මී

50KG

Member
Jul 17, 2016
6,648
1,373
0
මැඩම් ළඟ
මී [Mee] (Madhuca longifolia)



Madhuca%2Blongifolia%2BFlowers.jpg



[FONT=&quot]දේශීයව මී යනුවෙන් හඳුන්වන Madhuca උද්භිද ගණයට අයත් ශාක විශේෂ 7 පමණ හමුවන අතර එයින් විශේෂ 4 ක් අප රටට ආවේනික වේ. මෙම ලිපියෙන් සාකච්ඡා කරනුයේ එයින් ප්‍රකටම ශාකය ලෙස සැලකිය හැකි මී / තෙල් මී යනුවෙන් හඳුන්වන Madhuca longifolia ගැනයි. මී සෘජු කඳක් සහිතව මීටර් 20 පමණ ඉහලට වර්ධනය වන දේශීය ශාකයකි. මෙහි නොමේරූ කොළවල සහ ලපටි කොටස්වල සියුම් බූවක් දක්නට ලැබේ. ඝණකම් පොත්ත අළු පැහැතිය. මී මල් කහ සුදු පැහැති වන අතර ජුනි, ජූලි මාසවල හටගනී. කොළ කහ පැහැති ඵලය තුල දූඹුරු පැහැති දිළිසෙනසුලු බීජ ඇත. මී මෙරටදී හමුවන පරිසර හිතකාමී ශාක අතර ද මුල් තැනක් ගනී. මී ගස ගොවිතැනේදී බොහෝසේ ප්‍රයෝජනවත්ය. මෙහි කොළ අගනා පොහොරකි. කුඹුරු අද්දර බහුලව හමුවන මී ගස්වල ගෙඩි කෑමට සහ මල් පැණි ඉරීමට එන වවුලන්ගේ මළපහ ද කුඹුරට පොහොර සපයයි. කෘෂිකාර්මික පරිසර පද්ධතියකට මී සහ කුඹුක් ශාකවල ඇති ප්‍රයෝජන කෙතරම්ද යන්න කොලට් සේනානායක මහතාගේ "ගොවිගම බත්ගම නැකැති යකුන්නේ" කෘතිය කියවීමෙන් දැනගත හැකිය. මී Sapotaceae කුලයට අයත් ශාකයකි.[/FONT] [FONT=&quot]
[/FONT]

[FONT=&quot]ගැමියන් පිපෙන අවස්‌ථාවේ දී නෙළා ගන්නා මී මල් භාවිතාකර රසවත් අතුරුපසක් වන මී මල් හැලප සාදාගනී. නැවුම් මී මල් මිරිකා ගැනීමෙන් හෝ මී මල් තම්බා මිරිකා සිඳුවා මී මල් පැණි සාදා ගත හැකිය. මී ඇටවලින් සිඳගන්නා මී තෙල් ආහාර සඳහා මෙන්ම ඖෂධ සඳහාද භාවිතා කරයි. පැරැන්නන් නිවෙස්වලට ආලෝකය සපයාගැනීම සඳහා මී තෙල් පහන් භාවිතා කර ඇත. මී තෙල් සිඳගත් පසු ඉතිරි වන පුන්නක්කු මී මුරු ලෙස හඳුන්වන අතර ඒවා ඖෂධ සෑදීම සඳහාත් සත්ව ආහාර ලෙසත් භාවිත කරයි. මී ගෙඩියේ ඇට ඉවත් කර පොත්ත රැස සිහින්ව කපා තම්බා දිය පෙර අගනා ව්‍යංජනයක්‌ ද ගැමියෝ පිසගනී.[/FONT]
[FONT=&quot]
[/FONT]

[FONT=&quot]රක්තවාතය, චර්ම රෝග, වාත රෝග, අතීසාරය, ග්‍රහණි රෝග, ක්ෂය රෝගය, ඇදුම, මුත්‍ර අඩස්සිය, සර්ප දෂ්ටන, උගුරේ ආබාධ, කැඩම් බිඳුම්, ඉක්කා ආදී රෝග අවස්ථාවන් රැසක් සඳහා ප්‍රතිකාර කිරීමේදී මී ශාකයේ කොළ, පොතු, මුල්, ඇට, මල් සහ අරටුව යනාදිය භාවිතා කරයි. මී තෙල් චර්ම රෝග, වාත රෝග සහ වේදනා සමනය කරයි. මී මල් මෝදක, මධුකාසවය, මී මල් යොදාගෙන නිපදවන ඖෂධයන් ය.[/FONT]
[FONT=&quot]
[/FONT]
mee%2B-%2BMadhuca%2Blongifolia.jpg

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]
[/FONT]

[FONT=&quot]මූලාශ්‍ර_ ඔසුතුරු විසිතුරු කෘති සහ [/FONT][FONT=&quot]අන්තර්ජාලයෙන් [/FONT]
[FONT=&quot]සේයාරු_ අන්තර්ජාලයෙන්
[/FONT]
 
  • Like
Reactions: blue_in_rio