මුක්කරු ගැන සොයන අයට...

chathura414

Well-known member
  • Jan 2, 2014
    6,180
    8,184
    113
    M-Town
    ආයුබෝවේවා ලාංකිකයිනි 🙏

    #මුක්කරු ගැන සොයන අයට
    මං ගේන මේ ලිපියෙන් ගොඩක් දේවල් දැනගන්න පුලුවන් වෙයි ඔයාලට.

    ⚙️මුක්කුරු ගැන විවිද කතා පතල් කර්මාන්‍තයෙදි අහන්න පුලුවන් .
    ඒත් මුක්කුරු ජීවත් උන හරි වකවානුවක් කවුරුත් දන්නෙ නෑ.සමහරු කියන්නෙ බුදුරජානන් වහන්සේ ලක්දිවට වැඩි සමයේ මුක්කරු මෙරට සිට ඇති බවයි, තවත් සමහරුන්ගේ අදහස නම් සිංහලයේ අවසන් රජ වූ ශ්‍රී වික්‍රම රාජසිංහ සමයේ සිටි බවයි එහෙත් හරියටම සිටි වකවානුවක් කිව නොහැක

    ⚙️.දැනටත් මුක්කරු ගරපු තැන්වල උංගෙ කලෙ විසික්කරපු හොටු ගල් හම්බවෙනව වැඩියෙම්ම තියෙන්නෙත් ඒව හැබැයි ඉල්ලම් වල තියෙන මැනික් වලට වඩා වෙනසක් දකින්න පුලුවන් උං හාරපු දෝනා බැහැපු වලවල් එහෙම දැක්කොත් දකින කෙනාට හිතාගන්න පුලුවන් තාක්ශනේ ගැන.

    ⚙️මුක්කරු වැඩියෙන් මැනික් ගරල තියෙන්නෙ පරන ගග පාරවල් වෙන පැති වලිං හරෝල පරන වතුර පාරවල් තිබුන තැන් වගේම පහත් බිම් වල වලවල් වලට ඒත් තාම හිතාගන්න අමාරු දේ තමයි උං ඉල්ලම් හෙව්ව විදිහ හොදටම මැනික් තියෙන ඉල්ලම් ඒ කාලෙ ස්කෑනර් තිබ්බෙ නෑනෙ ඒත් ඒව හොයාගෙන තියෙන විදිහනම් හරි පුදුම සහගතයි.

    ⚙️මුක්කුරු වැටි හම්බවෙනව පතල් කර්මාන්තයේ මුක්කුරු වැලි කඩද්දි ඒ කියන්නෙ මුක්කරු ඒ කාලේ ගරපු වැලි. උං ගරනකොට වතුර රඳා හිටින්න ගහපු වැටි ආයුද වල මුවහත බලද්දි ඒ ලී එක පිහිපාරින් එක.පෙත්තට ගහල තියෙන්නෙ ඒ ලී වලට රිල්ල කියල අතු වර්ගෙ දාල තමයි වතුර රඳා පවතින විදිහට වැටි ගහල තියෙන්නෙ.

    ⚙️ඒ කාලෙ ගරල තියෙන්නෙ මැටි භාජන වලින් කිව්වොත් හරි. සාමාන්‍යෙන් වලදක් පොලවෙ පුංචි පුංචි කෑලිවලට බිඳෙන්නෙ අන්න ඒ වගේ වලං කටු කෑලි හම්බවෙනව මුක්කරු වැලි වල. ඉතිං ඔහොම මැනික් එක්කහු කරපු මුක්කරුන් මැරුනාම ඌ හම්බකරගත්ත මැනික් තොගය ඒ සොහොනටම දාල තමයි මුක්කරු භූමිදාන කරන්නෙ . සමහර මිනිස්සුන්ගෙ කතාවක් තියෙනව මුක්කරු ලංකාවට එද්දි සමන් දෙවියන්ට භාරයක් උනාලු උං හම්බකරන කොටසෙන් කොටසක් දීල තමයි ආපහු යන්නෙ කියල කොහොමහරි ඔහොම උං දෙනවයි කියන කොටස ආපහු නොදීම යද්දි මැනික් නැව් හතම මහ මුහුද මැද මුහුදුබත් කලා කියල කතාවක් තියෙනව .

    ⚙️උංගෙ තාක්ශනය ගැන හොදටම දකින්න පුලුවන් දෙයක් තමයි මුක්කුරු මාල ඇට . ඒවත් හම්බවෙන්නෙ මුක්කරු ඉල්ලම් වල තමයි . බලන්න.පහලින් දාල තියෙන්නෙ මුක්කුරු ගරපු වලං වලයි මුක්කරු මාල ඇට වලයි පින්තූර . මුක්කරු සොහොන් වල පින්තූර දාන්නෙ නෑ ඒකට හේතුවක් තියෙන නිසා.
    FB_IMG_1604265518666.jpg
    FB_IMG_1604265520946.jpg
     

    DGN

    Well-known member
  • Feb 16, 2015
    415
    604
    93
    කොහොමද මුක්කුරු පතල් හාරපු තැන් හොයාගන්නෙ
     

    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,291
    113
    Oya menik ehema thiena thena hoyanna 'anjanam' ehema thienawa neda? Owa patan ganne horescope balala dewiyanta bara wela wage weda godak karala neda?
     
    Last edited:

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,487
    25,773
    113
    ඒ කාලෙ ස්කෑනර් තිබ්බෙ නෑනෙ......

    මැණික් ස්කෑනර් තියෙනවාද ?
     

    barath dpriye

    Well-known member
  • Sep 20, 2014
    3,239
    1,174
    113
    මුුුුුුුක්කරු සොහොනක් කියලා හිතෙන තැනක් තියෙනවා. කොහොමද හරියටම අඳුර ගන්නේ
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    ඉන්දියාවෙන් ආපු සෙට් එකක් මම දාලා තියන.ඒකේ කතාව කලින්
    එකනේ මචන්. කොටසක් උබේ හිතේ තියාගෙනනේ කථාව කියලා තියෙන්නෙ. කලින් පොස්ට් එකේ ලිංක් එකත් මෙකටම අමුනුවා නම් මෙ අන්ද බූත ජාතකේ වගේ තියෙන ලියවිල්ල වඩා අරථවත් වෙයි
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,607
    22,754
    113
    අම්බකිස්ස
    එකනේ මචන්. කොටසක් උබේ හිතේ තියාගෙනනේ කථාව කියලා තියෙන්නෙ. කලින් පොස්ට් එකේ ලිංක් එකත් මෙකටම අමුනුවා නම් මෙ අන්ද බූත ජාතකේ වගේ තියෙන ලියවිල්ල වඩා අරථවත් වෙයි
    http://elakiri.com/threads/ජනකතා-2-මුක්කුරු-සහ-සමන්-දෙවියෝ.1937404/