මීයන්ට දැල් ගැසීම

Bowman

Well-known member
  • Feb 18, 2022
    421
    1,116
    93
    👍👍👍... වටිනව...

    ගැරේජ් එක ඕපන් තියෙන්නෙ...
    අහල පහල වල් පූසෙක් කාර් එක යට බුදියන්න පුරුදු වෙලා ඉන්නව..

    ගෙදර මිනිස්සුන්ට කියල තියෙන්නෙ. එලවන්නෙ නැතුව කන්න දීල තියාගන්න කියල..😅
    හැමදාම R11 එක start කරන්න කලින් bonnet එක ඇරලා බලන්න.
    start කරන්න කලින් වාහනේ යටත් බලන්න.
    පූසව.

    මටත් තියෙනවා මේ ප්‍රශ්නේ ..
    දැල් ගහන්න
    ------ Post added on Feb 25, 2022 at 6:09 PM

    මගෙත් louver එකේ මි කුඩුවක් හදලා එකේ පැටව් දාලා මන් දන්නෙත් නැ ලොකු මියත් එක්ක එදා ගාල්ලේ ගිහින් අවේ පස්‌සේ එක ගලවලා කුඩුව අයින් කරා ලොකු මියව මි කුඩුවක් තියලා අල්ලලා බල්ලාට දුන්නා උ ෂොට් එක දුන්නා මම දැන් මගේ තාප්පේ උඩ සතියකට සැරයක් මි කුඩුව තියලා අහුවෙන එකාව බල්ලට දෙනවා

    මියෝ එන්නේ නැතිවෙන්න ගහන ස්පේ තියෙනවා හොද දවස් 14 සැරයක් ස්පේ කරනවා මන්
    1. එක් අයකු තම කර්මය ගෙවා අවසන් කරන විට තවත් අයකු තම කර්මය රැස් කර ගනී.

    2. rodent repellent හා දැල් - දරන්න වෙන වියදම, වියදම් දැරීමට වන කාලය හා දිනපතා බඩු මිළ වැඩිවීම, effectiveness එක හා එය අඩු වීමේ හැකියාව, exterior / interior damage වීමේ හැකියාව, ප්‍රායෝගික බව, විස්වාසනීය බව (මෙහෙ තියෙන ඒවා වල ඇත්තටම ඇතුලේ තියෙන්නේ මොනවද, coolant වගේද, engine cleaners වගේද කව්ද දන්නේ) ඔක්කොම බැලුවම දැල් ගහන එක ලාබයි හා ප්‍රායෝගිකයි. දැල් ගහලා ඊටපස්සේ ඕන්නම් ඕකත් ගහන්න.
    ------ Post added on Feb 25, 2022 at 6:10 PM

    මීයො නම් පට්ට වදයක් බං. සිවිලිං ෂීට් කපන් ඒනවා බං. ප්ලාස්ටික් ෂීට්. වහන්න වහන්න කපාගෙන එනවා කුස්සියට. හිතාගන්න බැරුව ඉන්නෙ මොකක් කරන්නද කියලා. විසදුමක් දියල්ලකො දන්න ඒකෙක්.
    මේක නම් මම දන්නේ නැහැ. ගේ ඇතුලට වහලෙන් විවෘත වෙන තැන් වලට කුකුල් දැල් ගැහුවොත් හරියයි නේද? නිතරම මිනිස්සු ඉන්නව නම් ආලෝකය සද්ද බද්ද තියෙනවා නම් මීයෝ ගොඩක් වෙලාවට පහලට බහිනවා අඩුයි. බහින අයව මී කුඩු තියල අල්ලලා දුරකට ගිහින් දාන්න.

    සිවිලින් කිව්වේ දැන් දාන හතරැස් කොටුව එකේක design තියෙන එකද? මේක වතුරට පෙගුනොත් ඉවරයි. මීයෝන්ට කන්න ලේසියි. සමහරවිට වහල තෙමෙනවදත් කියල බලන්න.
    ------ Post added on Feb 25, 2022 at 6:32 PM
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,359
    3
    117,370
    113
    Gampaha
    හැමදාම R11 එක start කරන්න කලින් bonnet එක ඇරලා බලන්න.
    start කරන්න කලින් වාහනේ යටත් බලන්න.
    පූසව.


    දැල් ගහන්න
    ------ Post added on Feb 25, 2022 at 6:09 PM


    1. එක් අයකු තම කර්මය ගෙවා අවසන් කරන විට තවත් අයකු තම කර්මය රැස් කර ගනී.

    2. rodent repellent හා දැල් - දරන්න වෙන වියදම, වියදම් දැරීමට වන කාලය හා දිනපතා බඩු මිළ වැඩිවීම, effectiveness එක හා එය අඩු වීමේ හැකියාව, exterior / interior damage වීමේ හැකියාව, ප්‍රායෝගික බව, විස්වාසනීය බව (මෙහෙ තියෙන ඒවා වල ඇත්තටම ඇතුලේ තියෙන්නේ මොනවද, coolant වගේද, engine cleaners වගේද කව්ද දන්නේ) ඔක්කොම බැලුවම දැල් ගහන එක ලාබයි හා ප්‍රායෝගිකයි. දැල් ගහලා ඊටපස්සේ ඕන්නම් ඕකත් ගහන්න.
    ------ Post added on Feb 25, 2022 at 6:10 PM


    මේක නම් මම දන්නේ නැහැ. ගේ ඇතුලට වහලෙන් විවෘත වෙන තැන් වලට කුකුල් දැල් ගැහුවොත් හරියයි නේද? නිතරම මිනිස්සු ඉන්නව නම් ආලෝකය සද්ද බද්ද තියෙනවා නම් මීයෝ ගොඩක් වෙලාවට පහලට බහිනවා අඩුයි. බහින අයව මී කුඩු තියල අල්ලලා දුරකට ගිහින් දාන්න.

    සිවිලින් කිව්වේ දැන් දාන හතරැස් කොටුව එකේක design තියෙන එකද? මේක වතුරට පෙගුනොත් ඉවරයි. මීයෝන්ට කන්න ලේසියි. සමහරවිට වහල තෙමෙනවදත් කියල බලන්න.
    ------ Post added on Feb 25, 2022 at 6:32 PM
    👍👍
     
    • Like
    Reactions: NRTG and Rankira

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    421
    1,116
    93
    ආයේ මීයෝ එන්න පුලුවන් තැනක් තමයි පිටුපස සමහර car වල පිටුපස shock mount සවිවන ස්ථාන අසල ඇතුලට විවර තියෙනවානම් ඒවාවලින්. එහෙම ඒවා තියෙනවානම් ඒවටත් කලින් කරා වගේ stainless steel දැල් කපලා, හොද urethane ටිකක් ගාලා, අලවලා වහල දාන්න. ඔය ඔක්කොම තැන් වහල දැම්මත් වාහනයක් පාවිච්චි කරන් නැතුව එක දිගට කාලයක් නවත්තලා තියෙනවා නම් සැලකිලිමත් වෙන්න. විශේෂයෙන්ම cover එකකින් වහල තියෙනවා නම් වැඩි අවදානයක් යොමුකරන්න. මොකද පාවිච්චියක් නැතිකොට ඇතුලට මීයෝ බොහෝවිට එන්න පුලුවන් wiring harness එක හා rubber grommet එන තැන් වලින් කාගෙන ඒවා දිගේ. cover කරනවා නම් දවස් දෙකකට සැරයක් වත් cover එක ගලවලා ඇතුල බලල සද්දයක් එහෙම දාල ඉන්න.