මීලඟට හැදෙන ආණ්ඩුව කාගේද? විග්‍රහයක්...

මගේ අදහසට එකඟද?

  • එකඟයි

    Votes: 32 50.0%
  • යම්තාක් දුරකට එකඟයි

    Votes: 21 32.8%
  • කිසිසේත් එකඟ නෑ

    Votes: 11 17.2%

  • Total voters
    64
  • Poll closed .

maxwell90

Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මීලඟට හැදෙන ආණ්ඩුව කාගේද? විග්‍රහයක්...

    හැමෝම උනන්දුවෙන් ඉන්නවා මෙවර පාර්ලිමේන්තු චන්දෙන් පස්සෙ ආණ්ඩුව පිහිටුවන්නෙ කවුද කියලා දැන ගන්න. පේන විදියට කරට කර සටනක්. මේ එලකිරියෙම තිබුණු මත විමසුම් දකිද්දි මට මෙහෙම හිතුණා. උඹලා එකඟ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. කැමති උන් රෙප් කපපුවාවෙ අවුලක් නෑ. මට හිතෙන දේ මම කියනවා.

    මුලින්ම සන්ධානය ගමු. මහින්ද රාජපක්ෂ කියන චරිතෙට තවමත් ගම්වල කැමති පිරිස් රාශියක් ඉන්නවා. ඒත් ඔහු එක්ක ඉන්න දූශිත අය නිසා ඒකට අකමැතකින් ඇති තව පිරිසක් ඉන්නවා. සන්ධානෙ උන් මොන පොයි කිව්වත් සන්ධානය ඇතුලෙම මහින්දට අගමැතිකම ලැබෙනවට අකමැති (ඉස්සර මහින්දගෙන් කැපුණු) තව පිරිසකුත් ඉන්නවා. ඔවුනුත් එන්නෙ මේ සන්ධාන ලැයිස්තුවෙන්මයි. මෛත්‍රීගෙ කතාවත් මහින්ද ගැන්සියට ගහපු මරුම මරු පහරක්. කලින් ජනාධිපතිවරණෙ තිබ්බා වගේ මාධ‍ය සැනකෙලි මෙදාපාර හරියන්නෙ නෑ, මොකද ජනාධිපතිතුමා, මැකෝ කෙලින් අපක්ෂපාතිව ඉන්න උත්සාහ කරන නිසා.
    එජාපය ගත්තාම රනිල්ට, රවීලට තියෙන ආකර්ශ්නය ගම් පැත්තට වෙන්න අඩුයි. රනිල් කතාවේ දක්ශයෙක් නොවීමත් අවාසියක්. නමුත් දින සියය 100% සාර්ථක නොවුනත් කරපු යම් වැඩ කොටසක් තියෙනවා. පඩි වැඩි කරලා තෙල් මිල අඩු කරපු එකට බහුතරයක් මිනිස්සුන්ගෙ ප්‍රසාදය තියෙනවා. ජනාධිපති බලතල අඩු කරපු එකත් හොඳ දෙයක්. මාධ‍ය ජඩ භාවිතය අඩු කිරීම, කතාකිරිමේ නිදහස ඇති කිරීම ප්ලස් පොයින්ට්. හැබැයි ඔය අස්සෙ බැඳුම්කර කේස් එක නිසා ඇදගෙන නාගැනීම තුල ලකුණු සෑහෙන ප්‍රමාණයක් කැපෙනවා. සෑහෙන මඩ වදිනවා. දෙම්ළ ඩයස්පෝරා හිතවාදී කතා ඡන්ද කැපෙන්න තව හේතුවක්.
    ජවිපෙ ගත්තම අනුර කුමාර ඇතුළු අයගේ කතා නිසා ඉතා ආකර්ශනීය බවක් තියෙනවා. හැබැයි වැඩිහිටි උදවියට නම් තවම 88/89 කාල අමතක නැති නිසා මොනා උනත් ඡන්දෙ දෙන්න භය ගතියක්/නොදෙන ගතියක් ඔවුන් තුල තිබෙනවා. හැබැයි ඔවුන්ගෙ දූෂණ විරෝදී ප්‍රත්පත්ති වගේම ඉදිරිපත් කරලා ඉන්න උගත් හොරු නොවන කණ්ඩායම නිසා තරුණ අලුත් ඡන්ද වගේම ප්‍රධාන පක්ෂ වල වැඩ ගැන කල කිරුණ පාවෙන ජන්ද සෑහෙන ප්‍රමාණයක් වැටෙන්න බොහෝ ඉඩ තියෙනවා.
    ඕනම චන්දෙක තීරනාත්මක සාධකය වෙන්නෙ පාවෙන චන්ද කියන ඒවා. කැපුවත් නිල්/කොල/රතු ඒවා කොහොමත් ඒ ඒ අයට වැටෙනවනෙ. මෙදාපාර පාවෙන චන්ද සෑහෙන කොටසක් ජවිපෙට වැටෙන අන්දමක් පේනවා. කිරියෙ ඇතුලෙම දාපු සමීක්ෂණ අරන් බලන්න බොරුනම් 15% ආසන්න ඡන්ද වැටිලා.

