ඇයි බං උඹ කිරිබතා කිය කියා අපහාසයෙන්ම කතා කරන්නේ. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙක්ගේ ශේෂ්ඨ බව. උඹ කොහොමද දන්නේ පුද්ගලයෙකුගේ ආර්ය තත්ත්වය. අපි හිතමු දැන් මේ මොහොත වෙනකොට උඹ විවේචනය කරන කෙනා සාමාන්‍ය කෙනෙක් කියලා, නමුත් ඉදිරියේදී ආර්ය උනොත් එහෙමත් නැත්නම් ඉදිරි ආත්මයක රහත්, පසේ බුදු, බුදු වගේ තත්ත්වයකට පත්වෙන්න හේතු තියෙන උත්තමයෙක්නම් උඹ කරගන්නේ ආර්ය උපවාදයක්නේ. මම ඔය ගොඩක් ස්වාමීන් වහන්සේලාගේ බණ අහලා තියෙනවා. නමුත් කා සමගවත් මේ වගේ ගැටීම් ඇති කරගෙන නැහැ.
මෙතන වෙලා තියෙන්නේ උඹ අහන්න කැමති උඹ යන සංස්ථාවේ ස්වාමීන් වහන්සේලාගේ බන විතරක් වීමයි ( මම හිතන විදිහට ). ඉතිං අනිත් අය කියන දේ මොකක්ද කියලා දැනගන්න උඹ කැමති නැහැ.