්ගේ කෑලි ඇතුලට වැටිලා දන්නේ නැතුව කීප දවසක් තිබ්බොත් ඊට පස්සේ paint කරන්න පවා වෙනවා ගද යවන්න.
- ඔය වගේ ස්ථාන වල car එක නවත්තන්ඩත් එපා. එක රැයකට හෝ සද්ද බද්ද නැති වෙලාවක තිබ්බොත් මීයෙක් රිංගයි. ඊට පස්සේ අපි එතනින් යන්නේ මීයාවත් අරන් වෙන්න පුලුවන්.