    යහපාලනෙ කියන තරම් හොඳක් නැතැයි සිතලා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණන්ක් වගේම මහින්දගෙ ලිස්ට් එකේ ඉන්න දූෂිතයන් නිසා තවමත් දෝලන මට්ටමේ තියෙන ඡන්ද විශාල ගණනත් තියෙනවා. ඉස්සරහට වෙන දේවල් අනුව ඒවා එහා මෙහා වෙයි.
    ඔක්කොම එකට ගත්තාම මෙදාපාර කිසිම තනි පක්ෂෙකට කලින් ආවා වහේ 2/3 තබා බහුතර බලයක් ගන්න එකත් ටිකක් අසීරු වෙයි.

    මහින්දට අගමැතිකම ලැබේද?
    අපි දැන් හිතමු මහින්ද රැල්ල නිසාත් සන්ධානෙ දින සීය කියන තරම්ම සුපිරි ඉනිමක් නොවුන නිසාත් සන්ධානෙට මනාප වලින් බහුතරයක් ආවා කියලා. නමුත් ඒක එජාපයට වඩා මහ ලොකු බහුතරය ලීඩ් එකකින් එන්නෙ නෑ කලින් පාර වල වගේ. දැන් ඔය සන්ධානෙ ලිස්ට් එකෙන් එන අයගෙනුත් මෛත්‍රී හිතවාදී පිරිසක් අනිවා ඉන්නවා. ඒ බව මෛත්‍රීම නොකියා කිව්වනෙ කතාවෙදි -මම සභාපතිකමින් අයින් උනා නම් මට හිතවත් අයගෙ නම් කැපෙනවා කියලා. මෛත්‍රී ජනාධිපතිතුමා මහින්දට අගමැතිකම නොදෙන්න තීරණය කරලා තියෙන්නෙ මෙවන් පසුබිමක. අමතක කරන්න එපා සන්ධාන ලිස්ට් එකේ දිනන පැත්තට හෝයියා සෙට් එකක් තව ඉන්නවා. කලින් චන්දෙට පස්සෙ දාම දැක්කනෙ ඒක, ඔක්කෝම දුවගෙන ආවෙ අප්ප්පොච්චා මලාය කියලා.
    ඒ නිසා දැන් හිතමු සන්ධානෙ දිනලා එපාපයට ආණ්ඩු පිහිටුවන්න බැරි තත්වයක් ආව කියලා. මෛත්‍රී ජනාධිපතිතුමා මහින්ද නොවන වෙනත් නමක් යෝජනා කලොත් අනිවා ඒකට එජාපය පක්ෂ වෙනවා මහින්දට අගමැතිකම යන එක වලක්වන්න . ජවිපෙටත් මහින්දට අගමැති වෙන එක වලක්වන්න නම් ඒකට පක්ෂ වෙන්න සිද්ද වෙනවා. සන්ධානෙ ඉන්න මෛත්‍රී හිතවාදී අය අනිවා ඒකට පක්ෂයි. අපි හිතමු සන්ධානෙම මන්ත්‍රීලා 80% ක්ම මහින්ද ඕන කිව්වත් ඉතුරු මෛත්‍රී පිලේ20% දෙනා එජාපය ප්‍රමඛ විපක්ශෙ එක්ක එකතු වෙලා මෛත්‍රී නම් කරන කෙනාට සහය දුන්නොත් මහින්දට අගමැති වෙන්න බෑ. දැන් මෛත්‍රී පිල දිනන බව තේරෙනකොට අර මං කියපු දිනන පැත්තට හෝයියා උන් සෙට් එකත් අපේ සභාපතිතුමෝ කියාගෙන අත්උස්සන් එයි. එතකොට නම් සන්ධානෙ දින්නත් මහින්ද ලොස්.
    හැබැයි මේ දේ මෙහෙම්ම වෙන්නම් නම් මෛත්‍රීගෙ සභාපතිකම ජන්දෙ ඉවර වෙනකම් තියෙන්න ඕන. මම හිතන්නෙ ඒ අදහසින් තමා අර වාරණ නියෝග අරන් කල්තියා සෙට් වෙලා ඉන්නෙ දැන්මම.
    දැන් තවත් පැත්තක් තියෙනවා කියන්න. සන්ධානෙ ජන්ද වලින් දින්නත්. යූඑන්පිය, ජවිපෙ සහ TNA එකතු උනොත් ආණ්ඩුවක් පිහිටුවන්න හැකි තත්වයක් එන්නත් ඉඩ තියෙනවා. අර කිව්වත් වගේ ජවිපෙට සෑහෙන ආසන ගණනන් සාපේක්ශව මෙවර ලැබෙනවා. ඒත් ඒ තුන්ගොල්ලන්ගෙ අදහස් වල පරස්පරතාව මේ එකතුවට ලොකු බාධාවක්. හැබැයි ගියවර ජනාධිපතිවරණේ උනා වගේ තම පොදු හතුරා වන රාජපක්ෂ රෙජීමය පරදවන්න මොවුන් එකතු වෙන්න බැරිමත් නෑ. බාග වෙලාවට පරිවාස ආණ්ඩුව වගේ එකක් ඇති වෙන්නත් පුලුවන්. ජවිපෙ උනත් දැනට කියන්නෙ ආණ්ඩු හදන/මට්ටු කරන බලය එයාලට දෙන්නෙ කියලනෙ. ඔවුන් ඒ බලය ආවොත් රාජපක්ෂ අගමැති වෙනවට විරුද්ධව පාවිච්චි කරයි අනිවා...

    කිරියෙම තිබ්බ මත විමසුම් කීපයක ප්‍රථිපල පහලින් දානවා. මේවරත් බලලයි මම මේ දේවල් කිව්වෙ. එජාප ජවිපෙ ප්‍රතිශත එකතු කරලා සන්ධානෙ ගණනත් එක්ක සසඳන්න...

    2iiafcn.png

    zml5c6.png

    2rrumpz.png

    අවසන් නිගමනය

    කිසිම තනි පක්ෂයකට සාපේක්ෂ විශාල බහුතරයක් මෙවර ලැබෙන එකක් නෑ.
    සන්ධානයට ඉල්ලක්කම් බහුතරය ලැබුණත් මහින්ද අගමැති කරන එක මෛත්‍රී සභාපතිවය දරනකම් හිතන තරම් ලේසි වන්නේ නෑ. ජවිපෙට ලැබෙන ආසන වල කැපීපෙනෙන සෑහෙන වැඩියක් වේවි. අලුතින් හදන ආණ්ඩුවට අනිවාර්යෙන්ම ජවිපෙත්, සුළු පක්ෂ වන මුස්ලිම් කොංග්‍රස් හා TNA යන ඒවා එකක් හෝ කීපයක උදව් ගන්න වෙනවා.
    මට හිතෙන විදියට බොහෝවිට ජාතික ආණ්ඩුවක්/හවුල් ආණ්ඩුවක් වගේ එකක් බිහි වීමට වැඩි ඉඩක් තියෙනවා..

    මේ අදහසට උඹලා කොතරම් දුරකට එකඟද නැද්ද කියලා හැකිනම් දක්වන්න. ගල් මුල් භාර ගන්නවා. කැමති උන් රෙප් කපල්ලා. රෙප් වලට ගෙන ගැහුනාවෙ හිතට එකඟව ඇත්තට හිතුන දේ කිව්වෙ...
     
    mayson baas

    Member
    Oct 16, 2014
    1,239
    139
    0
    එළකිරි, ෆේස්බුක් වගේ සයිට් වල මත විමසුම් වලින් පෙන්නන්නෙ මහින්දට/සන්ධානයට ඇත්තටම ඡන්දයකදි ලැබෙන ඡන්ද ගානට වඩා ගොඩක් අඩු ගාණක්. (2010 ජනාධිපතිවරණෙදි ඔය මත විමසුම් වල ඉස්සරහින්ම හිටියෙ ෆොන්සේකා.)

    මේ පාර මහින්ද ඔන්ලයින් ඡන්ද වලත් ඉස්සරහින් ඉන්නව කියන්නෙ ඇත්ත ඡන්දෙදි උඩින්ම දිනනවා. 2/3ක් උනත් ගන්න ඉඩ තියෙනවා.
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Uba witharai machan mechchara dawsakata deshapalanaya ,chande gena wedagath widiye thread ekak damme.
    ada kale inna ewun godak pudgalika tharahawan pirimahagannawa chandeyi wena hemadeyakma gawagena.ratata wenne monawada jathiyata wenne monawada kiyala eka sathapahaka hageemak ne.

    mamath pawena chandayak machan
    mahindayata kemathith ne.man giyapara dunne mayithreeta.
    e wunata dan dan ratata wena dewal diha balapuwama mokada karanne kiyala hithaganna be.

    thambi ewun tikayi demellui kata aragena inne ranil dinanakan.

    anthima mohotha wenakan balala theeranayak gannawa.
    rep++ machan
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    එළකිරි, ෆේස්බුක් වගේ සයිට් වල මත විමසුම් වලින් පෙන්නන්නෙ මහින්දට/සන්ධානයට ඇත්තටම ඡන්දයකදි ලැබෙන ඡන්ද ගානට වඩා ගොඩක් අඩු ගාණක්. (2010 ජනාධිපතිවරණෙදි ඔය මත විමසුම් වල ඉස්සරහින්ම හිටියෙ ෆොන්සේකා.)

    මේ පාර මහින්ද ඔන්ලයින් ඡන්ද වලත් ඉස්සරහින් ඉන්නව කියන්නෙ ඇත්ත ඡන්දෙදි උඩින්ම දිනනවා. 2/3ක් උනත් ගන්න ඉඩ තියෙනවා.
    ඒ ටෝයියන්ට නයිටිඑන් එකේ එහෙම ඉඩ නැති කාලවල. දැන් ටෝයියන්ට විකල්ප මාධ්‍ය ඕනේ නැහැ. මහින්දට දිනන්න බැහැ මොන ගේම ගැහුවත්. සියලු දේ මරාට ඕන විදියට සිද්ද උනත් බටා, වැට්, ටැක්ස් ඔක්කොමත් එක්ක ආසන 100 උපරිම එන්නේ සර්ව සුභවාදීව. ආසන 80 තමයි වඩා ප්‍රයෝගික උපකල්පනය.:no:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    ඒ ටෝයියන්ට නයිටිඑන් එකේ එහෙම ඉඩ නැති කාලවල. දැන් ටෝයියන්ට විකල්ප මාධ්‍ය ඕනේ නැහැ. මහින්දට දිනන්න බැහැ මොන ගේම ගැහුවත්. සියලු දේ මරාට ඕන විදියට සිද්ද උනත් බටා, වැට්, ටැක්ස් ඔක්කොමත් එක්ක ආසන 100 උපරිම එන්නේ සර්ව සුභවාදීව. ආසන 80 තමයි වඩා ප්‍රයෝගික උපකල්පනය.:no:

    :yes:
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    මමත් උඹ ඉන්න මතේමයි ඉන්නේ... කොහොමත් ටයි ගේම් එකක් යන්නේ...
    මහින්ද පරදින්න සම්භාවිතාව වැඩියි (බලය නෑ, මාධ්‍ය නෑ).. හැබැයි එහෙම කියලා රනිල් උඩින් දිනන්නේ නෑ...
    මොකද ගිය පාර මයිත්‍රීට දුන්න හැමෝම රනිල්ට කැමැති නෑ.. ඒ වගේ අය ජ.වි.පේ වගේ පක්ශ වලට ඇදිල යයි.
    පොරට වටේ පක්ෂ වලින් මිනිස්සු අරගෙන තමයි හදන්න වෙන්නේ බහුතරය....

    ජ.වි.පේ මහින්ද එකතු වෙන එකක් නෑ.. ඔතන මහින්ද නැතිව වෙන අපේක්ශයෙක් ආවනම් එකතුව් එන්න තිබ්බා
     
    Last edited:

    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    මැක්ස්වෙල්ගේ කස්කුරුප්පු විග්‍රහය..:P:P

    Uba witharai machan mechchara dawsakata deshapalanaya ,chande gena wedagath widiye thread ekak damme.
    ada kale inna ewun godak pudgalika tharahawan pirimahagannawa chandeyi wena hemadeyakma gawagena.ratata wenne monawada jathiyata wenne monawada kiyala eka sathapahaka hageemak ne.

    mamath pawena chandayak machan
    mahindayata kemathith ne.man giyapara dunne mayithreeta.
    e wunata dan dan ratata wena dewal diha balapuwama mokada karanne kiyala hithaganna be.

    thambi ewun tikayi demellui kata aragena inne ranil dinanakan.

    anthima mohotha wenakan balala theeranayak gannawa.
    rep++ machan

    පැටියා;18699113 said:

    මමත් උඹ ඉන්න මතේමයි ඉන්නේ... කොහොමත් ටයි ගේම් එකක් යන්නේ...
    මහින්ද පරදින්න සම්භාවිතාව වැඩියි (බලය නෑ, මාධ්‍ය නෑ).. හැබැයි එහෙම කියලා රනිල් උඩින් දිනන්නේ නෑ...
    මොකද ගිය පාර මයිත්‍රීට දුන්න හැමෝම රනිල්ට කැමැති නෑ.. ඒ වගේ අය ජ.වි.පේ වගේ පක්ශ වලට ඇදිල යයි.
    පොරට වටේ පක්ෂ වලින් මිනිස්සු අරගෙන තමයි හදන්න වෙන්නේ බහුතරය....

    ජ.වි.පේ මහින්ද එකතු වෙන එකක් නෑ.. ඔතන මහින්ද නැතිව වෙන අපේක්ශයෙක් ආවනම් එකතුව් එන්න තිබ්බා

    Ponna Mahindage ata 2 lewa kana un balan hitapan....

    සියළුදෙනාට ස්තූතියි
     
    Mister TT

    Active member
  • Dec 4, 2014
    583
    231
    43
    41
    Kalutara
    එකඟයි.අර කිව්වත් වගේ ඔන්ලයින් මත විමසුම් වලින් මහින්දට මෙතුවක් කල් ලැබුනේ බොහොම සුළු ගානක්.මේ උඩ තියෙන ඒවායේ 40% ගණන් වගේ මහින්දට තියෙනවා.මහින්දට වැටිලා තියෙන සේරම වෝට් ෆේක් නොවන ඒවා නම් තනියම ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ තියෙනවා.
    එජාපයත් ගම් මට්ටමිනුත් කලින්ට වැඩිය පිබිදීමක් තියෙනවා.නමුත් රනිල්ගේ ප්‍රතිපත්ති වලට කැමති නැති ගම් වල UNP කාරයෝ ඕන තරම් ඉන්නවා.
    ඒත් ගම් ගොඩ වල කරක් ගහනකොට මට තේරුන දෙයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට වැටිච්ච නැති චන්දත් යම් කොටසක් මේ පාර මහින්ද වෙනුවෙන් බුලත් කොලේට වදිනවා කියලා.

    මෙහෙම කිව්වයි කියලා දැන් කුණුහරුපෙන් බැනලා රෙප් කපන්න එපා.මං කිව්වේ මට ඇහැට පෙනුන කනට ඇහුන දේවල්.
     
    උඹලා හවුල් ආණ්ඩුවක් කියලා කියන එකෙන් වෙන්නේ අනිවාර්යයෙන් රට අස්තාවර විමක්......යු එන් පිය හෝ සන්ධානයට ලේසියකට ආණ්ඩුව හදන්න බැ...උඹ ඔය කියන විදිහට ටි එන් ඒ එක හවුල් වෙන රජයක් රටට හොඳයි කියලා හිතනවාද?

    රටක ස්ථාවර රජයක් තිබිය යුතුයි
     
    danwee12345

    Member
    Nov 7, 2014
    87
    4
    0
    උඹලා හවුල් ආණ්ඩුවක් කියලා කියන එකෙන් වෙන්නේ අනිවාර්යයෙන් රට අස්තාවර විමක්......යු එන් පිය හෝ සන්ධානයට ලේසියකට ආණ්ඩුව හදන්න බැ...උඹ ඔය කියන විදිහට ටි එන් ඒ එක හවුල් වෙන රජයක් රටට හොඳයි කියලා හිතනවාද?

    රටක ස්ථාවර රජයක් තිබිය යුතුයි

    ඉතින් අයියා අපි මොකක්ද කරන්න ඕන?
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    උඹලා හවුල් ආණ්ඩුවක් කියලා කියන එකෙන් වෙන්නේ අනිවාර්යයෙන් රට අස්තාවර විමක්......යු එන් පිය හෝ සන්ධානයට ලේසියකට ආණ්ඩුව හදන්න බැ...උඹ ඔය කියන විදිහට ටි එන් ඒ එක හවුල් වෙන රජයක් රටට හොඳයි කියලා හිතනවාද?
    රටක ස්ථාවර රජයක් තිබිය යුතුයි
    අමතක කරන්න එපා මහින්ද යුද්ධයක් කලෙත් හැම පක්ෂෙම උන් එකතු කරගෙන ගිහිපු හවුල් ආණ්ඩුවකින් කියලා. චන්දිකා උනත් ආණ්ඩු කලේ පාර්ලිමේන්තුවෙ වැඩිපුර එක චන්දයක් තියාගෙන. ඒත් රට අරාජික උනේ නෑ.
    දෙමළ මිනිස්සු ඊලම අතහැරලා ශ්‍රී ලංකා ජනරජයත් එක්ක ආණ්ඩු කරන්න එනව නම් මම ඒක හොඳ දෙයක් විදියට දකින්නෙ.
    නැතිනම් ඔවුන් ආයෙත් කොන් කලොත් වෙනම රාජ්‍ය සංකල්පෙකට ආයෙත් වංගියක් තල්ලු වෙන එක වලක්වන්න බෑ
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    මහින්දට දිනන්න බැහැ මොන ගේම ගැහුවත්.
     
    maxwell90

    Active member
  • Jun 18, 2015
    205
    36
    28
    එකඟයි.අර කිව්වත් වගේ ඔන්ලයින් මත විමසුම් වලින් මහින්දට මෙතුවක් කල් ලැබුනේ බොහොම සුළු ගානක්.මේ උඩ තියෙන ඒවායේ 40% ගණන් වගේ මහින්දට තියෙනවා.මහින්දට වැටිලා තියෙන සේරම වෝට් ෆේක් නොවන ඒවා නම් තනියම ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ තියෙනවා.
    එජාපයත් ගම් මට්ටමිනුත් කලින්ට වැඩිය පිබිදීමක් තියෙනවා.නමුත් රනිල්ගේ ප්‍රතිපත්ති වලට කැමති නැති ගම් වල UNP කාරයෝ ඕන තරම් ඉන්නවා.
    ඒත් ගම් ගොඩ වල කරක් ගහනකොට මට තේරුන දෙයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට වැටිච්ච නැති චන්දත් යම් කොටසක් මේ පාර මහින්ද වෙනුවෙන් බුලත් කොලේට වදිනවා කියලා.

    මෙහෙම කිව්වයි කියලා දැන් කුණුහරුපෙන් බැනලා රෙප් කපන්න එපා.මං කිව්වේ මට ඇහැට පෙනුන කනට ඇහුන දේවල්.
    ඒක පැහැදිලිව පෙනෙන දෙයක් බං
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    අමතක කරන්න එපා මහින්ද යුද්ධයක් කලෙත් හැම පක්ෂෙම උන් එකතු කරගෙන ගිහිපු හවුල් ආණ්ඩුවකින් කියලා. චන්දිකා උනත් ආණ්ඩු කලේ පාර්ලිමේන්තුවෙ වැඩිපුර එක චන්දයක් තියාගෙන. ඒත් රට අරාජික උනේ නෑ.
    දෙමළ මිනිස්සු ඊලම අතහැරලා ශ්‍රී ලංකා ජනරජයත් එක්ක ආණ්ඩු කරන්න එනව නම් මම ඒක හොඳ දෙයක් විදියට දකින්නෙ.
    නැතිනම් ඔවුන් ආයෙත් කොන් කලොත් වෙනම රාජ්‍ය සංකල්පෙකට ආයෙත් වංගියක් තල්ලු වෙන එක වලක්වන්න බෑ

    :yes::yes: aniwa deffa demala muslim minissunwa anduwakata ganna oni habai dagalanna denna hoda naha. habai e ekkama palath saba ayin karaganna puluwan nam supiri :)
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,536
    1
    16,945
    113
    Black Pearl
    එකඟයි.අර කිව්වත් වගේ ඔන්ලයින් මත විමසුම් වලින් මහින්දට මෙතුවක් කල් ලැබුනේ බොහොම සුළු ගානක්.මේ උඩ තියෙන ඒවායේ 40% ගණන් වගේ මහින්දට තියෙනවා.මහින්දට වැටිලා තියෙන සේරම වෝට් ෆේක් නොවන ඒවා නම් තනියම ආණ්ඩුවක් පිහිටුවන්න ඉඩ තියෙනවා.
    එජාපයත් ගම් මට්ටමිනුත් කලින්ට වැඩිය පිබිදීමක් තියෙනවා.නමුත් රනිල්ගේ ප්‍රතිපත්ති වලට කැමති නැති ගම් වල UNP කාරයෝ ඕන තරම් ඉන්නවා.
    ඒත් ගම් ගොඩ වල කරක් ගහනකොට මට තේරුන දෙයක් තමයි ජනාධිපතිවරනෙදි මහින්දට වැටිච්ච නැති චන්දත් යම් කොටසක් මේ පාර මහින්ද වෙනුවෙන් බුලත් කොලේට වදිනවා කියලා.

    මෙහෙම කිව්වයි කියලා දැන් කුණුහරුපෙන් බැනලා රෙප් කපන්න එපා.මං කිව්වේ මට ඇහැට පෙනුන කනට ඇහුන දේවල්.

    MRta watunu nathi chanda gam wala bulath kolayata wetenna puluwan...
    hethuwa gam mattame manthrila, chandi okungen patu wasi ganna balagena unta chanda denawa, ewa itin antimata MR ge acc ekata wetenne :)

    Unusum satanak yanne :)
     
    maheshmat

    Well-known member
  • Jan 2, 2009
    1,549
    292
    83
    මේ මත විමසුම් එක්ක ජනාදිපතිවරණයේ එළකිරි මත විමසුම් ප්‍රතිපලත් දැම්ම නම් වටිනවා.මට මතක විදියට ඒ ඔක්කොම මහින්ද පැරදුනා.පැරදුනේ ලොකු ගානකින්.එත් ඇත්ත ප්‍රතිපලේදී මහින්ද පැරදුනේ සාපේක්ෂව පොඩි ප්‍රතිශතයකින්.